විළි බරින් කෙදිරි එපා
විළි බරින් කෙඳිරි නොගා ඉදින්
ගෙදරත් විළි බරින්
කටු පන් කැත්ත අතේ නෑ
ඉලපොත ගන්ට දෙන්නෙ නෑ
බෝදිලිමෝ... බෝදිලිමෝ...
කිරි කැටි හඬක් ඇසේදෝ කන් දීපන්
යාලත්තේ කෝඳුරු කරල් වැනෙන්නේ
ලන්තෑරුම හූමිටිලන්නේ
අගහිඟ කමට වරම් නෑ
අතමිට කාසි පනම් නෑ
ලේ කැටියෝ ඇයිද හඬන්නේ
රජදහනක් කොයිද පුතේ
ඇත්තේ විඳි දුක් පමණයි
දුම් මැස්සේ දැලියන් බිත්තර ලන්නේ
වැහි බීරිම නෑ අඩු වන්නේ
අගහිඟ කමින් පලක් නෑ
හීනටි හාල් පතක් නෑ
කිරි කැටියෝ තුරුල ට ගන්නේ
රජදහනක් නුඹට නැතේ
ඇත්තේ පැල්පත පමණයි
-ගුණදාස කපුගේ
දරුවෙක් ඉපදෙන්ට ඉන්න අම්ම කෙනෙක් කෑ ගහනවා විළි රුදාවෙන් ඒක වේදනාවක් උනත් මොහොතකින් සතුටුදායක දෙයක් වෙන්ට යනව කියල හිතෙද්දි කෙදිරිය අහන අයගේ හිත් වල ලියලන සන්තෝසෙ ට ඒ වේදනාත්මක හඩ අමතක වෙනවා. හරියට සතුටු කදුලු දැක්කා වාගේම .

ඒත් මේක අහන්ට බැරි තරම් කටුක සද්දයක් උන අයත් අපි අතර ඉන්ට පුලුවන් .
අපි ඔලුව කැක්කුමක් , එහෙම නැත්‍තං හිත් තැවුලෙන් ඉන්න වෙලාවක කවුරු හරි කෙනෙක් ඇවිල්ලා බාධා කරද්දි රුස්සන්නෙ නෑ නෙ. මේ වැදුම් ගෙදරත් එහෙම කෙනෙක් එළිපත්තෙ ඉදගෙන ඉන්නවා
අම්මා වෙන්ට යන බවලතී විලි රුදාවෙන් කෑ ගහද්දි එහෙම කෑ ගහන්ට එපා කියන්ට තරම් අයිතියක් අපිට නෑ. ඒක අමනුස්සකම ක්..
එහෙම කෙනෙක් ඉන්නව නම් ටිකක් හරි අයිතියක් තියෙන්නෙ මේ ගෙදර පිරිමි කෙනා. මේ බවලතීගෙ කසාද මිනිහා. "විලි බරින් කෙදිරි නොගා ඉදින්" ඇයි මෙහෙම කියන්නෙ? අපි බලමු
මම කලිං කිව්වා වගේ මේ විලි රුදා කෑගැසීම මේ තාත්තෙක් වෙන්ට ඉන්න කෙනාට අපහසුවක් ගෙනෙනවා ඇති. තමා තාත්ත කෙනෙක් වෙන්ට යන සන්තෝසෙ ට වඩා ප්‍රබල දුකක් මෙයාට තියෙනවා. "ගෙදරත් විලි බරින් ".. මොකද්ද ඒ:
ගෙදර ට ළමයෙක් හම්බෙන්ට ද යන්නෙ???
අපි හිතමු ළමයෙක් හම්බෙනවා කියන එක. මාස ගානක් කුසේ තියගත්ත තමාගේ වටිනාම වස්තුව මේ වා තලයට මුහු කරනව. මේකනෙ. එතකොට ගෙදරත් විලි බරින් කියන්නෙ මේ ගෙදර මෙච්චර කලක් රැස් කල මුදල් එලියට යනව.. දැං තේරෙනව. මේ තාත්ත ට සෑහෙන ආර්ථික ප්‍රශ්නයක්.
