බෞද්ධ කොඩිය හා එහි ඉතිහාසය

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
බෞද්ධ කොඩිය හා එහි ඉතිහාසය

වර්ෂ 1885 අප්‍රේල් මස 28 දින ලක් ඉතිහාසයේ ඓතිහාසික දිනයක් බවට පත් වීමට එක් හේතුවක් වූයේ ලෝක බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් එසවීම නිසා ය. බ්‍රිතාන්‍ය පාලකයින්ගේ නානාවිධ තාඩනපීඩනයන්ට යටත් ව සම්බුද්ධ ශාසනයත්, බෞද්ධ සංස්කෘතියත්, බෞද්ධ චින්තනයත්, සමස්ත රටත් අනුවේදනීයත්වයට පත් වු බව අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක් නොවේ. මෙවැනි තත්වයන්ට පත් වූ සෑම අවස්ථාවක ම භික්ෂූන් වහන්සේලාගේ අවංක පරමාදර්ශී නායකත්වය සමස්ත සමාජයේ ම සමුන්නතියට හේතු වූ බව සුප්‍රකට සත්‍යයයකි. ඒ අනුව බලන විට බෞද්ධ ඉතිහාසයේත් ශ්‍රී ලාංකේය ඉතිහාසයේත් ඉතා අනුස්මරණීය අවස්ථා පරිහානීය යුගයන් හි දී බිහිවීම විශේෂ ලක්ෂණයක් වශයෙන් ද පෙන්වා දිය හැකි ය.

සංකේතාත්මක සංනිවේදනයේ මාධ්‍යක් වශයෙන් දුරාතීතයේ සිට ම භාවිතා කළ 'කොඩියේ' පරමාර්ථ අතිශය පුළුල් පරාශයක යෙදේ. ඒ පිළිබඳ විවරණයක් සපයන සිංහල විශ්ව කෝෂයේ “ජන කොට්ඨාසයක්, සංවිධානයක්, ආගමක්, විශේෂ ජයග්‍රහනයක් හෝ ශෝකාත්මක අවස්ථාවක් පිළිබිඹු කිරීමට ද ඓශ්චය්ර්‍ය, සෞභාග්‍ය, ආරක්ෂාව අහියෝගය, අවනත භාවය, අහිමානය, ගෞරවය, පක්ෂපාතීත්වය හා අපේක්ෂා යන විවිධාර්ථ ප්‍රකාශ කිරිම පිණිස කොඩිය හෙවත් ධජය භාවිතා කෙරේ” යනුවෙන් අන්තර්ගතය. ඒ අනුව බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාව පිළිබිඹු කරන්නේ බෞද්ධ කොඩියයි.

බෞද්ධ ධජය බිහි වීමට සාධක වූ ඉතිහාසයේ පසුබිම් ද කෙටියෙන් විමසීම ද වැදගත් වේ. ඒ කෙසේද යත්, කොටහේනේ දීපදුත්තාරාම විහාරස්ථානයේ නේත්‍ර-ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පිංකමක් 1883 මාර්තු 25 දින සිදු කිරීමට සංවිධානය කර තිබුණි. පානදුරාවාදය ජය ගැණීමත් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ මෙම පිංකම සඳහා බොරැල්ලේ සිට දීපදුත්තාරමයට පෙරහැරක් මොහෙට්ටිවත්තේ ගුණානන්ද හිමියෝ සංවිධානය කළහ. පෙරහැර පැවැත්වීම පිළිබඳ යම් යම් දුෂමාන ආරංචි පැතිර ගොස් තිබූ බැවින් ක්‍රිස්තියානි පොලිස් නිලධාරීන් විසින් ඒ පිළිබඳ පුර්ව පරීක්ෂණයක් සිදු කොට පෙරහැර පැවැත් වීමට අවසර දෙන ලදී.
රාත්‍රී 1.30 ට පමණ බොරැල්ලෙන් පිටත් වූ මෙම පෙරහැර කොටහේනට ලඟා වන විට පල්ලිවල සීනු නාත කරනවත් සමඟම අවි ආයුධ රැගත් විශාල මැර පිරිස් කොටහේනෙ ශාන්ත ලුසියා දෙව් මැදුර අසලට ලඟා වූහ. පෙරහැරේ ගමන් ගත් නිරායුධ අහිංසක බොදු උවසු උවැසියන්ට දාමරිකයන් විසින් පහර දෙන ලදී. එම අවස්ථාවේ දී බෞද්ධයෙකු මියහිය අතර තිස් දෙනෙක් පමණ බරපතළ තුවාල ලැබ රෝහල් ගත කළ හ. පසුව සිද්ධිය පිළිබඳ බොද්ධයන්හේ බලවත් ඉල්ලීම පරිදි කොමිෂන් සභාවක් පත් කොට පරීක්ෂණයක් කළ නමුත් වැරදිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ දඬුවම් දීමට හෝ පියවර නොගත් අතර මින් පසු බෞද්ධ පෙරහැර පැවැත්වීම සපුරා තහනම් කරන ලදී.


බ්‍රිතාන්‍ය පාලනය යටතේ හුදු බෞද්ධ ජනතාවට මුහුණ පාන්නට වන මෙවැනි ශෝචනීය තත්වයන් පිළිබඳ සාකච්ඡා කොට තීරණයකට එළඹීම පිණිස හික්කඩුවි ශ්‍රී සුමංගල මාහිමියෝ, ප්‍රධාන පෙළේ බෞද්ධ නායකයන් කිහිප දෙනෙකු කොළඹ – මරදානේ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණට කැඳවූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1884 ජනවාරි 28 දින “බෞද්ධාරක්ෂක කමිටුව” නමින් නව සංවිධානයක් බිහි විය.


1940 දී පළ වූ පරම විඥානාර්ථ සංගමයේ වර්ෂ ජයන්ති සමරු කලාපයේ බෞද්ධාරක්ෂක සභාවේ සමාරම්භක රැස්වීමේ වාර්ථාවෙන් උපුටා ගත් ඡේදයෙන් එම සංවිධානය පිළිබඳ අවබෝධයක් ලැබේ. එනම්,

“බෞද්ධයන්ටත් ඔවුන්ගේ ආගමට සහ දේපොලවලටත් පාස්කු ඉරිදා ආගමික කෝලාහලයේ දී සිදු වූ අලාභ හානිවලට වන්දි ලබා ගැනීම සඳහාත් නීත්‍යානුකූල හා සාධාරණ බෞද්ධ අයිතිවාසිකම් වරින් වර දිනා ගැනීමට සහ වැඩි දියුණු කිරීමට බෞද්ධාරක්ෂක කමිටුව නමින් සංවිධානයක් පිහිටුවීමටත්, පහත නම් සඳහන් මහතුන් එහි සාමාජිකයන් වශයෙන් පත් කිරීමටත්, සාමජිකත්වය පුලුල් කිරීමේ බලය ද එම කමිටුවට පැවැරීමටත් තීරණය විය. විලියම් ද ආබ්‍රෙව්, දොන් කරොලිස්, මුහන්දිරම් දොන් ඩේවිඩ් අභයරත්න, ජේ.පී. ජයතිලක, ජේ. ආර්. ද සිල්වා, සයිමන් පෙරේරා, ධම්ර්‍ ගුණවර්ධනආරච්චි, බි. එච්. කුරේ, සේදිරිස් සිල්වා, ආර්. ඒ මිරැන්ඩෝ, නීතීඥ වාර්ලස් ඇලෙක් සැන්ඩර් ද සිල්වා, සී. පී. ගුණවර්ධන යන අය ආරම්භක කමිටු සාමාජිකයෝ වූහ.”


එවකට මදුරාසියේ සිටි හෙන්රි ස්ටීල් ඕල්කට් මහතා මෙම කමිටුවට ඇතුළත් කර ගැණීමටත්, කමිටුවේ නියෝජිතයා ලෙස ඔහු එංගලන්තයට යැවීමටත් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ උපදෙස් පරිදි දොන් කරෝලිස් හේවාවිතාරණ, එච්. ඒ. ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් තීරණය විය. ඒ අනුව තත් සභාවේ ඉල්ලීම පරිදි මදුරාසියේ සිට ඕල්කට් මහතා 1884 ජනවාරි 27 දින ලංකාවට පැමිණ ඊට පසු දින පැවැත් වූ කමිටු රැස්වීමට සහභාගී විය. එහි දී බෞද්ධාරක්ෂක සභාවේ ප්‍රධාන සභාපති වශයෙන් ඒ.පී. ධර්ම ගුණවර්ධන මුහන්දිරම් මහතා ද සී. පී. ගුණවර්ධන මහතා ලේකම් වශයෙන් ද එච්. ඒ. ප්‍රනාන්දු මහතා භාණ්ඩාගාරික වශයෙන් ද සම්මත වූහ.

