බෞද්ධයන්ටත් විවාහ 5 ක්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    බෞද්ධයන්ටත් විවාහ 5 ක්

    QJCwhuz.jpg


    බෞද්ධයන්ට ද විවාහයන් කිහිපයක් කරගත හැකිවන පරිදි රටේ නීති වෙනස් කළ යුතු බව බොදුබල සේනා සංවිධානය ප‍්‍රකාශ කරයි.

    ඒ වෙනුවෙන් සටන් කිරීමට තමන් සූදානම් බව එම සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුහ.
     
    Last edited:

    Pathirana 83

    Banned
    May 21, 2012
    231
    77
    0
    ඇර ඇර අපේ හාමුදුරුවනේ ඔහොම යමු , ඕක දිනා ගන්න ෆුල් sup එක අපි දෙන්නම් ,:yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    "බෞද්ධයන්ටත් කසාද 5ක් ඕනෑ"ය යන ශිර්ෂ පාඨය යටතේ "මව්බිම" පුවත්පතේ මාධ්‍යවේදිනියක වූ "රෂිනි මෙන්ඩිස්" විසින් 2013 ජනවාරි 24 වැනි දින එම පුවත්පතේ පළ කරක ලද වාර්තාව සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විසින් විවිධ අදහස් මතිමතාන්තර ගෙන හැර පානු දක්නට ලැබේ. මේ අතර යමෙක් අසාර්ථක උත්සාහයක නියැලෙනුයේ මේ පුවත මූලාශ්‍රය කොටගනිමින් විවිධ අමූලික අසත්‍යය මඩ ප්‍රචාරණ දියත් කරමින් නැගී ගෙන එන බෞද්ධ බලයට අපහාස උපහාස එල්ල කිරීමටයි. කෙසේ වෙතත්, මහත් ආන්දෝලනයකට ලක් වූ මෙම පුවත ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව ඇති වූ වාතාවරණය කවරක් වුවත්, එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව සබුද්ධික මනසකින් යුතුව විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි. එහෙයින් මව්බිම පුවත්පතට හෝ රෂිනි මෙන්ඩිස් මාධ්‍යවේදිනියට හෝ දොස් පැවැරීමට අපගේ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති අතර, පාඨක ඔබ විසින් කළ යුතු වන්නේ මව්බිම පුවත්පත විසින් උධෘත කොට ඇති ශීර්ෂ පාඨයේ ව්‍යාංගාර්ථය උරගා බැලීමයි.
    පළමුව ඉහත පළ වූ පුවත කුමක්දැයි යන්න සිහිපත් කරගනිමු.
    උපුටාගැනීමයි:
    "බෞද්ධයන්ටත් කසාද පහක් කරගැනීමට හැකිවන ලෙස මෙරට කසාද නීතිය වෙනස් කළ යුතු යැයි "බොදුබල සේනා" සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කරති. මෙරට කසාද නීතිය එලෙස වෙනස් කරන්නැයි උන්වහන්සේ ප්‍රකාශ කෙළේ පෙරේදා (2012 ජනවාරි 22දා) සවස කොළඹ බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එකම රටක ජාතීන් දෙකකට නීති දෙකක් තිබිය නොහැකි බවත්, මෙරට මහ ජාතිය, සුළු ජාතියක් බවට පත්කිරීමට මුස්ලිම් බලවේග එළිපිට ක්‍රියාත්මක වුවද, එයට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට බලධාරීන් ක්‍රියා නොකිරීම රටේ පරිහානිය බවත් ඥානසාර හිමියෝ පැවැසූහ.
    මුස්ලිම් ජාතිකයන්ට කසාද තුන හතරක් කරගත හැකි නම් බෞද්ධයන්ටත් එයාකාරයෙන් විවාහ වැඩි සංඛ්‍යාවක් කරගත හැකිවන සේ නීතිය වෙනස් විය යුතු බව අවධාරණය කරන උන්වහන්සේ අරාබියේ සිටින කෝටිපති ව්‍යාපාරික මුස්ලිම්වරුන් කල්ලි ගැසී ලාංකික බෞද්ධයන් අන්‍යාගමිකකරණය කරමින් සිටින බවද කීහ.
    රට අභ්‍යන්තරයේ ගැටලු ඇතිකිරීමට කිසිදු බලවේගයකට ඉඩ නොදිය යුතු වන අතරම විදේශ බලවේගවලට යට නොවී ඒවා හෙළිදරව් කිරීම රටේ වගකීමක් බවද ඒ හිමියෝ පැවැසූහ.
    රටේ විවිධ ප්‍රශ්නවලදී ඉදිරියට එමින් විරෝධතා දැක්වීම හේතුවෙන් අද වන විට "බොදුබල සේනා" සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙසින් හැඳින්වීමට ඇතැමුන් ක්‍රියාකර ඇති බව ඥානසාර හිමියෝ පැවැසූහ.
    ලාංකික බෞද්ධයන්ට නිදහසේ මේ රටේ ජීවත් වීමට ඉඩ සැලසෙනතුරු සිය සටන අත්නොහරින බවද බොදු බල සේනා සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි."

    උපුටා ගැනීම අවසන්...

    පළමුව සඳහන් කළ යුත්තේ ඉහත පුවතේ කිසිඳු අසත්‍යය තොරතුරක් වාර්තා කර නොමැති බවයි. සාමාන්‍යයෙන් මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවන මාධ්‍යවේදියෙකු හෝ මාධ්‍යවේදිනියක නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ අනෙකෙකු විසින් ග්‍රහණය කර නොගන්නා සියුම් - පුළුල් හා ආන්දෝලනාත්මක විෂයපථයක් ග්‍රහණය කරගැනීමටයි. මෙහිදී උදාහරණයක් වශයෙන් මාගේ වෘත්තීමය අදැද්කීමක් සනිටුහන් කරනු කැමැත්තෙමි. බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ එක පවුලක් රුපියල් හත්දහස් පන්සියයෙන් ජීවත් වීමේ කලාව පිළිබඳ අභියෝගය බාගවිට ඔබට මතක ඇති. එතුමා එම ප්‍රකාශය කරනු ලැබූ මාධ්‍ය සාකච්ඡාව සඳහා මමද සහභාගී වීමි. අදාළ මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුණේ 2011 වර්ෂයෙන් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍යෙපළ විභාගයේ දිවයිනේ පළමු දස දෙනා හා විභාග ප්‍රතිඵලයන්හි ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීමටයි. ඕනෑම මාධ්‍ය සාකච්ඡාවක් අවසානයේදී මාධ්‍යවේදීන්ට ප්‍රශ්න විමසීම සඳහා යම් කාලයක් ලැබේ. එහිදී මීට පෙර බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක්තරා මාධ්‍යවේදියෙකු අතුරු ප්‍රශ්නයක් විමසීය. ඒ ප්‍රශ්නය කිසිසේත්ම අදාළ මාධ්‍ය සාකච්ඡාවේ අරමුණට අදාළ වන්නක් නොවේ. නමුත්, බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් ඒ මොහොතෙහිදී ඊට පිළිතුරු දෙමින්: "රු.7,500ක් වැනි අවම මාසික පිරිවැයකින් සාමාන්‍යයෙන් එක් පවුලකට කාලා, බීලා, නොමැරී ජීවත් වෙන්න පුළුවන්. එහෙම ජීවත් වෙන්න බැහැයි කියලා කවුරුහරි තර්ක කරනවා නම් මා එක්ක අභියෝගයකට එන්න. හැබැයි තර්ක කරන්න එනකොට නිකමෙක් වෙන්න බැහැ. වයස අවුරුදු 15 ඉඳන් ආර්ථික විද්‍යාව හදාරලා උසස් පෙළටත් ඒ විෂයම හදාරලා විශ්වවිද්‍යාලෙදිත් අවුරුදු හතරක් ආර්ථික විද්‍යාම හදාරලා, තවමත් ආර්ථික විශ්ලේෂණයන් සමඟ ගැටෙන මං වගේ ආර්ථික විද්‍යාඥයෙක් වෙන්න ඕනෑ" යැයි ඇඟට පතට නොදැනී මෙන් කීය. ඇමතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් එතැන සිටි මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකුගේ අවධානයක් තැකීමක් එල්ල නොවූ බවක් දක්නට ලැබිණි. නමුත්, ඒ ප්‍රකාශය මාගේ ප්‍රමුඛ අවධානයට යොමු විය. අදාළ මාධ්‍ය සාකච්ඡාවේ මූලික අරමුණ දෙවැනි තැනට තබා ඇමතිවරයාගේ උක්ත ප්‍රකාශය වහවහා සටහන් කරගත් මම එය වෙනමම විශේෂ ප්‍රවෘත්තියක් වශයෙනුත්, සා/පෙළ ප්‍රතිඵල වාර්තාව තවත් ප්‍රවෘත්තියක් වශයෙනුත් සකස් කරනු ලැබීමි. ඒ සා/පෙළ ප්‍රගති වාර්තාව එදින පැමිණි සියලු මාධ්‍යවේදීන් විසින් වාර්තා කරන බව හොඳින්ම දන්නා හෙයිනි. සැමට වඩා වෙනස්ම අලුත් පුවතක් වාර්තා කිරීම උචිත නිසාවෙනි. පසුදින එනම්, 2012 මාර්තු 29 වැනි දින "අද" පුවත්පතේ ප්‍රධාන ශිර්ෂපාඨය වූයේ "7500කින් නොමැරී ජීවත් වීමේ කලාව - ඇමති බන්දුලගෙන් අභියෝගයක්..." යන්නයි. එම පුවතම මවුබිම පුවත්පතේද ප්‍රධාන සිරස්තලය වශයෙන් එදින යොදා තිබිණි. සෙසු මාධ්‍යය ඒ කෙරෙහි අවධානයක් දක්වා නොතිබුණු බවක් පැහැදිලි විය. එසේ අප විසින් ඇතිකළ ආන්දෝලනය අවසානයේදී දින ගණනක වාදවිවාදයකින් අනතුරුව කෙළවර වූ අන්දම ඔබ කාටකාටත් මතක ඇති.

    මම මේ සිද්ධිය කීවේ මා පිළිබඳව පුරසාරම් ඇද බෑමට නම් නොවේ. යම් කාරණාවක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවීමටය. බොදු බල සේනා ජාලය විසින් ඉකුත් ජනවාරි 22 වැනි දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව සඳහා මමද සහභාගී වීමි. එහිදී මෙරට ජිහාද් සංවිධාන හා කල්ලි කණ්ඩායම් පිළිබඳව විවිධ තොරතුරු රාශියක් අනාවරණය කෙරිණි. නමුත්, පැමිණි මාධ්‍යවේදීන් විසින් ඒ තොරතුරු වාර්තා කළත් බොහෝ විට මාධ්‍ය ඔස්සේ ඒ වග අනාවරණය නොකෙරුණේ රට තුළ මහත් කලබගෑනියක් ඇතිවිය හැකි බැවිනි. යම් පුවතක් පළවීමෙන් අනතුරුව රට තුළ ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳව සිතා මාධ්‍ය ආයතන ප්‍රධානීන් විසින් එබඳු යම් යම් නිගමනයන්ට එළැඹීම සාමාන්‍යය සිද්ධියකි. එසේ වුවත්, බොදු බල සේනාව විසින් අනාවරණය කරනු ලබන සියලුම සාක්ෂි හෙළිදරව් නොකළාය කියා මාධ්‍ය භාවිතාව තුළ බොදු බල සේනාවට හිමිව ඇති ස්ථාවරය කිසිසේත්ම අඩුවී නොමැත. එම මාධ්‍ය සාකච්ඡාවේදී එළිදරව් කෙරුණු සියලු තොරතුරු දැනටමත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුත්තන් වෙත වාර්තා වී ඇතැයි තරයේ විශ්වාස කරමු. නමුත්, මව්බිම පුවත්පතේ මාධ්‍යවේදිනිය විසින් සිදුකර තිබෙන්නේ මම කලින් සඳහන් කළාක් මෙන් අන් අයගේ වැඩි අවධානයට යොමු නොවූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමයි. බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ අදාළ ප්‍රකාශය කරනු ලැබූයේ අවසාන වශයෙන් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත් සම්බන්ධයෙන් මා විසින් අසනු ලැබනූ අතුරු පැනයකදීය. එහිදී උන්වහන්සේ දැඩිසේ අවධාරණය කර සිටියේ මේ රට ඒකීය රටක් බැවින් ජාතීන් අනුව වර්ග කරන ලද නීතිරීති කිසිසේත්ම නොතිබිය යුතු බවත්, එය රට තුළ බෙදුම්වාදය උත්සන්න කරන්නක් වන බැවින් වහාම රටේ සියලු දෙනාටම පොදු සමානාත්මතාවෙන් සලකන ඒකීය ව්‍යවස්ථා මාලාවක් ක්‍රියාත්මක විය යුතු බවත්ය. සුළුතරයක් වූ මුස්ලිම් ජනතාවගේ ඕනෑ එපාකම් සපුරන්න ඔවුන්ගේ මැදපෙරදිග සංස්කෘතියට අනුගත වූ ආගමික විවාහ නීති අනුව බහුභාර්යා සේවනයේ යෙදෙන්නට මේ රටේ නීතියෙන් විශේෂයක් කරයි නම් සෙසු ජාතීන්ට වෙනමම සලකන්නේ ඇයිදැයි උන්වහන්සේ විමසා සිටියහ. වැඩිදුරටත් අදහස් දක්වමින් ඤාණසාර හිමියෝ මෙසේද සඳහන් කළහ.

    "මුස්ලිම් ජනතාවට විවාහය තුළ විශේෂත්වයක් කරලා එය නීතිය ඉදිරියේ සමානාත්මතාවයෙන් සැලකීමක් යැයි පාලකයන් කියත් නම් බෞද්ධයන්ටත් විවාහ පහක් සිදුකර ගැනීමට නොහැක්කේ මන්ද? එය එසේ නම් අපි කියනවා බෞද්ධයන්ටත් විවාහ පහක් ඕනෑ. මුස්ලිම් අයට පමණක් විශේෂයක් කරමින් රට තුළ මෙහෙම විවාහ නීති දෙකක් ක්‍රියාත්මක වීම ගැන මේ රටේ කාන්තාවන් මැදිහත් වෙලා ඍජු තීරණයක් ගත යුතුයි. මේ රටේ පිරිමින්ට බහුභාර්යා සේවනයේ යෙදෙන්න ඉඩ දෙනවාද? නැතහොත් එකම විවාහ නීතියක් ක්‍රියාත්මක කරනවාද කියන තීන්දුව අරගන්න කාන්තාවන් පෙරමුණට පැමිණිය යුතුයි. බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ අපේ රටේ පිළිගත් සදාචාරයක් තිබෙනවා. ඒ නිසා මැදපෙරදිග ඉස්ලාමීය නීති මෙහේ ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න බැහැ. සිංහල බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාව අපි ආරක්ෂා කරගත යුතුයි. මුස්ලිම් ජනතාවට ඕන ඕන විදිහට මේ රටේ සදාචාරය ගුරු කොටගත් සිංහල බෞද්ධ පවුල් පදනම වෙනස් කරන්න කිසිම විදිහකින් ඉඩ දෙන්න බැහැ."

    සම්පූර්ණ ප්‍රකාශයම සටහන් කරනු නොලැබූවත්, බෞද්ධයන්ටත් කසාද පහක් ඕනෑ යැයි කීම රෂිනි මෙන්ඩිස්ට රසවත් හා උණුසුම් පුවතක් වී ඇති සෙයක් පෙනේ. එහෙයින් තම සිතට තදින්ම කා වැදුණු දේ ඇය උධෘත කොට දැක්වූවා වන්නට පිළිවන. ඉනික්බිති, එය පදනම් කරගනිමින් අදාළ වාර්තාව මැනැවින් දක්වා තිබේ. සාමාන්‍යයෙන් ඕනෑම මුද්‍රිත මාධ්‍ය ආයතනයක් උත්සාහ කරන්නේ අන් සියල්ලන්ටම වඩා කැපී පෙනෙන සිරස්තලයක් යොදා සිය පුවත්පත අලෙවි කරගැනීමටයි. බෞද්ධයන්ටත් කසාද පහක් ඕනෑ යැයි භික්ෂූන් වහන්සේ නමක් ප්‍රකාශ කරන විට සියල්ලන්ගේම අවධානය ඒ කෙරෙහි යොමු වීම නිරායාසයෙන්ම සිදු වෙයි. නමුත්, අදාළ පුවත කියවා අවසාන වනවිට මාධ්‍ය සාකච්ඡාවේදී කියූ කාරණා සංක්ෂිප්ත වශයෙන් වුවත් මනා සේ පෙළගස්වා තිබේ යැයි කිව හැකිය. එහෙයින් අදාළ උධෘතය බොදු බල සේනාවට හෝ එහි මහලේකම් ඤාණසාර හිමියන්ට හෝ නැඟී ගෙන එන බෞද්ධ බලයට හෝ අවඥාවක් වශයෙන් කිසිවෙකුත් විසින් නොසැලකිය යුතු යැයි මාගේ පෞද්ගලික අදහසයි. "අපටත් කසාද පහක් ඕනෑ" යනුවෙන් තේමාවත්, අන්තර්ගතයේ පිළිවෙලත් වෙනස් කරමින් ලංකා සී නිව්ස් වෙබ් අඩවියෙහි මේ පුවත පළකොට තිබුණේ මව්බිම පුවත්පතේ පළ වූ පුවත දැකීමෙන් අනතුරුව යැයි හඟිමි. සැබෑ සත්‍යය වසන් කරමින් අනවශ්‍යය පණිවිඩයක් සමාජගත වූයේ සී නිව්ස්හි පුවත නිසා යැයිද දකිමි. ඇතැම් අවස්ථාවාදී අන්‍යාගමිකයන් විසින් යමක් දුටු පමණින් තතු නොවිමසා යම් යම් කාරණා විකෘති කොට දැක්වීම සාමාන්‍යයෙන් අප බලාපොරොත්තු විය යුතුම දෙයකි. එහෙයින්, "බෞද්ධයන්ටත් කසාද පහක් ඕනෑ" යැයි ඤාණසාර හිමියන් විසින් කරන ලද ප්‍රකාශයේ යථාර්ථය සබුද්ධික මනසින් යුතුව විචාරයට ලක්කළ යුතු බවත්, එය කිසිසේත්ම කුල ගෞරවය සුරකින බෞද්ධයන්ට හා බෞද්ධ සමාජයට කරන ලද හානියක් - කැළලක් නොවන බවත්, අවස්ථාවාදීන් විසින් එල්ල කරනු ලබන මඩ ප්‍රහාර ආශිර්වාදයක් කොටගෙන ඒවා ඉදිරියෙහි නිකරුණේ කුලප්පු නොවී අටලෝ දහමින් නොසැලී සිටීමෙහි තාදී ගුණය බෞද්ධයන් විසින් ප්‍රගුණ කරගත යුතු බවත් අවසාන වශයෙන් අවධාරණය කරමි. එසේම, මෙපරිද්දෙන් හෝ බොදු බල සේනා පණිවිඩය මහජනතාව අතරට ගෙන යාමට දායක වීම සම්බන්ධයෙන් "මව්බිම" පුවත්පතටත්, එහි මාධ්‍යවේදිනී රෂිනි මෙන්ඩිස්ටත් මාගේ පූර්ණ ගෞරවය පුදකර සිටින අතර, මින් මතු යම් පුවතක් වාර්තා කරන විට එහි සම්පූර්ණ විස්තරය නොඅඩු කොට වාර්තා කිරීමටත් වගබලා ගන්නේ නම් මැනවැයි සඳහන් කරනු කැමැත්තෙමි. එවිට ඇතිවන අතුරු ප්‍රශ්න බොහෝ දුරට වළක්වා ගත හැකිවනු ඇත. තවද මාධ්‍ය සදාචාරයේ වගකීමද අවධාරණය වනු ඇත.

    එදින පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණය කෙරුණු සියලු වැදගත් කාරණා පහත සබැඳි වෙත පිවිසීමෙන් අවශ්‍යය අයෙකුට දැනගත හැකිය.

    "සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාවත් ගොදුරු කරගනිමින් බිහිසුණු වහාබි - සලාෆි මතවාද ඔස්සේ ඉස්ලාමීය ජිහාඩය රට පුරා හිස ඔසවනවා...."
    ලංකාවේ ක්‍රියාත්මක ඉස්ලාම් මූලධර්මවාදී සංවිධාන ගැන බොදු බල සේනා විසින් කරනු ලබන හෙළිදරව්ව
     
    • Like
    Reactions: Gasa84

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    HAHAHA .ithin badhina ekane atthe lOL! kohomath 5k bandoth eey gaanu 5 denata kanda dennath epai..ekekta lamai 3k thibbath lamai 15kaata kanna denna oone needa? haa mama idea ekak kiyanna.api bodhu bala senawata kiyata rata watee gihin aadhara ekathu karanna kiyala me gaanu 5denatath lamai 15 denatath kanan denna.. ;) hikz!
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    kukku baba kiyanne parana LTTE karayek hariyata punuruththapanaya wela naha.eka nisa thamai sinhala jathiyata buddahagamata sangaya wahanselata
    hambawena hama awasthwakadima pahara gahanne,boru prachara pathurawanne.
     
    Last edited:

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    එහෙම විවාහ පහක් නම් අපිට ඕනෙ නෑ. හම්බයොන්ගෙ පහ නැති කරානම් හරි. එක රටකට නීති දෙකක් තියෙන්ඩ බෑනෙ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දන්න හු@තක් කතා කරනව ඕයි.. මව් බිමේද කොහෙද ප@ට වේසියෙක් ලියල තියෙන්නෙ අර එදා මුස්ලිම් උන් විවාහ පහක් ඉල්ලනව නම් අපිත් ඉල්ලන්න ඕන නීති දෙකක් රටේ තියෙන්න බෑ නෙ.. ඒක ගැන පොයින්ට් එකක් එතන දැම්මෙ.. ඒක කියල අන්තිමටත් හාමුදුරුවො කියනව බුදු දහමෙ කොහෙදි වත් බහු විවාහ අනුමත කරන්නෙ නෑ කියල..

    අනේ ඉතින් කොහෙන් හරි අග්ගිස්සක් අල්ලාගෙන පුක දෙන්න හදනව මෙතන.. :P
     
    HAHAHA .ithin badhina ekane atthe lOL! kohomath 5k bandoth eey gaanu 5 denata kanda dennath epai..ekekta lamai 3k thibbath lamai 15kaata kanna denna oone needa? haa mama idea ekak kiyanna.api bodhu bala senawata kiyata rata watee gihin aadhara ekathu karanna kiyala me gaanu 5denatath lamai 15 denatath kanan denna.. ;) hikz!

    පහක් අරගෙන බො.බ.සේනාවක් ගෙදරම හදන්න පුළුවන්!! :lol::lol:

    හාමදුරු අයට බඳින්න බැරි ඇයිද දන්නෑ? එහෙම බඳින්න හැකි වුනොත් හැම පන්සලකම බො.බ.සේනාවක් ඇති කරලා රට-ආගම රකින්න දායක විය හැකියි. ඉතින් ඒක හොඳ දෙයක් නෙමෙයිද?
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    පහක් අරගෙන බො.බ.සේනාවක් ගෙදරම හදන්න පුළුවන්!! :lol::lol:

    හාමදුරු අයට බඳින්න බැරි ඇයිද දන්නෑ? එහෙම බඳින්න හැකි වුනොත් හැම පන්සලකම බො.බ.සේනාවක් ඇති කරලා රට-ආගම රකින්න දායක විය හැකියි. ඉතින් ඒක හොඳ දෙයක් නෙමෙයිද?



    උබ හිතුවද අර වල් නබිය වගේ මෝල තද වෙලා ඉන්නේ කියල හෑම මිනිහම. හාමුදුරුවෝ අතරත් වෑරදි කරන අය ඉන්නව ඒත් ගොඩක් දෙනෙක් සීලේ අරාක්ශා කර ගෙන ඉන්නව.
     
    උබ හිතුවද අර වල් නබිය වගේ මෝල තද වෙලා ඉන්නේ කියල හෑම මිනිහම. හාමුදුරුවෝ අතරත් වෑරදි කරන අය ඉන්නව ඒත් ගොඩක් දෙනෙක් සීලේ අරාක්ශා කර ගෙන ඉන්නව.

    එහෙම කිසි තදවීමක් නෑ. ඔබලගේ හිතේ වැඩුනු වල් සිතිවිලි නිසා ඔබට එහෙම හැඟෙනව ඇති.

    කවුද දැන් හාමදුරු කරන වැරැද්දක් ගැන කිව්වෙ? ඇයි නිකන් තොප්පි දාගෙන?

    ඇහුවේ හාමදුරු අයට බඳින්න බැරි ඇයි කියලයි. එහෙම හැකිනම් කල හැකි දේ ගැන අදහසක් කිව්වා. දැන් කියන්න, බඳින්න බැරි ඇයි? මගෙ අදහස හොඳ නැද්ද?