~භාවනාව නොසැලී ඉන්න ශක්තියක්ද??~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~භාවනාව නොසැලී ඉන්න ශක්තියක්ද??~

මිනිස්සු හැටියට අපිට හැමදාම මොනව හරි ප්‍රශ්න. ඔය මොන ප්‍රශ්නෙ මැද වුණත් නොසැලී පී‍්‍රතියෙන් ඉන්න පුළුවන් තරම් ශක්තිමත් හිතක් භාවනාවෙන් ගොඩනැඟෙනව.

මගේ ජීවිතේ ගත්තොත් කවුරු හරි ඍජුව හෝ වක්‍රව මට මං ලියනදේට අවඥා කළොත් මං ඒවා දකින්නෙ, අර පුංචි ළමයි නොදන්නාකමට මෝඩකමට කරන කියන ප්‍රාථමික දේවල් හැටියට.

කොයි වෘත්තියක හිටියත් ගැරහිලි අවමන් කරල සතුටු වෙන මිනිස්සු අපි අතරෙ ඉන්නව. මට නම් ඔය එකක්වත් ප්‍රශ්න නෙවෙයි. කැකෑරෙන තරහක් - වෛරයක්වත්, කලකිරීමක්වත් මට මිනිස්සු කෙරෙහි උපදින්නෑ.

පොඩි කාලේ මං භාවනාවෙ යෙදුණාට ගෙදර අය හැරෙන්න පිටස්තර ලෝකයා දැන ගෙන හිටියෙ නෑ. භාවනා කරනව කියල ඇස්දෙක පියා ගත්තු ඒ පුංචි කාලෙ, සිත එකඟ කර ගන්න එක ගැන ලොකු අවබෝධයක් තිබුණෙ නැහැ. හුස්ම සහ සිතිවිලි අතර සබඳතාව දැනුණේ නැහැ. එහෙම කියන්නේ සම්මානනීය සුප්‍රසිද්ධ ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය.....

වෙනත් ආගම්වලත් භාවනාව තියෙනව. ඒ නිසා භාවනාව, බෞද්ධ දෙයක් හැටියට ලේබල් කරන්න බැහැ. අපි ගන්න – පිට කරන හුස්මට, නැහැයට, සිතිවිලවලට ආගමක් නැහැ.

මේක සර්ව ආගමික දෙයක් හැටියටයි මං දකින්නෙ. ත්‍රිපිටකයෙන්, කන්ද උඩ දේශනයෙන් වගේ ම මෛත්‍රි බුද්ධාශ්‍රම වෙතිනුත් හින්දු, කතෝලික, බෞද්ධ හැමෝම භාවනාවට යොමු වෙනව.

මේ තැන්වලින් ආගම් බේදයකින් තොරව ගන්න ආභාසය භාවනානුයෝගි ජීවිතය සාර්ථක කරනව. සියලු ආගම්වල පොදු ගුණාකාරය මෛත්‍රිය හැටියටයි මං දකින්නෙ. මේ යුද්ධයෙන් පස්සෙ අපි වඩාත් වැපිරිය යුතු දේත් ඒකමයි.

කොයි තරම් ජාති භේදයකට විරුද්ධව කතා කළත් හිත් ඇතුළෙන් අපි ආගම් කුළ ගෝත්‍ර එක්ක පොර බදනව. බාල, පෘතග්ජන අවශ්‍යතා සහ මේ ස්වභාවය නිසා, කොයි වෙලාවෙත් අපේ හිත් ඇතුළෙ කුමන්ත්‍රණයක්.

භාවනා කරන්න ගියාම සමහරු හිතන්නෙ ගිහි ගේ අත හැරල යන්න හදනව කියල.

නමුත් ඉවසන්න, දරාගන්න, අන් අයට ගෞරව කරන්න හා හිත සන්සුන් කර ගන්න පුරුදු වුණාම පවුල් ජීවිතේ සබඳතා, වඩාත් යහපත් වෙනව. පවුල ඇතුළෙ ඉවසන්න බැරි කෙනා මුළු ලෝකෙම එක්ක තරහෙන් ඉන්නෙ.

භාවනාව කියන්නෙ මුකුත් කර ගන්න බැරිව අතපය වලංගු නැති කාලෙට කරන දෙයක් නෙමෙයි. තරුණ කාලෙ ඉඳල හිත – කය – මනස එක්තැන් කරගන්න පුළුවන් උතුම් මාර්ගයක්.

අපිටත් මේ කලබල ජීවිතෙන් පැයකට හමාරකටවත් පවුලක් හැටියට මිදිල භාවනාවෙ යෙදෙන්න පුළුවන් නම් අනාගත පරපුර, දූ දරුවෝ අපේ වටිනා සම්පත් ශිෂ්ඨසංවර මනුෂ්‍ය කොට්ඨාසයක් බවට පත්වෙයි..

