භාණ්ඩ බෙදාහැරීම අසාර්ථකයි.....
මේ දිනවල ක්‍රියාත්මක වන භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු ඉතාමත් අසාර්ථක ක්‍රියාවලියක් බවට පත්ව තිබේ.
01. සතොස/ කාර්ගිල්ස්/ කීල්ස් වැනි ආයතනවල බෙදාහැරිමේ යාන්ත්‍රණය සහමුලින්ම අසාර්ථකයි.
02. ගම්/වීදි මට්ටමින් බෙදා හරිනු ලබන භාණ්ඩවල ප්‍රමිතිය සහ මිළ අවධානයක් යොමු කළ යුතුය.
03. දුරකථන අංක මගින් භාණ්ඩ ඇණවුම් ලබා ගත හැක්කේ ලොතරැයි දිනුමක් ලබන අයෙකුට මෙනි.
04. ඇඳිරි නීතියට ගරු කළ යුතු අතරම දැනට දින 10ක වඩා එක දිගටම ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල පවතින භාණ්ඩ හිඟය වෙනුවෙන් විකල්ප ඉදිරිපත් නොවුනහොත් ඉතාමත් අසහනකාරී තත්ත්වයක් ඇති වේ.
05. සමහර ග්‍රාමීය මට්ටමේ අළෙවිසැල් වෙතින් භාණ්ඩ නිකුත් කිරීමේ කටයුතු වලට නීතියෙන් බාධා පැමිණෙන අතර ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සැලසිය යුතුය.
විකල්ප ලෙස අප යෝජනා කරන්නේ.
ග්‍රාමීය මට්ටමින් පෙර භාණ්ඩ අලෙවි කළ වෙළෙඳ සැල් වීවෘත කර සාමාන්‍ය පරිදි භාණ්ඩ අලෙවි කරන ලෙසයි. උදාහරණ ලෙස පොලීසිය විසින් මාවතක, වීදියක හෝ ගමක නම්කරනු ලබන අලෙවි සලක් විවෘතව තැබිය යුතුය. අදාළ අලෙවිසැල් වෙත ජංගම තොග වෙළෙඳ රථ මගින් භාණ්ඩ සැපයුම සිදු කළ යුතුය.
අදාළ අලෙවි සැල් වෙත භාණ්ඩ ලබා ගැනීම සඳහා එම පාරිභෝගිකයන් වෙතින් ඉල්ලුමක් ලද විට ලිඛිත භාණ්ඩ අවශ්‍යතාවයේ ලැයිස්තුවක් දුරකථන අංකයක් සමඟ ලබාගත යුතු අතර අදාළ භාණ්ඩ ඇසුරම් කර අවසන්වූ පසු එම දුරකථන අංකය මගින් දැනුවත් කිරීමෙන් පසු පැමිණ භාණ්ඩ ලබාගන්නා ලෙස දැන්විය යුතුය. එසේත් නැත්නම් අළෙවි සල මගින් අදාළ නිවසට භාණ්ඩ ගෙනවිත් භාර දිය යුතුය.
දිගින් දිගටම මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ නම්, අතාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවක් සකස්කළ යුතු අතර එම භාණ්ඩ පමණක් අදාළ අලෙවිසැල් වෙතින් බෙදාහැරිය යුතුය.