බෞද්ධ කොඩිය හා එහි ඉතිහාසය
වර්ෂ 1885 අප්‍රේල් මස 28 දින ලක් ඉතිහාසයේ ඓතිහාසික දිනයක් බවට පත් වීමට එක් හේතුවක් වූයේ ලෝක බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් එසවීම නිසා ය. බ්‍රිතාන්‍ය පාලකයින්ගේ නානාවිධ තාඩනපීඩනයන්ට යටත් ව සම්බුද්ධ ශාසනයත්, බෞද්ධ සංස්කෘතියත්, බෞද්ධ චින්තනයත්, සමස්ත රටත් අනුවේදනීයත්වයට පත් වු බව අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක් නොවේ. මෙවැනි තත්වයන්ට පත් වූ සෑම අවස්ථාවක ම භික්ෂූන් වහන්සේලාගේ අවංක පරමාදර්ශී නායකත්වය සමස්ත සමාජයේ ම සමුන්නතියට හේතු වූ බව සුප්‍රකට සත්‍යයයකි. ඒ අනුව බලන විට බෞද්ධ ඉතිහාසයේත් ශ්‍රී ලාංකේය ඉතිහාසයේත් ඉතා අනුස්මරණීය අවස්ථා පරිහානීය යුගයන් හි දී බිහිවීම විශේෂ ලක්ෂණයක් වශයෙන් ද පෙන්වා දිය හැකි ය.
සංකේතාත්මක සංනිවේදනයේ මාධ්‍යක් වශයෙන් දුරාතීතයේ සිට ම භාවිතා කළ 'කොඩියේ' පරමාර්ථ අතිශය පුළුල් පරාශයක යෙදේ. ඒ පිළිබඳ විවරණයක් සපයන සිංහල විශ්ව කෝෂයේ “ජන කොට්ඨාසයක්, සංවිධානයක්, ආගමක්, විශේෂ ජයග්රහනයක් හෝ ශෝකාත්මක අවස්ථාවක් පිළිබිඹු කිරීමට ද ඓශ්චය්ර්ය, සෞභාග්‍ය, ආරක්ෂාව අහියෝගය, අවනත භාවය, අහිමානය, ගෞරවය, පක්ෂපාතීත්වය හා අපේක්ෂා යන විවිධාර්ථ ප්‍රකාශ කිරිම පිණිස කොඩිය හෙවත් ධජය භාවිතා කෙරේ” යනුවෙන් අන්තර්ගතය. ඒ අනුව බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාව පිළිබිඹු කරන්නේ බෞද්ධ කොඩියයි.
බෞද්ධ ධජය බිහි වීමට සාධක වූ ඉතිහාසයේ පසුබිම් ද කෙටියෙන් විමසීම ද වැදගත් වේ. ඒ කෙසේද යත්, කොටහේනේ දීපදුත්තාරාම විහාරස්ථානයේ නේත්‍ර-ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පිංකමක් 1883 මාර්තු 25 දින සිදු කිරීමට සංවිධානය කර තිබුණි. පානදුරාවාදය ජය ගැණීමත් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ මෙම පිංකම සඳහා බොරැල්ලේ සිට දීපදුත්තාරමයට පෙරහැරක් මොහෙට්ටිවත්තේ ගුණානන්ද හිමියෝ සංවිධානය කළහ. පෙරහැර පැවැත්වීම පිළිබඳ යම් යම් දුෂමාන ආරංචි පැතිර ගොස් තිබූ බැවින් ක්‍රිස්තියානි පොලිස් නිලධාරීන් විසින් ඒ පිළිබඳ පුර්ව පරීක්ෂණයක් සිදු කොට පෙරහැර පැවැත් වීමට අවසර දෙන ලදී.
රාත්‍රී 1.30 ට පමණ බොරැල්ලෙන් පිටත් වූ මෙම පෙරහැර කොටහේනට ලඟා වන විට පල්ලිවල සීනු නාත කරනවත් සමඟම අවි ආයුධ රැගත් විශාල මැර පිරිස් කොටහේනෙ ශාන්ත ලුසියා දෙව් මැදුර අසලට ලඟා වූහ. පෙරහැරේ ගමන් ගත් නිරායුධ අහිංසක බොදු උවසු උවැසියන්ට දාමරිකයන් විසින් පහර දෙන ලදී. එම අවස්ථාවේ දී බෞද්ධයෙකු මියහිය අතර තිස් දෙනෙක් පමණ බරපතළ තුවාල ලැබ රෝහල් ගත කළ හ. පසුව සිද්ධිය පිළිබඳ බොද්ධයන්හේ බලවත් ඉල්ලීම පරිදි කොමිෂන් සභාවක් පත් කොට පරීක්ෂණයක් කළ නමුත් වැරදිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ දඬුවම් දීමට හෝ පියවර නොගත් අතර මින් පසු බෞද්ධ පෙරහැර පැවැත්වීම සපුරා තහනම් කරන ලදී.
බ්‍රිතාන්‍ය පාලනය යටතේ හුදු බෞද්ධ ජනතාවට මුහුණ පාන්නට වන මෙවැනි ශෝචනීය තත්වයන් පිළිබඳ සාකච්ඡා කොට තීරණයකට එළඹීම පිණිස හික්කඩුවි ශ්‍රී සුමංගල මාහිමියෝ, ප්‍රධාන පෙළේ බෞද්ධ නායකයන් කිහිප දෙනෙකු කොළඹ – මරදානේ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණට කැඳවූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1884 ජනවාරි 28 දින “බෞද්ධාරක්ෂක කමිටුව” නමින් නව සංවිධානයක් බිහි විය.
1940 දී පළ වූ පරම විඥානාර්ථ සංගමයේ වර්ෂ ජයන්ති සමරු කලාපයේ බෞද්ධාරක්ෂක සභාවේ සමාරම්භක රැස්වීමේ වාර්ථාවෙන් උපුටා ගත් ඡේදයෙන් එම සංවිධානය පිළිබඳ අවබෝධයක් ලැබේ. එනම්,
එවකට මදුරාසියේ සිටි හෙන්රි ස්ටීල් ඕල්කට් මහතා මෙම කමිටුවට ඇතුළත් කර ගැණීමටත්, කමිටුවේ නියෝජිතයා ලෙස ඔහු එංගලන්තයට යැවීමටත් හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ උපදෙස් පරිදි දොන් කරෝලිස් හේවාවිතාරණ, එච්. ඒ. ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් තීරණය විය. ඒ අනුව තත් සභාවේ ඉල්ලීම පරිදි මදුරාසියේ සිට ඕල්කට් මහතා 1884 ජනවාරි 27 දින ලංකාවට පැමිණ ඊට පසු දින පැවැත් වූ කමිටු රැස්වීමට සහභාගී විය. එහි දී බෞද්ධාරක්ෂක සභාවේ ප්‍රධාන සභාපති වශයෙන් ඒ.පී. ධර්ම ගුණවර්ධන මුහන්දිරම් මහතා ද සී. පී. ගුණවර්ධන මහතා ලේකම් වශයෙන් ද එච්. ඒ. ප්‍රනාන්දු මහතා භාණ්ඩාගාරික වශයෙන් ද සම්මත වූහ.
සිංහල බෞද්ධයන්ට සිදු වන අසාධාරණකම් හා තාඩන පීඩන සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙම කමිටුව විසින් සකස් කරන ලද සංදේශයක්, 1884 මැයි 17 දින ඕල්කට් තුමා අත යටත් විජිත භාර මහලේකම් ඩර්බ් සාමි වෙත යවන ලදී. එම සංදේශයෙහි පහත සඳහන් කරුණු සය ප්‍රධාන කොට ප්‍රශ්න විසඳා ගැණීම පිණිස ඉදිරිපත් කර ඇත.
(1) කොටහේනේ කලකෝලාහලයට සම්බන්ධ වූවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම.
(2) ආගම පිළිබඳ අපක්ෂපාතී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හෝ සිංහල බෞද්ධයිනට තමන්ගේ ආගමික අයිතිවාසිකම් හා වරප්‍රසාද සහතික කිරීම.
(3) වෙසක් පොහෝ දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම.
(4) ජාතික හා ආගමික තූර්ය භාණ්ඩ භාවිතය පිළිබඳ පනවා තිබූ තහංචි ඉවත් කිරීම හා චිරාත් කාලයක සිට බෞද්ධයින් විසින් පවත්වා ගෙන ආ ආගමික පෙරහැර පැවැත්වීමට අවසර ගැනීම.
(5) බෞද්ධ ගම්වලට බෞද්ධ විවාහ ලියා පදිංචිය සඳහා බෞද්ධ රෙජිස්ට්රාර්වරුත් පත් කිරීම.
(6) 1856 අංක 10 දරණ විහාර දේවාලගම් පනත හා ගැටළු විසඳා ගැණීම.

“බෞද්ධයන්ටත් ඔවුන්ගේ ආගමට සහ දේපොලවලටත් පාස්කු ඉරිදා ආගමික කෝලාහලයේ දී සිදු වූ අලාභ හානිවලට වන්දි ලබා ගැනීම සඳහාත් නීත්‍යානුකූල හා සාධාරණ බෞද්ධ අයිතිවාසිකම් වරින් වර දිනා ගැනීමට සහ වැඩි දියුණු කිරීමට බෞද්ධාරක්ෂක කමිටුව නමින් සංවිධානයක් පිහිටුවීමටත්, පහත නම් සඳහන් මහතුන් එහි සාමාජිකයන් වශයෙන් පත් කිරීමටත්, සාමජිකත්වය පුලුල් කිරීමේ බලය ද එම කමිටුවට පැවැරීමටත් තීරණය විය. විලියම් ද ආබ්‍රෙව්, දොන් කරොලිස්, මුහන්දිරම් දොන් ඩේවිඩ් අභයරත්න, ජේ.පී. ජයතිලක, ජේ. ආර්. ද සිල්වා, සයිමන් පෙරේරා, ධම්ර් ගුණවර්ධනආරච්චි, බි. එච්. කුරේ, සේදිරිස් සිල්වා, ආර්. ඒ මිරැන්ඩෝ, නීතීඥ වාර්ලස් ඇලෙක් සැන්ඩර් ද සිල්වා, සී. පී. ගුණවර්ධන යන අය ආරම්භක කමිටු සාමාජිකයෝ වූහ.”

Last edited: