බෝයිෆ්‍රෙන්ඩ්/ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක&#
දැන් ඔයා ආදරේ කියන ලෙඩේ හැදුණට පස්සේ කොහොම හරි ප්‍රේම සටන ජය අරගෙන දෙන්නත් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා කියමුකෝ. ඉතින් එහෙම ප්‍රේමවන්තයන්ට ඔය ඉරිසියාව, තමන්ගේය කියලා අයිතිකරගන්න ඕනය කියන හැඟීම වගේ දේවල් නුපුරුදු නෑ. ඇත්තටම ආදරේ කියන එක එන්නේ ඔය හැමදේමත් එක්කනේ. හැබැයි සමහර ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ ඉන්නවා ඕක පොඩ්ඩක් වැඩිපුර දුර දිග අරගෙන යන. ඒ කියන්නේ මෙහෙමයි. එක්කෝ කෝල් එකක් ආවත් සැකයි, කෝල් එකක් නාවත් සැකයි. ෆෝන් එක බලන්න ඉල්ලනවා. කොහේ හරි ගියොත් පැය බාගෙන් බාගෙට ඉන්නෙ කොහෙද කියලා කියන්න ඕන. වෙන කෙල්ලෙක් දිහා කොල්ලෙක් දිහා එහෙම නිකමටවත් බැලුනොත් එහෙම බඩුම තමයි. ඉතින් දැන් මේ වගේ බොහොම පොසෙසිව් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්, ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ලැබුණොත් මොකෝ කරන්නේ? ලව් එක සිරාවටම නැගලා යනවනං සම්බන්ධේ නවත්තන්නත් බැහැනේ. ආන්න ඒ වගේ අවස්ථාවක අපිට කරන්න පුලුවන් දේවල් කීපයක් තමයි මේ.
1. යාලුවන්ට අඳුන්වලා දෙන්න

Possessive Lovers
Source – understandingrelationships.com
කෙල්ල හරි කොල්ලා හරි ෆුල් ජෙලස් ටයිප් නං වහාම තමන්ගේ ලඟම මිතුරු මිතුරියන්ට අඳුන්වලා දෙන්න. විශේෂයෙන්ම කොල්ලෙක්ට ගෑණු යාලුවෙක් හරි කෙල්ලෙක්ට පිරිමි යාලුවෙක් හරි ඉන්න වෙලාවක මේක අනිවාර්යයි. අන්න එතකොට එයා පොඩ්ඩක් හිත සැහැල්ලු කරගනී ඔයාගේ යාලුවෝ ගැන. එතකොට යාලුවන්ගෙන් කෝල් එකක් එන එන සැරේට කතා කලේ මොනවද කියලා කියන්නවත්, යාලුවෝ හම්බෙන වෙලාවට පොත ලකුණු කරන්න වගේ පැය බාගෙන් බාගෙට මැසේජ් කරන්නවත් ඕන වෙන එකක් නෑ.
2. මුල් තැන දෙන්න

Possessive Lovers
Source – youtube.com/ආත්මා ලියනගේ -මේ හිත තනියෙන්
දැන් මේ යාලුවෝ එහෙම එක්ක ඉන්න වෙලාවකදී තමන්ගේ ගෑල්ලමයව/පිරිමි ළමයව අඳුන්වලා දෙනවා නං, අනිවා එයාට ප්‍රමුඛත්වය දෙන්න. ඒ කියන්නේ සම්පූර්ණ අවධානය දීලා යාලුවන්ව අමතක කරන්න කියන එක නෙවෙයි. හැබැයි එයාට දැනෙන්න අරින්න ඔයා යාලුවන්ට වඩා විශේෂ තැනක් එයා වෙනුවෙන් වෙන් කරල තියෙනවා කියලා. ඒක පොඩ්ඩක් එයාගේ පොසෙසිව් ගතිය අඩු කරයි.
3. කතා කරන දේවල් ගැන පරිස්සම් වෙන්න

Possessive Lovers
Source – youtube.com/Sonali Perera – Nokiyama Haradala
දැන් සමහරු ඉන්නවා කතා කරන්න ගියහම වක්කඩ කැඩුවා වගේ ඕන දේවල්, එපා දේවල් ඔක්කොම කියවනවා. සමහරු ඉන්නවා කෙල්ලත් එක්ක ඉන්නකොට ඔෆිස් එකට ආපු අලුත් ගෑල්ලමයාගේ හැඩ වැඩයි, එයාට වැඩ උගන්නන්න වුණු එකයි ඔක්කොම කියනවා. ඒක සාමාන්‍ය ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ගණන් නොගෙන ඉන්න පුලුවන්. ඒත් ජෙලස්, පොසෙසිව් ටයිප් කෙනෙක්ට ඕක ගොනෙක් ඉස්සරහා රතු කොඩියක් වැනුවා වගේ තමා. එතනින් එහාට ඔය අලුත් ඔෆිස් කෙල්ලයි ඔයයි ගැන ඔත්තු බලන්න පටන් නොගත්තොත් කපනවා කණ!
4. අවංක වෙන්න, ඩීල් වලට නොයන්න