ඒ ගැන හිතෙන අතරේ එයාගෙ බිරිඳ ගෙ කෑගැසීම එයාට වදයක්. මේ කෙනා හිතන්නෙ දරුවා ඉපදුනාට පස්සෙ දරන්ට වෙන විය හියදම් ගැන වෙන්ටැති.
"කටු පන් කැත්ත අතේ නෑ ඉලපොත ගන්ට දෙන්නෙ නෑ"
මේ කෙනා ගෙ රස්සාව කටු පන් කපන එක වෙන්ට ඇති. ගැමි ගෙවල් වල උඩ පියස්සේ කොහොමත් ඉලපොත ක් තියෙනවාමයි නෙ. ඇයි මේ කැත්ත ඉලපොත ගන්ට යන්නෙ? ගෑනු කෙනාට කොටන්ට නැත්‍තං ගහන්ට. හැබැයි මේවා කරන්ට කෙනෙක් ඉඩ දෙන්නෙ නෑ. ඒ කවුද ? "බෝදිලිමෝ... "
බෝදිලිමෙක් කොහෙන්ද මෙතන ට? ජනප්‍රවාදයේ තියනව වැදුම් ගෙයක පිරිමියෙක් උප්පත්තිය ලබනවා නම් වැදුම් ගෙයි එළිපත්ත ට බෝදිලිමෙක් එනවා කියල. ඉතිං මේ ගෙදෙට්ටත් ඇවිදින් .
බෝදිලිමා දකිද්දි මෙයා ට මතක් වෙනව මම තාත්‍තෙක් වෙන්ට යනවා නේද කියල
ඉතිං තමාගේ තරහ නිව්ව බෝදිලිමා එකතු කරගෙන එයාටත් කියනව කිරිකැටි හඩක් ඇහෙයි උබත් කං දීගෙන ඉදපං කියල.
"යාලත්තේ කෝදුරු කරල් වැනෙන්නේ" ඒ පැත්තේ දුෂ්කර බව කියැවෙනවා
"ලන්තෑරුම හූමිටි ලන්නේ" ගෙයි එළියත් මොහොතකින් නැති වෙයි! තෙල් ඉවර වෙද්දි ලන්තෑරුමේ හ්ම්ම් හ්ම්ම් සද්දයක් එනවනෙ
"අගහිග කම ට වරම් නෑ" දැං මේ තාත්ත ට සල්ලිබාගෙ නැතිවීම ගැන නිදහසට කාරනා නෑ. කොහොම හරි ගැට ගහගෙන යන්ට වෙනවා
"අතමිට කාසි පනම් නෑ" සල්ලි නම් නෑ තමයි .
"ලේ කැටියෝ, ඇයි ද හඩන්නේ?" ආ... මෙන්න දරුවා ඉපදිලා. වැදෑමහේ ලේ එක්ක මනුස්ස පැටියෙක් තාත්ත ට පේනවා
"රජ දහනක් කොයිද පුතේ? ඇත්තේ විදි දුක් පමණයි '
ඕනෙම තාත්ත කෙනෙක් තම ළමයා පොඩි කාලෙ ම එයාට දෙන්ට දේපල නැත්‍තං උරුමය ක් ගැන හිතනව . ඒත් මේ තාත්ත ට උරුම කරන්‍ට රජදහනක් නෑ පැල්පත ක් තියෙන්නෙ. ඒ වගේම උරුම කරන්ට තියෙන්නෙ තමුන් විදි දුක් කන්දරාව.

