බෝසත්වරු උපදින්නේ පිං කළ අම්මාවරුන්ගේ කුස තුළය. යස ඉසුරින් සරු නොවුණත් සේනපුර දික්ඔයේ පදිංචි ශාන්ති ඒකනායක අම්මා බෝසත් පුතකු ලබන්නට පිං කර තිබුණි.
පෙර මහ බෝසතාණන් වීර්ය පාරමිතාව පුරන්නට දිවි දෙවැනි කොට ක්‍රියා කළ විලසින්ම ශාන්ති ඒකනායක අම්මාගේ රන් පුතුද සිය පණ අමතක කර මවු සුරකින්නට විරිය වැඩුවේය. තමන් ජීවිතය තිළිණ කළ පුතු වෙතින් යළිත් තම ජීවිතය තිළිණ ලද අන්දම කියන්නට ශාන්ති ඒකනායක අම්මා “රිවිර” අපට හඬ අවදි කළේ මෙලෙසය.
අපි බොහොම අමාරුවෙන් ජීවිතේ ගැට ගහගන්න මිනිස්සු. අපි පදිංචිවෙලා ඉන්නේ අනුරාධපුරේ සේනපුර – දික්ඔය ගමේ. මං දරු තුන්දෙනෙකුගේ අම්මා කෙනෙක්. ලොකු දරුවො දෙන්නා දූලා. තුන්වැනියා පවුලේ බාලයා තමයි පුතුපැටියා. මගේ පුතු තමයි මාව බේරාගත්තේ. මං මගේ පුතුට පිං දෙනවා. පුතුගේ මේ අතපය ලොකු මහත් වුණේ බොහොම අගහිඟ විදියට කාලා බිලයි. අපි මේ දරුවො ලොකු මහත් කළේ වී ගොවිතැන් කරලා හම්බ කරපු කාසිවලිනුයි.”
ශාන්ති ඒකනායක අම්මාගේ වචනවල තවම ඇත්තේ කම්පනයයි. කොළඹ ජාතික රෝහලේ ගිලන් ඇඳක් මතට වී එදා සිද්ධ වූ සිද්ධිය මතක් කරන්නට ශාන්ති ඒකනායක අම්මා යළිත් කටහඬ අවදි කළාය.
“මේ සිද්ධිය සිද්ධ වුණේ පසුගිය සිකුරාදා (25) හැන්දෑවෙයි. අපේ ගේ පිටිපස්සෙන් කලා ඔයේ නාන මංකඩක් තියෙනවා. අඩි කීපයක් පල්ලමට බැස්සම හමුවෙන ඒ නාන මංකඩින් තමයි අපි හැමදාමත් නාන – හෝදන කටයුතු කළේ.
කලා ඔයේ කිඹුල්ලු ඉන්නවා අපි මීට කලින් දැකලා තියෙනවා. ඒත් අපේ ගමට මේ වනතුරු කවමදාවත් කිඹුල් කරදරයක් තිබිලා නෑ. මගෙ පුතු වැඩට ගිහින් ඇවිත් රෑ බෝවෙලා කට්ට කළුවරේ පවා නාන මංකඩට ගිහින් වතුර නාගෙන එනවා. අපි කිඹුල්ලු ගැන සැලකිල්ලෙන් හිටියත් දන්න කිසිම කෙනෙකුට කිඹුල් අනතුරක් වෙලා නම් නැහැ.
ඉතින් පහුගිය සිකුරාදා හැන්දෑවේ හතර හමාරට විතර මං පල්ලම බැහැලා නාන මංකඩට ගියා. එතැන ගල් තලාවක් තියෙනවා. මං ඒ ගලඋඩ ඉඳගෙන රෙදි හෝදමින් උන්නා. එකපාරටම කිඹුල් ඔළුවක් උඩට මතුවෙලා මගෙ දකුණු කකුලෙන් ඇල්ලුවා. ඌ මහ දැවැන්ත කිඹුලෙක්. ඌ මාව වතුරට ඇදලා අරගෙන වතුර යටින් ගඟ මැදට ඇදගෙන ගියා.
මං පුළුවන් වීරියෙන් දැඟලුවත් මට කෑගහන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මොකද ඌ මාව ඇදගෙන ගියේ වතුර යටින් නිසා.
