භාවනා කරන්න හිතන අයට වැදගත් වෙන කරුණු කීපයක්.

hpalpola

Well-known member
  • භාවනා කරන්න හිතන අයට වැදගත් වෙන කරුණු කීපයක්.
    නිවන් අරමුණු කරගත්ත කෙනෙක්ට වගේම එදිනෙදා ජීවිතය සාර්ථක කර ගන්න උත්සාහ දරණ කෙනෙක්ට වැදගත් පුණ්‍යකර්මයක් තමයි භාවනාව කියන්නෙ. දන්නවනෙ ප්‍රධාන පුණ්‍ය කර්ම තුනයි, ඒ තුනෙන් එකක් තමයි භාවනාව කියන්නෙ කියලා. භාවනාව ප්‍රධාන වශයෙන් ම අපිට උපකාරී වෙනවා සිහිය පිහිටුවා ගන්නයි, යම් දෙයක පවතින සත්‍ය ස්වභාවය දැන කියා ගන්නයි. බෞද්ධයො ඉතින් මේ නිසා ආශයි භාවනා කරන්න. මෙනිසා ඉල්ලුමට සැපයුම දෙන ආයතන පවා අද වෙද්දි ලංකාව ඇතුලෙ තියෙනවා. ඒවාට යන එන අයත් අපි අතරෙ ඕනෑ තරම් ඉන්නවා. තවත් සමහරු තනිවම භාවනාව පුහුණු වෙනවා. විවිධ ධර්ම දේශනා, පොත පත ඇසුරු කරන් තමයි ඒ අය භාවනාව පුහුණු කරන්නෙ. මේ හැම කෙනෙක්ට ම වැදගත් වෙන සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ චතුක්කනිපාතයේ පුග්ගල වග්ගයෙ. ඒ සූත්‍රය තමයි නිකට්ඨකාය සූත්‍රය.

    මේ සූත්‍රයෙදි බුදුරජාණන්වහන්සේ පුග්ගල කොට්ඨාශ 4 ක් පෙන්වලා දෙනවා මේ විදියට.

    “කයින් ගමින් පිටවූ, සිත ගමෙහිම ඇති පුද්ගලයාය, කය ගමෙහි ඇති, සිත ගමෙහි නැති පුද්ගලයාය, කය සිත දෙකම ගමෙහි ඇති පුද්ගලයාය, කය ගමෙහි නැති, සිතද ගමෙහි නැති පුද්ගලයාය යන සතර දෙනය.

    ඉන් පස්සෙ මේ හතර දෙනවා විස්තර කරනවා.

    “මහණෙනි, කෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිටවූයේ වේද, සිත ගමෙහි ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වනයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සේනාසනවල වසයි. හෙතෙම එහි කාම විතර්‍කයන්ද සිතයි. ව්‍යාපාද විතර්‍කද සිතයි. විහිංසා විතර්‍කද සිතයි. මහණෙනි, මෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිටවූයේ වේ. සිතින් ගමින් පිටවූයේ නොවේ.

    “මහණෙනි, කෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිට නොවූයේ වේද, සිතින් ගමින් පිටවූයේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කැලේ වානප්‍රස්ත ප්‍රාන්ත සේනාසන සේවනය නොකරයි. හෙතෙම එහිදීම නෛෂ්ක්‍රම්‍ය විතර්‍කයන් සිතයි. අව්‍යාපාද විතර්‍කයන් සිතයි. අවිහිංසා විතර්‍කයන් සිතයි. මහණෙනි, පුද්ගල තෙම මෙසේ කයින් ගමින් පිටවූයේ නොවේ. සිතින් ගමින් පිටවූයේ වේ.

    “මහණෙනි, කෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිට නොවූයේ වේද, සිතින් ගමින් පිටනොවූයේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අරණ්‍යයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සේනාසනවල නොවසයි. හෙතෙම එහි කාම විතර්‍කද සිතයි. ව්‍යාපාද විතර්‍කද සිතයි. විහිංසා විතර්‍කද සිතයි. මහණෙනි, මෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිටනොවූයේද නොවේ. සිතින් ගමින් පිටනොවූයේද වේ.

    “මහණෙනි, කෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිට වූයේද, සිතින් ගමින් පිටවූයේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වනයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සේනාසන ආශ්‍රය කරයි. හෙතෙම එහි නෛෂ්ක්‍රම්‍ය විතර්‍කද සිතයි. අව්‍යාපාද විතර්‍කද සිතයි. අවිහිංසා විතර්‍කද සිතයි. මහණෙනි, මෙසේ පුද්ගල තෙම නික්මුණු කය ඇත්තේද, නික්මුණු සිත ඇත්තේද වේ.

    ඔයා භාවනාව ගැන උනන්දු වෙන කෙනෙක්නම් බලන්න මෙයින් කුමන ගණයට වැටෙන පුද්ගලයෙක් ද කියලා. එක අතකට මේ සූත්‍රය බැලුවම භාවනා කරන අයට විතරක් නෙමෙයි හැම කෙනෙක්ට ම වැදගත්. මොකද මේ තියෙන තත්ත්වය ඕනෑ කෙනකුට අදාළ කරන්න පුළුවන් නිසා. අනික සමහරු ඉන්නවා භාවනා කරන්න ආරණ්‍යයකටම යන්න ඕනෑ කියන අය. ඉතින් එහෙම අවස්ථාවක් ලැබෙන තුරු ඒ අය භාවනා කර්මය මග හරිනවා. එහෙම ඉඳලා ආරණ්‍යගත වුනාට පස්සෙ වෙන වෙන දේවල් ගැන හිතනවා. ඇවිත් කියන්නේ ‘අම්මා.. එන්න හිතුනෙ නෑ මචං‘ කියලා. හැබැයි එනකම් තමයි බලන් ඉඳලා තියෙන්න. තවත් අය ඉන්නව ‘මන් පංසල් නොගියට අවශ්‍ය වැඩ ටික ගෙදර ඉඳන් කර ගන්නවා‘ කියන. හැබැයි මෙයින් බහුතරයක් දෙනා ගෙදර ඉඳන් කරන්නෙ ඔය සූත්‍රයෙ තියෙන කාම විතර්‍ක ව්‍යාපාද විතර්‍ක විහිංසා විතර්‍ක ඇතුලු විතර්‍ක හිතමින් ඉන්න එක. තවත් සමහරු ඉන්නවා ඉන්නෙ ගෙදර වුනාට හිත ආරණ්‍යගත වෙලා වගේ. ඒ කියන්නේ මේ සූත්‍රයෙ දැක්වෙනවා වගේ ඇඟ තියෙන්නෙ ගමේ, හැබැයි හිත තියෙන්නෙ ආරණ්‍යගත වෙලා. ඒ තැනැත්තා හිතන්නෙ නෛෂ්ක්‍රම්‍ය විතර්‍ක අව්‍යාපාද විතර්‍ක අවිහිංසා විතර්‍ක.

    මේ රටේ ජීවත්වෙන බෞද්ධයන්, මේ සූත්‍රයෙ පෙන්වා දෙන පුද්ගල කොට්ඨාශ 4 න් එකකට වැටෙනවා. ඔයත් මාත් ඇතුලුව. නමුත් අපි දන්නෙ නැහැ එහෙම බෙදීමක් තියෙනවා ද කියලා. ඒ බව දැනන් ඉඳියනම් සතුටින් ඉන්න බෞද්ධ පිරිස තමයි ලංකාවේ වැඩි. එහෙම නෙමෙයි ද කියලා ඔයාටම හිතලා බලන්න පුළුවන්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    sdZyzov.png
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,987
    10,154
    113
    බාවනාව පුණ්‍යකර්මයක්?
    අනේ මේ වගේ මිනිස්සු නිරපේක්ෂ දේවල් හොයනවා පින්, පුණ්‍යකර්ම වගේ සාපේක්ෂ දේවල් වලින්.

    කුමන ගණයට වැටෙන පුද්ගලයෙක් ද?
    ලව්කිකත්වයේ උපරිම සලකුණු

    Anyway මහමෙව්නාවේ බණ වලට වඩා හොදයි ඒක නිසා respect.
     

    hpalpola

    Well-known member
  • බාවනාව පුණ්‍යකර්මයක්?
    අනේ මේ වගේ මිනිස්සු නිරපේක්ෂ දේවල් හොයනවා පින්, පුණ්‍යකර්ම වගේ සාපේක්ෂ දේවල් වලින්.

    කුමන ගණයට වැටෙන පුද්ගලයෙක් ද?
    ලව්කිකත්වයේ උපරිම සලකුණු

    Anyway මහමෙව්නාවේ බණ වලට වඩා හොදයි ඒක නිසා respect.
    ඔව් යාළුවා. භාවනාව පුණ්‍ය කර්මයක්. ත්‍රිපිටකය තුළ බලන්න. දාන, ශීල සහ භාවනා කියන්නෙ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන්.