බෞද්ධයිනි අවදිවව් ...! බුද්ධාගම (හමුදුරුවන්&#3

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    බෞද්ධයිනි අවදිවව් ...! බුද්ධාගම (හමුදුරුවන්&#3

    බෞද්ධයිනි අවදිවව් ...! බුද්ධාගම (හමුදුරුවන්ගෙන්) බේරාගනිව්....!!


    සිංහලයෙනි අවදිවව් ! බුද්ධගයාව බේරා ගනිව්!! කියා කෑ මොර දුන්නේ ඩේවිඩ් හෙවාවිතාරණ හෙවත් අනගාරික ධර්මපාල තුමාය. ඒ ; ඒ කාලයේ බුද්ධගයාව අබෞද්ධ පිරිසක් බුද්ධගයාවට අරක් ගෙන එය කෙළෙසමින් සිටි හෙයින්ය. එතුමා මෙකල සිටියානම් බුද්ධගයාව පැත්තක තබා " සිංහලයෙනි අවදිවව් ! බුද්ධගම බේරා ගනිව්!!" කියා කෑ ගසනු නොඅනුමනය. ඒ සමස්ත ගිහි ; බෞද්ධ හෝ අබෞද්ධ අයගෙන් නොව. බොහෝ භික්ෂූන් වහන්සේලාගෙන්ය. ඒ මන්ද යනුවෙන් සැකවින් විමසා බැලීම මෙම ලිපියේ අරමුණවේ.

    -බුදු දහමට අනුව ශාරීරික පාරිභෝගික හා උද්දේශික යනුවෙන් පන්සලකට ගිය පසු වන්දනා මාන කල යුතු පිලිවෙල පෙලගස්වා ඇතත් හාමුදුරුවරු ප්‍රමුඛතාවය දෙන්නේ බෝධි පූජා වලටය. ( මේ ලඟදී බ්ලොග් එකක විමසා තිබුනේ බුදුනට ; බුද්ධත්වයට පත්වන්නට පිට දුන් බොධියට මේ තරම් පුද පූජා කරත්ත් උන් වහන්සේ හිඳ උන් කුස තණ වලට ගෞරවය නොදක්වන්නේ මන්දැයි කියාය!) මෙහිදී හාමුදුරුවරු ගීතවත් වේ.

    -බෝධි වන්දනාවට කවි කිව යුතුමද? බොහූ කවි මගින් බුද්ධ ධර්මයේ පිලිවෙත් සාර ධර්ම කෙලෙසී යන බවතේරුම් නොගන්නේ ඇයි?(එක් ප්‍රසිද්ධ කවියක අවසාන පදය වන්නේ " අන්න බල්න් බුදු හිමිගේ ලස්සන...." ආදී වශයෙනි.

    -අපට සියළු සැප සම්පත් වල නිෂ්ඵලත්වය ගැන දෙසා වදාරණ උන් වහන්සේලා "බෙන්ස්" වලට දක්වන්නේ අතිශයින්ම මෙත් සිතුවිල්ලකි. බොහෝ හාමුදුරුවන් වහ්න්සේලා වඩමවා ගෙන එන්නට යන උපාසක මහත්වරුන්ගේ වාහනයකට ගොඩවූ පසු අහන පලමු පැනය වන්නේ " මේ වාහනය කීයක් විතර වෙනවාද? "යන්නය.! දෙවනුව" තෙල් කොච්චර විතර වැඩකරනවාද?" වැනි අවශේෂ ටෙක්නිකල් ප්‍රශ්නය. ඔවුන් සසරින් එතෙර වන්නට යන්නේ බෙන්ස් එක්කින් ප්‍රාඩෝ එකකින් හෝ මොන්ටෙරෝ එකකින්ය. වරක් එක් හිමිනමක් තම් මොන්ටෙරෝ ස්පොට්ස් රථය විකුනනට යාමේදී බ්‍රෝකර් වරයාට් කියා ඇත්තේ " මම් මගේ පණ්ටත් වඩා මේ වාහනයට ආදරෙයි !" කියාය." බොක්ස් ප්‍රාඩෝ වලට මම හරී...ආසයි!" කියා වරක් එක් හිමිනමක් මිතුරෙකුට දෙසා වදාළා තිබින.

