~ බෞද්ධ චිත්‍ර කලාව ~
~ බෞද්ධ චිත්‍ර කලාව ~
බෞද්ධ විහාරයකට වන්දනාවේ යන බාල මහලු කවුරුත් බිතුසිතුවම් නැරඹීමට කැමැත්තක් දක්වති. පුරාණයේ සිට ම බෞද්ධ විහාර බිතුසිතුවමින් අලංකාර කොටඇත්තේ පැහැදිලි අරමුණු ඇතිව ය. වන්දනා කරුවන් තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ජනිත කරවීම එක් අරමුණකි. සැදැහැවතුනට සදාචාරාත්මක පාඩම් ඉගැන්වීම හෙවත් උපදෙස් දීම තවත් අරමුණකි. කියවීමට නොහැකි අයට වුවත් සිතුවම් බලා ආශ්වාදයක් අවබෝධයක් ලබා ගැනීමට හැකිවීම චිත්රවල ඇති විශේෂ ලක්ෂණයකි.
බෞද්ධ විහාරයක බිතුසිතුවම් අතර දක්නට ලැබෙන තේමාවන් විවිධ ය. සූවිසි විවරණ ඇතුළු බුද්ධ චරිතය, ජාතක කථා, බෞද්ධ ඓතිහාසික සිද්ධි, දෙව්ලොව වර්ණනා, අපාය විස්තර හා සැරසිලි චිත්‍ර මේ තේමාවන් සමහරකි. මේ සියල්ලම නැති වුණත් මෙයින් එක වර්ගයක සිතුවම් හෝ විහාරයක දී දක්නට නොලැබෙන්නේ නම් ඒ කලාතුරකිනි.
ලංකාවේ පැරණි සිතුවම් කලාවක් තිබෙන්නට ඇත. එහෙත් බෞද්ධ සිතුවම් කලාව අපට ලැබුණේ බුදු දහමත් සමඟ ය. අනුරාධපුරයේ මුල් කාලයේ අඳින ලද සිතුවම් අද අපට දක්නට නොලැබේ. දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද රුවන්වැලිසෑයේ ධාතු ගර්භයේ බිත්තිවල විචිත්‍ර සිතුවම් ඇඳ කිබූ බව මහාවංශයේ කියැවෙයි. ජාතක කථා අඳින ලද චිත්‍රවස්ත්‍රවලින් වෙසක් දින අනුරාධපුරයේ නගරය අලංකාර ව තිබූ බව ලක්දිවට පැමිණි පාහියන් නමැති චීන භික්ෂූන් වහන්සේ ගේ ගමන් විස්තරයේ (5 සියවස) සඳහන් වෙයි.
අනුරාධපුර යුගයට අයත් බිතුසිතුවමක් මිහින්තලේ චෛත්‍යයක ධාතු ගර්භයකින් සොයා ගෙන තිබේ. මේ සිතුවම් වලාකුළුවලින් මතුවන දේවතා සමූහයකගේ රේඛා චිත්රයකි. දැනට ඉතිරි වී ඇති අනුරාධපුරයට අයත් හොඳ ම සිතුවම් පස්වන සියවසට අයත් සීගිරි චිත්‍ර යි.
සීගිරිය
සීගිරිය : wiki
මහනුවර ආසන්නයේ පිහිටි හිඳගල විහාරයේ ද මැකී ගෙන යන පැරණි සිතුවම් කොටසක් ඇත්තේ ය. හත්වන සියවසට අයත් සේ සලකනු ලබන මෙම චිත්රයෙන් බුදුරජාණන් වහන්සේ හමුවීමට ශක්‍රයා ඉන්ද්රශාල ගුහාවට පැමිණි අවස්ථාව නිරූපණය වේ යනු හිටපු පුරාවිද්‍යා කොමසාරිස් වරයෙකු වන ආචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස විය.
හිඳගල : සිදුහත් කුමරු ගිහි ගෙය තුළ විදින ලද සැප සම්පත් : wiki
හිඳගල : wiki
හිඳගල : wiki
හිඳගල : wiki
පොළොන්නරු යුගයේ චිත්‍ර
පොළොන්නරු යුගයේ මුල් කාලයට අයත් සිතුවම් පළමුවරට හමුවන්නේ පැරණි මහියංගන චෛත්‍යයේ ධාතු ගර්භයෙනි. මාර පරාජය කොට බුද්ධත්වය ලබා ගැනීමේ සිද්ධිය මේ චිත්රයෙන් දැක් වේ. බුදුරජාණන් වහන්සේ දෙව් බඹුන් පිරිවරා බෝමුල වැඩ සිටිති. වෙන් වෙන් ව අඳින ලද බෝපත් පැහැදිලි ව දැක් වේ. දෙව්පිරිස අතර ශිව හා විෂ්ණු යන දෙවිවරුන් දෙදෙනා ද දක්නට ලැබේ. රතු, කහ, සුදු, කළු යන වර්ණ යොදා ඇඳ ඇති මේ සිතුවම් සෞන්දර්යයඅතින් උසස් තැනක් ගන්නා බව කියනු ලැබේ. මහියංගන ධාතු ගර්භයේ සිතුවම් 1 විජයබාහු රජ (ව්‍යවහාර වර්ෂ 1055- 1110) සමයට අයත් වෙයි.
මහියංගනය : wiki
මහියංගනය : wiki
පොළොන්නරු යුගයට අයත් වැදගත් බිතු සිතුවම් රාශියක් දක්නට ලැබෙන්නේ මහා පරාක්‍රමභාහු රජු ( ව්‍යවහාර වර්ෂ 1153 -1186) විසින් ගොඩ නගන ලද තිවංක පිළිම ගේ නැමැති විහාරයේ ය. මෙම විහාරය ඒ නමින් හැඳින්වෙන්නේ උරහිස, ඉඟ හා දෙදණ යන තුන් තැනකින් වක් වූ බුදු පිළිම වහන්සේ නමක් එහි සිටිනා බැවිනි.
මෙහි ගන්ධ කුටියේ බිත්තිවල බුද්ධ චරිතය දැක්වෙන විශාල සිතුවම් තිබූ බව පෙනේ.
බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම කරවීමත්, විශාලා මහනුවර වැසියන් තුන් බියෙන් මුදවා ගැනීමට ගංගානදිය දිගේ නැවකින් වැඩම කරවීම දැක්වෙන සිතුවමත් තවමත් හඳුනා ගත හැකි ය.
මෙම විහාරයේ අන්තරාලයේ බිත්තිවල තීරු වශයෙන් ජාතක කථා සිතුවම් කර ඇති අයුරු පෙනේ. ඒවා අතරින් සස, වෙස්සන්තර, අසංඛවතී,තුණ්ඩිල, විදුර, ගුත්තිල, චුල්ලපදුම, මෛත්රීබල හා සාම යන ජාතක කථා සිතුවම් හඳුනා ගත හැකිය.
ගන්ධකුටියත් අන්තරාලයත් අතර බිත්තියක දැක්වෙන විශාල දෙව්පිරිසක් ඇතුළත් චිත්‍රයද වැදගත් ය. තුසිත භවනයේ වැඩ සිටින බෝසතාණන් වහන්සේට බුදුවීම සඳහා මනුලොව වැඩීමට කරන දේවාරාධනාවමේ චිත්රයෙන් දැක්වෙන බව මහාචාර්ය පරණවිතාන මහතාගේ අදහස විය. මේ දෙව්පිරිස් අතර අතකින් නෙලුම් මලක් දරා සිටින්නේ බෝසත් තුමා බව කියනු ලැබේ.
මේ රූපවල විවිධ හැඩයේ මුහුණු දක්නට ලැබේ. අත්, ඇඟිළි, ඇස් ඇඳුම් හා ආභරණ ඉතා සියුම් වූ රේඛාවලින් ඇඳ දක්වා ඇත. රතු, කහ සහ කොළ යන වර්ණ බෙහෙවින් භාවිත කොට ඇති බව ද පෙනේ.
අනුරාධපුර යුගයේ පැවති උසස් බිතු සිතුවම් සම්ප්රදාය පොළොන්නරු යුගය දක්වා ම පැවති බව තිවංක පිළිමගෙයි සිතුවම් වලින් සිතා ගත හැකි ය.
තිවංක පිළිම ගෙය
පොළොන්නරුවේ ගල්විහාර පිළිමගෙයි බිත්තිමුල්ලක ඉතිරි වී ඇති රැවුලක් සහිත ප්රතාපවත් පුද්ගලයාගේ උඩුකය දැක්වෙන සිතුවම ද උසස් චිත්රයකි.
දිඹුලාගල මාරවීදිය නම් ස්ථානයේ ද, පුල්ලිගොඩ ගල්ගේ ස්ථානයේ ද පොළොන්නරු යුගයට අයත් තවත් සිතුවම් දක්නට ලැබේ.

Thanks!