දැනට සති කිහිපයකට පෙර කෑගල්ලේ ධම්මික පැණියට විරෝධය පාමින් විවිධ අදහස් පළ කළ FB ඔස්තාර්ලා, වික්ටර් ගේ බෙල්ලෙන් අල්ලා බෝන් අගේන් පැණි කැවූ පාස්ටරයා ගේ සිදුවීම, දැක්කා නො දැක්කා සේ සිටිති.
දැන් ඔවුන් ගේ මුඛ පූට්ටු වී තිබේ. එය කොපමණ උත්සන්න වී ද යත් සුනක පූට්ටුවක් තරමට වේදනාකාරී වෙමින් තිබේ. ඒ නිසා යටිකය රිදුම් දෙන්නට පටන් ගෙන ය. එහෙත් කෑ ගසන්නට ද නො හැකි ය. එක එකා ගේ කටේ එක එක ප්‍රමාණයේ බෝන් අගේන් පැණි පිට්ටු ය.
ඇතැමෙක් බිරිඳට, දරුවන්ට කන්නට දෙන්නේ බෝන් අගේන් සල්ලිවලිනි. තවත් අයෙක් ආතල් ගන්නේ බෝන් අගේන් සල්ලිවලිනි. තවත් අයෙක් මතවාද නිෂ්පාදනය කරන්නේ බෝන් අගේන් සල්ලිවලිනි.
ඒ නිසා වික්ටර් ගේ බෙල්ලෙන් ඇල්ලූ පාස්ටර් ගේ සිදුවීම බලු පූට්ටුවක් වූ FB ඔස්තාර්ලා දැන් මාර තර්ක දමති.
# අපට වික්ටර් ගේ ගීත විතරක් ඇති.
# වික්ටර් ගේ කුස්සිය බලාපල්ලා.
# වික්ටර් ගේ පෞද්ගලික ජීවිතය අපට වැඩක් නෑ.
# ඕවා තිබුණට වික්ටර් ගේ සින්දු අහන්න බාධා නෑ.
# එක් තැනක රහ බලන ගොන්නු එක එක ඒවෑ රහ දන්නෙ නෑ.
# අපි දියුණු අය. ඒ නිසා සෙක්ස් ප්‍රශ්න අපට අදාළ නෑ.
ඔවුන් ගේ තර්ක මේවා ය.
එහෙත් මේ තtක්කඩි මෙපමණ දියුණු අය වෙත් ද? කිසිසේත් නැත.
එසේ දියුණුවක් ඔවුන් තුළ ඇත්නම් ඔවුන්ට පන්සල්වලට රිංගන්නේ නැතුව සිටිය හැකි විය යුතු ය.
# අපට බණ විතරක් ඇති.
# අපට හාමුදුරුවන් ගේ පෞද්ගලික ජීවිත වැඩක් නෑ.
# චිවරයට විතරයි අපි ගරු කරන්නෙ.
# පන්සලේ දාන ශාලාව බලපල්ලා.
# හාමුදුරුවන් ගේ සල්ලි අපට මොකට ද?
ඔවුහු මෙසේ කියත් ද? නැත.
ඒ අනුව අපට මේ බලු පුට්ටුවේ රඟ තේරුම් ගත හැකි ය. කටේ බෝන් අගේන් පැණි පිට්ටු පුරවා ගත් FB ඔස්තාර්ලා ගේ තාර්කික බුද්ධිය දැන් රෙද්දේ පහ ව ගොසිනි. ඒ නිසා ඔවුන්ට මේ බෝන් අගේන් බලු පූට්ටුවේ වේදනාව ඉවසා ගෙන ම සිටින්නට සිදු ව තිබේ.
ඔවුන්ට නො තේරෙන්නේ එපමණක් ද? නැත.
විජය කොරෙයා වයස අවු.76දී විවාහ වූ සිදුවීම පිළිබඳ ව මේ රටේ ජනතාව කිසිවක් කතා නො කළේ ඇයි ? කියා සිතන්නට තරම් තාර්කික බුද්ධියක් ඔවුන්ට නැත.
විජය කොරෙයා යනු වික්ටර් ගේ සමකාලීනයෙකි. 70 සිංහල ජනප්‍රිය ගීතය පසුබිමේ සිටින දැවැන්ත පෞරුෂයක් විජය කොරෙයාට තිබේ. ඔහු විවාහ වූයේ ද වයසින් බෙහෙවින් අඩු තරුණියක සමඟ ය. එය සිදු වූයේ ද වික්ටර් ගේ විවාහය සිදු වූ සමයේදී ම ය.
එහෙත් ඔහු ගැන කිසිවෙකු කතා කළේ නැත.
ඔහු වික්ටර් පමණට සිංහල සමාජය තුළ ජනප්‍රිය නැති නිසා ද?
එසේ නම් ෆ්‍රෙඩී සිල්වා ජනප්‍රිය නැද්ද?
ෆ්‍රෙඩී සිල්වා ගේ බහු විවාහ පිළිබඳ ව මේ රටේ ජනතාව ගෙන් විරෝධයක් මතු වී ආවේ නැත්තේ ඇයි?
මිනිසුන් වික්ටර් ගේ මේ විකෘති වැඩ විවේචනය කරන්නේ වික්ටර් ගේ ගීත/සංගීත චරිතය පදනම් කරගෙන නො වේ.
බෝන් අගේන් පැණි පිට්ටු කටේ හිර කරගෙන, බලු පූට්ටුව නිසා යටිකය රිදුම් දෙන වේදනාව ඉවසා ගෙන සිටින තක්කඩි FB ඔස්තාර්ලා දැනගත යුතු ඇත්ත මෙය ය.
වික්ටර් ස්වකීය සමකාලීනයන්ට වඩා මේ රටේ සාරධර්ම පිළිබඳ ව කතා කළේ ය. විවිධ වැඩ සටහන්වලට පැමිණ බෞද්ධ සංස්කෘතිය, සමාජ වටිනාකම්, මුදලට පාවා නො දෙන කලාව පිළිබඳ ව දැඩි ස්වරයෙන් කතා කළේ ය. තමන් ආදර්ශයක් කරගත යුතු යැයි වැනි අදහසක් වික්ටර් සමාජය තුළ කාලාන්තරයක් තිස්සේ ස්ථාපිත කළේ ය.
සමාජයේ ගැටුම්කාරී තාර්කික බුද්ධිය හැසිරෙන්නේ වික්ටර් ගේ මේ ‘සමාජ විවේචක‘ චරිතය සමඟ ය.
එය නිවැරැදි ය.
‘ඔවා දෙනු පරහට
තමා සම්මතයේ පිහිටා සිට ..‘
වික්ටර් විසින් ගායනා කරන ලද ‘ළිඳෙන් වතුර බීලා‘ හෝ ‘මෝහෙන් මුළා වෙලා‘ හෝ ගීත අයත් වන්නේ ඔහු ගේ ගායක පෞරුෂයට නො වේ. ඒවා ද අයත් වන්නේ ඔහු ගේ සමාජ විවේචක චරිතයට ය.
මේ ගීත වික්ටර් විසින් ගායනා කෙරුණේ ආතල් එකට යැයි, මේ තක්කඩි FB ඔස්තාර්ලා කියනු ඇද්ද?
තමන්ට කළ නො හැකි වැඩ සමාජයට යෝජනා කළ කපුගේ ද මේ ආකාරයෙන් ම ඇති පමණට බැනුම් ඇසුවේ ය.
වික්ටර් ද යථාකාරී - තථාවාදී ව හැසිරුණේ නම්, සමාජය ඔහු ගේ සිදුවීම් සියල්ල විජය කොරෙයා ගේ, ෆ්‍රෙඩී සිල්වා ගේ මෙන් පයිසයකට ගණන් ගන්නේ නැත.
මනෝ වෛද්‍ය විශේෂඥයෙකු වන රුවන් එම්. ජයතුංග පවසන්නේ Dissociative Disorder - Psychogenic Aphonia නම් වූ දරුණු මානසික රෝගයෙන් වික්ටර් දැන් පෙළෙමින් සිටින බව ය.
එය එකින් එක වශයෙන් ඇති වූ වරදකාරී හැඟීම් නිසා ඇති වූ මානසික රෝගයක් යැයි ද එතුමා පවසයි.
අප කියන්නේ බෝන් අගේන් පැණි පිට්ටු කටේ පුරවා ගෙන, බලු පූට්ටුව නිසා රිදුම් දෙන යටිකයේ වේදනාව දරාගෙන සිටින තක්කඩි FB ඔස්තාර්ලාට Dissociative Disorder - Psychogenic Aphonia මානසික රෝගය වැළඳී තිබෙන්නේ ඉපදුණු දවසේ සිට බව ය.
වික්ටර් ගේ මානසික රෝගය සුව කළත්, තක්කඩි FB ඔස්තාර්ලාට උත්සන්න වී තිබෙන Dissociative Disorder - Psychogenic Aphonia රෝගය සුව කළ නො හැකි ය.
Author - Taridu Vimansha