බිල්පත් වෙන්දේසිය මුළුමනින්ම අසාර්ථකයි!
අද (අප්‍රේල් 9) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් රජය විසින් මිල දී ගැනීමට සමත්ව තිබෙන්නේ රුපියල් බිලියන 3.75ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. වෙන්දේසියට රුපියල් බිලියන 80ක බිල්පත් ඉදිරිපත් කර තිබුණා.
රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම ඇතුළු කවර හෝ හේතු නිසා සති තුනක පමණ සිට පොලී අනුපාතික මත පීඩනය ඉහළ යමින් පැවති බව අප විසින් පෙර සටහනක පෙන්වා දුන්නා. ඇමරිකාව විසින් තීරු බදු වැඩි කිරීමෙන් පසුව ඇති වී තිබෙන අවිනිශ්චිතතාවය හමුවේ දැන් ඉහත තත්ත්වය ඔඩු දුවමින් තිබෙනවා.
පසුගිය වසර තුළ ආර්ථිකය ඉලක්ක මට්ටමට වඩා වර්ධනය වූ අතර උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා අඩු වුනා. එහෙත් පොලී අනුපාතික ඉලක්ක මට්ටමට අඩු නොවූ බැවින් ඉහත යහපත් වර්ධනයන් නිසා රටේ ණය තිරසාරත්වයට ඇති වූ සාධනීය බලපෑමෙන් සැලකිය යුතු කොටසක් නිශේධනය වී ඇති බව මූල්‍ය අරමුදල විසින් පෙන්වා දී තිබුණා.
ප්‍රාථමික අයවැය අතිරික්තය ඉලක්ක මට්ටමේ තබා ගත්තේ වුවද, පොලී අනුපාතික ඉලක්ක මට්ටමේ රඳවා ගත නොහැකිනම්, සමස්ත අයවැය හිඟය ඉලක්ක මට්ටම ඉක්මවා යාම හේතුවෙන් ණය තිරසාරත්වය අවදානමට ලක් වෙනවා.
සිංහල අලුත් අවුරුද්දට පෙර මුදල් ඉල්ලුම ඉහළ යාමේ බලපෑමද මෙහි තිබෙනවා විය හැකි බැවින් ඇතැම් විට මේ තත්ත්වය සිංහල අවුරුදු සතියෙන් පසුව යහපත් අතට හැරෙන්නට පුළුවන්. ඒ වන විට තීරු බදු යුද්ධයද යම් සමතුලිතතාවයකට පැමිණ තිබිය හැකියි. ඉන් පසුවද මේ තත්ත්වයේ වෙනසක් සිදු නොවුවහොත් එය ප්‍රශ්නයක්.
ECONOMYNEXT – Sri Lanka sold only 3.7 billion rupees of Treasury bills of an offered 80 billion, with yields flat across maturities, data from the state debt office showed.
https://economynext.com/sri-lanka-sells-less-than-offered-treasury-bills-yields-flat-214874/

Sri Lanka sells less than offered Treasury bills, yields flat