බෞද්ධයන්ට තියෙන ප්‍රශ්ණ

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බෞද්ධයන්ට තියෙන ප්‍රශ්ණ

    බෞද්ධයන්ට තියෙන ප්‍රශ්ණ

    1) නිවැරදිවම බෝධිපූජාවක් තියන්නේ කෙසේද?
    2) නිවසේ බුදු පහන තබන නිවැරදි දිශාව කුමක්ද?
    3) නිවසේ බුද්ධ පූජාව තියන්න වෙලාවක් තියෙනවද?
    4) නිවසේ පහන දවසක් මඟඇරනොත් නරකක් වෙයිද?
    5) නිවස ඇතුලෙ පහන් පත්තු කරන්න හොඳ නැද්ද?
    6) බුදු පිළිමය තැබිය යුත්තේ කුමන උසකින්ද?
    7) දේවරූප තියන්නෙ කොතනද?
    8) ගාථා හයියෙන් කියන්න ඕනෙද?

    ආදී දහසකුත් එකක් අද බෞද්ධයන්ට තියෙනවා

    නමුත් ඔය අතරෙ එකම එක ප්‍රශ්ණයක්
    කවදාවත් ඇහෙනනෙත් නෑ
    පිලිතුරු ලැබෙන්නෙත් නෑ

    බුදු හාමුදුරුවො
    නිවනක් ගැන කිවුවා
    අන්න ඒක කෝ කියලා අහන්නෙත් නෑ
    උත්තර දෙන අය උත්තර දෙන්නෙත් නෑ

    සමහර බෞද්ධයන්ට නිවන ගැන කිවුවම
    මාර්ගඵල ගැන කිවුවම හරිම බයයි
    කුණූහරප දෝරෙ ගලනවා

    බෞද්ධ බොහෝ දෙනා නිවනින් තොර
    බුදු දහමක් අදහනවා රකින්න හදනවා
    ඉදිරි පරපුරට දායාද කරන්න හදනවා
    නිවනින් තොර බුදු දහමක කොයින්ද?

    බුදු දහම යනු නිවනමයි...
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    "..බෞද්ධයන් බුදුන්ට පිටුපා
    පිලිමයට පසඟ පිහිටුවා වැඳිනවා.."
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් ඉන්න අය පින් කරන්නෙ ඊලඟ භවය සුගතියට/සැප ලැබෙන්න කියල මිසක් නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා සසරෙන් එතෙර වෙන්න නෙවෙයි