බෞද්ධයාට පමණක් උරුම මහා පුණ්‍ය නිධානය..

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    බෞද්ධයාට පමණක් උරුම මහා පුණ්‍ය නිධානය..

    නමෝ බුද්ධාය..!

    බෝධි සම්මජ්ජක නම් රහතන් වහන්සේ පෙර බුද්ධ සාසනයකදී ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් බෝධීන් වහන්සේ වටා එකතු වී ඇති බෝ පත් එකතු කර ඉවත් කර පිරිසිදු කිරීමේ පිනෙන් ලද ආනිසංස මෙසේ උන්වහන්සේගේ අපදානයේ දක්වා තිබෙනවා.
    1. දුගතියකට නොගොස් දෙවියන් මිනිසුන් අතර පමණක් ඉපදීම
    2. සම්පත් ඇති උසස් කුල වල පමණක් ඉපදීම
    3. අංගසම්පූර්ණ රූමත් සිරුරක් හිමි වීම
    4. ශරීරය රන්වන් පැහැ ඇති වීම
    5. ඉතා මෘදු සිනිදු සමක් ලැබීම
    6. ශරීරයේ දූවිලි හා කුණු නොරැඳීම
    7. දුගඳ හමන දහඩිය නොගැලීම
    8. රෝග නොවැළඳීම
    9. කුෂ්ඨ, දද, හොරි, ගඩු, පිළිකා ආදිය නොවැලඳීම
    10. චිත්ත පීඩා ඇති නොවීම
    11. සතුරන් ඇති නොවීම
    12. භෝගයන්ගේ ආහාරපාන, යාන වාහන අඩුවක් නොවීම
    13. සොර, ගිනි, ජල, සතුරු, රාජ බියක් හෝ අනතුරක් නොවීම
    14. දැසි දස්සෝද අනුචරයෝද කීකරු වීම
    15. පරමායුශ විඳීමට ලැබීම
    16. ගමේ රටේ සියළු දෙනාම තමන්ට කීකරු වීම
    17. භෝග සම්පත්, යසස්, ශ්‍රියා ඇතියෙකු වීම, ඥාතීන්ට ප්‍රිය වීම හා කිසි බියක් සැකක් නැතිව විසීමට හැකි වීම
    18. දෙවියෝද, අසුරයෝද, ගාන්ධර්වයෝද, යක්ෂයෝද යන යන තැන ආරක්ෂා කිරීම
    19. දෙවි මිනිසුන් අතර පමණක් හිඳ නිවනට පැමිණීමට ලැබීම
    20. මාර්ගඵල, අධිගම, ධ්‍යාණ ආදිය අධිකව දියුණු කර ගැනීමට ලැබීම
    බලන්න ශ්‍රද්ධාව උපදවාගෙන භාග්‍යවතුන් වහන්සේ උදෙසා කැපකළ භූමිය පිරිසිදු කිරීමේ අනුසස්. ඉතින් ඔබ යමකට කැමතිද ඒ කැමති හැම දෙයක්ම ලබාගැනීමේ හැකියාවක් එම පිනට තිබෙනවා නේද?
    ඉතින් අපිත් මහත් වූ පිනක් රැස්වෙන පුණ්‍ය භූමි පිරිසිදුව තබාගන්නට උදවු කරමු. නොදන්නා අයට මෙය කියලා දෙමු. පිනෙහි වටිනාකම කියලා දෙමු. පිනේ විපාක මේ වගේනම් අපිරිසිදු කිරීමේ විපාක කොහොම වේවිද කියලා සිතන්න. බෞද්ධයාට පමණක් උරුම මහා පුණ්‍ය නිධානයත් රැස්කරගනිමු.
    තෙරුවන් සරණයි..
    සාදු..! සාදු..! සාදු..!

    උපුටා ගැනිමකි
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    oyatath bohoma pin sidda wenawa machan dharma daanaya karanawata.

    pin karanna one shraddhawa athuwa weemath godak wadagath. ara thawa kathaawak thiyenne, shraddhawen yuthuwa eka duppath manussayek eka podi malak pooja karapu eken sakwithi raja wela aathma 500k ipadunaa kiyala.
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    dan kalekata issara mamai mage hoda yaluvekui hemadama pansal gihin bodiyata mal pahan suwada dum allala maluva aemadala enawa.eka masayak vitara eka digata kara.passe eka siddiyak nisa eka newatuna. ewage anisansa mata den lebenava kiyala hitenava...
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    oyatath bohoma pin sidda wenawa machan dharma daanaya karanawata.

    pin karanna one shraddhawa athuwa weemath godak wadagath. ara thawa kathaawak thiyenne, shraddhawen yuthuwa eka duppath manussayek eka podi malak pooja karapu eken sakwithi raja wela aathma 500k ipadunaa kiyala.
    eka atta.. anisansa ona ne kiyamuko. deyak neti beri kenekuta dunnama hitata denea sathutama atine neda.