බෲස්ලී ගේ අඟල් එකේ

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
බෲස්ලී ගේ අඟල් එකේ

බෲස්ලී ගේ අඟල් එකේ මුෂ්ටි ප්‍රහාරයේ රහස එළිවෙයි

කරාතේ පුහුණුව ලබන ඕනෑම කෙනෙකුට මතක ඇති බෲස්ලීගේ ලෝක ප‍්‍රකට අඟල් එකේ ප‍්‍රහාරය කොයි වගේද කියලා. ඔහුට ඒ ඉතා ළඟ ඉඳලා ගහන ඒ මුෂ්ටි ප‍්‍රහාරයෙන් පුළුවන් පහර ලබන තැනැත්තා අහසින් විසි කරන්න.

ඒ කාලයේ බෲස්ලී ඔහුගේ උපරිම කායික ශක්තියෙන් සිටින්න ඇති. ඒ ගැන සැකයක් නැහැ. ඒත් දැන් පර්යේෂණයකින් සොයා ගෙන තියෙනවා, ඉතාම ආසන්න දුරක සිට ඒ තරම් තදින් පහරක් දෙන්න ඔහුට හැකියාව ලැබී ඇත්තේ කායික ශක්තියෙන් ම පමණක් නොවෙයි, මොළයේ ඇති වන වෙනසක් නිසා බව.


මොළයේ ස්කෑන් පරීක්ෂණයකින් (පරිලෝකනයකින්) හෙළි වී තියෙනවා, ස්නායුක ව්‍යුහයේ ඇති කර ගන්නා වෙනස්කම් නිසා මෙය සිදු වන බව. අඟල් එකේ මුෂ්ටි ප‍්‍රහාරය එල්ල කරන ප‍්‍රවීණ සටන්කරුවකු ආධුනික සටන්කරුවකුට වඩා වෙනස් ආකාරයකට ප‍්‍රබලව එය එල්ල කරන්නේ මොළයේ සිදු කෙරෙන විශේෂ ඉසියුම් සුසර කිරීමක් මගින් බවයි.


brusli6.jpg
00202020.jpg
බෲස්ලී රඟපෑ ‘එන්ටර් ද ඩ‍්‍රැගන්’ චිත‍්‍රපටයෙන්. නව පර්යේෂණයකින් හෙළි වී තියෙනවා, ඔහුගේ අඟල් එකේ මුෂ්ටි ප‍්‍රහාරය කායික ශක්තියෙන් මොළයෙන් කරන වැඩක් කියල.

කළුපටිධාරීන්ට සිය මුෂ්ටි ප‍්‍රහාරය ඇදහිය නොහැකි ශක්තියකින් එල්ල කළ හැකි වුවත් මෑත දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ එවැනි පහර ප‍්‍රබලත්වය පේශීවල ශක්තියෙන්ම පමණක් නොව පේශී චලනයන් පාලනය කිරීමේ දී මොළයත් විශාල වැඩ කොටසක් කරන බවයි.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලීජියත් ලන්ඩනයේ යුනිවර්සිටි කොලීජියත් එක්ව මේ පිළිබඳ ව පර්යේෂණයක් කරලා තියෙනවා. පර්යේෂකයන් මේ සඳහා ප‍්‍රවීණ කළු පටිධාරී කරාතේ පුහුණුවන්නන් 12 දෙනකු හා කරාතේ පුහුණු නොලද එහෙත් සම වයසේ සවිමත් 12දෙනකු මෙම මොළයේ ව්‍යුහයේ ඇති වන වෙනස්වීම් පිළිබඳ පරීක්ෂණයට ලක් කළා.


පර්යේෂකයන් ඒ ආධුනිකයන් එල්ල කරන මුෂ්ටි ප‍්‍රහාරයන් සෙන්ටිමීටර් 5ක දුරට සීමා කොට පරීක්ෂාවට ලක් කළා.


බලාපොරොත්තු වූ ආකාරයටම කරාතේ කණ්ඩායම් තදින් ප‍්‍රහාර එල්ල කළා. එහෙත් ඔවුන්ගේ ප‍්‍රහාරවල බලය රදා පැවතියේ ඒ සඳහා ගත කරන කාලය මතයි. කායික ශක්තිය මත නොවෙයි. එහිදී ඔවුන් ජනනය කළ මුෂ්ටියේ බලය මැණික් කටුවේ හා උරහිසේ සහසම්බන්ධය මත ඇති වන්නක් බව හෙළි වුණා.


brusli047.jpg
2.jpg
පර්යේෂකයන් යොදා ගත්තා කරාතේ කළු පටිධාරීන් 12 දෙනකු හා සාමාන්‍යයෙන් ශක්තිමත් එහෙත් සටන් පුහුණුවක් නොලද නවකයන් 12 දෙනකු මේ මොළයේ ස්කෑන් පරීක්ෂාවට.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලීජියේ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය එඞ් රොබට්ස් තමා මේ අධ්‍යයනය මෙහෙයවූයේ. ඔහු සඳහන් කළේ, ”කරාතේ කළුපටිධාරීන්ට එකම ආකාරයකින් මුෂ්ටි ප‍්‍රහාරය නැවත නැවතත් එකම මට්ටමකින් එල්ල කළ හැකි වුවත් ආධුනිකයන්ට එසේ කරන්නට හැකි වුණේ නැහැ.” යනුවෙනි.

”අපි හිතන්නේ ඒ හැකියාව ඇති කර ගන්නේ මස්තිෂ්කයේ ස්නායුක සම්බන්ධතා ඉසියුම් ආකාරයට සුසර කිරීමක් මගින් බවයි. එමගින් අතෙහිත් අත් දණ්ඩෙහිත් චලනයන් සමකාලිත කර ඉතා නිවැරදිව එල්ල කිරීමට හැකියාව වර්ධනය කර ගන්නා බවයි.”


මෙසේ අරගන්නා ලද මොළයේ පරිලෝකනයන් තුළින් පෙනී ගියා, පර්යේෂණයට භාජනය කර ගත් කණ්ඩායම් දෙක අතර මොළයේ යම් යම් කලාපවල වෙනස්කම් කි‍්‍රයාකාරම් අනුව වෙනස් වන බව.


මොළයේ සෑම කලාපයක්ම ධූසර ද්‍රව්‍යවලින් යුක්තයි. ඒවගේම ප‍්‍රධාන වශයෙන් ඇත්තේ ස්නායු ෙසෙල හා ශ්වේතාණු ද්‍රව්‍ය, එක කලාපයක සිට තවත් කලාපයකට පණිවිඩ ගෙන යන තන්තූන් ආදියයි.


ඞීටීඅයි ස්කෑනරයක් හෙවත් විසරණ ආතානක පිළිබිඹු පරිලෝකන උපකරණයක් මගින් ගත් පිළිබිඹු අනුව මොළයේ ශ්වේතාණු ද්‍රව්‍ය ඇතුළත් අනුමස්තිෂ්කයේ හා සිරුරේ චලනයන් පාලනය කරන ප‍්‍රධාන චාලක බාහිකයේ ව්‍යුහයේ වෙනස්කම් දකින්නට ලැබී තිබෙනවා. ඞීටීඅයි ස්කෑනරයෙන් ලබා ගත් අනුමස්තිෂ්කයේ මේ වෙනස්කම් සිදු වන්නේ මුෂ්ටි ප‍්‍රහාරය එල්ල කරන විට මැණික් කටුවේ හා උරහිසේ චලනයන් සිදු වන අවස්ථාවේ දී බව හෙළි කර ගෙන තියෙනවා.


ඞීටීඅයි ස්කෑනරයේ සංඥාවලට අනුව කරාතේ ශූරයන් පුහුණුව ආරම්භ කළ වයස ඔවුන් ඒ පිළිබඳව ලබා ඇති පරිචය හා කාලය හා සහසම්බන්ධතාවක් ඇති බවද හෙළිවී තියෙනවා.


මේ සොයා ගැනීම්වලට අනුව කළුපටිකාරයන්ගේ ප‍්‍රහාර එල්ල කිරීමේ හැකියාව මොළයේ ව්‍යුහයේ ඇතිවන වෙනස්කම් මත ම පවතින බව තහවුරු වී තියෙනවා.


”මොළයේ ව්‍යුහයන් හා චර්යාවන් අතර සම්බන්ධයක් ඇති බව අපි මේ තේරුම් ගන්නට පටන් ගත්තා විතරයි. අපේ මේ සොයා ගැනීම්, එකිනෙකට සම්බන්ධ සංකීර්ණ සම්බන්ධතා ඇති කි‍්‍රයාවලදී අනුමස්තිෂ්කය විශේෂ කාරියක් ඉටු කරන බව දැක්වුණු පෙර කරන ලද පරීක්ෂණවලින් හෙළි කර ගත් කරුණු තහවුරු කරන බව දැන් පැහැදිලියි.” වෛද්‍ය රොබට්ස් කියනවා.


ඞීටීඅයි ස්කෑනරයෙන් ලබා ගන්නා සංඥාවලට බලපාන තවත් කරනු ගණනාවක් තියෙනවා. ඒ නිසා ශවේතාණු ද්‍රව්‍යවල කුමන ද්‍රව්‍ය නිසා මේ වෙනස්කම් සිදුවෙනවා ද කියා අපට හරියට ම කියන්න බැහැ, වැඩි දියුණු කළ තාක්ෂණය යොදා ගෙන මෙය තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් තමයි පැහැදිලි චිත‍්‍රයක් මවා ගත හැක්කේ.




මෙම සොයා ගැනීම් පිළිබඳ විශේෂ ලිපියක් ‘සෙරබරල් කෝටෙක්ස්’ (Cerebral Cortex) සඟරාවෙහි අලූත්ම කලාපයෙහි පළ වී තියෙනවා.
ගත්තේ ''මල් කැකුළු '' එකෙන්.

 
Last edited:

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මම කරාතේ කලුපටි ධාරියෙක්
    මේ කියලා තියෙන දේ ගැන් විද්‍යාත්මක නිර්වචනය නම් මං දන්නේ නෑ

    ඒත් මේ පහර පුහුණුවීම් වලදී කරන්නේ මේ පහතින් දක්වලා තියෙන් විදිහට

    A B C
    හිතන්න ඔයා තමයි A
    ඔයා පහර එල්ල කරන්න හදන්නේ Bට
    ඒත් ඔයා හිතන්න ඕනි ඔයා පහර දෙන්න හදන කෙනා ඉන්නේ C වල කියලා

    මෙන්න මේ වගේ concept එකකින් තමා මේ පහර පුරුදු කරන්නේ
    මීට අමතරව තව කරුණු කිහිපයක් එකතු වෙනවා
    නමුත් ඒවා මෙතන පල කල නොහැකි බව සලකන්න