භාවනාව යනු මුදල් හම්බකරන මාධ්‍යයක් කරගෙන සිටිනා කොටස් අද සමාජයේ හැම අස්සක් මුල්ලකම අසපු ඇරලා...මහා පරිමානයේ ව්‍යාපාර බවට පත්කරගෙන.....

අපේ හිත් හරියට අත්තෙන් අත්තට පැන පැන එහෙ මෙහෙ දුවන වඳුරෙක් වගේ. ඒකාග්‍ර කර ගන්න බැරි එකයි ප්‍රශ්නෙ. හැබැයි මං දකින විදියට, භාවනාව රැල්ලක් වෙන තරමට හොඳයි.

ස්ටයිල් එකට භාවනා කරල වැඩක් නෑ. අවබෝධයෙන් යුතුව භාවනාවෙ යෙදෙන එකයි වැදගත්. තරුණ අය අතරට එන ඔය වැඩකට නැති රැලිවලට වඩා භාවනා කරන රැල්ලක් බිහිවුණොත් මොන තරම් හොඳද.....

පියසිරි කුලරත්න ගේ නම අප මුලින්ම ඇසුවේ අප්‍රේල් මහ නඩුවේදී... ඒ 15 වැනි විත්තිකරු වශයෙනි. එම නඩු තීන්දුව මත ඔහු සත් වසරක් සිර දඬුවම් වින්දේය. 1977 දී හිරෙන් නිදහස් වූ පියසිරි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ප්‍රවිෂ්ට වූනා...

කලකට ඉහත ප්‍රචණ්ඩ දේශපාලනයේ යෙදුණු ඔහු දැන්යෝගියෙක්. ජීවිතයේ ලොකු වෙනසක්..ඔහු මෙහෙම කියනවා:

මේ චිත්ත විපර්යාසය මුලින්ම සිද්ධවුණේ ඇත්තටම හිරගෙදරදි. ප්‍රචණ්ඩත්වයෙන් රාජ්‍ය බලය අල්ලන්න උත්සාහ දරපු අයකු වශයෙන් මට පෙනී ගිය දේ තමයි හිංසනය මුල්කරගෙන කරන දේශපාලනයෙන් මිනිසුන් සිත්වල පහන් බවක් ඇතිවෙන්නේ නැහැ කියන කාරණය.

ඔහු නිරතවුණු ආයුධ සන්නද්ධ අරගලය ගැන අද යෝගියෙකු වශයෙන් ආපහු හැරිලා බලද්දී ඔහු මෙහෙම කියනවා:

ඒක රොමෑන්තික විප්ලවකාරී සිහිනයක් විදියටයි මම දකින්නේ. අරමුණ යහපත් වුණත් එතැන තිබුණේ ආවේගවාදී එඩිතර බවක් හා අපරිණත, මනෝරාජික සන්නද්ධ සැලැස්මක්.

Last edited:

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔව් අයියේ අපි එදිනෙදා ජීවිතයෙදි කරන කියන දහසක් වැඩ රාජකාරී වලින් මදකට මිදිලා අපිට අපි ගැන හිතන්න, අපේ හිත් වලට පොඩි විවේකයක් දෙන්න භාවනාවක් වගේ චිත්තාභ්‍යාසයක් සෑහෙන්න වටිනවා. එම විවේකය ලබා දෙන ගමන් reconciliation එකකුත් කරන්න අපට භාවනාව යොදා ගන්න පුළුවන්. ඒ තුලින් ඉදිරියට එන ප්‍රශ්න වලට නොසැලී නිවරැදි පිලිතුරු සොයා ගන්න යම් කිසි පන්නරයක් ලබා ගන්න පුළුවන්.

    ඒ වගේම නිර්මාණ කාර්‍යයන් පැත්තෙන් ගත්තොත් එවන් නිවාඩුවකින් පස්සෙ සිතට එන සිතුවිලි ඉතා නැවුම් වගේම හරිම රසවත්. එවන් සිතුවිලි වලින් මමත් පුද්ගලිකව සෑහෙන රසයක් විදිනවා.

    අයියා කියලා තියෙනවා වගේ ස්ටයිල් එකට භාවනා කරලානම් ඇති ඵලක් නැහැ. ඒ සදහා මම හිතන විදිහට බෞද්ධයන් විදිහට තවත් ගුරුවරු සොයා යා යුතුත් නැහැ. අපට යම් කිසි දැනුමක් තියෙනවා භාවනාව ගැන. ඒ දැනුම හොදටම ප්‍රමාණවත් විවේකයක් පිණිස භාවනාව යොදා ගන්න.

    දැන් මම මාතෘකාවෙන් ඔබ්බට ගිහිල්ලා යම් කිසි දෙයක් කියනවනම්... පියසිරි කුලරත්නයන් 71 විප්ලවය ගැන දක්වලා තියෙන අදහසට නම් මම පුද්ගලිකව විරුද්ධයි. මීට ටික කාලයකට කලින් අයියගෙම "අපි මැරෙන්නෙ නැහැ" කියන නිර්මාණයෙදි මම අදහස් දක්වලා තිබුනා වගේ 71 කැරැල්ල 88-89 එකටත් වඩා යතාර්ථවාදි විප්ලවයක්. මම එයට "කැරැල්ල" කියන වචනය භාවිතා කරනවට පවා විරුද්ධයි ! එතැන අදහස් දක්වා ඇත්තෙ "පියසිරි කුලරත්න" කියන තර්නයා මරා දමා පාලකයන්ගෙ බසට අවනත් වූ "පියසිරි කුලරත්න" කියන තලතුනා පුද්ගලයෙක්...
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්තටම අයියේ අපේ හිත අපිට ඕන විදිහට තියා ගන්න බැරි නම් ඒකෙන් වැඩක් තියෙනවද.
    මට නම් ලස්සන සිංදුවක් ඇහුවත්,හැගීම්බර සිනමා පටයක් බැළුවත්,ක්‍රිකට් තරඟයක් බැළුවත් භාවනාවක් වගේ තමයි.බාහිර ලෝකයෙන් මිදිලා ඒව විඳින්න පුළුවන්.
    කේන්තිය ගොඩ කාලයක් උත්සාහ කරල ගොඩක් දුරට අයින් කලා ඇත්තටම.දැන් මට නම් කේන්ති යන්නෙම නෑ වගේ ඇති වෙන්නෙ පුන්චි කල කිරීම් විතරයි.ඒ අතින් නම් මට මම ගැන හරිම ආඩම්බරයි.

    වෙනදා වගේම වටිනා අදහසක් අරගෙන කතා බහට එකතු කර ගත්තට මගේ ප්‍රණාමය ඔබට.
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මම විශ්වාස කරන දෙයක් තියෙනවා.ඒ තමයි අපේ හිත අපිට ඕන හැටියට තියාගන්න බෑ කියන එක..මොකද අපි ජීවත් වෙන සමාජය, සමාජයෙන් එන ප්‍රශ්න, පවුල තුල අප මූන දෙන දේවල් මේ ඔක්කොම එකට එකතු උනාම අපේ හිත අපිට ඕන විදියට තියෙයිද ?

    භාවනාවක් තුලින් ශක්තිමත් හිතක් ගොඩ නැගෙනවාමයි...ඒක අත්දැකීමක්....භාවනාවකින් ලැබෙන පළමුවෙනි ප්‍රතිථලය තමා හිතේ නිදහස...නිදහස් හිතකට මොන තරම් දේවල් කරන්න පුලූවන්ද ? ......කොයිතරම් දේවල් හිතන්න පුළුවන්ද ?

    අයියා කියනවා වගේ style එකටනම් භාවනා කරලා වැඩක් නෑ....ඒක සැබවින්ම හිතට එකගව කරන්න ඕනා...

    හොද අදහසක් අයියේ..කතා කල යුතු දෙයක්..හැබැයි ඉතින් රැල්ලේ වේගයෙන් මුදල් මතම දුවන මිනිස්සුන්ට භාවනාවක් ගැන හිතන්නවත් වෙලාවක් තියෙයිද ?
     
    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    මම නිතර භාවනා කරන්නේ නම් නෑ.
    ඒත් සමහර වෙලාවට කරන‍වා. මෛත්‍රී භාවනාව ආනාපානසතිය වගේ. ඒ වෙලාවට හිතට දැනෙන වෙනස නම් හරිම පුදුමයි.
     
    භාවනාව කියනෙ දෙ අපෙ ජිවිත වලට වැදගත් අවුල් වෙල තියන මනස හදා ගන්න භාවනාව උදවු කරනවා වගෙම ලෙඩ රොග වලින් මිදෙන්නත් භාවනාව වැදගත්
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔව් අයියේ අපි එදිනෙදා ජීවිතයෙදි කරන කියන දහසක් වැඩ රාජකාරී වලින් මදකට මිදිලා අපිට අපි ගැන හිතන්න, අපේ හිත් වලට පොඩි විවේකයක් දෙන්න භාවනාවක් වගේ චිත්තාභ්‍යාසයක් සෑහෙන්න වටිනවා. එම විවේකය ලබා දෙන ගමන් reconciliation එකකුත් කරන්න අපට භාවනාව යොදා ගන්න පුළුවන්. ඒ තුලින් ඉදිරියට එන ප්‍රශ්න වලට නොසැලී නිවරැදි පිලිතුරු සොයා ගන්න යම් කිසි පන්නරයක් ලබා ගන්න පුළුවන්.

    ඒ වගේම නිර්මාණ කාර්‍යයන් පැත්තෙන් ගත්තොත් එවන් නිවාඩුවකින් පස්සෙ සිතට එන සිතුවිලි ඉතා නැවුම් වගේම හරිම රසවත්. එවන් සිතුවිලි වලින් මමත් පුද්ගලිකව සෑහෙන රසයක් විදිනවා.

    අයියා කියලා තියෙනවා වගේ ස්ටයිල් එකට භාවනා කරලානම් ඇති ඵලක් නැහැ. ඒ සදහා මම හිතන විදිහට බෞද්ධයන් විදිහට තවත් ගුරුවරු සොයා යා යුතුත් නැහැ. අපට යම් කිසි දැනුමක් තියෙනවා භාවනාව ගැන. ඒ දැනුම හොදටම ප්‍රමාණවත් විවේකයක් පිණිස භාවනාව යොදා ගන්න.

    දැන් මම මාතෘකාවෙන් ඔබ්බට ගිහිල්ලා යම් කිසි දෙයක් කියනවනම්... පියසිරි කුලරත්නයන් 71 විප්ලවය ගැන දක්වලා තියෙන අදහසට නම් මම පුද්ගලිකව විරුද්ධයි. මීට ටික කාලයකට කලින් අයියගෙම "අපි මැරෙන්නෙ නැහැ" කියන නිර්මාණයෙදි මම අදහස් දක්වලා තිබුනා වගේ 71 කැරැල්ල 88-89 එකටත් වඩා යතාර්ථවාදි විප්ලවයක්. මම එයට "කැරැල්ල" කියන වචනය භාවිතා කරනවට පවා විරුද්ධයි ! එතැන අදහස් දක්වා ඇත්තෙ "පියසිරි කුලරත්න" කියන තර්නයා මරා දමා පාලකයන්ගෙ බසට අවනත් වූ "පියසිරි කුලරත්න" කියන තලතුනා පුද්ගලයෙක්...

    ඉතා වටිනා කරුණු රැසක් මල්ලී ඉදිරිපත් කර තිබෙනවා...71 කැරැල්ල මෙහෙම ලේසියෙන් නිර්වචනය කරන්න මෙතන අවස්ථාව නොවන නිසාත් එය ගැඹුරින් විශ්ලේශනය කල යුතු මාතෘකාවක් නිසාත් අපි ඒ ගැන වෙන දවසක වෙන නිර්මානයකින් විගහටම කතිකාවතක යෙදෙමු..

    මල්ලියට බොහොම ස්තුතියි සටහනට හොඳ මුලාරම්භයක් දුන්නට....
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Ron ayya kathawa nan aththa .... eth buddagame ekatama kiyala awenika bawana karamayak thiyenewa ....
    ekata kiyanne WIPASSANAA bawanawa kiyala ... eka thiyenne ... sasara gamanin midenna ...sitha ekaga kara ganna ekath ekata included :)

    and ron ayya :) mama nan kamathi na :) anith agam wela thiyene ...bawana ekka buddagame thiyene ewa samana karanewata :)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇත්තටම අයියේ අපේ හිත අපිට ඕන විදිහට තියා ගන්න බැරි නම් ඒකෙන් වැඩක් තියෙනවද.
    මට නම් ලස්සන සිංදුවක් ඇහුවත්,හැගීම්බර සිනමා පටයක් බැළුවත්,ක්‍රිකට් තරඟයක් බැළුවත් භාවනාවක් වගේ තමයි.බාහිර ලෝකයෙන් මිදිලා ඒව විඳින්න පුළුවන්.
    කේන්තිය ගොඩ කාලයක් උත්සාහ කරල ගොඩක් දුරට අයින් කලා ඇත්තටම.දැන් මට නම් කේන්ති යන්නෙම නෑ වගේ ඇති වෙන්නෙ පුන්චි කල කිරීම් විතරයි.ඒ අතින් නම් මට මම ගැන හරිම ආඩම්බරයි.

    වෙනදා වගේම වටිනා අදහසක් අරගෙන කතා බහට එකතු කර ගත්තට මගේ ප්‍රණාමය ඔබට.

    බොහොම සංතෝෂයි කේන්තිය අඩු කරගන්න පුලුවන් වුනා කියන එකට මල්ලියා.....

    ඔය කේන්තියනේ බොහෝ අවස්ථාවල අපිට අපිව පාලනය කර ගන්න බැරි වෙලා අපිව කලහකාරිත්වයට කෙලින්ම යොමු කරන්නේ....

    මල්ලියට බොහොමත්ම ස්තුතියි දක්වා තිබෙන කරුණුවලට....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Ron ayya kathawa nan aththa .... eth buddagame ekatama kiyala awenika bawana karamayak thiyenewa ....
    ekata kiyanne WIPASSANAA bawanawa kiyala ... eka thiyenne ... sasara gamanin midenna ...sitha ekaga kara ganna ekath ekata included :)

    and ron ayya :) mama nan kamathi na :) anith agam wela thiyene ...bawana ekka buddagame thiyene ewa samana karanewata :)

    මල්ලියගේ අදහසට මං එකඟයි..

    මං මෙයින් අදහස් කරන්න හෝ සම කරන්න උත්සාහ කලේ නෑ බුදු දහමේ භාවනාව හා සෙසු ආගම්වල භාවනාවන්..

    මං උත්සාහ කලේ සමස්තයක් වශයෙන් එහි පොදු ගුණාකාරය මයිත්‍රිය බව පෙන්වීමයි..
    ජනතාවගෙ සිත් සතන්වලින් අද වෙනකොට සහමුලින් ඈත් වී තිබෙන දිනෙන් දින පරිහානිය කරා වේගයෙන් පිය මං කරන අපෙන් නැති වී යන සාරධර්ම මිනිස් සන්තානයන්හී ඇති කණස්සල්ල යලි පුබුදුවා ගන්නට කුමක් කල හැකිද ඊට මෙයින් ගත හැකි උපදේශය මොකද්ද කියල කියන්න විතරයි...

    මොන විදිහේ භාවනා ක්‍රම මොන ආගමේ තිබුනත් ඒවා නිරන්තර අභ්‍යාසයට ලක් වෙන්නේ නැත්නම් ඒවා ජනතාව පරිශිලනය කරන්නේ නැත්නම් භාවනා විධි විතරක් සවිස්තරව කතා කරලා තේරුමක් තියෙයිද?? අනිත් එක ඒවා හරි හැටි අකුරට පරිශීලනය කරනවා කියා ලොවට පෙන්වා ක්‍රියාවේදී ඊට හාත්පසින් විරුද්ධ දේම පිලිපදී නම් එයින් ඇති ඵලයකුත් නෑ නේද...

    අනිත් කරූණ බුදු දහමේ ප්‍රකට භාවනා ක්‍රම හා විධි නාමික වශයෙන් මෙතැනට ඈඳා නොගත්තෙත් ඒ කරුණු සැලකිල්ලට අරගෙනයි...

    එහෙම හිතුවනම් මට තිබුනා භාවනාවේ විවිධ ක්‍රම හා ඊට විෂයානුබද්ධ ශාස්ත්‍රීය ලිපියක් ලියන්න. මේක හැමෝටම පොදුවේ හිතන්න ලියපු සරල සටහනක්.....

    මල්ලියට බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන...:)

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මම විශ්වාස කරන දෙයක් තියෙනවා.ඒ තමයි අපේ හිත අපිට ඕන හැටියට තියාගන්න බෑ කියන එක..මොකද අපි ජීවත් වෙන සමාජය, සමාජයෙන් එන ප්‍රශ්න, පවුල තුල අප මූන දෙන දේවල් මේ ඔක්කොම එකට එකතු උනාම අපේ හිත අපිට ඕන විදියට තියෙයිද ?

    භාවනාවක් තුලින් ශක්තිමත් හිතක් ගොඩ නැගෙනවාමයි...ඒක අත්දැකීමක්....භාවනාවකින් ලැබෙන පළමුවෙනි ප්‍රතිථලය තමා හිතේ නිදහස...නිදහස් හිතකට මොන තරම් දේවල් කරන්න පුලූවන්ද ? ......කොයිතරම් දේවල් හිතන්න පුළුවන්ද ?

    අයියා කියනවා වගේ style එකටනම් භාවනා කරලා වැඩක් නෑ....ඒක සැබවින්ම හිතට එකගව කරන්න ඕනා...

    හොද අදහසක් අයියේ..කතා කල යුතු දෙයක්..හැබැයි ඉතින් රැල්ලේ වේගයෙන් මුදල් මතම දුවන මිනිස්සුන්ට භාවනාවක් ගැන හිතන්නවත් වෙලාවක් තියෙයිද ?

    ඒක නම් ඇත්ත තමා නංගි..

    බොහොම ස්තුතියි නංගියා සටහන කියවා අදහස් දැක්වීම ගැන....
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මල්ලියගේ අදහසට මං එකඟයි..

    මං මෙයින් අදහස් කරන්න හෝ සම කරන්න උත්සාහ කලේ නෑ බුදු දහමේ භාවනාව හා සෙසු ආගම්වල භාවනාවන්..

    මං උත්සාහ කලේ සමස්තයක් වශයෙන් එහි පොදු ගුණාකාරය මයිත්‍රිය බව පෙන්වීමයි..
    ජනතාවගෙ සිත් සතන්වලින් අද වෙනකොට සහමුලින් ඈත් වී තිබෙන දිනෙන් දින පරිහානිය කරා වේගයෙන් පිය මං කරන අපෙන් නැති වී යන සාරධර්ම මිනිස් සන්තානයන්හී ඇති කණස්සල්ල යලි පුබුදුවා ගන්නට කුමක් කල හැකිද ඊට මෙයින් ගත හැකි උපදේශය මොකද්ද කියල කියන්න විතරයි...

    මොන විදිහේ භාවනා ක්‍රම මොන ආගමේ තිබුනත් ඒවා නිරන්තර අභ්‍යාසයට ලක් වෙන්නේ නැත්නම් ඒවා ජනතාව පරිශිලනය කරන්නේ නැත්නම් භාවනා විධි විතරක් සවිස්තරව කතා කරලා තේරුමක් තියෙයිද?? අනිත් එක ඒවා හරි හැටි අකුරට පරිශීලනය කරනවා කියා ලොවට පෙන්වා ක්‍රියාවේදී ඊට හාත්පසින් විරුද්ධ දේම පිලිපදී නම් එයින් ඇති ඵලයකුත් නෑ නේද...

    අනිත් කරූණ බුදු දහමේ ප්‍රකට භාවනා ක්‍රම හා විධි නාමික වශයෙන් මෙතැනට ඈඳා නොගත්තෙත් ඒ කරුණු සැලකිල්ලට අරගෙනයි...

    එහෙම හිතුවනම් මට තිබුනා භාවනාවේ විවිධ ක්‍රම හා ඊට විෂයානුබද්ධ ශාස්ත්‍රීය ලිපියක් ලියන්න. මේක හැමෝටම පොදුවේ හිතන්න ලියපු සරල සටහනක්.....

    මල්ලියට බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන...:)

    eka hari ... mamath kiyanne haduwe buddagame ita wishesha bawana karamayak thiyenewa kiyala witharai :) ....

    hitha ekaga kara ganeema mayithree kirima kiyana ewa minissungen ath wela kiyana eka nan aththa ....thama monewa unath Lankawe eka poddak thiyenewa ... maseta eka dawasak hari poyata pansal yana minissu thama innawa :) .......

    anith kaaranawa mama hithanewa .... bawana karanne onima na hitha ekaga kara ganna ... ape minissu mi ena rallata ahu wela ...hamoma kiyanne api hari busy kiyala ....eth api kochchara nan kale kala danewada ???

    baawanawak karanne puluwannan hodai ethamathma hodai :) ...ehema nathath pansil pada 5 hari ... wena agamaka nan ita adala jiwith weeme maargaya hari anugamanaya karanewa nan katawath kisi prashnayak na :) ...

    me soo thawul dukka domanassa yan ... api widinne wihin ... :)
     
    ekanam aththa malli..oyata bohoma sthuthi mehema adahas beda hada gaththata apith ekka.....
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    කාර්‍ය බහුල මිනිසගේ සිත තැන්පත් කරන්න භාවනාව ප්‍රබල ලෙස ඉවහල් වෙනවා යන්න මගේ පිලිගැනීමයි.

    රොන් සොයුරාගේ සටහනට පුංචි එකතුවක්:

    මා මීට පෙර ජගත් කීර්තියක් දරණ ප්‍රධාන ගුවන් සමාගමක සේවය කලා, එහි වූ සේවක මණ්ඩලය රටවල් 90 ගානකින් සමන්විත වූ අතර ඔවුන් (ගෙන් ප්‍රකාෂිත) විවිධ ආගමික ලබ්ධිකයින් 29 කට අයත් වූවා. මෙ හැම ආගමික ඉගෙනුමකම විවිධ ම්ට්ටමකින් භාවනාව විශේෂ තැනක් හිමිවී තිබුනි.

    ඉස්ලාම ධර්මයේ ද එදිනෙදා පස්වේලේ යාඤ්ඤාව (සලාතය) පටන් ගැඹුරට භාවනාව ට මුල් තැනක් හිමිවෙනවා. බොහෝ විට දිනපතා සලාතය නිරායාසයෙන් ම කෙටි භාවනාව අනුගමනය කරනවා. මෙ සම්බන්ධව වෙබ් අඩවියක සටහන මෙසේය:

    Sufi Islam and Meditation
    Sufi Islam is a wide definition referring to Islamic groups who do not adhere in their entirety to either Shia or Sunni practice. There are many different groups that fall under the banner of Sufism, making the name itself possibly inadequate as spiritual category. However, for now it will suffice to say that meditation other than the Salat is central to the practice of many Sufi Muslims.

    By meditating, these Sufi's aim to reach an awareness of their oneness with the universe, believing that in doing so we can attain fundamental truths that are within us, but often remain hidden. These belief's are close to Buddhist and Yogic practices and this may be accounted for by the proximity of many Sufi groups (in the far Middle East) to India.

    Sufi meditation is sometimes called Muruqaba which means 'to watch over one's soul'. By partaking in Muruqaba, one is able to develop along their spiritual path by developing a better awareness of their self in gradual stages ascending through into an awareness of the Universe and then of God. The final aim of Muruqaba is for the individual to become extinguished within God (Fanah Filla) before returning to their original state, but with their new knowledge of God and their place within the Universe.

    This is an egoless state much the same as that attained through Buddhist enlightenment. Many Sufi's who reach this state are capable of great creative acts, through which they can communicate the will of God.

    As stated earlier, Sufism is a very wide category and, furthermore, one rejected by many other Muslims. The identification of a trend towards Eastern style meditation practice within Sufism does, however, point to the fact that meditation may find its place in Islam either in this capacity, or as part of daily relaxation practice aside from the Salat, which, indeed, can itself be considered a form of meditation.

    source: http://www.meditationexpert.co.uk/IslamicMeditation.html

    Sufism - සූෆිසම් යනු මැදිමාවතක් අනුගමනය කරන සාමය හා සහෝදරත්වය පදනම් වූ ජීවන රටාවකි. විවිධ ජන කොටස්වල එකමුතුව අගයන මොවුන් ලෝක ව්‍යාප්ත නූතන ප්‍රතිසංස්කරණ වාදීන්ගේ කොඩිවිනකාරී ඉලක්ක වී ඇත.

    මෙය දැණුම පුළුල් කරගැනීම උදෙසාම කල සටහනක් බව කරුණාවෙන් සලකන්න
     
    Last edited:

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    භාවනාව ඵදිනෙදා ජීවිතය හරියාකරව ගෙනියන්න ඇත්ත ඇති සැටියෙන් දකින්න අපට ලොකු ශක්තියක්. එය පුරැදු පුහුණු කල අය ඒ ගැන හොදටම දන්නව. ආගම් වාදයට නම් මම කැමති නැහැ. නමුත් විදර්ශනාවෙන් මනස පුහුනු කල කෙනෙකුට ඇති සැනසුම අන් ආගමක අයෙකුට ඇතැයි සිතන්න අමාරැයි. මම දන්න මුස්ලිම් ජාතික වි‍ෙශ්ශඥ ‍ වෛද්‍ය වරයෙක් ඉන්නවා ඔහු ඉතා හොදින් භාවනාව පුරෑදු කරනවා. නමුත් බුදු දහමේ යථාර්තය දකින්නැතිව ඉන් ඔබ්බට යන්න බැහැ කියල ඔහුම කියනවා. මෛත්‍රිය වඩන්න හැම කෙනෙකුටම පුලුවන්. ඒක ගැන වාදයක් නැහැ. මේ දේ කිව්ව වගේ ස්ටයිල් එකට කරල කුමන ඵලයක්ද? ඕන කමත් ධෛර්යයත් ඇතිනම් කොපමන වැඩ රාජකාරි තිබුනත් භාවනාව ප්‍රගුන කලහැකියි. එය තරම් මානසික සුවයක් තවත් ඇත්ද? පෝය දිනකම මේ සටහන තැබු ඔබට මේ ජීවිතයේදීම චතුරා්‍යී සත්‍ය අවබෝධ කිරීමට වාසනාව ලැබේවා.
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කාර්‍ය බහුල මිනිසගේ සිත තැන්පත් කරන්න භාවනාව ප්‍රබල ලෙස ඉවහල් වෙනවා යන්න මගේ පිලිගැනීමයි.

    රොන් සොයුරාගේ සටහනට පුංචි එක්තුවක්:

    මා මීට පෙර ජගත් කීර්තියක් දරණ ප්‍රධාන ගුවන් සමාගමක සේවය කලා, එහි වූ සේවක මණ්ඩලය රටවල් 90 ගානකින් සමන්විත වූ අතර ඔවුන් (ගෙන් ප්‍රකාෂිත) විවිධ ආගමික ලබ්ධිකයින් 29 කට අයත් වූවා. මෙ හැම ආගමික ඉගෙනුමකම විවිධ ම්ට්ටමකින් භාවනාව විශේෂ තැනක් හිමිවී තිබුනි.

    ඉස්ලාම ධර්මයේ ද එදිනෙදා පස්වේලේ යාඤ්ඤාව (සලාතය) පටන් ගැඹුරට භාවනාව ට මුල් තැනක් හිමිවෙනවා. බොහෝ විට දිනපතා සලාතය නිරායාසයෙන් ම කෙටි භාවනාව අනුගමනය කරනවා. මෙ සම්බන්ධව වෙබ් අඩවියක සටහන මෙසේය:

    Sufi Islam and Meditation
    Sufi Islam is a wide definition referring to Islamic groups who do not adhere in their entirety to either Shia or Sunni practice. There are many different groups that fall under the banner of Sufism, making the name itself possibly inadequate as spiritual category. However, for now it will suffice to say that meditation other than the Salat is central to the practice of many Sufi Muslims.

    By meditating, these Sufi's aim to reach an awareness of their oneness with the universe, believing that in doing so we can attain fundamental truths that are within us, but often remain hidden. These belief's are close to Buddhist and Yogic practices and this may be accounted for by the proximity of many Sufi groups (in the far Middle East) to India.
    Sufi meditation is sometimes called Muruqaba which means 'to watch over one's soul'. By partaking in Muruqaba, one is able to develop along their spiritual path by developing a better awareness of their self in gradual stages ascending through into an awareness of the Universe and then of God. The final aim of Muruqaba is for the individual to become extinguished within God (Fanah Filla) before returning to their original state, but with their new knowledge of God and their place within the Universe.
    This is an egoless state much the same as that attained through Buddhist enlightenment. Many Sufi's who reach this state are capable of great creative acts, through which they can communicate the will of God.
    As stated earlier, Sufism is a very wide category and, furthermore, one rejected by many other Muslims. The identification of a trend towards Eastern style meditation practice within Sufism does, however, point to the fact that meditation may find its place in Islam either in this capacity, or as part of daily relaxation practice aside from the Salat, which, indeed, can itself be considered a form of meditation.

    source: http://www.meditationexpert.co.uk/IslamicMeditation.html

    Sufism - සූෆිසම් යනු මැදිමාවතක් අනුගමනය කරන සාමය හා සහෝදරත්වය පදනම් වූ ජීවන රටාවකි. විවිධ ජන කොටස්වල එකමුතුව අගයන මොවුන් ලෝක ව්‍යාප්ත නූතන ප්‍රතිසංස්කරණ වාදීන්ගේ කොඩිවිනකාරී ඉලක්ක වී ඇත.

    මෙය දැණුම පුළුල් කරගැනීම උදෙසාම කල සටහනක් බව කරුණාවෙන් සලකන්න

    තවත් පැහැදිලි කලාට ස්තුතියි ඔබට සහෝ
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අපේ පාසැලින් (ගල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය) ලද මහඟු දායාදයක් මෙතැන සටහන් කිරීම සුදුසු යැයි සිතුනි.

    පාසැල ආරම්භ කරන්න සීනුව නාදකර පලමු මොහොත වෙන් වූයේ විනාඩියක නිහැඬියාවක් (එය සයිලන්ස් පීරියඩ් සේ ප්‍රචලිත විය) රකින්න. මුලු පාසැලේම පිරිස - ගුරුවරුන්, සිසුන්, සේවක මණ්ඩලය; මොන කාර්‍යයක නිරතව සිටියත් ඒ ඒ තැන් වල ම සීරුවෙන් ඉඳ ඒ මොහොතේ නිහැඬියාව රැකීමේ පිලිවෙත අනුගමනය කලා. ඉන් පසුවයි පන්සිල් සමාදම් වීම හා අනෙක් ආගමික කටයුතු සිදුවූයේ.

    බසයෙන්, දුම් රියෙන්, පාගමනින් හෝ අනෙක් යාන වාහන වලින් පාසැලට ආවත් රමණීය කදු ගැටයක විසිර පිහිටි පන්තියකට ලඟාවී දවසේ වැඩ පටන් ගන්න පෙර ඒ නිහඬ මොහොත ලබාදුන්නේ විස්තර කරන්න බැරි තරම් ලොකු අස්වැසිල්ලක්, සිත තැන්පත් කිරීමක්.

    එය අදත් සුරැකෙන උතුම් විනයක් (චිරාත්කාලයක් පවතීවා!)

    ඒ පිළිවෙතින් අප ලද ශක්තිය අනුපමේයයි.