~භාවනාව නොසැලී ඉන්න ශක්තියක්ද??~
මිනිස්සු හැටියට අපිට හැමදාම මොනව හරි ප්‍රශ්න. ඔය මොන ප්‍රශ්නෙ මැද වුණත් නොසැලී පී‍්‍රතියෙන් ඉන්න පුළුවන් තරම් ශක්තිමත් හිතක් භාවනාවෙන් ගොඩනැඟෙනව.
මගේ ජීවිතේ ගත්තොත් කවුරු හරි ඍජුව හෝ වක්‍රව මට මං ලියනදේට අවඥා කළොත් මං ඒවා දකින්නෙ, අර පුංචි ළමයි නොදන්නාකමට මෝඩකමට කරන කියන ප්‍රාථමික දේවල් හැටියට.
කොයි වෘත්තියක හිටියත් ගැරහිලි අවමන් කරල සතුටු වෙන මිනිස්සු අපි අතරෙ ඉන්නව. මට නම් ඔය එකක්වත් ප්‍රශ්න නෙවෙයි. කැකෑරෙන තරහක් - වෛරයක්වත්, කලකිරීමක්වත් මට මිනිස්සු කෙරෙහි උපදින්නෑ.
පොඩි කාලේ මං භාවනාවෙ යෙදුණාට ගෙදර අය හැරෙන්න පිටස්තර ලෝකයා දැන ගෙන හිටියෙ නෑ. භාවනා කරනව කියල ඇස්දෙක පියා ගත්තු ඒ පුංචි කාලෙ, සිත එකඟ කර ගන්න එක ගැන ලොකු අවබෝධයක් තිබුණෙ නැහැ. හුස්ම සහ සිතිවිලි අතර සබඳතාව දැනුණේ නැහැ. එහෙම කියන්නේ සම්මානනීය සුප්‍රසිද්ධ ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය.....
වෙනත් ආගම්වලත් භාවනාව තියෙනව. ඒ නිසා භාවනාව, බෞද්ධ දෙයක් හැටියට ලේබල් කරන්න බැහැ. අපි ගන්න – පිට කරන හුස්මට, නැහැයට, සිතිවිලවලට ආගමක් නැහැ.
මේක සර්ව ආගමික දෙයක් හැටියටයි මං දකින්නෙ. ත්‍රිපිටකයෙන්, කන්ද උඩ දේශනයෙන් වගේ ම මෛත්‍රි බුද්ධාශ්රම වෙතිනුත් හින්දු, කතෝලික, බෞද්ධ හැමෝම භාවනාවට යොමු වෙනව.
මේ තැන්වලින් ආගම් බේදයකින් තොරව ගන්න ආභාසය භාවනානුයෝගි ජීවිතය සාර්ථක කරනව. සියලු ආගම්වල පොදු ගුණාකාරය මෛත්‍රිය හැටියටයි මං දකින්නෙ. මේ යුද්ධයෙන් පස්සෙ අපි වඩාත් වැපිරිය යුතු දේත් ඒකමයි.
කොයි තරම් ජාති භේදයකට විරුද්ධව කතා කළත් හිත් ඇතුළෙන් අපි ආගම් කුළ ගෝත්‍ර එක්ක පොර බදනව. බාල, පෘතග්ජන අවශ්‍යතා සහ මේ ස්වභාවය නිසා, කොයි වෙලාවෙත් අපේ හිත් ඇතුළෙ කුමන්ත්‍රණයක්.
භාවනා කරන්න ගියාම සමහරු හිතන්නෙ ගිහි ගේ අත හැරල යන්න හදනව කියල.
නමුත් ඉවසන්න, දරාගන්න, අන් අයට ගෞරව කරන්න හා හිත සන්සුන් කර ගන්න පුරුදු වුණාම පවුල් ජීවිතේ සබඳතා, වඩාත් යහපත් වෙනව. පවුල ඇතුළෙ ඉවසන්න බැරි කෙනා මුළු ලෝකෙම එක්ක තරහෙන් ඉන්නෙ.
භාවනාව කියන්නෙ මුකුත් කර ගන්න බැරිව අතපය වලංගු නැති කාලෙට කරන දෙයක් නෙමෙයි. තරුණ කාලෙ ඉඳල හිත – කය – මනස එක්තැන් කරගන්න පුළුවන් උතුම් මාර්ගයක්.
අපිටත් මේ කලබල ජීවිතෙන් පැයකට හමාරකටවත් පවුලක් හැටියට මිදිල භාවනාවෙ යෙදෙන්න පුළුවන් නම් අනාගත පරපුර, දූ දරුවෝ අපේ වටිනා සම්පත් ශිෂ්ඨසංවර මනුෂ්‍ය කොට්ඨාසයක් බවට පත්වෙයි..
භාවනාව යනු මුදල් හම්බකරන මාධ්‍යයක් කරගෙන සිටිනා කොටස් අද සමාජයේ හැම අස්සක් මුල්ලකම අසපු ඇරලා...මහා පරිමානයේ ව්‍යාපාර බවට පත්කරගෙන.....
අපේ හිත් හරියට අත්තෙන් අත්තට පැන පැන එහෙ මෙහෙ දුවන වඳුරෙක් වගේ. ඒකාග්ර කර ගන්න බැරි එකයි ප්‍රශ්නෙ. හැබැයි මං දකින විදියට, භාවනාව රැල්ලක් වෙන තරමට හොඳයි.
ස්ටයිල් එකට භාවනා කරල වැඩක් නෑ. අවබෝධයෙන් යුතුව භාවනාවෙ යෙදෙන එකයි වැදගත්. තරුණ අය අතරට එන ඔය වැඩකට නැති රැලිවලට වඩා භාවනා කරන රැල්ලක් බිහිවුණොත් මොන තරම් හොඳද.....
පියසිරි කුලරත්න ගේ නම අප මුලින්ම ඇසුවේ අප්‍රේල් මහ නඩුවේදී... ඒ 15 වැනි විත්තිකරු වශයෙනි. එම නඩු තීන්දුව මත ඔහු සත් වසරක් සිර දඬුවම් වින්දේය. 1977 දී හිරෙන් නිදහස් වූ පියසිරි ප්රජාතන්ත්රවාදී දේශපාලනයට ප්‍රවිෂ්ට වූනා...
කලකට ඉහත ප්රචණ්ඩ දේශපාලනයේ යෙදුණු ඔහු දැන්යෝගියෙක්. ජීවිතයේ ලොකු වෙනසක්..ඔහු මෙහෙම කියනවා:
මේ චිත්ත විපර්යාසය මුලින්ම සිද්ධවුණේ ඇත්තටම හිරගෙදරදි. ප්‍රචණ්ඩත්වයෙන් රාජ්‍ය බලය අල්ලන්න උත්සාහ දරපු අයකු වශයෙන් මට පෙනී ගිය දේ තමයි හිංසනය මුල්කරගෙන කරන දේශපාලනයෙන් මිනිසුන් සිත්වල පහන් බවක් ඇතිවෙන්නේ නැහැ කියන කාරණය.
ඔහු නිරතවුණු ආයුධ සන්නද්ධ අරගලය ගැන අද යෝගියෙකු වශයෙන් ආපහු හැරිලා බලද්දී ඔහු මෙහෙම කියනවා:
ඒක රොමෑන්තික විප්ලවකාරී සිහිනයක් විදියටයි මම දකින්නේ. අරමුණ යහපත් වුණත් එතැන තිබුණේ ආවේගවාදී එඩිතර බවක් හා අපරිණත, මනෝරාජික සන්නද්ධ සැලැස්මක්.

Last edited: