වෙසක් කාලෙට ඇහෙන භක්ති ගීත අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ මූලිකාභාෂයේ තිබුන දේවල් නොවේ..ඒවා අපට අරන් ආවේ හෙන්රි ස්ටීල් ඕල්කට් සහ බ්ලැවැටැස්කි යන අය විසින්..ඕල්කට්ලා බුදු දහම ආගමක් විදියට වැලඳ ගත්තට ඒ අයට කතෝලික මුල් සිඳගන්න බැරි උනා..ඒ නිසා කතෝලික සංස්කෘතික උපාංග ගොඩක් අපේ ඇඟෙත් සවිකලා..
මේ දවස්වල ඉතාලියේ හැම තැනම ඇහෙන නත්තල් කැරොල් දකිද්දි මට මතක් වෙන්නෙ ස්ටීල් ඕල්කට්ව..ඒ අය අපේ රටේ සිදු කරපු සංස්කෘතික විපර්යාසය ගැන සමහරුන්ට තියෙන්නෙ හරි ආඩම්බරයක්..ඒ ගැන කතා නොකර ඉමු.ඒ වගේම මේ නත්තල් කැරොල් දකිද්දි මට තව ඩයල් එකක් මතක් වෙනවා..ඒ තමා මේ දවස්වල සිංදුයි බණයි රීමික්ස් කරකර හාමුදුරුවන්ටත් අමුතු තාලෙ බණ කියන දේවගැති චාල්ස් තෝමස්..
අනගාරික ධර්මපාලතුමා මුල් කාලයේ හෙන්රි ස්ටීල් ඕල්කට් ගැන ඉතා පැහැදීමෙන් වැඩ කරනවා..1886 ඕල්කට් එක්ක ධර්මපාලතුමා ලංකාව වටා බුදු දහම සහ පරම විඥානාර්ථ සංගමය වෙනුවෙන් දේශනා පවත්වමින් ගමන් කරනවා..ධර්මපාලතුමා ඕල්කට්ව දැඩිව විශ්වාස කරනවා..ධර්මපාලතුමා බුද්ධගයාව බේරාගත් පසුව ධර්මපාලතුමා වැඩි වශයෙන් බුද්ධගයාවේ සහ කල්කටාවේ වැඩකටයුතු කරමින් සිටියා...වරක් එතුමා ලංකාවට එන්න පිටත් වෙන අතරතුර ඕල්කට්තුමාව මුණ ගැහෙන්න මදුරාසියට යනවා. ඕල්කට්තුමාගේ නවාතැනේදී ධර්මපාලතුමා යමක් දකිනවා..එයින් ඔහු අතිශයින් කම්පාවට පත් වෙනවා. ඒ තමයි ලංකාවේ බෞද්ධයින් ඕල්කට්තුමාට පූජා වස්තුවක් විදිහට දීලා තිබ්බ දළදා වහන්සේගේ ආකෘතියක් කිසිම ගරු සරුවක් නැති විදිහට බිම දාලා තිබීම..මේකෙන් අතිශය කෝපයට පත්වෙන ධර්මපාලතුමා ඕල්කට්තුමාට බැණ වදිනවා.. මේ ගැටුම දුරදිග යාමත් එක්ක ඕල්කට්තුමා මහාබෝධි සංගමයෙනුත්, ධර්මපාලතුමා පරම විඥානාර්ථ සංගමයෙනුත් ඉවත් වෙනවා...
ධර්මපාලතුමා අවසානයේ පිළිගන්නවා ඕල්කට්ව විශ්වාස කිරීම තමන්ගේ ජීවිතයේ සිදුකල ලොකු වරදක් බව..එහෙම වෙන්න තවත් හේතු එතුමාට තියෙන්න ඇති..
මට නත්තල් කැරොල් දකිද්දි ඕල්කට්ව සිහිපත් වෙලා ඊට පස්සෙ චාල්ස් තෝමස්ව මතක් උනේ අහම්බෙන් නොවේ..
ඊයේ පෙරේදා අස්ගිරියේ මහානායක හාමුදුරුවෝ උත්සව සභාවක කියනවා ලංකාවේ සිංහල බෞද්ධයන්ට එරෙහි දිගුකාලීන සියුම් කුමන්ත්‍රණය තවම නිමා වී නැති බව...
මම උන්වහන්සේ සමඟ අනේකවාරයක් එකඟයි...
-මාලින්ද ඩයස්-
මොන්සා නත්තල් කැරොල් නරඹමින්..
2019 දෙසැම්බර් 22