ගඟ මැද්දෑවේ ගැඹුරුම හරියෙදි පොර බදනකොට මගෙ ඔළුව වතුරෙන් උඩට ආවා. මම ගිරිය යටින් කෑ ගැහැව්වා. මට වෙන කවුරුවත් මතක් වුණේ නෑ. මට මගෙ රත්තරං පුතාමයි මතක් වුණේ මං ඉතින් පුළුවන් වීරියෙන් “මයෙ පුතේ මයෙ පුතේ” කියලා කෑ ගැහුවා.
ශාන්ති ඒකනායක අම්මාගේ කතාව භයංකාර චිත්‍රපට දසුනක් මෙන් මැවෙමින් අපේ සිත තිගැස්මෙන් තිගැස්මට ලක් කරයි. අම්මාගේ දිවි රැකදුන් බෝසත් පුතු අප අසලම සිටී. දහනව වියැති ඒ බෝසත් පුතු රොමේෂ් මධුවන්තගෙන් මේ කතාවේ ඉතිරි අඩ අසන්නට අපි පටන් ගතිමු. මේ රොමේෂ්ගේ වචනයි.
“මං අනුරාධපුරේ පුද්ගලික ආයතනයක පොඩි රස්සාවක් කරනවා. එදා සිකුරාදා දවසක් වුණාට මම කලින්ම ගෙදර ඇවිල්ලයි උන්නෙ. ගෙදර ඉඳපු මට නාන මංකඩ පැත්තෙන් අම්මා විලාප තියෙනවා ඇහුණා. මම ඒ සද්දෙ ඇහුණු පැත්තට දුවගෙන යද්දී අම්මා ගඟ මැද කිඹුල් කටට අහුවෙලා ඉන්නවා දැක්කා. මං ඒ පිම්මෙන්ම ගඟට පැන්නා. අපි උපන් දා පටන්ම කලාඔයේ ඒ මේ අත පීනලයි ලොකු මහත් වුණේ. මං කිඹුලා එක්ක අම්මා පොර බදන තැනට වේගෙන් පීනලා ගියා. එතැන කුඹුක් ගහක මුලක් තිබුණා. අම්මේ හයියෙන් මුල අල්ලන් ඉන්න කියලා මං කෑ ගහලා අම්මට කිව්වා.
අම්මා මුලේ එල්ලිලා හිටියත් කිඹුලා අම්මගේ කකුල අතඇරියේ නෑ. මං කිඹුලට ගහ ගහ අම්මගෙ කකුල අත ඇරවා ගන්න හැදුවා. හරිගියේ නෑ. අම්මත් පොර බදනවා. මං කිඹුලව හොඳට බදාගෙන කකුල් පටලවලා ගැටයක් දමා ගත්තා. එතකොට කිඹුලත් මමත් දෙන්නම වට කීපයක් වතුර ඇතුළෙ කැරකුණා.
මේ කිඹුල් – මිනිස් ගැටුමේ අසීරුම වේලාවය. කලා ඔය සමග ඔට්ටු වෙමින් ගෙවුණු ජීවිතයේ පෙර කවදාක හෝ කන වැකී තිබුණු දෙයක් ශාන්ති ඒකනායක අම්මාගේ මතකයට අසුරු සැණින් එන්නේ ඒ සිහියත් අසිහියත් අතර මතකයෙනි.
“කිඹුලා එක්ක ඔට්ටුවෙන්න එපා. කිඹුලගෙ බඩ යටින් අත දාලා කිතිකවන්න කියලා අම්මා මට කිව්වා. අම්මා අහලා තිබුණලු කිඹුල් බඩ කිතිකවද්දී කට ඉබේ ඇරෙනවා කියලා. මං එහෙම කළා. කට ටිකක් ඇරෙනකොට මම පුළුවන් වීරිය අරගෙන කිඹුල් කට දෙබෑ වෙන්න හොඳට අත් දෙකෙන් කට ඇරියා. එතකොට කට ඇරිලා අගුලු වැටුණා. කට ඇතුළට අත දාලා අම්මගෙ කකුල ගලවා ගත්තා. අත් නොහරින වීරියෙන් සිය දිවි නොතකා කළ වීර ක්‍රියාව රොමේෂ් පුතු වචනයට ගොනුකළේ එහෙමය. කිඹුල් කටින් පය මුදා ගත්තද මීළඟට තවත් ජීවිත අවදානමකි.
