ඩාවුඩි බෝරා ප්‍රජාවේ නායක සහ 53 වැනි අල්-දායි අල්-මුට්ලක් වන අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් කොළඹදී පැවැත්වීමට නියමිත අෂාරා මුබාරකා දේශනාව සදහා ඊයේ (28දා) දිවයිනට පැමිණියේය.
සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්රමුඛ රජයේ නිලධාරීන්න සහ බෝරා ප්‍රජාවේ සාමාජිකයන් විසින් එතුමන්ව ගුවන් තොටුපළේදී පිළිගෙන තිබුණි.
පසුව එතුමන් කොළඹ බුර්හානි උද්‍යානයට පැමිණි අතර, ඩාවුඩ බෝරා සාමාජිකයන් විශාල පිරිසක් විසින් එතුමත්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී. සභාව අමතමින් එතුමන් කියා සිටියේ, ශ්‍රී ලංකාවට පැමිණින ලෙස තමාට ආරධනා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට තමාගේ විශේෂ ස්තුතිය පිරිනමන බවයි.
එසේම අෂාරා මුබාරකා සභාවටද ස්තූති කළ එතුමන්, තමන් ජීවත්වන මවුබිමට පක්ෂපාතව සිටින ලෙස තම බෝරා ප්‍රජාවට උපදෙස් දුන්නේය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ සාමය සමගිය සහ සමෘද්ධිය වෙනුවෙන් යාඥා මෙහෙයක්ද හෙතම සිදුකළේය.
ආධ්‍යාත්මික නායකයා මෙම සංචාරය අතරතුර ප්‍රජාවේ සාමාජීකයන් සමග සම්බන්ධ වෙමින් ඔවුන්ගේ කටයුතු පිළිබඳ සොයා බැලීමට නියමිත අතර, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්, අනෙකුත් ආගමික ප්‍රජාවන්හි නායකයන්ද මුණගැසී රටේ අභිවෘද්ධිය සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කරනු ඇති බව දැනුම් දී තිබේ.
ආධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 31දා සිට සැප්තැම්බර් මස 09 දක්වා දින 10ක් පුරා අෂාරා මුබාරකා උත්සවය පැවැත්වෙන අතර, සෑම වසරකම එක් එක් රාජ්‍යයන් තෝරාගැනීමේදී දහස් ගණන් වූ ඩාවුඩි බෝරා සාමාජිකයන් එසේ තෝරාගන්නා රටවලට ඒකරාශී වීම අනිවාර්යයෙන් සිදුවන්නක් බව කියැවිනි. ඒ අනුව, මෙවර ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තෝරාගෙන ඇති බැවින්, ලෝකයේ විවිධ වූ රටවල් 40කට අධික සංඛ්‍යාවකින් 21,000කට අධික ඩාවුඩි බෝරා සාමාජිකයන් පිරිසක් මේ සඳහා සහභාගි වීමට නියමිතව ඇත.
මෙහිදී, විශේෂයෙන් හුසේනි මස්ජිද් මධ්‍යස්ථානය පිහිටි බම්බලපිටිය ප්‍රදේශයේ සියලුම හෝටල්, තටිටු නිවාස, යනාදී නවාතැන් බොහෝ ප්‍රමාණයක් මෙන්ම,මෙරට කොළඹ වෙසෙන බෝරා ප්‍රජාවේ සාමාජිකයන්ගේ නිවාසවලද මේසේ පැමිණෙන පිරිස් නවාතැන් ගන්නා බව කියැවෙයි. ඔවුන් වෙනුවෙන්
විශේෂ බස් රථ සේවා සැපයෙන අතර, මෙම කාලය තුළ ඉමාම් හුසෙයින්ගේ නාමයෙන් ලක්ෂ සංඛ්‍යාත ආහාර වේල්ද පිරිනමනු ලබන බව සඳහන් වෙයි.