බෞද්ද සිංහල කොල්ලනි,,

Jul 10, 2011
5,011
473
0
:D :D :D ;) ;)

අඩෝ මට සැහෙන්න ප්‍රතිචාර හම්බෙලා තියනවනේ.. එත් මොනව කරන්නද මම මේ දවස් ටිකෙ ටිකක් බිසි බං.. කට්ටිය මොනවද කියලා තියෙන්නේ කියල බලන්නය් මම මිනිත්තුවකට ලොග් උනේ.. බැලුවම ඔක්කොම පුස් කොමන්ට් නේ දාලා තියෙන්නේ.. කිසිම එකෙක්ට හරි තර්කයක් ඉදිරිපත් කරගන්න බැනේ.. එත් කමක් නැ... වෙලාවක් හම්බෙච්ච ගමන් මම හැමොටම උත්තර දෙන්නම්.. දැනට යනවා... :) :lol::lol::lol:
 

lakmal_v

Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    සහෝදරවරුනි,,
    ගල් යුගයේ ඉන්න බොරලුගොඩයෝ.
    බලපන් මේවා...

    432258_338514872861124_100001078427953_986378_1556320816_n.jpg



    උපුටා ගැනීමකි,,
     

    duka-ruka

    Member
    Jul 15, 2010
    13
    1
    3
    බෞද්ද සිංහල කොල්ලනි,

    ela ela macho sinhalayo hateyata apeth onadekata innawa jaya wewa.....!
     
    Mar 23, 2012
    2
    0
    0
    නැගිටිනු සිහලුනේ මේ සිංහල ඔබේ රට

    කතා කරන්නට කටක් තියාගෙන කෙලින් හිටගන්නට පුලුවන් කකුල් දෙකකින් යුතු කොන්දක් තියෙන තෙක් ජාතිය, ආගම වෙනුවෙන් ඕනෑම ජාතියක කෙනෙකු කතා කළ යුතුයී. අයුක්තියට හා මිත්‍යා මතයන්ට නතු නොවෙමින්ය. ඇස් දෙක තියාගෙන ඇස් දෙක නොපෙනෙන මිනිසුන් අයුරින් කටයුතු කරන්නේ පස්කම් සැපය ගැන පමණක් සිතා තම තමන්ගේ බඩ වියත ගැන පමණක් හිතන පුද්ගලයන්මය. ඔබ ඔබගේ සිතට එකගවම විමසා බලන්න ඔබ සතු අනුගමනය කරන ලද ක්‍රියාපටිපාටිය නිවැරදිද කියල. කවුරු කොහොම මොනව කීවත් යුක්තියට හැම මොහොතකම සහනය ලැබෙනු ඇත. එතෙක් ඔබ නිවැරදි ආචාර ධර්ම පද්ධතියක් සතු නම් එය මැනවින් ඇරක්සා කරන්න. එය මැනවි ඔබගේ දිවියේ සැනසුම සලසනු පිණිස.



    මිනිසුන් නොමොනිසුන් වන්නේ ඔවුන් විදින්නට ආශා කරන පස්කම් සුවය ඒ අයුරින්ම වින්දනය කරන්නට නොහැකි වූ විට බව අප සියල්ලෝම දනිමු. එය දැන දැනත් නොදන්නවුන් අයුරින් ඒ පස්කම් සැපය පසු පසම දිවයමින් එයටම නතුවන්නා වූ පුද්ගලයාද මස් කටුවක් සපමින් සිට දිව, විදුරුමස් තුවාල කරගනිමින් ලේ රස වින්දනය කරන බල්ලන් මෙන් හැම තැනකම ලතවෙමින් කුමක්ද අපට මේ සිද්ධ උනේ යන වදන් වැල් සිය මනස තුළින්ම විමසනු ඇත. එය ඔබ ඔබ තුළින්ම නිමවාගත් ගැටලුකාරී පරිසරයකි. මෙය මේ හාමුදුරුවන් වෙත නො එවන ලද්දේ නම් එය උන්වහන්සේ විසින් මෙහි ඵල කරන්නට කිසිදු අසනීපයක් උන්වහන්සේ සතුව නැත. සිංහල, දෙමළ, මුස්ලීම්, බර්ගර්, මැලේ යන මේ ජතීන් සිරිලක එදා පටන් ජීවත් විය. එහෙත් මෙවැනි දරුණු මන්ද මානසික අන්තගාමි පුද්ගලයින් නොදුටුවෙමු. මේ සියල්ලටම හේතුව ස්වකීය වර්ගයා සුරකිනු වස් තමන්ගේ මොළය තුළ කාලයක් මුලුල්ලේ නිර්මානය කර ගත්තා වූ යම් ආකාරවූ සිතුවිලි රාමුවක ප්‍රතිඵලයෝමය. ඔබ ඔබගේ දිවි පෙවෙත සුරකිනු වස් නිවැරදි දර්ශණයකට උරුමකම් කියන්න. මේ සියල්ලටම මුල සිංහලයින් සතු සිංහල පතිදම් ආරක්සා නොකර කටයුතු කිරීමම බව මා ප්‍රකාශ කරමි.




    යුක්තිය සදාචාරය නෙත්යුග හමුවේ.

    භක්තිය පිණිස නැහැ සිහලුන් හිස නැමුවේ.

    එනමුත් වෙනත් ජාතින් දෙවියන් හමුවේ.

    නැමු ඒ හිසට පාවඩ එලුමට ගැතිවේ.




    ඇයී සිහලුනේ හෙලගති හන්ගා ඉන්නේ.

    නැතුවද හිසක් හා මොළයක් නොසිතන්නේ.

    හෙළයන් සතුව ඇති සුසිරිත් සලකන්නේ.

    එවිටදි නැවත හෙළ නාමය පුබුදින්නේ.




    ලස්සන හෙලදිවට ගියකල පෙනෙන විට.

    වස්සන දසුන් මැවුනත් රට සතර වට.

    වක්කල මනා රූ සපුවක් සමව වැට.

    බදිනා බැම්මේ ලස්සනවෙද බොලද කට.




    කෙතරම් ඇසුනමුදු බල්ලට යකඩ හඩ.

    නොමනැගිටිති නිතරම කම්මලේ වැඩ.

    සිතමින් බල්ලා සතුටින් නිදි යහනෙ වැඩ.

    සිටියත් බල්ලො දැනගනු මේ තොපේ වැඩ.
     
    Mar 23, 2012
    2
    0
    0
    කෙනෙකු ශිෂ්ඨාචාරයෙන් ඉහළව උපන්නත්

    මනුෂ්‍යයා සතුව ලෝකයේ ඉහළම ශිෂ්ඨාචාරයක් පවතී. එහෙත් එයට අනුකූලව කටයුතු කරන ප්‍රමාණය තුළ නොයෙකුත් අඩු ලූහුඩුකම් සිදුවීම නිසා වැරදි කරන්නට පෙළඹෙන ප්‍රමාණය ඉහළ ගොස් ඇත. ගෙල තුළ රත්තරනින් මෙන්ම මැණික්වලින් හා දියමන්ති වලින් කරවන ලද ආභරණයක් දිලෙන විට මතකයේ තියෙන තාක්කල් එය රැකගැනීමේ මහත් පරිශ්‍රමයක එය පැළදූ තැනැත්තා නියැලෙයි. එසේම එය නැති වුනහොත් එය නැවත ලබා ගැනීමේ පරිශ්‍රමයක් තුළද බොහෝ සෙයින් වෙහෙස මහන්සි වෙයි. එසේම එය තමන් විසින් කරන ලද යම් අකටයුත්තක් නිසා පළුදු වුවහොත් එය නැවත තිබුණ අයුරින්ම නිර්මාණය කරන්නට තවත් වෙහෙස මහන්සි වෙයි. නමුත් ඒ අයුරින්ම තිබී අන්සතු වූ මනුෂ්‍ය ගුණධර්ම දැක ගැනීමට හෝ එය යම් යම් අවස්ථා තුළදී තමන්ගේ වැරදි ක්‍රියාකාරකම් නිසා කඩතොලූ වුවහොත් නැවත සකස් කරගන්නට ඇති හැකියාව තිබුනත් ඒ වරද තමන් විසින් සිදුකලා යැයි සෑම මොහොතකම මතකයේ රැඳී පවතී.

    ශිෂ්ඨාචාරය අතින් අප සියල්ලෝම මනා ගරු බුහුමන් රාශියකට උරුමකම් කියන්නෝම වෙමු. එහෙත් ඒ ගරු බුහුමන් සියල්ලම වනසාලමින් එක තැනකට වී අනේ මට මේ මොකද උනේ, යනුවෙන් තමන්ගෙන්ම විමසමින් සුසුම් හෙලන්නෝද නැත්තේම නොෙවි. ඒ තමන්ගේ සිත තුළ වූ අකාරුණික තත්වය නිසාම මිසක් වෙන කිසිවක් නිසා නොවනු ඇත.

    සුනඛයෙකු සතු වූ සියලූම කාර්යන් ඌට මැනවින් සිදු කරන්නට හැකිවන්නාක් මෙන්ම මිනිසෙකු සතු කාර්යන් සියල්ලක්ම මිනිසාටද කරන්නට හැකි විය යුතුයි. සමහර තිරිසන්ගත සත්වයින් තුළ මිනිස් ගුණ දනවන මිනිස් ගතිපැවතුම් පෝෂණය කරගෙන ඇත. ඒ ගැන විමසා බලන සඳ යම් යම් අවස්ථා තුළදී මනුෂ්‍යයාට වඩා තිරිසන්ගත සත්වයා උතුම් කොට සලකන්නට සිදුවනු ඇත. අප උත්පත්තියෙන්ම ශිෂ්ඨාචාරය මෙන්ම ආගම දහම අතින් පරිපූර්ණ සහ ස්වයං පෝෂිත මිනිසුන් ලෙස පෝෂණය වන්නෙමු. එහෙත් යම් යම් අවස්ථාවන් තුළදී අපගේ මනසට ඇතිවන අතෘප්ති කර ආශාවන් පසුපස හඹා ගොස් ඒ සියල්ල නොදන්නා අනුවණයෙකු අයුරින් නිර්මාණය වනු ඇත. සිත, කය, වචනය යන තිදොර මුල්කරගෙන නොයෙකුත් වැරදි ක්‍රියාකාරකම් තුළ නියැලෙන්නට වෙහෙස දරයි. අනතුරුව එහි අනිසි ප්‍රතිඵලයන් ලෙස දුක්ඛිත මානසිකත්වයකින් යුතුව ප්‍රකෘති මානසික තත්වය විකෘති තත්වයකට පත් කර කරගනිමින් මන්ද බුද්ධිකයෙකු අයුරින් නිර්මාණය වෙයි. ඒ මන්දයත්, තමන් සතු ශිෂ්ඨාචාරයට අනුකූලව නැත්නම් උත්පත්තියෙන්ම තමන් සතු වූ අවි ආයුධ සියල්ල මැනවින් හසුරුවන්නට හුරු පුරුදු නොවුනු නිසාවෙනි. අප සියලූම දෙනාගේ ජීවිතය තුළ සැප හා සතුට තීරණය වන්නේම තමන් කරන ලද ක්‍රියාකාරකම් අනුවයි. එසේම බුදුන් වහන්සේ විසින් මෙසේ දේශිතය.





    උත්පත්තියෙන් කෙනෙකු බමුනෙකු හෝ වසලයකු නොවෙයි. ඔහු කරන ලද ක්‍රියාකාරකම් තුලින් ඒ බව තීරණය වෙයි.


    මේ බව දේශනා කලේ අවුරුදු 2500 ඈත ඉතිහාසය තුළදී තුන් ලොවට අසහාය ඇසක් බඳු වූ අප තථාගත බුදුපියාණන් වහන්සේ විසින්මය. එය එදාටත් අදටත්, මතු අනාගතයටත් වලංගු බව නැණැතියන්ට පැනයක් නොවනු ඇත.


    කෙනෙකුට උත්පත්තියෙන්ම හිමිවන ශිෂ්ඨාචාරයට අනුකූලව හැසිරෙන්නට නොහැකිනම් ඔහු වැරදි මානසිකත්වයකට පෙළඹෙයි. ඒ මානසිකත්වය තුළ හිඳ යමක් කරයි නම් හෝ කියයි නම් ඒ සියල්ලම තමන් හා අනුන්ව විනාශයට පත්කරවන්නට නිර්මාණය කරන මහා සද්දන්ත යන්ත්‍රයක් මා සමානය. මෙයට නිදසුනක් ලෙස අප මෙය විමසා බලමු. අප සියල්ලෝම පංච දුෂ්චරිතය ගැන විමසා බලමු. ඒ කුමක්ද?

    1. අනුන් නැසීමෙන් වලකිමි
    2. අනුන් සතු වස්තුව පැහැර ගැනීමෙන් වලකිමි
    3. කැමති පරිදි කම්සැප විඳීමෙන් වලකිමි
    4. බොරුකීමෙන් වලකිමි
    5. අප්‍රමාදයට හේතුවන මත්ද්‍රව්‍ය පරිහරණයෙන් වලකිමි



    මේ ආදී කරුණු දෙස මැනවින් විමසා බලමු.



    පළමුව අප අනුන්ගේ දිවියක් අහිමි කරන්නට වෙහෙසෙන්නේ නම් එතනදී අපගේ සිත විකෘති තත්වයකට පත්කළ යුතුයි. අනතුරුව නැණසද විකෘති තත්වයකට පත්කළ යුතුය. එසේ සිතේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම එසේත් නැත්නම් අනුන් නැසීමේ සිතුවිලි නමැති මාර්ගය තුළ වේගයෙන් ධාවනය කළ යුතුය. සීමාකඩයිම් බාධක නොතකා එවිට ප්‍රාණගාතය කළ හැකිය. බලන්න එතනදී අප මොන තරම් වෙහෙසක් අපගේ ප්‍රකෘති මනසට ලබා දී තිඛෙනවාද? එසේම ඒ ක්‍රියාව සිදු කිරීමෙන් අනතුරුව ඒ ගැන තමන් තම දිවි ගෙවන කාලය තුල වරදක් යැයි දැන ගෙන තමන්ටම කෙතරම් දෝශාරෝපණය කරනවාද? එසේම නීතිය හමුවේදී කෙතරම් දුක්ඛිත තත්වයකට මුහුණපාන්නට සිදුවෙනවාද? මේ ආදී සෑම අපහසුතිවයක්ම විඳ දරාගන්නට සිදුවූයේ කුමක් නිසාද? තමන්ගේ ශිෂ්ඨාචාරය ගැන තරමක හෝ ප්‍රමාණයක් නොසිතූ නිසාම නොවේද? ඒ නිසාම නේද?

    අනුන්ගේ දෑ පැහැර ගැනීම තුලින්ද කොතරම් දුක්ඛිත අන්ත අසරණ තත්වයන්ට මුහුණපානවද? ඇයි ඒ තත්වයට පත්වුනේ? මුලින්ම අප එය සිදුකිරීම තුලින් අපට සිදුවන අයහපත හෝ යහපත කුමක්ද කුමක්ද කියලා සිහි නොකල නිසානොවේද? ඒ නිසාම සමාජය තුලින් නොයෙක් දෝෂාරෝපණයන්ට ලක් වන්නට මෙන්ම නීතිය හමුවේ පෙනී සිට බරපතල චෝදනා සහිතව සිර දඩුවම් විඳින්නටද සිදුවනු ඇත. මේ ආදී සියලූම දුක්ඛිතතිවන් සිදුවූයේ කුමක් නිසාද? යන්න සිතීමට අප නැණසට භාර කරමු.

    සිය භාර්යාව හෝ සැමියා තමන් සතුව සිටියදී වෙනත් අය කරා පිය මනින්නේ අතෘප්තිකර කාමාශාව නිසාම නොෙවිද? අනතුරුව එහි ප්‍රතිඵලයන් ලෙස තමන්ගේ පවුල් පරිසරය තුළ නොයෙකුත් ගැටළු නිසා සමාජගත අන්‍යන්ගේ දෝෂාරෝපණයන්ට ලක් නොවන්නේද? එය මුල් කරගෙන තමන් සතුව දරුවන් ඇත්නම් ඔවුන් මහ මඟ හිඟාකන තත්වයකට හා අන්‍යන්ගේ වදහිoසාවලට ලක් නොවන්නේද? එසේම නීතිය හමුෙවි නොයෙකුත් දෙනාගේ චෝදනාවලට මෙන්ම නින්දා අපහාසයන්ට ලක් නොවන්නේද? මෙවැනි දෑ සිදුවන්නේ කුමක් නිසාද? තමන් සතු ශිෂ්ඨාචාරය ගැන සිහි නොකල නිසාම නොවේද?

    බොරුවෙන් කේලම් කීමෙන් සහ අන්‍යන්ගේ හිත් පාරන හිස් වචන සහ පරුෂ වචන කීමෙහි යමෙක් නියැලෙයි නම් ඔහුගේ දිවියද ඒහා සමාන තත්වයකට පත්වෙයි. ඔහුටද අන්‍යන්ගේ නින්දා අපවාදයන් අතර දිවි ගෙවන්නට සිදුවන්නාක් මෙන්ම යම් විටක නීතිය හමුවේද පෙනී සිටින්නට සිදුවනු ඇත.

    ඒ අනුව අප සියලූම දෙනා අපගේ ශිෂ්ඨාචාරයට පටහැනිව කරන කියන යම් යම් අකටයුතුකම් නිසා නොයෙකුත් අපහසුතාවයන්ට මෙන්ම විසඳාගත නොහැකි යැයි මනසට පැවතෙන ගැටළුකාරී තත්වයන්ට මුහුණපායි. එවිට එය සංසිඳවා ගැනීම සඳහා අපගේ මනසට දෙන්නට පුරුදු වී සිටින ප්‍රතිකාරය කුමක්ද? අපගේ මනසේ සහ නැණසේ ක්‍රියාකාරිත්වය තමන් පහළ මට්ටමකට ඇද දමන්නේ මත්ද්‍රව්‍ය නොෙවිද? එවිට අප තවත් අපගේ ශිෂඨාචාරයේ පහළ මට්ටමකට ඇද නොවැටෙන්නේද? අපට මේ සියල්ල මැනවින් අසන්නට සහ විමසන්නට අවස්ථාවන් කොතෙකුත් ඇත. එහෙත් ඒ ගැන නොසිතා අප මේ යන ගමන කොයිබටදැයි නැණසින් විමසන්නෙකුට වටහා ගත හැකිය. මේ සියල්ලම සිදු කරන එකම නිර්මාපකයා කවුරුන්ද? තමන්ම නොෙවිද? එසේ නම් අපගේ විනාශය නොෙවිද?

    මානව ශිෂ්ඨාචාරයෙන් යුතු මනුෂ්‍යයා එයට පටහැනිවන්නට උත්සාහ දරන්නේ යම් විටකද එය වනුයේ විනාශයට මහා ආයුධයක් මැනවින් පනපොවා නිමවන්නට අත්පොත් තබන්නාක් වැනියැයි අප සිහියෙහි තබා නැණසින් කටයුතු කල යුතු කාලය අදහෙට හෝ අනිද්දා නොෙවි. මේ බව අප මැනවින් විමසමු, සිතමු, ඒ අන්ව කටයුතු කරන්නට වෙහෙසෙමු. මේ සියළුම කාරණාතුලින් මනා ඔවදනක් ලබාගත් වෙනත් රටවල දාර්ශනිකයන් ලොව්තුරා බුදුපියාණන් වහන්සේ හෙවත් මානව ශිෂ්ඨාචාරය ගැන මනා අවබෝධයකින් දේශනා කළ මහා ප්‍රාඥයාගේ දේශනාවන්ට අනුකූලව කටයුතු කරන බව ඔබ නොදනී. දනීනම් එයට අනුකූලව ඔබ හැඩ ගැසෙන්නට උත්සාහ නොකරන්නේ මන්දයත් අපගේ චින්තන ශක්තිය විකෘති තත්වයකට ඇද වැටී ඇති නිසාම නොෙවිද? තවද ඒ විකෘති තත්වය නිර්මාණය කරන්නට යෙදෙන්නේ තමන් විසින්ම නේද? එසේ නම් අප දැන්වත් ඒ ගැන නැණසින් විමසා බලා කටයුතු කරන්නට වෙහෙස මහන්සි විය යුතුය. එසේ නොවන්නේ නම් අප සියලූ දෙනා සතුව තිබූ සියලූම ආධ්‍යාත්මික ගුණ යහපත්කම් සිඳී බිඳී වියැකී යනු ඇත. මෙය අප නිතරම සිහියෙහි තබාගෙන කටයුතු කළ යුතු දිනය අද හෙය හෝ අනිද්දා යැයි සිතමින් කල්ගත කළ යුතු නැත ඒ මන්ද යත්,

    හෙට පායන හිරු අප ඉදිරියෙහි පායන බව අපට මැනවින් නිගමනය කළ නොහැක. එය සමහර විට අප ඉදිරියේ නොපායන්නට හා පෑව්වත් එය අඳුරු වළාකුලකින් වසාලන්නට ද තිඛෙන ඉඩකඩ මහා විශාලය. ඒ බව අපට මැනවින් පසක් කර ගත හැකි නොවන නිසාම මේ කරුණු කාරණා මැනවින් විමසා බලා වියැකී යන ශිෂ්ඨාචාරයක් තුළ නැලී සිටින්නට උත්සාහ දරමු. එය අපගේ දිවියේ සහ අනාගතයේ පිබිදීමට මනා පිටුවහලක් වනු ඇත.

    අප කිසිදිනක අන් අය පරදන්නට ඔවුන් පසුපස ගමන් කළ යුතු නැත. තමන්ට නිසි යැයි වැටහෙන නිවැරදි මගක් ඇත්නම් ඒ මග ශිෂ්ඨාචාරයට විරුද්ධ නොවන්නේ නම් එයට අනුවම ගමන් කරමු. එය අපගේ දිවියේ බැබලීමට සහ සාර්ථකත්වය කරා ගෙන යන්නට මග පෙන්වන එකම පහන් ටැඹයි.