භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

-333-

Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    Fb- රංජිත් කෝරලේ

    🔸 Skinfolds ක්‍රමය අසාධාරණ වෙන්නෙ ඇයි?

    සමහර ක්‍රීඩා කරන අය කොච්චර ව්‍යායාම් කරත්, කොච්චර ආහාර පාලනය කරත් ඔවුන්ගෙ skinfolds අඩු වෙන්නෙ නෑ කියලා complain කරනවා. Nutritionist කෙනෙක්ට කියලා meal schedules හැදුවත් වැඩක් නැති වෙලාවල් තියෙනවා. එතකොට හිතන්නෙ මේ nutritionist නම් මෙලෝ දෙයක් දන්නෙ නැති කෙනෙක් කියලා .. ඒත් ඇත්තම කතාව කෙනෙක්ගෙ ජාන සැකසුම ගැන පරීක්ශාවක් නොකර skinfolds බස්සන්න ගියාම ඇත්තටම workout කරන්න ඕන තැන හොයාගන්න nutritionist කෙනෙක්ට බෑ.. උදාහරණයක් විදියට සමහරු කෑම හොදටම පාලනය කරගෙන මේද රහිත කිරි බොනවා. සමහරු lactose sensitive වෙන්න පුලුවන් .. හොයාගන්න නම් genes test එක කරන්නම ඕන..

    🔸දැන් ලංකාවේ fitness බලන්න යොදාගන්න parameters මොනවද? ඒවා සාධාරණද?

    දැන් ලංකාවේ fitness සදහා යොදාගන්න පරාමිතීන් දෙකක් තියෙනවා.
    1) 2km run
    2) General Skinfolds test

    කිලෝමීටර් 2 දිවීම කියන්නෙ yo yo test එක වෙනුවට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ආපු parameter එකක්. 2021 අවුරුද්ද වෙනුවෙන් අපේ අය දීපු limit එක විනාඩි 8යි තත්පර 35ක්. ඒක 2022 අවුරුද්ද සදහා විනාඩි 8.10ක් කරලා තියෙනවා. අපේ අය මේ පොදුවේ ඔක්කොටම එක මට්ටමක් ගේන තැන තමයි වරද්දගන්නෙ. ලංකාවේ අධ්‍යාපන රටාවත් එහෙමයි.. ඒත් මේ parameters වල logic එකක් තියෙනවා.

    වේග පන්දු යවන්නෙක්ට තමයි දිවීම ප්‍රමුඛව වැදහත් වෙන්නෙ.(සාපේක්ෂව). ඉන්දියාවෙදි 2km test එකට දීලා තියෙන පරාමීතින් තමයි වේග පන්දු යවන්නො විනාඩි 8 තත්පර15කින් සහ පිතිකරුවන්, දග පන්දු යවන්නන් සහ කඩුලු රකින්නන් විනාඩි 8 තත්පර 30කින් දුවන්න ඕන කියන දේ.. ලංකාවට එනකොට logics නෑ.. කොපි කරන එකත් අමුවෙන්ම උස්සන එක විතරයි වෙන්නෙ. අවශ්‍ය විදියට සකසගන්න දන්නෙ නෑ. එක්කො දැනුම නෑ.. 2km run එක සංකීර්ණ නැති නිසා පැත්තකින් තියමු.

    Skinfolds test එකත් අමුවෙන්ම apply කරන එක තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. ඉන්දියාව මේ skinfolds test එක අමුවෙන්ම apply කරන එකෙ අවුල දැක්කා. ක්‍රීඩකයගෙන් ක්‍රීඩකයට ඔවුන්ගෙ ඇගේ සැකස්ම, ජාන වෙනස්කම් ඔවුන් තියෙනවා කියන දේ ඔවුන් දැක්කා." උත්සාහය, කැපවීම" කියන වචන වලින් ක්‍රීඩකයෙක් කරන කැපවීමට කිසිම ක්‍රෙඩිට් එකක් නොලැබෙන තැනක් skinfolds test එක නිසා යම් තැනකදි හම්බ වෙනවා කියලා ඔවුන් දැක්කා.

    🔸ඉතින් ඉන්දියාව කරේ මොකක්ද ?

    ඔවුන් සාම්ප්‍රදායික skinfolds test එක modify කරා. ඔවුන්ගෙ national team trainer; Shankar Basu ලෝකයේ පිළිගත් පරාමිතීන් එකතු කරලා ක්‍රීඩකයෙක්ගෙ සෞබ්‍ය, fitness සහ පෝෂණය ආදි දේවල් ආවරණය වන පරිදි ජාන 40කට එහා දත්ත වෙන වෙනම අරගෙන පරිසර දත්ත එක්ක සසදලා එක් එක් ක්‍රීඩකයට fitness benchmarks ලබා දුන්නා.. ලෝකයේ අඩුම body fat percentage එකක් තියෙන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන විරාට් කෝලි සහ ඉන්දියන් කණ්ඩායමේ over weight කියලා නම ගියපු රෝහිත් ශර්මා fitness test වලින් පාස් වෙනවා කියලා කියන්නෙ ඒ ක්‍රීඩකයාට දුන්නු benchmarks achieve කරන එකටයි.

    ලංකාවේ දැන් කරන basic skinfolds test එක කරානම් ඉන්දියාවේ රෝහිත් ශර්මා සහ රිශාබ් පෑන්ට්ට වෙන්නෙත් භානුකට වෙන දේම තමයි. මේ දේ මුලදිම දැක්ක Shankar Basu ක්‍රීඩකයන්ගෙ ක්‍රීඩාවට බලපෑමක් නොවෙන විදියට fitness maintain කරන්නෙ කොහොමද කියලා ජාතික ප්‍රතිපත්තියක් හදපු ජාතික වීරයෙක් වෙන්නෙ ඒක නිසා.. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ DNA based skinfolds test එක කරන්න එක ක්‍රීඩකයෙක් වෙනුවෙන් ඉන්දියන් රුපියල් 25,000-30,000ක් විතර වැය වෙනවා කියලා තිබුණා.. මේ DNA based test එක නිසා එයාලා කලින් සමුගන්න වෙයි කියන මට්ටමේ හිටපු ( ලංකාවේ හිටියා නම් අපේ පරිපාලනය නිසා මෙලහකට ලෙඩ ගොඩක් වෙලා සමුගන්න වෙන) ක්‍රීඩකයෙක් තමයි බුවනේෂ්වර් කුමාර් කියන්නෙ. නිමා වුනු බටහිර කොදෙව් තරඟාවලියෙත් match winning penultimate over එකක් බුවී යැව්වා. ඒ ඉන්දියාවේ ඔක්කොටම උඩින් ක්‍රිකට් තියෙන නිසාත් ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩකයන් රැකගන්න යාන්ත්‍රණයක් තියෙන නිසාත් බුවීලා වගේම රෝහිත් ශර්මලා රිශාබ් පෑන්ට්ලා එක්ක කෝලි, අයියර් වගෙ ඉහළම fitness level තියෙන අයත් ක්‍රිකට් ගහනවා.

    Kusal Mendis and Maheesh Theekshana 🇱🇰🏏 doubtful for the 1st T20 against India 🇮🇳🏏 due to injury concerns
    ------ Post added on Feb 23, 2022 at 2:21 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,977
    113
    එකමත් එක රටක
    කිලෝමීටර් 2 දිවීම කියන්නෙ yo yo test එක වෙනුවට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ආපු parameter එකක්. 2021 අවුරුද්ද වෙනුවෙන් අපේ අය දීපු limit එක විනාඩි 8යි තත්පර 35ක්. ඒක 2022 අවුරුද්ද සදහා විනාඩි 8.10ක් කරලා තියෙනවා. අපේ අය මේ පොදුවේ ඔක්කොටම එක මට්ටමක් ගේන තැන තමයි වරද්දගන්නෙ. ලංකාවේ අධ්‍යාපන රටාවත් එහෙමයි.. ඒත් මේ parameters වල logic එකක් තියෙනවා.
    තාම අපේ මැච් ගහන්න 2km දුවන්න ඕන 8:35 තමයි. ඉන්දියාවට වඩා වෙලාව දීල තියනව.
    ඔය 8:10 කියන්නේ contract එකේ තියෙන ටයිම් එක.

    Skinfold එකත් එහෙමයි. contract 70 උනාට මැච් ගහන්න select වෙන්න 85යි තියෙන්න ඕනේ දැනට.

    සනා ගේ ඕක තිබිල තියෙන්නේ හතලිස් ගණන්..
     
    • Dislike
    Reactions: Die-hard

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    එහෙනම් බන් අනිත් උන් LPL එකේ ගහන්න තිබ්බ නේ . එකෙත් ඌ වැඩිම. මම කියන්නේ ඌ ගහනවනම් form එකේ නම් ඉන්නේ එක එකාගේ කැමති අකමැති දේවල් වැඩක් නෑ . ඌ ගහන්න ඕනේ.
    Hari balamu indian series eka.

    Oya wales eke kollek neda?
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    උබ හිතපන් australia වේ අපේ උන් වැඩිම ගැහුවේ 155 ක් වගේ ඒකත් ගැහුවේ අමාරුවෙන් ඉන්දියාවේ නම් බන් ඒක ලොවෙත් මදී උන් first bat කරොත් අනිවා 170 පන්නවා උන් නම් කරලා තියෙන්නේ හොදම සෙට් එක.කෝලි,පාන්ට් කාරයා නැති උනාට.අපිට එහෙම 170+ ගහන්න ඉන්නේ කවුද බලපන් power hitter ඒ කිව්වේ හොද strike rate එක්ක තියන් ගහන්න චරිත් නැත්නම් එකෙක් නෑ sure..kusal,pathum දෙන්නක 130/120 strike rate තියන් ඉනිම ගොඩ නගනු උන්..දැනට power hitter කියලා ඉන්න දසුන්ගේ,චන්දිමාල් ගේ strike rate බලපන්..
    😛මන් මුලදිම කිව්වා අපේ උන්ට වෙන දේ😂
     
    • Haha
    Reactions: Die-hard