භාවනාවට වැදගත් වන මූලික සද්චරියාවන්

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
භාවනාවට වැදගත් වන මූලික සද්චරියාවන්



කැපී පෙනීමටවත් කිසිවෙකුගේ අවධානයට ලක් වීමටවත් සිතාගෙන අපි භාවනා නොකරමු. එසේම ලෝකයට සාමය ඇති කරලීම සඳහාත් අපි භාවනා නොකරමු. අපි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කරමින් විශ්වාසී ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ බුදුන් ලබාගත් නිර්වාණයට පත් වීමේ බලාපොරොත්තුවෙන් යුතුව භාවනා කරන්නෙමු. මෙම සුපිරිසිදුභාවය අප තුල ඇති කරගත්විට අපට අන් අය සමග මෙම ධර්මය බෙදා ගනිමින් ඔවුන්ටද මෙම සත්‍යය වටහා දිය හැක.

බුදුන්වහන්සේගේ ඉගැන්වීම් කොටස් තුනකට සරලව වර්ග කල හැක. එනම් ශීල, සමාධී හා පඤාව වේ.

ශීලය අනෙක් අංග දෙකට පදනම් වන නිසා මුලින්ම ඒ ගැන කථා කල යුතුයයි සිතමි. එහි ඇති වැදගත්කම මෙපමණයයි තක්සේරු කල නොහැක. ශීලය නොමැතිව වැඩිදුර පුහුණුවීම් නොමැත. ගිහියන් සඳහා වන ශීලය සිල් පද පහකින් යුතු වන අතර පරපණ නැසීමෙන් වැලකීම, අන් සතු දේ සොරෙන් ගැනීමෙන් වැලකීම, වැරදි ලෙස කාමයේ හැසිරීමෙන් වැලකීම, බොරු කීමෙන් වැලකීම හා මත් වී සිහිය විකල් වන දේ පාවිච්චි කිරීමෙන් වැලකීම ඒ තුලට ඇතුලත් වේ. මේ මගින් භාවනාව පුහුණු වීමේ මාර්ගයේ ඉදිරියට ගමන් කිරීම සඳහා පහසුවක් ඇති කරනු ලබයි.

ශීලය වනාහි බුදුන් විසින් පනවනු ලැබූ ආඥාවන් නොවේ. එසේම එය බෞද්ධ ඉගැන්වීමක් ලෙස සිතීමද අවශ්‍යම නොවේ. සත්‍යවශයෙන්ම එය මනුෂයත්වයේ ගුණාංගයන් තුලින් ඇති වී තිබේ. උදාහරණයක් ලෙස සිතන්න, අපට තරහවක් ඇති වී තවත් කෙනෙකුට හිරිහැරයක් කිරීමට අවශ්‍ය වූ බව. මෙහිදී අප ඒ පුද්ගලයාගේ කෝණයෙන් සිට අපි කිරීමට යන දෙය ගැන සිතුවහොත් එනම් තමා උපමා කොට විමසුවහොත් එක් වරටම අනේ මටනම් එහෙම වෙන්න එපා, ඒ වැඩේ මහ භයානකයි අයුක්තිසහගත යැයි සිතනු නොඅනුමානය. අපි මේ ආකාරයට අපි විසින් සිදු කරනු ලබන බොහෝ කටයුතු ගැන සිතන්නේ නම් ඒවා බහුතරයක්ම අසද්භාවී බව වැටහෙනු ඇත.

මේ ආකාරයට මානුෂිකත්වය තුලින් අපට තව කෙනෙකුගේ පදනමේ සිට විමසීමට ඉඩ සැලසේ. අපිට හිරිහැරයක් වූ විට දැනෙන වේදනාව දැනෙන නිසා අපි අප ගැන සලකා අන් අයට හිරිහැර කිරීමෙන් වැලකී සිටින්නෙමු. අපි සත්‍යවාදී වචන නිතරම භාවිතා කල යුතු අතර අසභ්‍ය, රැවටිලිකාරී වචන භාවිතා කිරීමෙන් වැලකිය යුතුය. දිගින් දිගටම වෛරී හැසිරීම් හා වෛරී වචන භාවිතා කිරීමෙන් වැලකී සිටින විට ඒ අසහනකාරී මානසික තත්වය ටිකෙන් ටික ඇති නොවන තත්වයට පත් වන අතර අවම වශයෙන් එවන් හැසිරීමක් ඇති වන තත්වයන් අඩු වන තත්වයටවත් පත් වේ.

