බෝදිලිමක සහ පැටව්

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    බෝදිලිමක සහ පැටව්

    45013099_285828998928675_2583592393852846080_n.jpg



    මේක ඇත්තද??එඩිට් කරපු එකක් කියලනම් කියන්න බැහැ නේද?
     
    Dec 31, 2018
    332
    22
    0
    :lol: රිලව් ටිකක් හම ගහල මහ රිලවට බොරු කොණ්ඩයක් දාලද කොහෙද.
     
    Last edited:

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    මොකෙක් හරි මෝඩ නූගත් සුකන්නෙක් ගොං පෝසට් එකක් දානවා, ඊට පස්සේ නූගත් බයියෝ ටික ඒක ඇත්ත කියලා හිතාගෙන හැම එකාට ම ෆෝන් එක දික් කර කර පෙන්නවා මේ බලපංකෝ බොදිලිමා කියලා. ගමේ මෝඩ නුගත් බයියෝ ඊයේ පෙරේදා එෆ්.බී. හදාගෙන ගොං කම ප්‍රදර්ශනය කරනවා
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,896
    113
    Colombo
    ගෑනු හෙලුවට බය වෙන එකම අමනුස්සයා – ​බෝදිලිමා


    පිරිමියා අබිබවා කාන්තාව බොහෝ අංශවලින් පෙරට පැමිණීම වර්තමානයේ සුලබව දක්නට ලැබේ. එහෙත් අතීත ගැමි සමාජයේ කාන්තාවට පිරිමියා ගෙතුළට කොට ඉදිරියට ඒමට අවස්ථාවක් හිමිවූයේ ඉතාම කලාතුරකිනි. එවන් සීමිත අවස්ථාවන්ගෙන් සුවිශේෂ වූ අවස්ථාවක්ද තිබිණි. එනම් රාත්‍රී කාලයට ‘බෝදිලිමා’ නම් අමනුෂ්‍යයකු විසින් නිකුත් කරන බව පැවසෙන අද්භූත හඬ ශ්‍රවණය වීමත් සමගය. කාන්තාවන්ට නෑසී පිරිමින්ට පමණක් ඇසෙන මෙම බෝදිලිම් හඬින් පිරිමින්ගේ ලොමුදැහැ ගැන්වෙන බවත් එවිට ඔවුන් නිවෙස් තුළ සැඟව ගන්නා බවත් කියනු ලැබේ. එවිට එම බෝදිලිම් අවතාරය පලවා හරිනු පිණිස එළිපහළියට බැසීමට සිදුවන්නේ එම නිවෙස්වල වෙසෙන කාන්තාවන්ටය.
    බොහෝ නාගරිකයන් තුළ සේම ඇතැම් ගැමියන් තුළද සිනා උපදවන මෙම පුවත අසත්‍යයක් නොවන බවත් අනුරාධපුරයේ නුවරවැව, කලාවැව සහ පදවිය වැව මැදිකර ගත් නුවර කලාවිය ඇතුළු ප්‍රදේශ බොහෝමයක පිරිමින් හට ඇතැම් රාත්‍රී කාලවලදී තවමත් මෙම අද්භූත නාදය ඇසෙන බවත් අනුරාධපුර, ගල්කඩවල මුතුබණ්ඩා දිසානායක මහතා මා හා කීය. එමෙන්ම අනුරාධපුර පෙරිමියන්කුලමේ පිහිටි පුරාණ විජයාරාමය නම් ආරාමික වනපෙත තුළින්ද ඇතැම් රාත්‍රී කාලයන්හිදී මෙම අද්භූත හඬ නිකුත් වන බවට තොරතුරු ඇතැයිද හෙතෙම කීය.
    අප කවුරුත් දන්නා පරිදි බෝදිලිමා හෙවත් බෝදිරිමා කටුසු වර්ගයට අයත් සතෙකි. Chameleleon Zeylanicus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන බෝදිලිමා අප රටේ වියළි සහ ශූෂ්ක කලාපවල බහුලවත් පහතරට තෙත් කලාපයේ සාමාන්‍ය ලෙසත් දැක ගත හැක. තම ජීවිතය විලෝපිකයන්ගෙන් ආරක්ෂා කර ගැනීම පිණිස පරිසරයට අනුකූල ලෙස ක්ෂණිකව තම ශරීර වර්ණය වෙනස් කර ගැනීමේ විස්මිත හැකියාවක් මෙම සත්ත්වයා සතුය. එමෙන්ම තම අදහස් සහ ප්‍රතිපත්ති සැණින් වෙනස් කර ගන්නා මිනිසන් හැඳින්වීමේදී ද සමහරු ‘ඔය මිනිහා බෝදිලිමා වගේ නේ’ යන උපහැරණය යොදනු අපි අසා ඇත්තෙමු.
    ඇතැමුන් පවසන අන්දමට දිවා කාලයට කටුස්සකුගේ ස්වරූපයෙන් කල් ගෙවන බෝදිලිමා රාත්‍රියට එම අද්භූත හඬ නගනුයේ කිසියම් යක්ෂාවේෂයකිනි. එහෙත් බෝදිලිම් කටුස්සා කිසිදු හඬක් නිකුත් කළ නොහැකි නිහඬ සත්ත්වයකු වන අතර සැඳෑ ගොම්මනේ සිට පසුදා පහන්වන තුරු සිය ඉදිරිපස පාද දෙක කොට්ටයක් සේ තබා ගනිමින් රුක් කඳක්මතට වී සුව නින්දක පසුවන්නෙකි.
    එමෙන්ම මෙම බෝදිලිම් කටුස්සන් සුලබ නොවන ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකර ප්‍රදේශයේ ද බෝදිලිම් යක්ෂයා පිළිබඳ විශ්වාස පැතිර තිබීම පිළිබඳවද අපගේ විශේෂ අවධානයට යොමු විය යුතුය. එසේ නම් මෙම කටුස්සා සහ අමනුෂ්‍යයා අතර සබැඳියාවක් ඇද්දැයි වෙනමම සිතා බැලීම වැදගත්ය.
    එක්තරා පැරණි ජන විශ්වාසයකට අනුව බෝදිලිමා යන අමනුෂ්‍යය නාමය සැකසී ඇත්තේ ‘බෝදිරිමා’ යන වදනෙනි. බෝ+දිරි+මා හෙවත් බොහෝ දිරි ගත් මව යනු එහි අරුතය. දරු ප්‍රසූතියක දී තම දරුවා මෙළොවට බිහි කර ගත නොහැකිව ප්‍රසව වේදනාවෙන් මියයන කතුන් මරණයෙන් පසුව මෙසේ බෝදිලිමුන් හෙවත් බෝදිරිමුන් වන බවට ජන විශ්වාසයක් තිබේ. තමන්ගේ ගැබ් ගැනීම මුල් කොට ගත් මරණ වේදනාව පිරිමියකුගේ ක්‍රියාවක් මුල් කොට ඇතිවූවක් නිසා මොවුහු පිරිමින්ට පමණක් ඇසෙන සේ තම වේදනාත්මක විලාපය නංවන බව ගැමියෝ කියති.
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම ග්‍රාමයේ පදිංචි විශ්‍රාමලත් ග්‍රාම නිලධාරී එල්.බී. රත්වත්ත මහතා මෙම බෝදිලිමාගේ අද්භූත නාදයට කන්දී තිබේ. ඔහු පවසනුයේ තමන්ගේ රාජකාරි සමය තුළ කැකිරාව, කැලෑපුලියන්කුලම ප්‍රදේශයෙන් එක්තරා රාත්‍රියක කාන්තාවකගේ වේදනාත්මක කෙඳිරීම් හඬක් අසන්නට ලැබුණු බවය. එමෙන්ම එය කිසියම් නිශාචර සත්ත්වයකුගේ හඬක් නොවන බවද තමන්ට සහතික යැයි රත්වත්තේ මහතා කීය.
    ‘‘ගම්මු කියන විදියට ඔය බෝදිලිමාට පැහැදිලි රූපයක් නැහැ. ඉහළින් කුඩාවට පහළින් ලොකුවට පේන කළු ගුලියක් වගේ තමයි බෝදිලිමා එන්නේ. ඒත් ඒක හැමෝටම පේන්නෙත් නැහැ’’ ඔහු වැඩිදුරටත් කීය. ඒ අනුව අපට පෙනීයන්නේ මෙම බෝදිලිමා යනු මහසෝනා, රීරි යකා, ගරා යකා වැනි ඒකීයත්වයෙන් යුතු යක්ෂයකු නොවන බවත් දරුවා කුස දරා සිටියදී ප්‍රසූත වේදනාවෙන් මියයන කතුන් හට මරණයෙන් පසු මුහුණ දීමට සිදුවන ශෝචනීය පොදු ඉරණමක් බවත්ය.
    ශ්‍රී ලාංකීය ඉතිහාසය සහ ජන සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් සිදු කළ ආර්,එල්. බ්‍රෝහියර් සූරීන් විසින් සම්පාදනය කොට ඇති Discovering ceylon නම් කෘතියෙහි ද මෙම බෝදිලිම් යක්ෂයා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ගැබ්ව තිබේ. එම කෘතියෙහි සඳහන් වන අන්දමට පශ්චාත් මරණ පරීක්ෂණ ශල්‍යකර්ම ආදී මිනිස් සිරුර ව්‍යවඡේදනය කිරීමේ කටයුතුවලට බිය ගැමියන් දරුවකු ප්‍රසූත කර ගත නොහැකිව මියගිය කාන්තාවන්ගේ උදරය පලා එම කලලය වෙනම ස්ථානයක වළ දමා තිබේ. ඒ එම කාන්තාවන් මරණයෙන් පසු බෝදිලිමකු වීමේ අවදානමින් මුදාලනු පිණිසය.
    ශ්‍රී ලංකාවේ මුල් පෙළේ ජනශ්‍රැති ගවේෂකයකු වන පී.බී. මනෑව සූරීන් විසින් ලියන ලද ‘නුවර කලාවියේ ජනවහර’ කෘතියේද මෙම බෝදිලිම් විශ්වාසය පිළිබඳව සඳහන්ව තිබේ. එහි දැක්වෙන අන්දටම ගැබිනියක මියගිය පසු මළ සිරුරේ ’කටහාල් ලෑම’ මගින්ද මරණයෙන් පසු බෝදිලිමකු වීමේ ඛේදවාචකයෙන් ඇය මුදවාගත හැකි බවට නුවර කලාවියේ ජන විශ්වාසයක් තිබේ. කටහාල් ලෑම යනු බුලත් කොළයක එතූ සහල් ඇට කිහිපයක් සහ කාසියක් මළ සිරුරේ මුව තුළ බහාලීමය. එලෙස නොකරන කතුන් බෝදිලිමා ලෙසින් යළි පිබිදීම නුවර කලාවියේ හඳුන්වනු ලබනුයේ මිනී උපදීම, ලෙසින් බවද සඳහන් කරන මානෑව සූරීන් නුවර කලාවිය ප්‍රදේශයේ බෝදිලිම් යක්ෂයා ‘බෝදිලිංගා’ යනුවෙන්ද හැඳින්වෙන බවද සඳහන් කරයි.
    යම් පිරිමියකු හට නිවසේ සිටින විට මෙම බෝදිලිම් හඬ ඇසුණහොත් නිවෙස තුළට වැදී නිවසේ කතුන් එළියට යැවිය හැක.එවිට නිවෙස් තුළ ඇති ඉළපත් ආදියද රැගෙන ගෙමිදුලට බසින කාන්තාවෝ ඒවා උළුක්කරමින් අමුතිත්ත කුණුහරුපයෙන් එම බෝදිලම් හඬ නැගෙන දිසාවට බැණ වදිති. එපමණක් නොව තම හැඳිවත ඔසවා එම බෝදිලිම් හඬ නැගෙන දිසාවට තම රහස්‍ය ඉන්ද්‍රියන්ද දක්වති. මේ සම්බන්ධයෙන් තම කෘතියෙහි සටහනක් තබන ආර්.එල්. බ්‍රෝහියර් සූරීන් ඒ සම්බන්ධ අපූරු සඳහනක් කරයි. එනම් අපේ ගම්බද වැඩිහිටි කතුන්ගේ එම කතා ස්වරූපය සහ ක්‍රියාකලාපය එක් අහිංසක බෝදිලිමකු නොව යක්ෂ සේනාවක් වුව පලවා හැරීමට වුව හොඳටම ප්‍රමාණවත් බවය.
    කාන්තාවන් සිටින නිවසක දී එම බෝදිලිම් හඬ නැගෙන විට කාන්තාවන් ප්‍රබල ප්‍රතිචාරයක් හිමිවුවද රාත්‍රීකාලයේ තනිව පැල් රකින ගැමියකු හට එවන් බෝදිලිම් හඬක් අසන්නට ලැබුණහොත් ගැමියන් විසින් සිදු කළ කාරියක් පිළිබඳව මහව – කෝන්වැව ප්‍රදේශයේදී මට දැනගත හැකි විය. එනම් එවන් හඬක් නැගුණ සැණින් ඒ මොහොතේ තමන් සමීපයේ ඇති කුමක් හෝ තෙල් වර්ගයකින් ස්වල්පයක් පොල් කටුවකට ගෙන ‘සබ්බ පාපස්ස අකරණං’ යනුවෙන් සත්වරක් මතුරා එම තෙල් පොල් කටුව ‘ඉඳා මේ තෙල් ටික බඩේ ගාගනින්, එතකොට උඹේ ඔය රුජාව ඇරිලායයි’ කියමින් එම ශබ්දය එන දිසාවෙන් තැබීමය. එවිට මඳවේලාවකින් එම ශබ්දය නෑසී යන බව කියනු ලැබේ.