    -දානයකට වැඩිය පසු එක් හිමිනමක් පිරිස පංච ශීලයේ පිහිටුවනා තුරු අනෙක් හිමිවරු එස් එම් එස් කොටති. එම හිමිවරුන් භවිතා කරන්නේද් ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් ෆොන්ස්ය ටැබ්ය."අභිධර්මය" ඉගැනීමටයි පවසා ;උපාසක්ම්මා කෙනෙකුගෙන් ටැබ් එකක් ගත් හිමිනමක් පිළිබඳ ව පසුගිය දා අරංචි විය.

    -අල්පේඡ්ච ජීවිතයකට හුරු විය යුතු උතුමෝ උදේ සිට රෑ වනතුරු තාප්ප බඳිති. ආවාස ගෙවල් නවීකරණය කරති. ටයිල් කරති. ඒ/සී කරති. ෆ්‍රිජ්, ලප්ටොප්, ටැබ් ගනිති පුළුපුළුවන් වෙලාවට අපිට "අලෝභ,අදෝශ,අමෝහ" මුල් කරගෙන බන කියති.

    -බොහෝ හාමුදුරුවන් වහන්සේලා තම පන්සල තුල බුදුන්ට වඩා වැඩි සැලකිල්ලක් විශ්ණු, කතරගම , විභීශණ , හූනියං දෙවි වරුනට දක්වති. මන්ද බුදු මැදුර මෙන් නොව දේවාල යනු හොඳ ආදායම් මාර්ගයක් වන හෙයින්ය.ඒවා නවීකරණයට මුදල් යොදවති. සොයා බලති. ඇප කැප වෙති.

    -ලොකු ලොකු පන්සල් වල උදේ සිට රෑ වන තුරු ; කිසිදු සැදැහැවතෙකුට නිස්කාන්සුවේ තම් වන්දනා මාන කටයුතු කරගැනීමට නොහැකි වන සේ අටවා ගත් යකඩ කටකින් පන්සලේ ලයිට් බිල ගෙවාගන්නට සම්මාදම් යදිති.

    -ඉඳිකිරීම් අවසන් කරණ ලද එකම පන්සල වන්නේ බරණැස ඉසිපතනාරාමය පමනි. එයද නිමකල අනේපිඩු සිටුතුමා උවද අද පන්සලක් හදන්නට ඉදිරිපත් වුව හොත් දෙයියන්ගේම පිහිටය. දැන් පන්සල් සදා නිමකර දෙන්නට විශ්වකර්මයාට තියා ශක්‍රයාගේ මල්ලි වයමාටවත් බැරිය. කාලෙකට පන්සල් වලට උවමනා වන්නේ වළාකුල් බැම්මය. එක පන්සලකට ඇවසි වූ විට සියළුම පන්සල් වල එතෙක් පැවති තාප්ප පෙරලා දැමීමට බොහෝ හිමිවරු පෙළඹෙති.ඉන්පසු එතෙක් හොඳින් පැවති බොධි ප්‍රකාර නවීකරණය කරති. ඉන්පසු ඒවා වටා අට විසි බුද්ධ ප්‍රතිමා යැයි කියා ගෞතම බුදුන්ගේම පිලිම 28ක් ගෙන තබා යටින් නේම් බෝඩ් ගසති. ඊ ළඟට මකර තොරණද මහා ගේට්ටුවක්ද ඕනෑ වේ. දායකයන්ට හුස්ම්ක් කටක් ගන්නට කාලයක් නොතබා ඕනෑ වන්නේ( පසුව හෙල්ලුවත් නැතත්) ඝන්ඨාර කුලුනකි. මේ අතර තුරේ ආවස ගෙයි වැඩද පටලවා ගෙනය. ඊළඟට පුංචියට දාගැබක්ය. එය අනිවර්යයෙන්ම අල්ලපු පන්සලේ එකට වඩා අඩියක් දෙකක් වත් උස විය යුතුමය. එයට කොරවක් ගල් ,පියගැට පෙල වල්,සඳකඩ පහන්, මල් ආසන , මෙකී නොකී සියල්ල ඇවැසිවේ. මේ දිනවල අලුත්ම ඉඳිකිරීම වන්නේ ධාතු මන්දිරයන්ය. පසලේ ධාතු ඇතා නැතා මංදීරය සුපිරියටම ඉඳි කිරීමට හාමුදුරුවරු නොමද වෙහෙසක් ගනිති.

    -එක් හිමිනමක් තමන් වහන්සේහට වෙනත් හිමිනමක් කල පන්සල් ප්‍රධානය ගැන ප්‍රකාශ කලේ " ඒ හාමුදුරුවෝ මගේ යාළුවානේ. ඉතින් මට එයා මේ පන්සල ප්‍රසන්ට් කලා" කියලාය. එක් හිමි නමක් අසනීපව සිටීම නිසා උන් වහන්සේව දොස්තර ලඟට ගෙනයෑමට ගිය ගිහියකුහට පෙරලා පැවසූයේ "තෑන්ක්ස්!" කියාය.

    -බොහෝ පන්සල් වල කුස්සි , පිළිකණු ,දානශාලා, පිටුපස පවත්වාගෙන යනු ලබන්නේ උපාසක අම්මලාට පිලිකුල් භාවනාවට උවමනා නිමිත්ත සැපයිමට වාගේය .(පිලිවෙල පිලිබඳව පරිචයක් ලැබීමට පන්සලක් ලෙසට හුනුපිටියේ ගංගාරමයට වරක් හෝ වැඩමකල බලනු මැන අවසර!)

    - බෝධිය වටා බොහෝ විට නිර්මාණය වී ඇත්තේ කුනු ගොඩ වල්ය.පහන් දල්වන්නේ නොදැල්විය යුතු තැන්වල මය.බෝඩ් දැන්වීම් කොතෙක් ප්‍රදර්ශනය කර තිබුනද සැදැහැවතුන්ගේ මේ ක්‍රියා කාරකම් නිවැරදි කිරීමේ කිසිදු ක්‍රියා මාර්ගයක් ගන්නා ආකරයක් හිමිවරුන් කෙරෙණ් නොපෙනේ. ( මේවා හිමිවරුන් වෙතින් නියාමනය විය යුතු කාරණා විනා ගිහියන් හැදෙන තුරු බලාසිටීම ජාතියේ මුරදේවතාවන් ලෙස පෙනී සිටින මහා සංඝ රත්නයට ගැලපෙන කරුණක් නොවන්නේය. හාමුදුරුවන් විශයෙහි බණ පමනක් නොව අණ ද තිබිය යුතුය!)

    -දානයක් සංවිධානය , පිලිගැන්වීම , යුද්ධයක් හා සමාන බව බුදුන් වහන්සේ දෙස වදාලහ. එකල එය සංවිධානය කිරීමේ සංකීර්ණ බව නිසා එසේ වදාරණ්නට ඇත. එහෙත් එය අදට ගැලපෙන්නේ යන වියදම කරණ කොට ගෙනය. සැදැහැවතුන්හට පස් නමකට දානයක් දෙන්නට බැංකු නයක් ගැනීමට තරම් සාංඝීක දානයක් සුඛෝපභෝගී කරුණක් බවට පත්වී ඇත. බත් නම් වර්ග තුන හතරකි.එලවළු වර්ග හත අටකි. මස් මාළු උයලාය, බැදලාය, ඇඹුල් තියල් හදලාය. අලය , ,පරිප්පුය ,කට්ලට්ය , පපඩම්ය , මැලේ අච්චාරුය , වම්බොටුමෝජුය අරවාය මේවාය අනිත් ඒවාය යනාදිවශයෙන් වර්ග රාශියකි. අවුළ්පත් , පළතුරු , අතුරුපස , බීමට තැඹිලි ,උනු වතුර ඇල් වතුර අන්තිමට කෝපි මදි පාඩුවට දහැත්විට !!!!! මේ පිළිබඳව පන්සල් වලින් විමසීමක් කලහොත් " අපි ඔය කිසි දෙයක් ඉල්ලලා නැහැ - ගිහියන් තමයි මේවා සංකීර්ණ් කරගෙන ඇත්තේ....!" කියා ඇඟ බේරා ගැනීමට කිසිදු හිමි නමකට සදාචාරත්මක අයිතියක් නොමැත. මන්ද සමාජය ශ්‍රද්ධාවෙන් මෙන්ම ප්‍රඥ්ඥාවෙන් ඤාණනය කිරීමේ ගෞරවාන්විත් වූ වගකීමක් උන් වහන්සේලා වෙත ශාසනික වශයෙන් පැවරී ඇති හෙයින්ය. " අපේ පන්සලට දානයක් පිලිගැන්වීමේදී මෙවන්වූ සහනපිළිවෙතක් අනුගමනය කරන්න.......ආදී වශයෙන් උවමනාම අංගයන් පමනක් එක් කොට දැන්වීමක්; දායක දායිකවන් වෙත කරන්නේ නම් එය ; අහිංසක ,දුප්පත්, පිං කැමති දහසකුත් දෙනා හට මොනතරම් සුවදායක පුවතක් වෙයිද?(එය හිමි වරුන්ගේ කොලෙස්ටරෝල් , සීනි , අධික රුදිර පීඩනය වැනි රෝගී තත්වයන්ටද ප්‍රථිකර්මයක් වනු නොඅනුමනය.)සංඝීක දානයක් දීමට මොනතරම් උවමනාවක් ඇත්තත් ඒ සඳහා වැය වන අධික මිළ නිසාම එය අමතක කර දමන පිරිස මොනතරම්ද?

    -කඨින පිංකම් යනු අට මහ කුසලයන්ගෙන් එකක් ලෙස දැක්වේ. එහෙත් කඨිනයක් කිරීම අහස උසට ඔසවා තබා ඇත්තේ ලෙහෙසියෙන් කිසිවෙකුට කල නොහැකි වන ලෙසය.වස් වසන හාමුදුරුවන් වහන්සේ වෙත , උන්වහන්සේගේ කිසිදු අනු දැනුමකින් තොරව කල යුතු දානමය පින්කමකි. පෙර කාලයේ මෙය සිදු කොට ඇත්තේ පිරිසක් එක්වී මසා නිමකොට පඬු පොවාය. සරළ මල් පෙරහැරකින් ගෙනයන මෙය වස් සමාදන් හිමිනම වෙත පිළිගැන්වීම සිදුකරනු ලබයි.(මෙහි කිසියම් සදොස් තැනක් වේ නම් නිදොස් කල මැනවි!) එහෙත් අද තත්වය මීට ඉඳුරාම තත්වය වෙනස් වී ඇත. පෙරහැරට මාස ගනනකට පෙරදීම හිමිවරු දායක සභාව සමග එක්වී පෙරහැර ප්ලෑන් කරති! සමහර පංසල් ඉදිරියේ පාර දිගේ සැතපුම් ගනනක් දිගට කොටු ගසා නොම්මර යොදා අවුරුදු ගනනක් පවතින සේ සකස් කොට ඇත. අලි අච්චර ඕනෑය. උන්ට කන්න කිතුල් මෙච්චර ඕනෑය! ඇත් ගොව්වන්ට බොන්නට කසිප්පු තිබෙන්න ඕනැය!! තව නැටුම් කණ්ඩායම් , අරව මේවා සැහෙන්න දේවල් ත්බිය යුතුය. මදි පාඩුවට වඩිගපටුන, හේවිසි ගැට බෙර තම්මැට්ටම් වගේම පපරයක්ද ඊට නටන්න කාවඩිද කරකවන්න කොහොඹ කලේද ඕනෑ වේ. බොහෝ නාගරිකව පැවැත්වෙන පෙරහැරවල අවසාන අංගය වන්නේ අපගේ සමස්ත සමාජය නියෝජනය කරණා නපුංසක නැටුම්ය.

    - සමහර සිසු පෙරහැරවල් වල ඉදිරියෙන්ම යන්නේ කොන්ඩය රැවුල දිගට වවා ගත් ගත් පැවිදි සිසු කණ්ඩායම්ය. පොලිසි වලට අභියෝග කරන්නෙත් ,වැටවල් වලට නගින්නෙත්,ගල් ගසන්නෙත් මේ පිරිසය. පොලිස් ප්‍රහාරයන්ට මුලින්ම ලක්වීමට පතාගෙන යන මේ පිරිස සමස්ථ සංඝ සමාජයටම පහරදුන් ආකරයක් පෙන්නුම් කරයි.

    -කාන්තා බහුතරයක් සිටින සමහර සේවක සංගම් වලට නායකත්වය දෙන්නේ යති වරුය.

    - රටේ ප්‍රශ්න ,ජාතියේ ප්‍රශ්න, සමාජයේ ප්‍රශ්න වෙනුවෙන් මෙසේ පාරට බැස තමන් වෙත මුළු මහත් සමාජයෙන්ම ලැබෙන ගෞරවය කෙලෙසා ගන්නා වෙනත් පූජක පිරිසක් අප රටේ තබා සමස්ථ ලෝකයේම සිටිත්ද?

    - වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝයා වහන්ස. මේ සියළුම කරුණු නොවන්නේය. (ඒ පිළිබඳව අප දන්නා හා නොදන්නා කරුණු බොහොමයක් ඇතිබව අපටත් වඩා හොඳින් ඔබ වහන්සේලා දන්නා බව අප දනිමු.) බොහෝ කරුණු සිත තුල දරාගෙන ප්‍රසිද්ධියේ කාතාකල හැකි කරුණු පමනක් මෙසේ ගෙන හැර දක්වා ඇත්තේ හුදෙක් පුළුල් වූ මෙත් සිතින් මය.

    සෙස්ස පස්සට - තට්ටයා


    Source http://thattayagekolama.blogspot.com/p/blog-page_63.html
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    - රටේ ප්‍රශ්න ,ජාතියේ ප්‍රශ්න, සමාජයේ ප්‍රශ්න වෙනුවෙන් මෙසේ පාරට බැස තමන් වෙත මුළු මහත් සමාජයෙන්ම ලැබෙන ගෞරවය කෙලෙසා ගන්නා වෙනත් පූජක පිරිසක් අප රටේ තබා සමස්ථ ලෝකයේම සිටිත්ද?


    :rofl:මේක ලියපු එකාට ලංකාවේ ඉතිහාස පොත් ටිකක් ගෙනිහින් දීපන්.:rofl::rofl::rofl:
     

    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    - රටේ ප්‍රශ්න ,ජාතියේ ප්‍රශ්න, සමාජයේ ප්‍රශ්න වෙනුවෙන් මෙසේ පාරට බැස තමන් වෙත මුළු මහත් සමාජයෙන්ම ලැබෙන ගෞරවය කෙලෙසා ගන්නා වෙනත් පූජක පිරිසක් අප රටේ තබා සමස්ථ ලෝකයේම සිටිත්ද?


    :rofl:මේක ලියපු එකාට ලංකාවේ ඉතිහාස පොත් ටිකක් ගෙනිහින් දීපන්.:rofl::rofl::rofl:

    ඉස්සෙල්ල උඹ හොයාගෙන කියවහන් :D
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සමහර කාරනා අැත්ත උනත් ලියපු ඒකා ගොන් බූරුවෙක් ..
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    - රටේ ප්‍රශ්න ,ජාතියේ ප්‍රශ්න, සමාජයේ ප්‍රශ්න වෙනුවෙන් මෙසේ පාරට බැස තමන් වෙත මුළු මහත් සමාජයෙන්ම ලැබෙන ගෞරවය කෙලෙසා ගන්නා වෙනත් පූජක පිරිසක් අප රටේ තබා සමස්ථ ලෝකයේම සිටිත්ද?


    :rofl:මේක ලියපු එකාට ලංකාවේ ඉතිහාස පොත් ටිකක් ගෙනිහින් දීපන්.:rofl::rofl::rofl:

    ඉතිහාසය කියන්නේ අවුරුදු 2500 විතර කලින් බුද්ධ ඉතිහාසය ගැන තියෙන පොත් තමයි කියවන්න ඕන

    බුදු හාමුදුරුවන්ගේ ගෝලයෝ ටික බුද්ධ වචනේ ඇරෙන්න අනිත් ඕනෑම දෙයක් පිලිඅදිනවා නේද