අනෙක් අතට අපි අන් අයට හිරිහැර කරන එකම හේතුව කේන්තිය පමණක්ම නොවේ. තණ්හාව නිසා අපි නීතිවිරෝධී හා සදාචාර විරෝධී ලෙස අන් අයෙක් සතු දෙයක් අත් කරගැනීමට පොළඹවනු ලැබිය හැකි අතරම අන් අයෙකුගේ සහකාරිය හො සහකරු සමග ඇලීමක් ඇති කර ගැනීමට අපගේ ලිංගික ආශාව මග සලසනු ඇත. මෙවන් විටකදීද අපට ඉහත ආකාරයට අප උපමා කොට සිතා කටයුතු කල හැක.

ඉතා සුළු පමණකින් මත් දේ ගනු ලැබූවත් මත් බව අප අසංවේදී තත්වයට පත් කරනු ලබන අතර ඒ මගින් ඉතා ඉක්මණින් කේන්තියත් තණ්හාවත් ඇති කරවන සිතිවිලි ඇති කරනු ලබයි. සමහරු මත් පැන් පානය කරන්නේ එය ඇඟට වද දෙන ලෙඩකට බෙහෙතක් යයි සලකමිනි. ඔවුන්ට ඒ සඳහා වෛද්‍ය නිර්දේශද ඇත. එබැවින් ඔවුන්ට අනුව එය වරදක් නොවේ. කෙසේ වෙතත් ඇල්කොහොල් වල ස්වභාවය අනුව ඉතා අහිංසක මිනිසෙක් ක්ෂණයකින් අනුකම්පා විරහිත පුද්ගලයෙක් බවට පරිවර්තනය කර අන් අයෙකුට සමාවක්වත් නොදෙන පුද්ගලයෙක් බවට පත් කිරීමේ හැකියාව ඇත්තේය. එසේම මත් බව අපරාධ වලට මෙන්ම බොහෝ සමාජ විරෝධී වැඩ සඳහා දොරටුව විවෘත කරනු ලබයි. මත් වූ පුද්ගලයෙක්ගේ හැසිරීම පූර්වනිගමනය කල නොහැකි බැවින් ඔහු භයානක පුද්ගලයෙක්ද වේ. එබැවින් මත් පැන් හා අනෙකුත් මත් වන දේ ගැනීමෙන් වැලකීම අනෙක් සිල් පදයන් ආරක්ෂා කිරීමේ මාර්ගයක්ද වේ.


meditation.jpg
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
බොහොම වැදගත් මාතෘකාවක්.
ශීලය නිසිපරිදි නොරැක භාවනා කරනකොට නීවරණ ඉස්මතු වීමෙන් භාවනාවට බාධා පැමිණිය හැකි බව දැක්වෙනවා. ඒ නිසයි ගිහියෙක්නම් අඩු වශයෙන් පංචශීලයත්, පැවිදි කෙනෙක් තමන්ට අදාළ ශීලයත් ආරක්ෂා කරගෙන, අලුත් කරගෙන භාවනා කළ යුතු බව කියන්නෙ.

ඒ වගේම සමහර තැන්වල භාවනාවට පෙර පූර්ව කෘත්‍ය කියා, ටික වෙලාවක් බුද්ධානුස්සතිය, මෛත්‍රිය ආදී භාවනාවන් වඩා අනතුරුව ආනාපානසතියට යොමුවෙනවාලු. නමුත් මේ ක්‍රමය තවත් ගුරුවරුන් විසින් බැහැර කරනවා.

මම භාවනාව ඉගෙන ගත් තැන අටසිල් සමාදන් කරවනවා. මට හිතෙන්නෙ ඒක භාවනාවට පහසුවක් කියලා. විශේෂයෙන් රාත්‍රියට ආහාර නොගෙන ඉන්න එක එහෙම ශරීරයට හරිම පහසුවක්. මොකද, එ දිනවල එක තැනම වාඩි වෙලා පුහුණුවෙන නිසා ගොඩක් බඩ පුරවන් හිටියොත් හරිම අමාරුයි. පුරුදු ගිහි ජීවිතයෙන් අයින් වෙලා ඉන්න තරමට (අටසිල් තුළින්) සිත එකඟ කරගන්න පහසුයි.