අවාසනාවන්ත ලෙස මෙම මහමෙව්නා ධර්මය තුල බොහෝ විට ඇත්තේ සම්ප්රප්ප්රලාප සාගරයක් මැද පිරිසිඳු නමුත් ඉතා ස්වල්ප වූ තථාගත ධර්මයකි. අභිධර්මය ප්රතිෂේපිත බැවින් එහි ගැඹුරද, විචිත්රත්වයද ඉතාම අල්පය. හරියටම ගොම කළයක් මතට දැමූ කිරි බිඳක් මෙනි. අසන්නා එම සම්ප්රප්ප්රලාප සාගරයේ ගිලුන විට කියූ ස්වල්ප නොගැඹුරු ධර්මය මහ මෙරක් මෙන් හැඟීමට පුළුවන. වසර ගණනක් එම ධර්මය ශ්රවණය කල සැදැහැවත් මහමෙව්නා ශ්රාවකයෙක් වුවත්, තමා කිසි දෙයක් දන්නවාදැයි සැකය අවසානයේ ඔවුනටම ඇති වන්නේ මේ හේතුව නිසාය.