බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    බෞද්ධ_කාලය_සහ_බෞද්ධ_අවකාශය

    එළකිරියේ මෑත ඉතිහාසයෙදි එක් එක් පුද්ගලයන් එක පාරට මතු වෙලා බෞද්ධ දර්ශනයට එරෙහිව හඬක් නැගුවෙ බෞද්ධ දර්ශනය විද්‍යාත්මක නැහැ කියල. මම ඒ ඇතැම් එව්වට මගෙ දැනුම් ප්‍රමාණයෙන් පිළිතුරු දුන්න. ඒත් බෞද්ධ දර්ශනය සහ ඔය කියන විද්‍යාව සසඳන්න කවුරුවත් හඬක් නගන බවක් නොපෙනුන නිසා මම මේ ලිපිය පල කරන්නෙ. මේක මම මගේ බ්ලොග් අඩවියට ලියූ ලිපියක් වුණත් මුළු ලිපියම එළකිරියෙත් දැම්මොත් හොඳයි කියල හිතුනා...


    බෞද්ධ කාලය සහ බෞද්ධ අවකාශය

    ඔබ "ලක්ෂීය නිරීක්ෂකයෙක්" බව සිතන්න. ඔබ අවට ඇත්තේ අපරිමිත හිස් අවකාශය පමණක් යැයි ද සිතන්න. එසේ වූ විශ්වයක සැබවින්ම ඔබට "අවකාශය" යන සංකල්පය පහල නොවනු ඇත. හේතුව නම් එවන් වූ විශ්වයක භෞතිකය වටහාගැනීමට අවකාශයක අවශ්‍යතාවයක් පැන නොනැගීමයි. එසේ වුවද අවකාශය යනුවෙන් එක් වියුක්ත සංකල්පයක් යොදාගෙන ඔබට නිව්ටෝනිය භෞතිකය එම විශ්වයේ භෞතිකය විස්තර කිරීමට ද යොදා ගත හැකි වනු ඇත.

    මෙහිදී වැදගත් කරුණ නම් "අවකාශය යනුවෙන් වියුක්ත සංකල්පයක්" පමණක් වුවද එම විශ්වයෙහි භෞතිකය යම් සීමාවක් ඇතුලත පැහැදිලි කිරීම සඳහා යොදාගත හැකි වීමයි (එම සංකල්පය යොදාගත යුතුම නොවීම වෙනත් කරුණකි). සැබැවින්ම අප දන්නා නිව්ටෝනීය භෞතිකයට අදාලව ගණිත විධි වාදයේ දී අපි යොදාගන්නා අවකාශය නම් සංකල්පය ද මේ වියුක්ත සංකල්පයම වේ. එහි යම් හෝ යතාර්ථයක් ගැන නොකියවේ. එනම් විධි වාදයේ දී
    අවකාශය යනු ද එක් වියුක්ත භූතාර්තයකි.

    ලග්රාන්ජියානු හෝ හැමිල්ටෝනීය විධි වාදයන් යොදාගෙන නිව්ටෝනීය භෞතිකයේ අවකාශයෙහි සමමිතීන් වූ සමජාතිත්වය සහ සමසාර්වදිශාතාවය හේතුවෙන් රේඛීය සහ කෝණික ගම්යතා සංස්ථිතික විය යුතු බව අපෝහනය කළ හැක. නිරීක්ෂණය කරන අවකාශය ද ආගණනයෙහිදී යොදාගත් වියුක්ත අවකාශයෙහිදී මෙන්ම නිසැක වශයෙන්ම උක්ත සමමිතීන් පෙන්වන්නේ නම් නිරීක්ෂණය කරන අවකාශයේ දී ද එකී සංස්ථිති පෙන්වන බව පමණක් මෙයින් කියවේ. එහෙත් මේ නිරීක්ෂණය කරන ආවකාශය කුමක් ද? එය සැබවින්ම ආගණනයට යොදාගන්නා යුක්ලිඩියානු හෝ හිල්බර්ට් අවකාශයක් නොවේ. එසේ වුවත් වැදගත් කරුණ වන්නේ මීලඟ දිනයේ දී අප පරීක්ෂණාගාරයේදී ගම්‍යතාවය සංස්ථිතික දැයි පරීක්ෂා කළ විට උක්ත න්‍යායිකව ලබාගත් ප්‍රතිඵලය සත්‍යාපනය කළ හැකි වීමයි. සැබවින්ම බටහිර භෞතික විද්‍යාත්මක දැනුම හෝ එහිදී ගොඩනැගෙන ගණිතමය විධි වාදයන්ගේ බර දරා සිටින ස්ථම්බය මේ සත්‍යාපනයන් වේ.

    බෞද්ධ චින්තනයෙහි දී අවකාශය යනුවෙන් සඳහන් වන්නේ කුමක් ද? අප හිස් අවකාශයක් ගැන සංකල්ප ගොඩනගමු. බටහිර භෞතිකයට අවකාශයෙහි යම් යතාර්ථයක් වෙයි (විධි වාදයේ දී එසේ නොකියවුණත්). එනම් අවකාශය යනුවෙන් යම් දෙයක් ඇත. ඔවුන්ට අනුව සමජාතීයත්වය සහ සමසාර්වදිශාතාවය පෙන්වන්නේ මේ "දෙය" යි. එහෙත් මෙතැනදී නැගෙන ගැටළුව නම් එම අවකාශය මෙකී සමමිතීන් පෙන්වන්නේ කුමන හේතුවක් නිසාදැයි යන්න ය. බුදු වදනට අනුව නිර්වාණය යනු බුදුවරයෙකුට හෝ අපට උදාහරණ මගින් විස්තර කර දිය හැක්කක් නොවේ. එහෙත් බෞද්ධ දර්ශනයට අනුව නිර්වානයේදී හිස් අවකාශය හෝ එමතු ද නොව හිස් බව (ශූන්‍යත්වය) ද නැත. එනම් මේවා සියල්ල අප විසින් ගොඩනැගුණු සංකල්ප වේ. බුදු දහමට අනුව අවකාශය, කාලය, යතාර්ථය, පැවැත්ම, විශ්වය, තමා, විඥඥානය, මනස, සිත් ආදී සියල්ල විඥඥානයේ සංස්කරණ වේ. විඥඥාය ද එහිම සංස්කරනයක් වන්නේ කෙසේද යන්න ඇරිස්ටෝටලියානු තාර්කණයෙන් අපට ගෝචර නොවිය හැක. හේතුව නම් ඇරිස්ටෝටලියානු තාර්කණයෙන් නිර්වාණාවබෝධ කළ නොහැකි වීමයි.

    බුදු දහමෙහි කියැවෙන පරිදි විද්‍යාවෙහි අරමුණ අවිද්‍යාව දුරු කිරීමයි. බටහිරයන්ගේ විද්‍යාවේ ද අරමුණ මෙය යැයි කෙනෙක් තර්ක කළ හැකි නමුත් සැබවින්ම කිව යුත්තේ බටහිර විද්‍යාවට තවමත් අරමුණක් නැත. ඔවුන් ඉබාගාතේ යති. එහෙත් මේ ඉබාගාතේ සැරිය ඉතා රසවත් ය. මම ද එහි රස විඳිමි. උදාහරණයක් ලෙස බටහිරයනට විශ්වය ආරම්භ වූයේ කවදා ද යන්න ඉමහත් ගැටළුවකි. වසර බිලියන ගණනක ඉලක්කමක් ප්‍රකාෂයට පත් කිරීමට ඔවුන් සිත යටින් ඉමහත් උනන්දුවක් දක්වති. මහා පිපිරුම් වාදයේ විශ්වයේ ආරම්භය ගැන යමක් නොකියවුණත් එය පිළිබඳ හදාරන, බටහිර පන්නයේ විද්‍යාව හදාරන සිසුවෙකුගේ හිතේ පිරී ඉතිරී යන්නේ මේ ඉලක්කම පිළිබඳ සිතුවිලි ය. එහෙත් කාලය යනු කුමක් දැයි ඔවුන්ට පැහැදිලි කිරීමක් නැත. නමුත් ඔවුන්ට කාලය යනුවෙන් යමක් ඇත. බටහිරයනට භෞතිකයෙහි ඉතාම වැදගත් විශ්වීය නියමයකි ශක්ති සංස්ථිතිය. ශක්තිය සංස්ථිතික වීමට හේතුව ලෙස නිව්ටෝනියානු භෞතිකය පෙන්වා දෙන්නේ කාලයෙහි උත්තාරණ සමමිතියයි. එනම් ඔවුනට අනුව කාලය යනු උත්තාරණ සමමිතිකත්වය සහිත "දෙයකි". බෞද්ධ දර්ශනයෙහි දී කාලය යනුවෙන් "දෙයක්" නැත. බටහිර භෞතිකයෙහි දී කාලයෙහි පැවැත්මක් සැලකීමට හේතුව ද සත්වයාට පොදුවේ ඇති එක් මුලාවකි. ඔවුන්ට අනුව අතීතයක් ද වර්තමානයක් ද ඇත. ඇතම් විට අනාගතයක් ද ඇත. එනම් අප කාල අක්ෂයේ යම් පිහිටුමක සිටින බව ඔවුන් සිතති. එවැන්නක් සූත්‍රගත කළ හැකි නම් අපට කාලය ඔස්සේ අභිමත දිශාවකට නිරායාසයෙන් ගමන් කළ නොහැක්කේ මන්දැයි ඔවුන් පැහැදිලි නොකරති. එහෙත් අවකාශයේ එසේ ගමන් කළ හැකි වීම ඔවුන්ට ගැටළුවක් ද නොවේ. බෞද්ධ දර්ශනයට අනුව අප අවධාවය යොමු කළ යුත්තේ වර්තමානය නම් එක් ක්ෂණයට පමණි. අතීතයත් අනාගතයත් යනු මනායතනය මගින් කරන සංස්කරන පමනි. මෙතැනදී බටහිර භෞතික විද්‍යාව හදාරන්නෙක් ඉමහත් ගැටළුවකට මුහුණ දෙයි. අතීතයක් ගැන සැලකිය නොහැකි නම් භෞතික පද්ධතියක ඉතිහාසය පදනම් කරගෙන එය මීලඟට එලඹෙන තත්ත්වය පුරෝකථනය කිරීම කළ හැක්කේ කෙසේ ද යන්නයි. ක්වන්ටම් භෞතිකයේ දී එසේ සැමවිටම පුරෝකථනය කිරීමට නොහැකි වීම වෙනම කරුණකි. (ඇතැම් විට ක්වන්ටම් භෞතික අසම්පූර්ණ බව කීමට බටහිරයන්ම ඉදිරිපත් වන්නේ මේ හේතුවෙනි.) නමුත් පෞරාණික සම්භාව්‍ය භෞතිකය පුරාවටම සිදු වන්නේ මෙයයි.

    බටහිර භෞතිකය මේ පුරෝකථනයන් කිරීමේදි ඉමහත් සමත්කම් දැක්වුවද ඔවුන් තේරුම් නොගත් දෙයක් ඇත. ඔවුන් භෞතිකය අධ්‍යයනය කරන්නේ යැයි කියමින් නොදැනුවත්ව කරන්නේ මනසේ හැසිරීම තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. මනස කාලය යනුවෙන් "දෙයක්" සංස්කරණය කරන නිසා බටහිරයනට කාලය යනුවෙන් දෙයක් ඇත. එහෙත් නිර්වාණාවබෝධය සඳහා වූ බෞද්ධ විද්‍යාවේ දී කරන්නේ මනසේ හැසිරීම නොව විඥඥානයේ හැසිරීම පිළිබඳ විග්‍රහයකි.
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    හ්ම්ම් ඔය කියන්න හදන්නේ අවිද්‍යාවෙන් විද්‍යාව මනින එක තේරුමක් නැති වැඩක් කියලනේ,,, :nerd:
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    machan.. therenne nathi wachana godak thiyanawa...

    මටත් ගොඩක් කරුණු තේරුං ගන්න අමාරුයි සහෝදරයා.......

    :sorry: එළකිරියට ගැලපෙන විදියට ආය ලියන්න හිටියත් ඒක කරගන්න වෙලාවක් නැති වුනා. සංකීර්ණයි වගේ පේනව ඇත්තෙ සමහර සිංහල වචන නිසා නම් මට ඒ මොනවද කියල කිව්වොත් තේරුම් ගන්න උදව් කරන්නම්.



    හ්ම්ම් ඔය කියන්න හදන්නේ අවිද්‍යාවෙන් විද්‍යාව මනින එක තේරුමක් නැති වැඩක් කියලනේ,,, :nerd:

    ඔව් එහෙම දෙයක් මේකෙ කියවෙනවා මිත්‍රයා :yes:
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    monava me liyala thiyenne. mage sinhala sux vage.
    English valin danna barida.?

    English translation එකක් ඉක්මනින් දාන්න බලන්නම්. කමෙන්ට් එකට ස්තූතියි
     

    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    අවකාශය කියන්නේ සීමාවක් නොමැති, ත්‍රිමාණ පැතිරීමක්.මෙහි ද්‍රව්‍යමය දේවල් වගේම සිද්ධින් සිදුවෙමින් පවතී. බුදු දහමත් පහල වුනේ මේ අවකාශයේ තමයි.
     

    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    මම ලඟදි ‍ෆිල්ම් එකක් බැලුවා.මේක පදනම් කරගෙන තියෙන්නේ මිනිස් මොලය සම්බන්ධව. සාමාන්‍යයෙන් මොලයෙන් අපි පාවිච්චි කරන්නේ 10-20% පමණ ප්‍රමාණයක් විතරලු.නමුත් යම්කිසි කණ්ඩයමක් බෙහෙත් පෙත්තක් හදලා තියෙනවා.මේ පෙත්ත බීවාම මොලයේ 100% ම අපිය පවිච්චි කරන්න පුලුවන්. හැම දෙයක්ම විනාඩි ගානකින් ඉගෙන ගන්න පුලුවන්.හැම වැඩකටම සුපිරි දක්ෂතා එනවා. පැය 3කින් දක්ෂ වෛද්‍යවරයෙක් වෙන්න පුලුවන්, පැය ගානකින් ඉංජිනේරුවෙක් වෙන්න පුලුවන්. බෲස්ලිගේ චිත්‍රපටයක් බලලා බෘස්ලි වගේ ගහගන්න පුලුවන්. මිනිහෙක් හැරෙන කොට එයා කරන්න යන දේ අවබෝධ කර ගන්න පුලුවන්.
    මිනිසාගේ සුපිරිත්වය මේ පෙත්ත මගින් ලබාගන්න පුලුවන්.භාවනා කරලා අපේ මොලෙයේ ක්‍රියාකාරිත්වය 100% කරන්න පුලුවන් නම් මරු.
    අයින්ස්ටයින් කියන්නේ මොලයේ එක පැත්තක් විවෘත කර ගත්ත කෙනෙක්.
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මම ලඟදි ‍ෆිල්ම් එකක් බැලුවා.මේක පදනම් කරගෙන තියෙන්නේ මිනිස් මොලය සම්බන්ධව. සාමාන්‍යයෙන් මොලයෙන් අපි පාවිච්චි කරන්නේ 10-20% පමණ ප්‍රමාණයක් විතරලු.නමුත් යම්කිසි කණ්ඩයමක් බෙහෙත් පෙත්තක් හදලා තියෙනවා.මේ පෙත්ත බීවාම මොලයේ 100% ම අපිය පවිච්චි කරන්න පුලුවන්. හැම දෙයක්ම විනාඩි ගානකින් ඉගෙන ගන්න පුලුවන්.හැම වැඩකටම සුපිරි දක්ෂතා එනවා. පැය 3කින් දක්ෂ වෛද්‍යවරයෙක් වෙන්න පුලුවන්, පැය ගානකින් ඉංජිනේරුවෙක් වෙන්න පුලුවන්. බෲස්ලිගේ චිත්‍රපටයක් බලලා බෘස්ලි වගේ ගහගන්න පුලුවන්. මිනිහෙක් හැරෙන කොට එයා කරන්න යන දේ අවබෝධ කර ගන්න පුලුවන්.
    මිනිසාගේ සුපිරිත්වය මේ පෙත්ත මගින් ලබාගන්න පුලුවන්.භාවනා කරලා අපේ මොලෙයේ ක්‍රියාකාරිත්වය 100% කරන්න පුලුවන් නම් මරු.
    අයින්ස්ටයින් කියන්නේ මොලයේ එක පැත්තක් විවෘත කර ගත්ත කෙනෙක්.

    Film Eke nama mokadda?
     

    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    CHICAGO — There was no stopping "Limitless" at the box office.

    The sci-fi thriller opened at No. 1 this weekend with $19 million, according to studio estimates Sunday.

    The film from Relativity Media stars Bradley Cooper as a struggling writer who takes a magical pill that allows him to tap into his maximum brain potential. Suddenly he's cleaned up, making millions and wowing everyone he meets. Robert De Niro co-stars as a financial guru who's fascinated by him, with Abbie Cornish as Cooper's skeptical girlfriend.

    "Limitless" broke out of a crowded pack of new releases and holdovers to take the top spot.
     

    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    few years ago I had a forum discussion about this kind of a person. what he can do etc. but greatly some one had make a movie
     

    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    මහාචාර්ය නලින්ද සිල්වාගෙන් උපුටාගත් බව පැහැදිලිය...
    ඒත්,......අදහස ??:confused:

    බටහිර විද්‍යාව කියන වචනේ නලීන්ගේ තමයි. විද්‍යාව බටහිර වෙන්නේ කොහොමද?
    එතකොට ජපානය, චීනය, රුසියාව බටහිරද?:lol::lol:
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මහාචාර්ය නලින්ද සිල්වාගෙන් උපුටාගත් බව පැහැදිලිය...
    ඒත්,......අදහස ??
    :confused:

    :shocked: එතුමාගෙන් උපුටා ගත් ලිපියක් නොවෙයි මිත්‍රයා.
    උපුටා ගැනීමක් නම් ඒ බව සඳහන් නොකරන වර්ගයේ කෙනෙක් නෙමෙයි මම.

    මේ ලිපියේ අදහස් එතුමාගේ අදහස් වලට පටහැනි වෙන්නත් පුළුවන්.
    මගේ බ්ලොග් අඩවියේ තවත් මම ලියූ ලිපි තියනවා