~ බෞද්ධ චිත්‍ර කලාව ~

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ බෞද්ධ චිත්‍ර කලාව ~

    ~ බෞද්ධ චිත්‍ර කලාව ~

    බෞද්ධ විහාරයකට වන්දනාවේ යන බාල මහලු කවුරුත් බිතුසිතුවම් නැරඹීමට කැමැත්තක් දක්වති. පුරාණයේ සිට ම බෞද්ධ විහාර බිතුසිතුවමින් අලංකාර කොටඇත්තේ පැහැදිලි අරමුණු ඇතිව ය. වන්දනා කරුවන් තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ජනිත කරවීම එක් අරමුණකි. සැදැහැවතුනට සදාචාරාත්මක පාඩම් ඉගැන්වීම හෙවත් උපදෙස් දීම තවත් අරමුණකි. කියවීමට නොහැකි අයට වුවත් සිතුවම් බලා ආශ්වාදයක් අවබෝධයක් ලබා ගැනීමට හැකිවීම චිත්‍රවල ඇති විශේෂ ලක්ෂණයකි.

    බෞද්ධ විහාරයක බිතුසිතුවම් අතර දක්නට ලැබෙන තේමාවන් විවිධ ය. සූවිසි විවරණ ඇතුළු බුද්ධ චරිතය, ජාතක කථා, බෞද්ධ ඓතිහාසික සිද්ධි, දෙව්ලොව වර්ණනා, අපාය විස්තර හා සැරසිලි චිත්‍ර මේ තේමාවන් සමහරකි. මේ සියල්ලම නැති වුණත් මෙයින් එක වර්‍ගයක සිතුවම් හෝ විහාරයක දී දක්නට නොලැබෙන්නේ නම් ඒ කලාතුරකිනි.

    ලංකාවේ පැරණි සිතුවම් කලාවක් තිබෙන්නට ඇත. එහෙත් බෞද්ධ සිතුවම් කලාව අපට ලැබුණේ බුදු දහමත් සමඟ ය. අනුරාධපුරයේ මුල් කාලයේ අඳින ලද සිතුවම් අද අපට දක්නට නොලැබේ. දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද රුවන්වැලිසෑයේ ධාතු ගර්භයේ බිත්තිවල විචිත්‍ර සිතුවම් ඇඳ කිබූ බව මහාවංශයේ කියැවෙයි. ජාතක කථා අඳින ලද චිත්‍රවස්ත්‍රවලින් වෙසක් දින අනුරාධපුරයේ නගරය අලංකාර ව තිබූ බව ලක්දිවට පැමිණි පාහියන් නමැති චීන භික්ෂූන් වහන්සේ ගේ ගමන් විස්තරයේ (5 සියවස) සඳහන් වෙයි.

    අනුරාධපුර යුගයට අයත් බිතුසිතුවමක් මිහින්තලේ චෛත්‍යයක ධාතු ගර්භයකින් සොයා ගෙන තිබේ. මේ සිතුවම් වලාකුළුවලින් මතුවන දේවතා සමූහයකගේ රේඛා චිත්‍රයකි. දැනට ඉතිරි වී ඇති අනුරාධපුරයට අයත් හොඳ ම සිතුවම් පස්වන සියවසට අයත් සීගිරි චිත්‍ර යි.

    1251878168sigiriya-7.jpg

    සීගිරිය

    Sigi.jpg

    සීගිරිය : wiki

    මහනුවර ආසන්නයේ පිහිටි හිඳගල විහාරයේ ද මැකී ගෙන යන පැරණි සිතුවම් කොටසක් ඇත්තේ ය. හත්වන සියවසට අයත් සේ සලකනු ලබන මෙම චිත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ හමුවීමට ශක්‍රයා ඉන්ද්‍රශාල ගුහාවට පැමිණි අවස්ථාව නිරූපණය වේ යනු හිටපු පුරාවිද්‍යා කොමසාරිස් වරයෙකු වන ආචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස විය.

    800px-Hindagala_paints.jpg

    හිඳගල : සිදුහත් කුමරු ගිහි ගෙය තුළ විදින ලද සැප සම්පත් : wiki

    800px-Hid.jpg

    හිඳගල : wiki

    Hindagala.jpg

    හිඳගල : wiki

    Hindagala2.jpg

    හිඳගල : wiki



    පොළොන්නරු යුගයේ චිත්‍ර

    පොළොන්නරු යුගයේ මුල් කාලයට අයත් සිතුවම් පළමුවරට හමුවන්නේ පැරණි මහියංගන චෛත්‍යයේ ධාතු ගර්භයෙනි. මාර පරාජය කොට බුද්ධත්වය ලබා ගැනීමේ සිද්ධිය මේ චිත්‍රයෙන් දැක් වේ. බුදුරජාණන් වහන්සේ දෙව් බඹුන් පිරිවරා බෝමුල වැඩ සිටිති. වෙන් වෙන් ව අඳින ලද බෝපත් පැහැදිලි ව දැක් වේ. දෙව්පිරිස අතර ශිව හා විෂ්ණු යන දෙවිවරුන් දෙදෙනා ද දක්නට ලැබේ. රතු, කහ, සුදු, කළු යන වර්ණ යොදා ඇඳ ඇති මේ සිතුවම් සෞන්දර්යයඅතින් උසස් තැනක් ගන්නා බව කියනු ලැබේ. මහියංගන ධාතු ගර්භයේ සිතුවම් 1 විජයබාහු රජ (ව්‍යවහාර වර්ෂ 1055- 1110) සමයට අයත් වෙයි.

    Mahiyana.jpg

    මහියංගනය : wiki

    Mahiyana1.jpg

    මහියංගනය : wiki

    පොළොන්නරු යුගයට අයත් වැදගත් බිතු සිතුවම් රාශියක් දක්නට ලැබෙන්නේ මහා පරාක්‍රමභාහු රජු ( ව්‍යවහාර වර්ෂ 1153 -1186) විසින් ගොඩ නගන ලද තිවංක පිළිම ගේ නැමැති විහාරයේ ය. මෙම විහාරය ඒ නමින් හැඳින්වෙන්නේ උරහිස, ඉඟ හා දෙදණ යන තුන් තැනකින් වක් වූ බුදු පිළිම වහන්සේ නමක් එහි සිටිනා බැවිනි.

    මෙහි ගන්ධ කුටියේ බිත්තිවල බුද්ධ චරිතය දැක්වෙන විශාල සිතුවම් තිබූ බව පෙනේ.
    බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම කරවීමත්, විශාලා මහනුවර වැසියන් තුන් බියෙන් මුදවා ගැනීමට ගංගානදිය දිගේ නැවකින් වැඩම කරවීම දැක්වෙන සිතුවමත් තවමත් හඳුනා ගත හැකි ය.
    මෙම විහාරයේ අන්තරාලයේ බිත්තිවල තීරු වශයෙන් ජාතක කථා සිතුවම් කර ඇති අයුරු පෙනේ. ඒවා අතරින් සස, වෙස්සන්තර, අසංඛවතී,තුණ්ඩිල, විදුර, ගුත්තිල, චුල්ලපදුම, මෛත්‍රීබල හා සාම යන ජාතක කථා සිතුවම් හඳුනා ගත හැකිය.
    ගන්ධකුටියත් අන්තරාලයත් අතර බිත්තියක දැක්වෙන විශාල දෙව්පිරිසක් ඇතුළත් චිත්‍රයද වැදගත් ය. තුසිත භවනයේ වැඩ සිටින බෝසතාණන් වහන්සේට බුදුවීම සඳහා මනුලොව වැඩීමට කරන දේවාරාධනාවමේ චිත්‍රයෙන් දැක්වෙන බව මහාචාර්ය පරණවිතාන මහතාගේ අදහස විය. මේ දෙව්පිරිස් අතර අතකින් නෙලුම් මලක් දරා සිටින්නේ බෝසත් තුමා බව කියනු ලැබේ.
    මේ රූපවල විවිධ හැඩයේ මුහුණු දක්නට ලැබේ. අත්, ඇඟිළි, ඇස් ඇඳුම් හා ආභරණ ඉතා සියුම් වූ රේඛාවලින් ඇඳ දක්වා ඇත. රතු, කහ සහ කොළ යන වර්ණ බෙහෙවින් භාවිත කොට ඇති බව ද පෙනේ.
    අනුරාධපුර යුගයේ පැවති උසස් බිතු සිතුවම් සම්ප්‍රදාය පොළොන්නරු යුගය දක්වා ම පැවති බව තිවංක පිළිමගෙයි සිතුවම් වලින් සිතා ගත හැකි ය.


    Po.gif


    tivanka001.jpg


    tivanka003.jpg
    tivanka002.jpg

    තිවංක පිළිම ගෙය

    පොළොන්නරුවේ ගල්විහාර පිළිමගෙයි බිත්තිමුල්ලක ඉතිරි වී ඇති රැවුලක් සහිත ප්‍රතාපවත් පුද්ගලයාගේ උඩුකය දැක්වෙන සිතුවම ද උසස් චිත්‍රයකි.
    දිඹුලාගල මාරවීදිය නම් ස්ථානයේ ද, පුල්ලිගොඩ ගල්ගේ ස්ථානයේ ද පොළොන්නරු යුගයට අයත් තවත් සිතුවම් දක්නට ලැබේ.

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මහනුවර යුගයේ චිත්‍ර

    මහනුවර යුගයේ චිත්‍ර

    පොළොන්නරු යුගයෙන් පසු ව අපට විහාර බිතුසිතුවම් දක්නට ලැබෙන්නේ මහනුවර යුගයේදී ය. දහඅටවන සියවසේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ ඇති වූ බෞද්ධ ප්‍රබෝධය නිසා පැරණි විහාර රාශියක් අලුත්වැඩියා කරනු ලැබිණ. මේවා අතර බිතුසිතුවම් නිසා ඉතා ප්‍රසිද්ධියට පත් විහාර කීපයක් නම් රන්ගිරි දඹුලු විහාරය, රිදී විහාරය, දෙගල්දොරු විහාරය, හා කැළණි විහාරය යි.

    මේ විහාරවල දැක්වෙන මහනුවර යුගයේ චිත්‍රවල කැපී පෙනෙන පොදු ලක්ෂණ තිබේ.

    • වැඩි වශයෙන් ජාතක කථා චිත්‍රයට නගා ඇත්තේ බිත්තිවල කුඩා තීරු වශයෙනි.
    • එක් එක් කථාව හා සම්බන්ධ සිද්ධි රාශියක් අනුපිළිවෙලින් තීරුවල දක්වනු ලැබේ.
    • එක් එක් සිද්ධියේ දී කථා නායකයා නැවත නැවත ඇඳ දක්වනු ලබන මේ චිත්‍ර සම්ප්‍රදාය අඛණ්ඩ කථන ක්‍රමය නමින් හඳුන්වනු ලැබේ.
    • අනුපිළිවෙළින් සිද්ධි නැරඹීමෙන් නරඹන්නෙකුට පහසුවෙන් කථාන්තරය ඉගෙන ගත හැකි ය.
    • මෙම සිතුවම් වල ජීව රූප, ගස්කොලන්, ආදිය දක්වා ඇත්තේ එක ම පාද රේඛාවක ය.
    • රූපවල බාහිර රේඛාව පැහැදිලි ය.
    • අඳුර ආලෝකය නොදක්වා පැතලි වර්ණ යොදා ඇත.
    • බොහෝ චිත්‍රවල පසුබිම තද රතින් හෝ දුඹුරු වර්ණයෙන් දක්වා ඇත.
    • මිනිස් රූප හැරී තිබුණත් ඇස් අඳින්නේ ඉදිරියට පෙනෙන ආකාරයට ය.
    • එසේ ම ඉදිරි බලා සිටින අයගේ පාද අඳින්නේ ඇලයට පෙනෙන ආකාරයට ය.
    • ගස්වල කොළ වෙන්‍ වෙන් ව අඳිනු ලබන අතර, ඒවා මෝස්තර ස්වභාවයක් ගනියි.
    • සිද්ධියක් ප්‍රකාශ කිරීම හැරුණු විට මෙම චිත්‍රවලින් සියුම් හැඟීම් ප්‍රකාශ කිරීමක් සිදු නො‍ කෙරේ.
    • එහෙත් මේ සිතුවම් නරඹන්නාගේ ඇස් පිනවයි.
    මේ පොදු ලක්ෂණ නුවර යුගයේ සෑම විහාර බිතුසිතුවම් වල ම දක්නට ලැබෙයි.

    මීළඟට නුවර යුගයේ විහාර කීපයක බිතුසිතුවම් වෙන් වෙන් ව විමසා බලමු.



    රිදී විහාරය

    ridi_viharya_paintings-08-full;init:.jpg


    ridi_viharya_paintings-01-full;init:.jpg


    ridi_viharya_paintings-07-full;init:.jpg


    ridi_viharya_paintings-11-full;init:.jpg


    ridi_viharya_paintings-13-full;init:.jpg


    ridi_viharya_paintings-10-full;init:.jpg


    ridi_viharya_paintings-14-full;init:.jpg


    ridi_viharya_paintings-02-full;init:.jpg


    ridi_viharya_paintings-04-full;init:.jpg


    ridi_viharya_paintings-03-full;init:.jpg


    ridi_viharya_paintings-12-full;init:.jpg


    ridi_viharya_paintings-05-full;init:.jpg


    ridi_viharya_paintings-06-full;init:.jpg


    ridi_viharya_paintings-16-full;init:.jpg


    image credit ridiviharaya
     
    • Like
    Reactions: 1118lakmalkumara

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    රන්ගිරි දඹුලු විහාරයේ බිතුසිතුවම්

    රන්ගිරි දඹුලු විහාරයේ බිතුසිතුවම්

    ඉතා විශාල ප්‍රමාණයේ ලෙන් විහාර පහක් ඇති දඹුලු විහාරය මහනුවර යුගයේ මහා චිත්‍රාගාරයක් ලෙස සැලකිය හැකිය. ලොකු කුඩා බුදුපිළිම වහන්සේලා සිය ගණනක් වැඩ සිටිනා මෙම ලෙන් විහාර ගෙවල බිත්ති හා ගල් සීලිම චිත්‍ර වලින් ම පිරී ඇත. බුද්ධ චරිතයේ සිද්ධි හා ජාතක කථා හැරුණු විට බෞද්ධ ඉතිහාස පුවත් රාශියක් දඹුලු විහාරයේ චිත්‍රගත කොට ඇත. විජයකුමරුගේ ලංකාවතරණය, දුටුගැමුණු එළාර යුද්ධය, රුවන්වැලි මහා සෑයේ ධාතු නිධානෝත්සවය, සඟමිත් තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම ඒවායින් කීපයකි.
    ඉඩකඩ ඇති විශාල ගල් බිත්ති හා ගල් පියස්ස නිසා සිත්තරාට විශාල සිතුවම් ඇඳීමට ඉඩ ලැබී ඇත. එක් විහාර ගෙයක ගල් සීලිමේ ඇඳ ඇති මාර පරාජය දැක්වෙන සිතුවම් කොයිතරම් විශාල ද කියතොත් නරඹන්නාගේ දර්ශන පථයට එකවර අසුකර ගත නො හැකිය.


    450px-Dhambulla_Cave_Interior_6.JPG


    site_0561_0002.jpg


    Dambulla_22.JPG


    site_0561_0005.jpg


    450px-Dambulla-coves7.jpg


    elaradutugamunu.jpg


    buddarupaya.jpg


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දෙගල්දොරු විහාරයේ බිතු සිතුවම්

    දෙගල්දොරු විහාරයේ බිතු සිතුවම්

    මහනුවර ආසන්නයේ පිහිටි දෙගල්දොරු විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් කරවා පූජා කරන ලද්දකි. මෙහි පිළිම ගෙය ලෙන් විහාරයකි. ඒ ඉදිරිපිට සාදන ලද මණ්ඩපයකි. පිළිමගෙයි බිත්තිත්, මණ්ඩපයට මුහුණ ලා ඇති බිත්තිත් සීලිමත් චිත්‍රකරණයට යොදා ගෙන ඇත්තේ ය. බිත්තියේ ජාතක කථා චිත්‍රයට නගා ඇත්තේ කුඩා තීරු වශයෙනි. සීලව , වෙස්සන්තර සුතසෝම හා සත්තුභත්ත මෙහි චිත්‍රයට නගා ඇති ජාතක කථා කීපයකි. වෙස්සන්තර ජාතකයට ප්‍රධාන තැනක් හිමි වී තිබේ. එහි සිද්ධි 25 ක් චිත්‍රයට නගා ඇති අතර, එක් එක් චිත්‍රය යටින් සිද්ධියේ මාතෘකාව ද ලියා ඇත.

    ඒ සිද්ධි වලින් කීපයක් පිළිවෙළින් මෙසේ ය.

    1. සිව් රට සඳමහරජාණෝ රජකරන වග
    2. බිහි වූ කෙනෙහි මව් දේවීන්ගෙන් දාන වස්තු ඉල් වූ වග
    3. රාජාභිෂේක කළ වග
    4. අලි ඇතුන් දන්දුන් වග
    5. වෙසතුරු රජාණෝ දසරාජ ධර්මයෙන් රජකළ වග.

    දෙගල්දොරුවේ සිතුවම් අඳින ලද්දේ දෙවරගම්පොල සිල්වත් තැන නැමැත්තෙකි
    .

    800px-Degaldoruwa.jpg


    800px-Deg.jpg


    %E0%B6%AF%E0%B7%99%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B7%94%E0%B7%80-1.jpg


    degaldoruwa-temple-2.jpg


    2721778316_516d76a4e5.jpg

    image credit Asanka Gallege

    spaceball.gif

     
    • Like
    Reactions: ransing

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කැලණි විහාරයේ බිතුසිතුවම්

    කැලණි විහාරයේ බිතුසිතුවම්

    කැළණියේ පැරණි විහාරය හා අලුත් විහාරය යනුවෙන් පිළිම ගෙවල් දෙකකි. එයින් පැරණි විහාරයේ ඇත්තේ දෙගල්දොරු විහාරයේ සිතුවම්වලට සමාන මහනුවර යුගයට අයත් බිතුසිතුවම් ය. අලුත් විහාරයේ දක්නට ලැබෙන නව ආරක බිතුසිතුවම් විසිවන සියවසේ මුල් දසකවල දී අඳින ලද්දේ සෝලියස් මැන්දිස් නමැති ශිල්පියා විසිනි. ඒ මහතා පැරණි ඉන්දියානු අජන්තා චිත්‍ර සම්ප්‍රදායයත් පැරණි දේශීය චිත්‍ර සම්ප්‍රදායයත් මැනවින් අධ්‍යයනය කොට කලාත්මක ගුණයෙන් පරිපූර්ණ සිත් ගන්නා අලුත් චිත්‍ර සම්ප්‍රදායක් බිහිකොට ඇත්තේ ය. මේ සිතුවම් ප්‍රමානයෙන් විශාල ය.
    ශිල්පියා වැඩි වශයෙන් චිත්‍රයට නගා ඇත්තේ ආගමික වශයෙන් හා ඓතිහාසික වශයෙන් වැදගත් සිද්ධීන් ය. බුදුරජාණන් වහන්සේ කැළණියට වැඩීම, නාගදීපයට වැඩීම, මහියංගනයේ දී යකුන් දමනය කිරීම, සමන්තකූටයේ සිරිපතුල පිහිටවීම, විජයාවතරණය, මහින්දාගමනය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම, හේමමාලා හා දන්තකුමරු දළඳා වහන්සේ වැඩම කරවීම මෙහි ඇති චිත්‍ර වලින් සමහරකි.
    සියලු දේ විස්තරාත්මක ව නිරූපණය කිරීම මේ සිතුවම්වල විශේෂ ලක්ෂණයකි.


    කැලණිය බිතුසිතුවම්

    %E0%B7%84%E0%B7%9A%E0%B6%B8%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F_%E0%B7%83%E0%B7%84_%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD_%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%90.jpg

    හේමමාලා හා දන්තකුමරු දළඳා වහන්සේ වැඩම කරවීම

    Rfn.jpg

    image credit wiki

    kelaniya7.jpg



     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නියමයිනේ........බුක්මාක් එකකුත් දාගත්තා

    තැන්ක්ස්
    :D:D
    11.gif