බෞද්ධයෝ_සිරා_බණ තෝරන හැටි
ශ්‍රී ලාංකික බෞද්ධයන් විසින් ධර්ම දේශණාවන්හි සුපිරිතාවය මැනීමට උපයෝගී කර ගන්නා මිනුම් දඬු සමහරක්:
ශ්‍රී ලාංකික බෞද්ධයන් විසින් ධර්ම දේශණාවන්හි සුපිරිතාවය මැනීමට උපයෝගී කර ගන්නා මිනුම් දඬු සමහරක්:
- - ධර්ම දේශකයාණන්වහන්සේට කඩවසම්, ශාන්ත, සිල්වත් හෝ ප්‍රසන්න සිරියාවන්ත මුහුණක්, පැහැපත් සමේ වර්ණයක් පැවතීම.
- - දේශකයාණන්වහන්සේගේ කට හඬ හෝ දේශණ ශෛලිය වෙනයම් යතිවරයාණන්වහන්සේ නමකගේ හඬ හෝ ශෛලිය සිහි කැඳවීම.
- - දේශණාව ඉතා ම සරල මාතෘකා ඔස්සේ පැවැත්වීම.
- - දේශකයාණන්වහන්සේ විසින් දේශණාව මධ්‍යයේ ප්‍රමාණවත් මට්ටමකට - විහිළු තහළු එක් කිරීම සහ එමගින් ශ්‍රාවක පිරිස අවධිව තබා ගැනීම.
- - ජාතක කතාවන් පාදක කර ගනිමින් දේශණාව පැවැත්වීම.
- - පුද්ගලිකව හඳුනනා ස්වාමීන්වහන්සේ නමක් විසින් දේශණාව පැවැත්වීම.
- - තම පුද්ගලික දේශපාලනික මතයට ගැලපෙන හෝ එය හා සමපාත වන කොටස් දේශණාවේ අන්තර්ගත වීම.
- - විරුද්ධ දේශපාලනික මතයකට, පාක්ෂිකයෙකු හෝ පක්ෂයක් එල්ල කර දේශණාව මධ්‍යයේ දොස් නැගීම.
- - හද සසල කරවන, සංවේදී කතාන්තර හෝ කාලීන මාතෘකාවන් පාදක කොටගත් කවි බණ දේශණා.
- - සමාජයේ ප්‍රසිද්ධ, මාළිගා බඳු ආරාමයන්, අසපු සහ භාවනා මධ්‍යස්ථාන පවත්වාගෙන යන ස්වාමීන්වහන්සේ නමක් විසින් දේශණාව පැවැත්වීම.
- - විශාල ධනස්කන්ධයක් යොදා ඇසට ගතට සිතට ප්‍රිය දැවැන්ත ආමිස පූජාවන් පවත්වන්නා වූ ස්වාමීන්වහන්සේ නමක් විසින් දේශණාව පැවැත්වීම.
- - දේශකයාණන්වහන්සේ සිවුර හැඳ සිටිනා ක්‍රමය තම සිතට උචිත වීම.
- - දේශකයාණන්වහන්සේ හැඳ සිටිනා සිවුරේ වර්ණය, මැහුම් රටා සහ එම සිවුරේ මිලාධික බව මත.
- - දේශණාවසානයේ බෞධයන් අතර ප්‍රකට හින්දු ආගමික දෙවි දේවතාවුන්වහන්සේලාට පින් අනුමෝදන් කිරීම.
- - දේශණාවසානයේ සියපු අපල උපද්‍රව සඳහා සෙත් පැතීම.


