බෝරා සමුළුව නිසා ඉරිදා (7) සිට දින 10 ක් බම්බලපිටිය අවට ට්‍රැෆික්
7/06/2024 11:00:00 AM
බම්බලපිටිය බෝරා මුස්ලිම් පල්ලියේ සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ එළැඹෙන 7 සිට 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බෝරා සමුළුවට සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක් පොලිසිය විසින් නිවේදනය කරනු ලැබ ඇත.
ඒ පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්ලුව මහතා ප්‍රකාශ කර සිටියේ සමුළුව පවත්වන කාල සීමාව තුළදී ගාලු පාර, කොළඹ කොටුව සහ බම්බලපිටියේ මැරින් ඩ්‍රයිව් වෙත ඇතුළු වන අතුරු මාර්ග කිහිපයක් පහත සඳහන් කාලසීවන් තුළ පෙ.ව. 8.00 සිට 11.00 දක්වා, පස්වරු 1.00 සිට පස්වරු 3.00 දක්වා සහ සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා වසා තබනු ලබන බවයි.
සමුළුව පැවැත්වෙන අවට ප්‍රදේශවල තවදුරටත් රථවාහන සීමා පැනවීමට නියමිත බවද තල්දූව මහතා පැවසීය.
වැසීමට ලක්වන නිශ්චිත මාර්ග ඉදිරියේදී දැනුම්දෙන බවද තල්ලුව මහතා ප්‍රකාශ කළේය.විවිධ රටවල් නියෝජනය කරන බෝරා ප්‍රජාවේ සාමාජිකයන් 15.000ක් පමණ බෝරා සමුළුවට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
.