බුදු සමයේ මූලධර්ම අතර කර්මය හා පුනර්භවය යන විෂය ක්ෂේත්‍ර දෙකට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. ප්රාග් බෞද්ධ යන විෂය මෙම මාතෘකා පිළිබඳ විවිධ කරුණු දාර්ශනික ලෙස සාකච්ඡා කොට ඇත. ආත්මවාද මත පදනම් වීම එම ඉගැන්වීම්වල විශේෂ ලක්ෂණයයි. එම නිසා ශාශ්වත දෘෂ්ටිය (දිගින් දිගට සැරිසරණ ආත්මයක් ඇත යන විශ්වාසය) ප්රාග් බෞද්ධ (බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමට පෙර) ඉගැන්වීමවල න්‍යාය වන අතර, චරණය වන්නේ අත්තකිලමාතානු යෝගයයි. භාෂාත්මක හේතු මත බැලු බැල්මට බෞද්ධ හා සෙසු ඉගැන්නීමවල හුදු සාම්‍යයක් දක්නට ලැබෙතත් එය සත්‍යයක් නොවේ. මක්නිසාද යත්,
කර්මය හා පුනර්භවය යථාර්ථ වශයෙන් විවරණය කිරීම සඳහා බුද්ධ ධර්මයෙහි උපයෝගි කොට ගෙන ඇත්තේ ප්‍රනීත්‍ය සමුප්පාද න්‍යායයයි. කර්ම රැස් කරන්නේ අවිද්‍යාව හෙවත් නොදැනීම නිසාය. අවිජ්ජා, සංඛාර,තණ්හා, උපාද්‍රන, භව යන මේ සියල්ලක් හේතු කොට ගෙන විඤ්ඤාණ, නාමරූප ආදී ඵලයන් ජනිත කෙරේ. මෙසේ කවර ආකාරයකින් හෝ හේතු- ඵල වශයෙන් දුක් ඇති කරවමින් සත්ත්වයාගේ සසර ගමනසිදු වේ.
අවිජ්ජා, තණ්හා ආදිය පසුබිම් කොට ගත් චෛතසිකයන් සිතක නැවත ඇති නොවෙන සේ මුලිනුපුටා දැමීය හැකි වු විටෙක නැවත භවයක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත. ( න හි ජාතු ගබ්බසෙය්යං පුනරේති) පුනර්භවය ඇති කරන සාධකයන් යථාභූත - ඤාණදස්සනයෙන් හඳුනා ගත් කල්හි ඊලඟ භවයන් පිළිබඳ අපේක්ෂා රහිතව, උපාච්‍රනයෙන් තොරව සිතෙහි නිරෝධය ඇතිවෙයි. පුනර්භවය රහිත ව නාමරූප ධර්මයන්ගේ එම නැවැත්ම නිවි ගිය පහන් දැල්ලක් මෙන් අනිර්වචනීය ස්වභාවයටපත් වේ.