භයානකම පරපෝෂිතයා විය_හැක.

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    භයානකම පරපෝෂිතයා විය_හැක.

    #
    ඌ සිය ග්‍රාහකයාගේ මුව තුලට වැද ග්‍රාහකයාගේ දිව දැඩිව අල්ලා ගනී . ටික දවසකින් ග්‍රාහකයාට සිය දිව අහිමිවෙි.
    --------------------------------------



    yom5132d0bh11.jpg


    https://www.youtube.com/watch?v=sKgDU71_sUc&fbclid=IwAR1AJKLwmM086rVFOdX7Qfcv-PTJ4JJG2igKKeaSzAgKRnavBb-E0yPPWao

    සාමාන්‍යයෙන් මෙම පරපෝෂිතයා හදුන්වන්නේ
    tongue eating louse යනුවෙනි. ප්‍රථම වරට මෙම පරපෝෂිතයා හමුවන්නේ බ්‍රසීල ධිවරයන්ගේ මාලු දැල්වල පැටලී සිටි මාලුන්ගේ මුව තුලය. ඒ හමුවුන සෑම මාලුවෙකුගේම දිව තිබුණේ නැත. පසුව ඡීව විදාඥයෝ බ්‍රසීලයේ රියෝ ග්‍රෑන්ඩ් ඩූ හා නොර්ටේ වෙරළබඩ මුහුද අතර 2006 ජනවාරි සිට දෙසැම්බර් දක්වා මාසිකව පරීක්ෂා කරන ලදී. එහිදී ඔවුන් ගේ දීර්ඝ නිරීක්ෂන සහ පරීක්ෂන වලින් පසුව ඔවුහු මෙසේ සටහන් තැබූහ.
    Cymothoa spinipalpa මුහුදේ ඡිවත්වන ඔිනෑම ආකරයේ මතස්‍යයකුගේ කරමල තුලින් ඇතුල්වී ධාරකයාගේ දිව තුල සිය නිය විිහිදා පදිංචි වෙයි. පරපෝෂිතයාගේ නිය පහර වැදීමෙන් ධරාකයාගේ දිවෙි ඇති රුධිර නාලිකා හානි වී ටික දවසකින් දිව මැරී යාමට පටන් ගෙන එය හැලී යයි. එහෙත් දිවෙි අග කොටස පරපෝෂිතයාගේ සිරැර සමග බද්ධ වෙි. අනතුරුව මත්සයාගේ දිව මෙන් ක්‍රියාකරන්නේ පරපෝෂිතයාය. ධාරකයකුගේ ඇගකට බද්ධ වී ධාරකයාගේ ඉන්ද්‍රයක් හානි පමුනවමින් නැවත එය ප්‍රතිෂ්ඨානය කරන එකම සත්වයා Cymothoa spinipalpa ය.මෙි පර‍‍පෝෂිතයා විශේෂ හැකියවකින් යුත් පරපෝෂිතයෙකි. ඌ හැමවිටම ග්‍රාහකයාගේ කරමලෙන් රිංගා දිවෙි පදිංචිවන විට පිරිමි සත්වයෙකි. ඌ ග්‍රාහකයාගේ දිව මිය ගිය පසු ගැහැනු සතෙක් බවට පරිවර්තනය වෙි ඌ වටා තවත් පරපෝෂිතයන් සිටී නමි ගැහැණු සතා කරන්නේ ඒ පරිසරය තුලට යමි රසායනික ද්‍රව්‍යක් සිය සිරුරෙන් පිට කිරීමය. එවිට අනෙකුත් පරපෝෂිතයන්ට ස්වයංව ස්ත්‍රී ලිංගිකයකු වීමෙි හැකියාව අහිමිවෙි. මෙය බටහිර හොල්මන් ච්ත්‍රපටියක එන කතාන්දරයක් බදුය... එක් පරපෝෂිතයෙක් හිටි පමණින් මාලුවා මිය යන්නේ නැත. එහෙත් දෙදෙනෙකු හෝ තිදෙනෙක් සිටි විට මාලුවා කෘෂ වී මරණයට පත්වෙි. සිය ධාරකයා මරණයට පත්වු විට ඌ ධරාකයාගේ මුවින් එළියට විත් ධාරකයාගේ මිය ගිය හිසෙහි පදිංචි වෙි.
    පරපෝෂිතයා ඡිවත්වෙන්නේ මාලුවාගේ දිවට බද්ධවු රුධිර නාලිකා වලින් සැපයෙන රුධිරයෙනි.
    සාමාන්‍යයෙන් මෙම පරපෝෂිතයාගේ ක්‍රියාව අප්‍රසන්න සහ භයානක වුවද මිනිසාට ඉන් හානියක් නොමැතිබව කියත්. ඌ එය හිතාමතාම කරනු ලබන හානියක් හෝ “නරකක්” නොවේ, එය පාරිසරික අරමුණු ඉටු කර ගැනීම සඳහා ඡිවියකු විසින් කරනු ලබන පරිණාමයේ හා අනුවර්තනයේ ස්වභාවයයි.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හම්බයෝන්ගෙ සමානකමක් පෙන්නේ මට විතරද ?
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    මොන මගුලක්ද මේ.. මෙක නම් ස්භාවදර්මය හදපු එකාට පැටලිලා හදපු සීන් එකක් තියෙන්නෙ
     

    Problem77

    Member
    Feb 9, 2019
    53
    14
    0
    අපේ අම්මලට ඔය කතාව කිව්වාහම කිව්වේ හුරුල්ලන්ගේ ගොඩක් ඔහොම ඉන්නවලු කරමලේ....හෙන අපිපරියයි කිව්වා...ඔලුව පිටින්ම අයින් කරනවලු...