Possessive Lovers
Source – myflexapp.com
සමහරු මේ ටයිප් එකේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හෝ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ගනුදෙනු කරන්නේ ෂේප් න්‍යායෙන්. ඒ කියන්නේ ආශ්‍රය කරන්නේ කවුද කියලා කියන්නෙ නෑ. ෆෝන් එක චෙක් කරනවා නං දෙවෙනි ෆෝන් එකක් පාවිච්චි කරනවා. අන්න ඒ වගේ. හැබැයි එහෙම ෂේප් න්‍යාය හරියන්නෙ නෑ. හොඳම දේ තමයි අවංක වෙන එක. තමන්ට එයාව වැදගත් වෙන්නේ ඇයි කියන එක දැනෙන්න අරින්න. තමන්ගේ ප්‍රමුඛතාවය එයා කියන එක දනවන්න. හැබැයි “හරි මම මේ විදියට ඉන්නම්, ඔයා මෙහෙම ඉන්න” වගේ ඩීල් දාගන්න යන්න එපා.
5. සීමාවන් ලකුණු කරගන්න

Possessive Lovers
Source – youtube.com/Thisara Weerasinghe – Pawee Pawee
සාමාන්‍යයෙන් ඕනවට වඩා ජෙලස්, පොසෙසිව් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ට හෝ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට තමන්ගේ ආදරවන්තයා/ආදරවන්ති ගැන හැමදේම හැම මොහොතකදීම දැනගන්න ඕන. ඒත් ඕක ඇණයක් වෙන ලිමිට් එකක් තියෙනවනේ. අන්න ඒ නිසා තම තමන්ගේ අවකාශයන් සම්බන්ධයෙන් පැහැදිලි සීමාවල් කලින්ම වෙන් කරලා තියාගන්න. උදාහරණයක් විදියට ගත්තොත් “මගේ ෆෝන් එක පැයකට ඕෆ් වුණු වෙලාවක හරි ආන්සර් නොකර හිටපු වෙලාවක හරි මගේ යාලුවන්ට හතර වටේට කතා කරන්න බෑ” කියන එක නීතියක් විදියට ඉදිරිපත් කරන්න. එහෙම නැතිනම් “මම ඔෆිස් එකේ ඉන්න වෙලාවට දවසක් ඇර දවසක් ඇවිත් ලොබියේ වාඩි වෙලා ඉන්න බෑ” කියන එක පැහැදිලිව කියලා තියන්න.
6. එයාට අවධානය ලබාදෙන්න

Possessive Lovers
Source – youtube.com/Pramodha Herath ft. Romesh Sugathapala – Dase Chaya
මෙන්න මේක ලොකු අමාරු වැඩක් නෙවෙයි. එයත් එක්ක ඉන්න වෙලාවට මුළු ලෝකෙම එයයි කියන එක අඟවන්න. කම්ප්ලිමන්ට් ලබාදෙන්න ඕන තැනදී කම්ප්ලිමන්ට් ලබාදෙන්න. “අයි මිස් යූ” වගේ දෙයක් කියන්න පැකිළෙන්න එපා. හැබැයි ඇත්තටම හරිද. මේ විදියට එයාට ඇඟෙන්න අරින්න ඔයා හැබවින්ම එයාට ආදරේ හින්දා තමයි එයාව මේ තරම් ස්පෙෂල් වෙන්නේ කියලා. කරලා බලන්න වෙනස.
7. ප්‍රශ්නේ ගැන කතා කරන්න

Possessive Lovers
Source – strongmarriagenow.com
හැබැයි මේ මොන දේ කලත් එක් කෙනෙක් ඕනවට වඩා ජෙලස් නං, පොසෙසිව් වෙන්න උත්සාහ කරනවා නං ඒක හොඳ දෙයක් නෙවෙයි. ඕනවට වඩා ඕනම දෙයක් ඕනම නැත කියලා කියන්නේ බොරුවට නෙවෙයිනේ. ඒ නිසා වෙලාවක් බලලා බොහොම මෘදුව ප්‍රශ්නේ ගැන කතා කරන්න. මේ ප්‍රශ්නේ ගැන කතා කරන්නෙත් තමන් එයාට මාර විදියට ආදරේ නිසාය කියන එක කියන්න. එයා එහෙම බොරුවට ජෙලස් වෙන්නේ අපේ වැරැද්දක් නිසා නම් ඒ ප්‍රශ්නේ අද ඉඳන් හදාගමු කියන තැනට එන්න. කොහොම කළත් ආදර සම්බන්ධයක් ගොඩ යන්නේ එකිනෙකා ගැන තියෙන අවබෝධය මතනේ. අන්න ඒ නිසා ඒ අවබෝධය හරියට ඇතිකරගන්න. දැන් ඒ ඔස්සේ ප්‍රශ්නේ ගැන කතා කරලා විසඳුමක් හොයාගන්න බලන්න.
8. සම්බන්ධතාවය හිසරදයක් නං වෙන් වෙන්න

Possessive Lovers
Source – youtube.com/Shalitha And Mahesh – Hithuwewath Nathi Dawasaka
මෙන්න මේක තමයි ඉතින් හිතට අවුල්ම පොයින්ට් එක. අපි කියමු උඩින් කියපු හැමදේම කරලත් ආදර සම්බන්ධය හිතට නිදහසක් නෑ කියලා. ලව් කරනවා කියන්නේ හැම වෙලාවකම රණ්ඩු වෙන එක, ස්ට්‍රෙස් පිට ඉන්න එක නෙවෙයිනේ. ඉතින් ඒ නිසා එක පොයින්ට් එකක් එනවා මේක තවදුරටත් කරගෙන යන්න බැහැයි කියලා හිතෙන. අන්න ඒ වෙලාවට දෙන්නත් එක්ක කතාබහ කරලා තමන් යන තනි පාරවල් වල යන්න. ඒක තමයි තමන්ගේ අනාගතේට ගුණදායක වෙන්නේ.