සිංහල බෞද්ධයන්ට සිදු වන අසාධාරණකම් හා තාඩන පීඩන සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙම කමිටුව විසින් සකස් කරන ලද සංදේශයක්, 1884 මැයි 17 දින ඕල්කට් තුමා අත යටත් විජිත භාර මහලේකම් ඩර්බ් සාමි වෙත යවන ලදී. එම සංදේශයෙහි පහත සඳහන් කරුණු සය ප්‍රධාන කොට ප්‍රශ්න විසඳා ගැණීම පිණිස ඉදිරිපත් කර ඇත.


(1) කොටහේනේ කලකෝලාහලයට සම්බන්ධ වූවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම.

(2) ආගම පිළිබඳ අපක්ෂපාතී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හෝ සිංහල බෞද්ධයිනට තමන්ගේ ආගමික අයිතිවාසිකම් හා වරප්‍රසාද සහතික කිරීම.

(3) වෙසක් පොහෝ දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම.

(4) ජාතික හා ආගමික තූර්ය භාණ්ඩ භාවිතය පිළිබඳ පනවා තිබූ තහංචි ඉවත් කිරීම හා චිරාත් කාලයක සිට බෞද්ධයින් විසින් පවත්වා ගෙන ආ ආගමික පෙරහැර පැවැත්වීමට අවසර ගැනීම.

(5) බෞද්ධ ගම්වලට බෞද්ධ විවාහ ලියා පදිංචිය සඳහා බෞද්ධ රෙජිස්ට්‍රාර්වරුත් පත් කිරීම.

(6) 1856 අංක 10 දරණ විහාර දේවාලගම් පනත හා ගැටළු විසඳා ගැණීම.

 
Last edited:

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
වෙසක් නිවාඩුව

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට බුදුදහම ගෙන ආ සමයේ සිට පොහෝ දිනය රාජ්‍ය මට්ටමෙන් නිවාඩු දිනයක් වශයෙන් සම්මතව පැවති බව මූලාශ්‍ර ග්‍රන්ථයෝ දෙස් දෙති. බොදු ජනයා මෙසේ අවුරුදු දහස් ගණනක් පුරා අවිච්ඡින්නව භුක්ති විඳි පොහෝ නිවාඩුව, 1770 දී ඕලන්ද ජාතික පෝක් නම් ආංඩුකාරයාගේ කාලයේ දී අවලංගු කොට ඒ වෙනුවට ඉරිදා දින නිවාඩු දිනයක් වශයෙන් නීතිගත කොට තිබේ. නීතිය කුමක් වුව ද බෞද්ධ ජනයා පොහොය දිනයන් හි ආගමික වතාවන් හි නිරත වූ බව ඉතිහාසය විපරම් කිරීමේ දී ප්‍රකට වේ. මේ නිසා සුද්දන් අප රට යටත් කොට ගත් කල්හි එනම් බ්‍රවුන්රිග් ආංඩුකාර සමයෙහි 1817 අංක 5 දරණ ආඥා පණත යටතේ පොහෝ නිවාඩු දිනය අවලංගු කොට පාස්කු ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කොට තිබේ.
මේ අනුව බෞද්ධාරක්ෂක සභාවේ ඉල්ලීම පරිදි ඕල්කට් තුමා විසින් එංගලන්තයට ගෙන යන ලද සංදේශයෙහි අන්තර්ගත වෙසක් පොහෝ දිනය රජයේ නිවාඩු දිනයක් කළ යුතුයි, යන ඉල්ලීම සලකා බලා ඊට අනුමැතිය ලබා දීමට තීන්දු විය. ඒ අනුව 1885 මාර්තු 27 දින ලංකාණ්ඩුවෙහි ගැසට් පත්‍රයෙහි වෙසක් පොහෝ දින මින් පසු රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. මෙයින් ප්‍රීති ප්‍රමෝද්‍යයට පත් බෞද්ධාරක්ෂක සභාව එම වර්‍ෂයේ එළඹෙන වෙසක් පුරපසළොස්වක දින අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට තීරණය කොට එය සංවිධානය කිරීම පිණිස දස දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළේ ය. එම කමිටුව මෙසේ ය;

1. පූජ්‍ය හික්කඩුවේ සුමඞගල නාහිමි
2. පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමි
3. දොන් කරෝලින් හේවාවිතාරණ මහතා
4. ඒ. පී. ධර්ම ගුණවර්ධන මහතා
5. විලියම් ද ආබ්‍රෙව් මහතා
6. සී. පී. ගුණවර්ධන මහතා
7. චාර්ලස් ඒ. ද සිල්වා මහතා
8. ඇන්. ඇස්. ප්‍රනාන්දු මහතා
9. පීටර් ද ආබ්‍රෙව් මහතා
10. එච් විලියම් ප්‍රනාන්දු මහතා

1885 වර්‍ෂයේ වෙසක් පුරපසළොස්වක දිනය යෙදී තිබුණේ අප්‍රේල් 28 වන දිනයට යි. එදිනට එසවීම සඳහා බෞද්ධ කොඩියක් නිර්‍මාණය කළ යුතු යැයි මෙම උක්ත කමිටුවේ අදහස විය. මේ සඳහා ඊට සුදුසු කොඩියක් නිර්‍මාණය කිරීම පිණිස කමිටු සාමාජිකයන්ට පැවරිණි. ඔවුන් විසින් විවිධ කොඩි ඉදිරිපත් කරන ලදී. ඉදිරිපත් වූ කොඩි සමාලෝචනයෙන් ෂඩ් වර්ණ බුද්ධ රශ්මිය විදහා පාන කොඩියක් නිර්මාණය කොට බෞද්ධත්වය සංකේතවත් කිරීම සඳහා සම්මත වන්නට ඇතැයි තොරතුරු වලින් හෙලි වේ. සම්මත වූ ධජය පිළිබඳ මුලින්ම ප්‍රසිද්ධ කළේ 1885 අප්‍රේල් මස 17 දින සරසවි සඳරැස පත්‍රයෙනි. එම වාර්‍තාව මෙසේ ය;


“බෞද්ධන් විසින් ඔසවන්නට ව්‍යවස්ථා කරගෙන තිබෙන කොඩියක්
සර්වඥයන්වහන්සේ ලෝපහළ වූ දින ප්‍රකාශ කරණ සලකුණක් වශයෙන් ද ගෞරවයක් වශයෙන් ද බුද්ධරශ්මියේ වර්ණ සය ප්‍රකාශ කරණ කොඩියක් එසවීමට කොළඹ වැසි බෞද්ධයන් විසින් සම්මතයක් කරගෙන තිබෙයි. මේ කොඩිය මේ මස විසි අට වෙනිදාට පැමිණෙක වෙසඟපුර පසළොස්වක් දිනදී කොළඹ මාලිගාකන්දේ පිරිවෙණේ සහ කොටහේනේ දීපදුත්තම විහාරස්ථානයෙහිද තවත් මේ අසල විහාරස්ථානවල ද ඔසවන්නට ව්‍යවස්ථාකරගෙන තිබෙයි. මෙක ලක්දිවැසි සියලු බෞද්ධයනි විසින් ආදර්ශයට ගතයුතු යහපත් වැඩක් බැවින් ඒ කොඩියේ ආකාර අඳුන් වන පිණිස මෙහි පහත සිතියමක් බහාලමු. මෙයින් අඟවන්නේ සර්‍වඥයන්වහන්සේ ජීවමාන කාලයෙහි උන්පහනිසේගේ ශරීරයෙන් නික්මුණු (1) නීල (2) පීත (3) ලොහිත (4) අවදාත (5) මාංජෙෂ්ට (6) ප්‍රභාස්වර යන වර්ණ සයයි. සර්‍වඥයන් වහන්සේ ජීවමාණ කාලයෙහි උන්වහන්සේගේ කේශධාතු ආදී නීලවර්ණ ෂඩ් වර්‍ණයන් බුද්ධරශ්මින් විහිදුන බව පොත් පත්වල ලියා තිබෙයි. එබැවින් මේ සය වර්ණ සහ ප්‍රකාශ කරණ කොඩියක් උන්වහන්සේ ලෝවහළ වූ දවසේ එසවීම යහපත් අටියක් අඟවන ක්‍රියාවකි. මේ වැඩේ කල්පනා කළ බෞදධයන්ට ස්තූති කරමින් සියලුම බෞද්ධයන් විසින් මේ ක්‍රියාව පැවැත්වීය යුතු බව මතක් කරම්හ”
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ෂඩ් වර්‍ණයෙන් හෙබි බෞද්ධ ධජයේ නිර්මාතෘවරයා පිළිබඳ මත භේද පවතී. කොඩිය පිළිබඳ ප්‍රථමවතාවට කරුණු ප්‍රසිද්ධ කළ සරසවි සඳරැස පත්‍රයේ හෝ ඒ කාලයේ පළ වූ වෙනත් වාර්තාවක හෝ බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා පිළිබඳ සඳහන් කිරීමක් නොමැත. දස දෙනකුගෙන් සමන්විත ඉහත දැක් වූ වෙසක් උත්සව කමිටුවේ උතුමන්ගේ අදහස් හා සැලසුම්වල සමෝධානයෙන් ෂඩ් වර්ණයෙන් සුසැදි කොඩිය නිර්මාණය කොට සම්මත වී ඇත. ඒ අනුව දශවර්ගික වෙසක් උත්සව කමිටුවට ම ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියේ නිර්මාතෘත්වය හිමිවන්නේ යැයි නිගමනය කිරීම යුක්ති සහගත වන්නේය.

වෙසක් උත්සව කමිටුවේ ලේකම් ධූරි පූජිත ගුණවර්ධන මහතා බෞද්ධ කොඩියේ නිර්මාතෘ වශයෙන් පශ්චාත් කාලීන ලේඛනවල සඳහන් වේ. ඒ සඳහා මූලාශ්‍රය සපයා ඇත්තේ මෙම කොඩිය නිර්මානය වී වසර 43 ක් පමණ ගත වූ කල් හි පළ වූ “සුදමිණ” මාසික සඟරාවයි. ඇන්. චාර්ලිස් මහතාගේ කතෘත්වයෙන් ආරම්භ වූ සුදමිණ 1928 මැයි කලාපයෙහි “බෞදධ කොඩියක් උවමනා යයි නියම කරගත් උතුමන් සැම දෙනාම නොයෙක් අන්දමේ සැලැස්මවල් සැපයූ නමුත්, ෂඩ් වර්ණ බෞද්ධ රශ්මිය මුල් කර ගෙන සී. පී. ගුණවර්ධන මහතමයා විසින් සාදන ලද කොඩිය වඩා සුදුසු යයි සම්මත විය” යනුවෙන් සඳහන් ය. මෙය පාදක කොට බෞද්ධ කොඩිය පිළිබඳ ප්‍රකාශයට පත් ආචාර්ය කේ. සී. ජී විමලසේන මහතාගේ “ශ්‍රි ලංකාවේ බෞද්ධ පුනරුදය” පුස්තකයෙත්. “වෙසක් නිවාඩුව හා බෞද්ධ කොඩිය” යන ගෝනහේනේ ජොතිපාල හිමියන්හේ පුස්තකයත් ඇතුලත් කොට ඇති ලේඛනයන් හි කොඩියේ කතෘත්වය බෞද්ධ පුනරුදයේ යෝධයෙකු වූ පූජිත ගුණවර්ධන සූරීන් යැයි නිගමනය කොට ඇත. මෙතුමා වෙසක් උත්සව කමිටුවේ ලේකම්වරයාය. සභාවක යම් කරුණක් පිළිබඳ විවිධ මත ගොඩනැගුණු කල්හි ඒවා සමාධානය කොට සභාවට ඉදිරිපත් කිරීම සභාවේ ලේකම් වරයාගේ වගකීමය. ඒ නයින් සැලකූ විට ඉහත සඳහන් දස දෙනාගේ විවිධ සැළසුම් සමාධායන කොට ගුණවර්ධන මහතා ෂඩ්වර්ණ රශ්මියේන් යුත් බෞද්ධ කොඩිය ඉදිරිපත් කරන ලදුව සභා සම්මත වන්නට ඇත. ඒ කාරුණින්ම කොඩියේ නිර්මාණය ගුණවර්ධන මහතා වෙත පිරිණැමීම සෙසු සාමාජිකයන්ට කරණ අයුක්තියක් විය හැකි ය. හෑගොඩ බෙමානනිද නාහිමියන් 1985 දිනමිණ පුවත් පතට මේ පිළිබඳ කිපියක් සපයමින් “කමිටුවේ සෑම කෙනෙකුන් ම කොඩියේ සැලැස්ම පිළිබඳ බොහෝ අදහස් ඉදිරිපත් කර ඇති අතර, සමිති සමාගම්වල චිරාගත සම්ප්‍රදාය අනුව ඒවා ලේකම්වරයාට භාර කොට සුදුසු ලෙස කොඩිය සකස් කරණ ලෙස නියම වී ඇත. ඒ අනුව ලේකම් මහතා විසින් ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩිය සකස් කරණ ලදුව කොමිටිය විසින් එය මැනවයි පිළිගෙන ප්‍රකාශයට පත් කර ඇත” යනුවෙන් කතෘත්වය පිළිබඳ අදහස් දක්වා ඇත.

බෞද්ධ කොඩියේ නිර්මතෘවරයා හෙන්‍රි ස්ටීල් ඕල්කට් මහතා යැයි තවත් ප්‍රචලිත මතයකි. එහෙත් ඒ මතය කිසිසේත් පිළිගත නොහැකි සේ ම ඒ මහතා ම ස්වකීය දින පොත් සටහන්වලින් ඒ මතය බැහැර කොට තිබේ. කොඩිය නිර්මාණය වී ප්‍රථමවතාවට එය ඔසවන විට ඕල්කට් මහතා සිටියේ දිවයිනෙන් බැහැරව ය. බෞද්ධාරක්ෂක සභාවේ ඉල්ලීම පරිදි 1884 ජනවාරි මස 27 දින මදුරාසියේ සිට ලංකාවට එතුමා පැවැණියේ ය. බෞද්ධාරක්ෂක සභාවේ පූර්ණ බල සහිත නියෝජිතයා වශයෙන් ලිපියක් රැගෙන 1884 අප්‍රේල් මාසයේ අප රටෙන් පිටත් ව එංගලන්තයට හියේ ය. නැවටහ් 1886 ජනවාරි මස28 දන පැමිණියේ ය. එම නිසා මෙ වන විට බෞද්ධ කොඩිය නිර්මාණය වී ප්‍රසිද්ධ කොට අවසන් ය. ඒ අනුව කොඩිය නිර්මාණයේහිලා ඉතුමාහේ දායකත්වයක් කිසිසේත් ම පිළිගත නොහැකි ය.

1892 ඩාර්ජලින් නුවර පැවැත් වූ බෞද්ධ ස්ම්මෙලනයට අනගාරික ධම්ර්‍පාලතුමා ෂඩ්වර්ණ බෞද්ධ කොඩියක් ද රැගෙන ගියේ ය. සම්මෙලනය පිළිබඳ “තියෝසොපිස්ට්” නම් සඟරාවට වාර්තාවක් සැපයූ හෙන්‍රිටා මුලර් මෙනවිය ඔල්කට් තුමා බෞද්ධ කොඩියේ නිර්මාතෘ වශෙයෙන් සඳහන් කොට තිබුණි. එය
නිවැරදි කරමින් ඕල්කට් මහතා ස්වකීය දින පොතෙහි “මා බෞද්ධ කොඩිය සැලසුම් කළ බව කියන මුලර්ගේ වාර්තාව වැරදියි. එහි ගෞරවය හිමි විය යුත්තේ කොළඹ පරම විඥනාර්ථ සමාගමේ සාමාජිකයන්ටයි. මා කළ එකම දෙය නම් හැඩය වෙනස් කිරීම යෝජනා කිරීම පමණයි” යනුවෙන් සඳහන් කරයි.
ඕල්කට් මහතා ලංකාවට පැමිණි අවස්ථාවේ ෂඪි වර්ණ බෞද්ධ කොඩිය, ඉංග්‍රීසි කොඩිය අනුව යමින් ඍකෝණාස්කාරව සකස් කිරීමට යෝජනා කළ බැවින් එය සම්මත විය. මෙසේ සම්මත වු කොඩිය 1886 අප්‍රේල් 9 දින සරසවි සඳරැස පත්‍රයේ පළ කොට තිබේ.
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නියමයි යාලුවා
    බොහෝම ස්තූතියි මේක බෙදාගත්තට
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    බුක් මාක් එකකුත් දාගත්ත. මෙව්ව කියවල මේල් කරන්නත් එපැයි. :yes: