බෝදිලිමා

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
මේ දවස් වල එලකිරිය පුරා අතොරක් නැතුව දේශපාලනයම කතා කරන නිසා වෙනසකටත් එක්ක මේ පෝස්ට් එක දාන්න හිතුනා....


බෝදිලිමා කියල කියන්නේ කටුස්සෙක් කියලයි අපි දන්නේ.... නමුත් මේ ගීතයත් එක්ක ඊට වඩා ලොකු කතාවක් බෝදිලිමා ගැන දැනගන්න සිදු වුනා....
වෙල්ලස්ස පැත්තෙ පැරණි මතයක් තියනවා දරු ප්‍රසූතියකදි මිය යන කාන්තාවන් බෝදිලිමා වෙලා උපදිනවා කියලා..... ඉතින් මේ කාන්තාවන් පිරිමින් සමග වෛරයකින් ඉන්නව කියලයි හිතන්නේ.... ඉතින් මේ බෝදිලිමා අඬන වෙලාවට ගෙදර ගෑනු කෙනා ගෙදර ඉන්න පිරිමි සේරම ගේ ඇතුලට දාලා දොර වහලා ඉලපතත් අරන් මිදුලට එනවලු. මිදුලෙ ඉඳන් බෝදිලිමට අසභ්‍ය වචනයෙන් බැන වදිනවලු...
මේ විදියට බය කලාම බෝදිලිමාගෙන් පිරිමි අයට කරදරයක් නොවෙන බව පැරැන්නෝ විස්වාස කලා....

බෝගන්දන ප්‍රදේශයේ මිනිස්සු බෝවෙල දෙවියන්ට කන්නලව් කරනවලු හිතේ තියන බය තුනී වෙන්න.....


බොදිලිමා අඬන්නේ
බෝගන්දන හෙලේ
බෝවෙල දෙවියෝ වඩින්න
බය අරින්න අපේ.......

වැදුම් ගෙදර යට ලීයට ගැට ගහපු කඹය තමයි "විලි රෑන " කියන්නේ. දරු ප්‍රසූතියට කාන්තාවක් සූදානම් වෙන්නේ මේ කඹය ආධාරයෙන් ලූ.....

විලි රෑනේ දුක දරන්න හුරු නැති නංගියේ
හූල්ලලා රෑ හුලඟට ඇඟ හී ගඩු පිපෙයි
බෝවෙල දෙවියෝ බලන්න වැදුම් ගෙදර රඟේ
වැදුම් ගෙදර රඟේ......


කොකුන්නෑව ගම ඉහලට විලාප හඬ ඇසේ
සඳුන් කුමාරිට පඬුරක් තියන්න නංගියේ
බෝදිලිමෝ නාඩ ඉන්න සංසාරෙට බයේ
සංසාරෙට බයේ.....

බොදිලිමා අඬන්නේ..............


ඔය කාරණා ටික දැනගත්තට පස්සෙ නම් ගීතය තේරුම් ගන්න පහසු වුනා.... සුභාවිත ගීතය අගයන සැමදෙනාගේ නිරාමිස වින්දනය වෙනුවෙනුයි මේ විස්තරය පල කලේ....
මේ ගීතයේ පද මාලාව ජාලය තුල සොයා ගැනීමට බැරිවූ නිසා මට තේරුම් ගිය ලෙසට ඉදිරිපත් කලෙමි......

( වැරදි ඇතොත් සමාවන්න... )

 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට කතාවක් මචන් කාලෙකින් කියෙව්වේ නියමයි :yes: