බ‍්‍රවුන්රිග්ගේ ද්‍රෝහී ගැසට් පත‍්‍රය අ&
ඉංගී‍්‍රසි අධිරාජ්‍යවාදයට එරෙහි ව සටන් වැදුණු 1818 කැරැල්ලේ විරුවන් රාජද්‍රෝහීන් ලෙස හංවඩු ගැසූ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ ගැසට් පත්‍රය අහෝසි කිරීමට සහ එම විරුවන්ගෙන් කොල්ලකාගත් ඉඩ කඩම් ඇතුළු දේපොළ ඔවුන්ගේ දූ-දරුවන් වෙත ලබා දීමටත් සම්බන්ධ ඓතිහාසික තීන්දුවක් රජය විසින් ගෙන තිබේ. නිදහසින් පසු බලයට පත් වූ සෑම ආණ්ඩුවක් ම ඉහත කී ගැසට් පත්‍රය අහෝසි කිරීමට පියවර ගෙන තිබුණ ද එය සාර්ථක වූයේ නැත. වත්මන් ආණ්ඩුව බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ ගැසට් පත්‍රය අහෝසි කොට 1818 කැරැල්ලේ වීරයන් ජාතික විරුවන් ලෙස නම් කරන සන්නස් පත්‍රයක් ලබා දීමට ද පියවර ගෙන ඇත. ජාතික වීර සන්නස් පත්‍ර ප්‍රදානය මැයි 22දාට යෙදෙන ජාතික වීර දිනයේ දී සිදු කිරීමට නියමිතය.
රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍ය රජයට යොමු කර තිබූ එම ගැසට් පත්‍රය මේ වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇත. එම ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනාධිපතිවරයාගේ අස්සනින් අවලංගු කිරීමට නියමිත බව ද සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය පවසයි.