උදාහරණයක් විදිහට ඇහැ ගමු.
අනිත්‍ය,අනිච්ච
ඇහැ අනිත්‍යයි. අනිත්‍ය නිසාම අපේ ඇස එන්න එන්න වෙනස් වෙනවා. පොඩි කාලේ තිබ්බ ලා නිල් පාට ඇස් දෙක ලොකු වෙද්දි කලු පාට වෙනවා. ලොකු වෙන්න වෙන බොර පාරක් වගේ ගහලා නාකි වෙද්දි සුදු පාටට හැරෙනවා. ඒ බාහිරට පේනදේ.
අභ්‍යන්තරවත් ගොඩක් වෙනස් වෙනවා. පොඩිකාලේ තිබ්බ තියුනු පෙනීම එන්න එන්න නැති වෙලා යනවා. ඉඳි කට්ටකට නූල දාන්න පුලුවන් වෙච්ච කෙනාට අවුරුදු 35 පනිද්දි ටිකක් අමාරු වෙනවා. තව ගොඩක් වෙනස්වීම් වෙනවා.
දුක්ක
ඇස දුකක්. ඇස් වල නොයෙකුත් ලෙඩ රෝග හැදෙනවා. ඇස් ලෙඩ, කබ ගලනවා, රතු වෙනවා, රොඩ්ඩක් ගියොත් හෙන කට්ටක් කන්න වෙනවා.
ඒ වගේම තමයි ඇහැන් දැකපු දේවලි වලිනුත් අපිට දුක ලැබෙනවා. ලස්සන කෑල්ලක් දැකලා ලබා ගන්න බැරි උනොත් ඒකම මතක් කර කර හෙන කට්ටක් කනවනේ. සමහර විට අපිටම හිතෙනවා මේක නොදක්කනම් හොදයි කියලා. ඒ වගේම ඇහෙන් දකින දේවල් වල්න් අපිට වෛරය කේන්තිය ඊශයාව කෝපය ඇති වෙන්න හේතු වෙන්වා. මේ වා ඇති වෙන එකක් දුකක්. මේ දේවල් වලින් ඇති වෙන කර්මයත් අනිවා දුකක්ම තමයි. ඇස දුක් රැස් කිරීමේ උල්පතක් විදිහට දකිනව නම් සුපිරි.
අනාත්‍ම,අනත්ත
ඇස අනාත්මයි. එ කියන්නේ තමන්ගේ වසගයේ පවත්වන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඇස උබේ නෙවෙයි. උබේ නම් ඇස් ලෙඩ හැදුන වෙලාවක අනේ මගේ ඇස සුවපත් වේවා කියලා සිතිවිල්ලකින් වෙනස් කරන්න පුලුවන් වෙන්න ඕනේ නේ. එහෙම බෑ. ඒ වගේම ස්මහර විට ඇහෙන් අපි කැමති නැති දේවල් පේනවා. අපිට ඒවා නවත්වන්නත් බෑ. ඇහැ ගැටුනොත් මනස අවදියෙන් නම් ඒක හදුනා ගත්තොත් ඒ දැකපු දෙයින් අපිට දුකක් ගෙන දෙයක් නම් අපිට අනිවා දුක් ලැබෙනවා.
මේ පොඩි පැහැදිලි කිරීමක් විතරයි.