බෝම්බයක්_බැඳ_ගත්_අට_හැවිරිදි_දැරියක්
ඇෆ්ඝනිස්තානය: බෝම්බයක් බැඳ ගත් අට හැවිරිදි දැරියක්
අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජනවාරි 6 සඳුදා - 13:02 GMT
මරාගෙන මැරෙන බෝම්බයක් බැඳ ගත් අට හැවිරිදි දැරියක් අත් අඩංගුවට ගත් බව ඇෆ්ඝනිස්තානයේ පොලිසිය පවසයි.
කම්පිතව සහ වික්ෂිප්තව සිටි දැරිය හෙල්මන්ඩ් පළාතේ පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේ අත් අඩංගුවට ගත් බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කියා සිටියේය.
මරාගෙන මැරෙන කබාය පුපුරුවා හැරීම පිණිස බොත්තම එබීමට ඇයට නොහැකි වූ බවයි, ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ.
තාලිබාන් ව්‍යාපාරයේ ප්‍රධාන පෙළේ නායකයකු බව සැලකෙන ඇයගේ සොහොයුරා විසින් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට දැරිය පොළඹවා ගෙන තිබෙන බවද පොලිසිය පවසයි
බෝම්බය පුපුරුවා ගන්න 'අයියා බල කළා'
පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දැරිය අත් අඩංගුවට පත් වී තිබේ
මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ ඇෆ්ඝනිස්තාන පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද දැරිය රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි විය.
පොලිස් මුර කපොල්ලකදී බෝම්බය පුපුරුවා ගන්නා මෙන් තාලිබාන් ව්‍යාපාරයේ නායකයකු වන සිය සොහොයුරා තමන්ට නියෝග කළ බවයි, ඇය පවසන්නේ. ඇය අවුරුදු අටත් දහයත් අතර දැරියක් බව විශ්වාස කෙරේ.
"මරාගෙන මැරෙන ඇඳුම ඇඳ ගන්න කියල මගේ අයිය සහීර්, එයාගේ යාලුව ජබාර් එක්ක මට බල කළා," යනුවෙන් ඇය කියා සිටියාය.
"ගඟෙන් එහාට ගියාට පස්සේ ඇඳ ගන්න කියල එයාල මට තවත් ඇඳුම් දුන්න. ඊට පස්සේ එයාල මාව ගඟෙන් එහා පැත්තට මහ රෑගෙනල්ල බැස්සුවා. එත් ගඟේ හීතල දැනුනම ගඟෙන් එහාට යන්න බෑ කියල මම කෑ ගැහුවා."
ඉන් අනතුරුව සොහොයුරා සහ ඔහුගේ මිතුරා යලිත් තමන් නිවසට රැගෙන ආ අවස්ථාවේ සිය පියා තමන්ට පහර දුන් බවත්, ඔවුන්ගේ අතවරවලින් බේරීම සඳහා මහ රාත්‍රියේම නිවසින් පලා ගිය බවත් දැරිය පවසන්නීය
BBC Sinhala Sandeshaya

retard religion extremism