    මෙම බෝදිලිම් හඬ ඉඳහිට නොව නිරතුරුව නැංවෙන අවස්ථාවවල දී පහළ ඌව ප්‍රදේශයේ ගැමියන් විසින් කරනු ලබන කෙම් ක්‍රමයක් පිළිබඳවද මට අසන්නට ලැබිණි. එනම් එම බෝදිලිම් හඬ නැංවෙන දිසාවට මුහුණලා නිවසේ එළිපත්ත මත දැල්වූ පහනක් සහ ගම්මිරිස් කොළ කිහිපයක් තැබීම ය. එවිට රාත්‍රියට වේදනාවෙන් කෙඳිරිගාමින් නිවසට පැමිණෙන බෝදිලිම් යක්ෂයා එම පහනේ දැල්වෙන රත් කර ගන්නා ගම්මිරිස් කොළයකින් සිය උදරය තවාගෙන ආපසු හැරෙන බවට එම ප්‍රදේශයේ ජන විශ්වාසයක් තිබේ. නමුදු මෙහිදී ගම්මිරිස් වෙනුවට මිරිස් කොළයක් නොතැබීමටද ගම්මු විශේෂයෙන් සැලකිලිමත් වෙති. ඒ බුලත් තැබීමෙන් එම නිවැසියන් තමන්ට ඇරයුම් කරන ලදැයි බෝදිලිමා වරදවා සිතන නිසාය.
    එමෙන්ම මෙම බෝදිලිම් හඬ කරදරකාරී ලෙස නැගේ නම් එම බෝදිලිමා මරා දැමිය හැකි ක්‍රමයක් පිළිබඳ ජන විශ්වාසයක්ද අපගේ අවධානයට ලක්විය. ඒ මල්පැලක් තනා ඒ මත දැල්වෙන පහනක් සහ බුලත් කොළ කිහිපයක් තබා එම අද්භූත හඬ ඇසෙන සැණින් එදෙසට වෙඩිල්ලක් තැබීමය. එහෙත් ඒ සඳහා රන් ආලේපිත පතරොමක් යොදා ගත යුතු බව පැවසෙයි. එවිට එම ප්‍රහාරයෙන් බෝදිලිමා මිය ගොස් තිබේ නම් පසුදා උදයේ එම වෙඩි ප්‍රහාරය එල්ල වූ දිසාවෙන් මියගිය බෝදිලිමකුගේ සිරුරක් දක්නට ලැබෙන බවට ජන විශ්වාසයක් ඇති විභාවි විජය ශ්‍රී වර්ධන සූරීන්ගේ පර්යේෂණ නිබන්ධනයෙන් දැක්වෙයි.
    මෙම ලිපියේ මුලින්ම දැක්වුණු අන්දමට කාන්තාවක බෝදිලිමකු වනුයේ එක්තරා පුරුෂ ක්‍රියාකාරකමක් මුල් කර ගනිමිනි. ඒ නිසා බෝදිලිම් හඬ නැගෙන දිසාව බලා ‘අංකිරි’ ගොට්ටක් තැබීමෙන් බෝදිලිමා බියෙන් සලිත කළ හැකි බවට ජන විශ්වාසයක් තිබේ.
    පී.බී. මානෑව සූරීන් ලියූ නුවර කලාවියේ ජනවහර’ ඔරුක්මාන්කුලමේ චන්දන හිමියන් ලියූ ‘නුවර කලාවියේ නිමිති’ සහ හොරොව්පතානේ පඤ්ඤානන්ද හිමියන් ලියූ ‘කල්පේ කෝරලයේ ඇදහිලි පුදසිරිත්’ යන කෘතිවල මෙම ‘අංකිරි’ කෙම හෝ ගුරුකම පිළිබඳව සඳහන් වෙයි. සැබැවින්ම මෙහිදී අංකිරි යනුවෙන් හැඳින්වෙනුයේ අන් කිසිවක් නොව ශුක්‍රධාතුය. ඉතින් බෝදිලිමා යක්ෂයා ඊට බියවීමේ පුදුමයක් තිබේද?
    චින්තක කුරුකුලසූරිය

    :nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: lkkanika

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොකෙක් හරි මෝඩ නූගත් සුකන්නෙක් ගොං පෝසට් එකක් දානවා, ඊට පස්සේ නූගත් බයියෝ ටික ඒක ඇත්ත කියලා හිතාගෙන හැම එකාට ම ෆෝන් එක දික් කර කර පෙන්නවා මේ බලපංකෝ බොදිලිමා කියලා. ගමේ මෝඩ නුගත් බයියෝ ඊයේ පෙරේදා එෆ්.බී. හදාගෙන ගොං කම ප්‍රදර්ශනය කරනවා

    Where do you live bro? :rolleyes: