බෞද්ධයන් වෙත

ela billa

Member
Mar 11, 2013
112
18
0
බුදුරජානණ් වහන්සේ විසින් දේශිත සූත්‍රාභිධර්මවිනය සංඛ්‍යාත පිටකත්‍රය ධර්මයෙහි ද බොහෝ දුරවබෝධ තැන් ඇත්තේ ය. එබැවින් බුදුදහමට අයත් නොයෙක් කරුණු සම්බන්ධයෙන් බෞද්ධයන් අතර නොයෙක් ප්‍රශ්න ඇතිවන්නේ ය.

බුදුදහම කිලිටි කරණු කැමති, බෞද්ධයන්ට පහර දෙනු කැමති, සැක උපදවා බුදුදහම ගැන බෞද්ධයන් කලකිරවනු කැමති ඇතැම් බෞද්ධයන් විසින් ඒ සදහා උපදවන බොහෝ ප්‍රශ්න ද ඇත්තේ ය. බෞද්ධත්වයක් නැතිව බෞද්ධ නාමයෙන් පෙනී සිටින,තමන් දැන ඇති යම්කිසි සුළුදෙයකින් හිස ඉදමී ඇති ඇතමුන් විසින් භික්ෂූන් වහන්සේට හා දානාදී පින්කම් කරන, හැකි පමණින් ගුණදම් පුරන සැදැහැවත් බෞද්ධයන්ටත් පහරදීම පිණිස උපදවන බොහෝ ප්‍රශ්න ද ඇත්තේ ය. භික්ෂූන් වහන්සේට හා සැදැහැවත් බෞද්ධයනට ඉමහත් කරදරයක්ව පවත්නා ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලියා ප්‍රසිද්ධියට පැමිණවීමෙන් ඔවුනට මහත් සැනසිල්ලක් වන්නේ ය.

බුරුමයේ විසූ ධර්මධරයන් වහන්සේලා විසින් තමන් වෙත ඒ ඒ අය විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම වශයෙන් සම්පාදනය කරන ලද ධර්ම ග්‍රන්ථ බොහෝ ගණනක් බුරුම සාහිත්‍යයට ඇතුළත් ව ඇත්තේ ය. ඒ ගණයට අයත් ධර්මග්‍රන්ථ අපේ සාහිත්‍යයයේ සුලභ නැත.

අප රටේ ද එබඳු දහම් පොත් ඇති කිරීමට මුල පිරීමක් වශයෙන් අප විසින් ධර්ම විනිශ්චය නමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී.


ධර්ම විනිශ්චය - අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි http://www.dhammikaweb.com/?p=4928

මෙය කියවා බුදුදහමේ අවුල් තැන් නිරවුල් කරගනිත්වා
 
  • Like
Reactions: Sataninhell

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ධර්ම දානය කියන්නේ ලොකු පින්කමක්. ඒ පින ඔබට නිවන් අවබෝධ කර ගැනීමට උපකාරී වේවා.
     

    Similar threads