ඒ හරියෙ වැලි ගොඩදාන නිසා කලා ඔයේ පතුල හරි ගැඹුරුයි. අම්මගෙ කකුලෙ තිබුණෙ ලොකු තුවාලයක් විතරයි. කිඹුලා අපිව අතඇරලා දුරට පීනලා ගියා. අම්මා කුඹුක් මුලේ එල්ලිලා උන්නා. මං අම්මව මගෙ උර මත්තට වාරු කරගෙන නාන මංකඩ ළඟට පීනාගෙන ආවා. තවත් නං මට හයිය නෑ. ඒත් මං හිතට හයිය අරගෙන පල්ලමෙන් උඩහටත් අම්මව එක්කන් ආවා. ඇවිත් ගමේ මිනිස්සුන්ගේ උදව් ඉල්ලලා කෑ ගැහුවා. ගමේ අය එකතු වුණා.”
නූතන මාතු පෝසක ජාතකය මිස අන් කවරක්ද මේ කතාවට දෙන නම හිතේ වීරියෙන් ගතේ වීරියෙන් මහ කිඹුලකු සමග සටන් කර ජය ගත්තද රොමේෂ් පුතුගේ සිත බිඳෙන්නේ ගොඩට ආ පසුවය. ලේ කිරි කර පෙවූ අම්මාගේ පාදයේ ලේ ගලන තුවාලය දැකීමත් සමගිනි. අම්මාගේ ජීවිතයේ වගකීම රැස්ව සිටි ගම්මුන්ට භාරදීමත් සමගම රොමේෂ් පුතු සිහිසුන්ව ඇද වැටී ඇත.
අම්මාගෙ කකුලෙ මස් ගැලවිලා ලේ ගලනවා මංදැක්කා. කකුලෙ ඇටේ හොඳටම මතුවෙලා තිබුණා. මට ඒ දිහා බලන්න බැරි වුණා. මට සිහිය එනකොට ගමේ අය අම්මව ත්‍රීවීල් එකක දාගෙන එප්පාවල ඉස්පිරිතාලෙට යවලා තිබුණා. එතැනින් අනුරාධපුර ඉස්පිරිතාලෙට අම්මව මාරු කළා. එතැනින් කොළඹ ජාතික රෝහලට මාරු කළා. අම්මාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් දකුණු කකුල කපා ඉවත් කරන්න ජාතික රෝහලේ දොස්තර මහත්තුරු කටයුතු කළා.”
කිඹුලකු සමග දිවි දෙවැනි කොට සටන් වැදුණද අපේ කතාවේ වීරයාට දෙවි පිහිටෙන් කිසිම අනතුරක් වී තිබුණේ නැත. දකුණු අතේ ඇඟිලි තුඩු දෙකක් පමණක් සුළු තුවාල ලබා රොමේෂ් පුතු දිවි ගලවාගෙන තිබුණේ හාස්කමකින් මෙනි.
ශාන්ති ඒකනායක අම්මාගේ දකුණු පාදය මුලින් කපා ඉවත් කෙරුණද ඇයට ජීවිතය යළි උරුමවීම හිතට සැනසුම් සුසුමක් ගෙන ආවේය.
ඒත් දැන් ඔවුන් අබිමුව ගැටලුවකි පාදයක් අහිමිවුණු අම්මව රොමේෂ් පුතු යළිත් ගෙන යා යුත්තේ සේනපුර – දික්ඔය අර දුෂ්කර ගම්මානයටය. එහිදී වැඩ කටයුතු කරගන්නට කෘත්‍රිම පාදයක සවිය ඇයට ලැබුණොත් ජීවිතය ගැටගසා ගන්නට එය ඇයට මහ ශක්තියකි. ඒ පුණ්‍යවන්ත කටයුත්ත වෙනුවෙන් උපකාර කරන්නට පිං ඇති මහතුන්ගේ සවිය ඔවුන්ට වුවමනාමය. රොමේෂ් මධුවන්ත රන් පුතු තමන් ගැන නොසිතාම මහ විකුම් පා අම්මාගේ ජීවිතය බේරා ගත්තේය. ඒ වටිනාම ජීවිතය ජීවත් කරවන පිංකමට දායක වන්නට සත් හිතක් ඔබටත් පහල වෙනවා නම් උතුම්ය

කෙල්ලෝ වෙනුවෙන් අම්මලා මරණ කාලෙක.. මෙහෙම කොල්ලෙක් ඉන්න එක කොයිතරම් දෙයක් ද..... 