"දුම් මැස්සේ දැලියන් බිත්තර ලන්නේ"
දුම් මැසි වල ඉන්නවා කලු පාට සත්තු ජාතියක් . මුන් වලං තියන මැසි වල තමා ඉන්නෙ. හැබැයි මේ ගෙදර ගත්තම එක මැස්සක් විතරයි ඇත්තෙ බිත්තර දාන්ට තරම් සුදුසු පරිසරයක් මැස්ස මත තියෙනවා කියන්නෙ ඒ ගෙදර ලිපත් ටික දවසක ඉදං ප්‍රයෝජනයට අරං නෑ.. බතක් ඉදුනෙ නැති ගෙදරක්
"වැහි බීරිම නෑ අඩුවන්නේ" කාළගුණයෙන් පවා බැට කෑමක් තියෙන්නෙ..
"අගහිග කමින් පළක් නෑ" දැං සල්ලි නැති උනත් වැඩක් නෑ සල්ලි හොයාගන්ට වෙනවා..
"හීනටි හාල් පතක් නෑ" ඉස්සර වැදුම් ගෙයින් පස්සෙ එහෙම නැත්‍තං ළමයෙක් හම්බෙන්ට ඉද්දි ගෙවල් වල හීනටි හාලෙ බත් උයං යනව ශක්තිය වඩන්ට. ගැබිනිය ට. හැබැයි දැං මේ ගෙදර එහෙම උයන්ට විදියකුත් නෑ...
"කිරි කැටියෝ තුරුලට ගන්නේ" ඔන්න දැං ලේ කැටියා කිරි කැටියා වෙලා අම්මගෙන් කිරි බීලා කිරි සුවද.
ළමයා ටිකක් ලොකු වෙලා මයෙ හිතේ...
"රජදහනක් නුඹට නැතේ.. ඇත්තේ පැල්පත පමණයි" උබට උරුම කොරන්ට රජදහනක් නෑ දරුවෝ හැබැයි වැටිල ඉන්ට පැල්පතක් තියෙනවා..(අපි කොහොම හරි ගැට ගහගෙන යමු )
මේ ගීතය පුරාවටම තාත්තගෙ සෙනෙහේ වැඩෙනයුරු සහ සෘණාත්මක හිතිවිලි ධනාත්මක වෙන හැටි තියෙනවා
ලේ කැටියව තුරුලට ගන්නෙ නැතිව ඇයිද අඩන්නෙ කියල මෑත ඉදං අහනවා. පස්සෙ තුරුලට ගන්නවා.. ඒ වගේම "උබට දෙන්ට මාලිගා නෑ.. ඉපදුනා නං මම විදි ගැහැට උබත් විදපං කිව්ව තාත්ත පස්සෙ කියනවා උබට වැටිලා ඉන්ට පැල්පතක් හරි තියෙනවා මයෙ පුතේ" කියල.
මේ ගීතයේ රචකයා මම දන්නෙ නෑ. සංගීතය කපුගේ මහත්මයා ම තමා (සුපුරුදු පරිදි
) බොහොම කටුක සංගීතය ක් තියෙන්නෙ නමුත් මේ සින්දුව අහද්දි හිතෙනවා මගේ රටට වැඩක් කරලා මේ වගේ අදටත් දුක් විදින ජීවිත වලට එළියක් වෙන්ට.. අර ලන්තෑරුම ට තෙල් ටිකක් වෙන්ට.
ෆෝන් එකෙන් කොටපු නිසා දැං නම් අමාරුයි
අනේ මේ නූල දකින ඇත්තෝ තමුන් දන්න අයට ත් මේ තේරුම කියා දීලා සතුටක් ලබන්ට..
හැබැයි මට තේරෙන විදියට මේක සුභාවිත ගීයක් නෙවෙයි .. එදිනෙදා බත සරි කරගන්ට දා හෙලන පොළොවේ මිනිස්සුන් ගේ අදෝනාවක්..

) බොහොම කටුක සංගීතය ක් තියෙන්නෙ නමුත් මේ සින්දුව අහද්දි හිතෙනවා මගේ රටට වැඩක් කරලා මේ වගේ අදටත් දුක් විදින ජීවිත වලට එළියක් වෙන්ට.. අර ලන්තෑරුම ට තෙල් ටිකක් වෙන්ට. ෆෝන් එකෙන් කොටපු නිසා දැං නම් අමාරුයි

Last edited: