භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය මුළුමනින්ම අසාර්ථකයි!

monson

Well-known member
  • May 7, 2007
    25,777
    28,926
    113
    බිල්පත් වෙන්දේසිය මුළුමනින්ම අසාර්ථකයි!

    අද (අප්‍රේල් 9) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් රජය විසින් මිල දී ගැනීමට සමත්ව තිබෙන්නේ රුපියල් බිලියන 3.75ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. වෙන්දේසියට රුපියල් බිලියන 80ක බිල්පත් ඉදිරිපත් කර තිබුණා.
    රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම ඇතුළු කවර හෝ හේතු නිසා සති තුනක පමණ සිට පොලී අනුපාතික මත පීඩනය ඉහළ යමින් පැවති බව අප විසින් පෙර සටහනක පෙන්වා දුන්නා. ඇමරිකාව විසින් තීරු බදු වැඩි කිරීමෙන් පසුව ඇති වී තිබෙන අවිනිශ්චිතතාවය හමුවේ දැන් ඉහත තත්ත්වය ඔඩු දුවමින් තිබෙනවා.
    පසුගිය වසර තුළ ආර්ථිකය ඉලක්ක මට්ටමට වඩා වර්ධනය වූ අතර උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා අඩු වුනා. එහෙත් පොලී අනුපාතික ඉලක්ක මට්ටමට අඩු නොවූ බැවින් ඉහත යහපත් වර්ධනයන් නිසා රටේ ණය තිරසාරත්වයට ඇති වූ සාධනීය බලපෑමෙන් සැලකිය යුතු කොටසක් නිශේධනය වී ඇති බව මූල්‍ය අරමුදල විසින් පෙන්වා දී තිබුණා.
    ප්‍රාථමික අයවැය අතිරික්තය ඉලක්ක මට්ටමේ තබා ගත්තේ වුවද, පොලී අනුපාතික ඉලක්ක මට්ටමේ රඳවා ගත නොහැකිනම්, සමස්ත අයවැය හිඟය ඉලක්ක මට්ටම ඉක්මවා යාම හේතුවෙන් ණය තිරසාරත්වය අවදානමට ලක් වෙනවා.
    සිංහල අලුත් අවුරුද්දට පෙර මුදල් ඉල්ලුම ඉහළ යාමේ බලපෑමද මෙහි තිබෙනවා විය හැකි බැවින් ඇතැම් විට මේ තත්ත්වය සිංහල අවුරුදු සතියෙන් පසුව යහපත් අතට හැරෙන්නට පුළුවන්. ඒ වන විට තීරු බදු යුද්ධයද යම් සමතුලිතතාවයකට පැමිණ තිබිය හැකියි. ඉන් පසුවද මේ තත්ත්වයේ වෙනසක් සිදු නොවුවහොත් එය ප්‍රශ්නයක්.



    Sri Lanka sells less than offered Treasury bills, yields flat


    ECONOMYNEXT – Sri Lanka sold only 3.7 billion rupees of Treasury bills of an offered 80 billion, with yields flat across maturities, data from the state debt office showed.

    https://economynext.com/sri-lanka-sells-less-than-offered-treasury-bills-yields-flat-214874/
     
    • Haha
    • Love
    Reactions: shenat and Mr Bones

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,422
    1
    62,074
    113
    Mother Earth
    අපිත් බලන් ඉන්නෙ කැරි ලපකොටාට ගූ යනකන් තමයි. රටට හෙන ගැහුවත් කමක් නෑ. ඕකව පන්නල දාන්න ඕන අඩු කුලේ පද්දව. රනිල් හාමු තමයි රදළ අපිට හරියන්නෙ. 🤷‍♂️
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,428
    113
    කෑගල්ල
    අපිත් බලන් ඉන්නෙ කැරි ලපකොටාට ගූ යනකන් තමයි. රටට හෙන ගැහුවත් කමක් නෑ. ඕකව පන්නල දාන්න ඕන අඩු කුලේ පද්දව. රනිල් හාමු තමයි රදළ අපිට හරියන්නෙ. 🤷‍♂️
    පිස්සුද ගමත් දීලා පුකත් දෙනකම් බලන් ඉමු... :lol: :lol:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    Kawuruth ගන්නේ නෑ.. පොලිය අඩුයි නේ.. වාසියක් නෑ... ස්ථිර තැන්පතු පොලිය 6.5% මදි සෑහෙන්න...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    රනිල් ඉතුරුකරලා ගිය ඩොලර් බිලියන 6.5 මුන් 5.8 මස 4ට අඩු කර ගත්තා. තව මාස 4කින් විතර රජ්‍ය සේවක පඩි ගෙවන්න වෙන්නේ ටිල්වින්ගේ ඇට දෙක විකුනලා තමයි