බෞද්ධයෝ_සිරා_බණ තෝරන හැටි

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    බෞද්ධයෝ_සිරා_බණ තෝරන හැටි

    ශ්‍රී ලාංකික බෞද්ධයන් විසින් ධර්ම දේශණාවන්හි සුපිරිතාවය මැනීමට උපයෝගී කර ගන්නා මිනුම් දඬු සමහරක්:

    • - ධර්ම දේශකයාණන්වහන්සේට කඩවසම්, ශාන්ත, සිල්වත් හෝ ප්‍රසන්න සිරියාවන්ත මුහුණක්, පැහැපත් සමේ වර්ණයක් පැවතීම.
    • - දේශකයාණන්වහන්සේගේ කට හඬ හෝ දේශණ ශෛලිය වෙනයම් යතිවරයාණන්වහන්සේ නමකගේ හඬ හෝ ශෛලිය සිහි කැඳවීම.
    • - දේශණාව ඉතා ම සරල මාතෘකා ඔස්සේ පැවැත්වීම.
    • - දේශකයාණන්වහන්සේ විසින් දේශණාව මධ්‍යයේ ප්‍රමාණවත් මට්ටමකට - විහිළු තහළු එක් කිරීම සහ එමගින් ශ්‍රාවක පිරිස අවධිව තබා ගැනීම.
    • - ජාතක කතාවන් පාදක කර ගනිමින් දේශණාව පැවැත්වීම.
    • - පුද්ගලිකව හඳුනනා ස්වාමීන්වහන්සේ නමක් විසින් දේශණාව පැවැත්වීම.
    • - තම පුද්ගලික දේශපාලනික මතයට ගැලපෙන හෝ එය හා සමපාත වන කොටස් දේශණාවේ අන්තර්ගත වීම.
    • - විරුද්ධ දේශපාලනික මතයකට, පාක්ෂිකයෙකු හෝ පක්ෂයක් එල්ල කර දේශණාව මධ්‍යයේ දොස් නැගීම.
    • - හද සසල කරවන, සංවේදී කතාන්තර හෝ කාලීන මාතෘකාවන් පාදක කොටගත් කවි බණ දේශණා.
    • - සමාජයේ ප්‍රසිද්ධ, මාළිගා බඳු ආරාමයන්, අසපු සහ භාවනා මධ්‍යස්ථාන පවත්වාගෙන යන ස්වාමීන්වහන්සේ නමක් විසින් දේශණාව පැවැත්වීම.
    • - විශාල ධනස්කන්ධයක් යොදා ඇසට ගතට සිතට ප්‍රිය දැවැන්ත ආමිස පූජාවන් පවත්වන්නා වූ ස්වාමීන්වහන්සේ නමක් විසින් දේශණාව පැවැත්වීම.
    • - දේශකයාණන්වහන්සේ සිවුර හැඳ සිටිනා ක්‍රමය තම සිතට උචිත වීම.
    • - දේශකයාණන්වහන්සේ හැඳ සිටිනා සිවුරේ වර්ණය, මැහුම් රටා සහ එම සිවුරේ මිලාධික බව මත.
    • - දේශණාවසානයේ බෞධයන් අතර ප්‍රකට හින්දු ආගමික දෙවි දේවතාවුන්වහන්සේලාට පින් අනුමෝදන් කිරීම.
    • - දේශණාවසානයේ සියපු අපල උපද්‍රව සඳහා සෙත් පැතීම.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    Religion is just bunch of stuff made up to make one self happy.

    That is why it has become one of the biggest businesses in the world
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් ඉතින් ඔහොම මිනුම් දඬු තමයි හරියන්නෙ. නැතුව රහත් උන කෙනෙක් හොයාගන්න කියලද කියන්නෙ?:lol:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අද එද්දි මම දැක්කා බං චැලෙන්ජර් රෙද්දෙන් මැසූ අටපිරිකර පූජාව කියලා බැනර් එකක්.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හාමුදුරුවො කෙනෙක් සිරියාවන්ත වෙන්න ඕන තමා..ඔය සමහර හාමුදුරුවරු ඉන්නෙ ගංජා ගහපු මූණවල් තියෙන.ඵහෙම අයගෙන් බණ අහන්න පුළුවන්ද.
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    සුපිරි වාහනයකින් බැස්සේ නැත්නම් ඒ කියන බණ වලින් වැඩක් නෑ. :oo::baffled:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    හාමුදුරුවො කෙනෙක් සිරියාවන්ත වෙන්න ඕන තමා..ඔය සමහර හාමුදුරුවරු ඉන්නෙ ගංජා ගහපු මූණවල් තියෙන.ඵහෙම අයගෙන් බණ අහන්න පුළුවන්ද.

    දඹර අමිල වගේද?
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ඔව් ඉතින් ඔහොම මිනුම් දඬු තමයි හරියන්නෙ. නැතුව රහත් උන කෙනෙක් හොයාගන්න කියලද කියන්නෙ?:lol:
    අභිධර්ම දේශනා.
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    හාමුදුරුවො කෙනෙක් සිරියාවන්ත වෙන්න ඕන තමා..ඔය සමහර හාමුදුරුවරු ඉන්නෙ ගංජා ගහපු මූණවල් තියෙන.ඵහෙම අයගෙන් බණ අහන්න පුළුවන්ද.

    අන්තිමට මිනිස්සුන්ට මතක බණක් නෑ. ඒ රූපෙට සිතින් බැඳිලා විතරයි.
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අන්තිමට මිනිස්සුන්ට මතක බණක් නෑ. ඒ රූපෙට සිතින් බැඳිලා විතරයි.
    ලස්සනට ආවොත් මෙයාලා දේවදත්තගෙන් වුනත් බණ අහයි. :lol::lol: