භාවනා කරන්න හෙල්ප් එකක්

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,755
    2,791
    113
    භාවනා කරන්න හෙල්ප් එකක්

    මචන්ලා මට භාවනා කරන්න පුරුදු වෙන්න ඕන. දැන් මට හිත concentrate කරගෙන වැඩක් කරන්න අමාරුයි. එකයි. programs වලට යන්න නම් වෙලාවක් නැහැ. ගෙදර ඉඳන් නිදාගන්න යන්න කලින් වගේ තමයි පුරුදු වෙන්න වෙන්නේ. මේකට උදව්වක් ගන්න පුළුවන් mobile App එකක් එහෙම තියෙනවද වැඩේ පුරුදු වෙනකල්වත්? භාවනා කරන අය පුලුවන්නම් පොඩි හෙල්ප් එකක් දෙන්න
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    bump
    headspace kiyala app ekak thiyeanwa. use karala nan na habai mama.
    mama nan multi timer kiyana app eka use karanne.(meditate karana dawasalawata) eka dala meditate karanna hithana winadi gana dala use karan nan puluwan. ex- 5mins nan 5mins giyata passe alarm ekak wadinna.
     
    • Like
    Reactions: CoolMan88

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    මෛයිත්‍රී භාවනාව

    මම නිදුක් වෙම්මා
    නීරෝ්ගිි
    වෙම්මා
    සුවපත්
    වෙම්මා
    දුකින් මිදෙම්වා
    නිවන් දකිම්වා

    මා මෙන්ම සියලු සත්වයෝ
    නිදුුක් වෙත්වා

    නීරෝ්ගිි වෙත්වා
    සුවපත් වෙත්වා
    දුකින් මිිදෙත්වා
    නිවන් දකිත්වා

    මේ ටික විනාඩි 15 ක් වඩන්න
     
    • Like
    Reactions: CoolMan88

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    විදර්ශනා භාවනා ක්‍රමය පොත බලන්න
    රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ
     
    • Like
    Reactions: CoolMan88

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,755
    2,791
    113
    උඹට concentratation කොහොමද? උපරිම කොච්චර වෙලාවක් එක වැඩක් කරන්න පුලුවන්ද?

    ehemata hariyata welawak kiyanna behe ban. issara nam aulak ne. eth dan wedi wela inna amarui.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    eka paratama bhawana karanan yanna epa. uba oya inna mattama ekka bhawana karanna aragena tika dawasak karala ubata epa wei. eeta passe bhawanawatath baina mattama wetewi. mulinma ra ta nida gannakota relaxing music/music therapy wage deyak sathiyak dekak dala hitha oya inna mattamen poddak goda dagenama bhawanawa patan ganna.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    වැඩි වැඩ එපා. මේකේ සීසන් 8 එක සම්පූර්ණයෙන් බලලා කර්මස්ථාන භාවනා පටන්ගන්න. ඒකට ටික කාලයක් යයි. හැබැයි ඔය නිකන් ලෞකික භාවනා කරනවට වඩා ගොඩක් ප්‍රතිඵල සහිතයි.

    මේකෙත් ඕවා සාකච්ඡා කරනවා:

    http://www.elakiri.com/forum/showthread.php?t=1824180
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    kiyahanko ithin. ekatane thread eka damme.

    පුටුවක ඉදගෙන හරි එරමිණිය හරි ගොතාගනින්.

    මුලින්ම ඇස් දෙක පියාගෙන හොද හුස්ම දෙක තුනක් ගනින්.

    ඊට පස්සේ උඹ ඕන කමින් හුස්ම ගන්න එපා. ඔටෝ හුස්ම වදින්න දියන්.

    මචන් නාසය යට තියෙන මේ ඊතලෙන් ලකුණු කරපු කොටස ගැන අවධානෙන් හිටපන්. උඹට තේරෙයි හුස්ම පාර ලාවට වැදීගෙන එතනින් යනවා කියලා. ඒ වගේම හුස්ම ආයිත් යද්දී ලාවට ඔතනට වැදීගෙන එලියට යනවා කියලා තේරෙයි. ප්‍රධානම කරුණ උඹ ඕනා කමින් හුස්ම පාලනය කරන්න යන්න එපා. ඔටෝ වදින්න දියන්.

    දැන් හුස්ම ගන්න එකෙත් ආකාර 2ක් තියෙනවා. හුස්ම ගැනීම හා පිට කිරීම.

    ඔය දෙකින් එකක් තෝරාගනින්. පෞද්ගලිකව මම ගන්නේ හුස්ම ගැනීම. දැන් නහයේ අර කොටසේ හුස්ම ගෑවී ගෙන යද්දී එකායි කියලා හිතින් ගණන් කරපන්. උඹ හුස්ම ඇතුලට ගනිද්දි ගනන් කරන්න ගත්තනම් පිටවෙද්දි ගණන් කරන්න ඕන නෑ. ඒවගේම හුස්ම පිට වෙද්දී ගණන් කරන්න ගත්තනම් ඇතුලට යද්දී ගණන් කරන්න ඕන නෑ.

    දැන් උදාහරණයක් විදිහට උඹ හුස්ම ඇතුලට යනවා ගණන් කරන්න ගත්තා කියමු. හරි. දැන් උඹ එකායි කියලා ගණන් කරනවා. මචන් හුස්ම නහයට යටින් අර කොටසේ වදිනකොට පුලුන් කෑල්ලක් අතුල්ලනවා වගේ. ඒ ගැන ඉවර වෙනකන් අවධානෙන් හිටපන්. දැන් ආයි හුස්ම පිටවෙනකොට ගණන් කරන්න එපා. දැන් ආයිත් හුස්ම ඇතුලට ගන්න කොට දෙකායි කියලා කරපන්. ඊට පස්සේ පිටවෙනකොට ගණන් කරන්න එපා. ආයිත් හුස්ම ඇතුලට ගන්න කොට තුනායි කියලා හිතපන්.

    ඔහොම 5 වෙනකන් කරපන්.

    ඊට පස්සේ ආයි එකේ ඉදන් පටන් ගනින්. ඊට පස්සේ 6 වෙනකන් කරපන්. 6ට ආවට පස්සේ ආයිත් 1ට පලයන්. ඊට පස්සේ 7 වෙනකන් කරපන්. ඔහොම 10 වෙනකන් කරන්න ඕන.

    මේක කියවන උඹට හිතෙයි මේක ලේසියි කියලා. මේක පළවෙනි පාරට කරන කෙනෙක්ට ගොඩක් අමාරුයි. හොදට concentrate කරන්න ඕන මේ යන්නේ කීවෙනි රැල්ලද කියලා.

    හදිසියේ උඹේ අතින් හිත වෙනතැනකට ගියොත් උඹට මේ යන්නේ කීවෙනි රැල්ලද කියලා ෂුවර් නැතිවෙනවා. නැත්නම් අමතක වෙනවා. එහෙම වුණොත් ආයිත් මුල ඉදලා මේක පටන්ගන්න අවංක වෙයන්. මේක එකදිගට 10 වෙනකන් කරපන්. ඊට පස්සේ තව 10 සෙට් එකක් කරපන්. ඔහොම එක දිගට 10 සෙට් දෙකක් කරොත් උඹේ ප්‍රතිඵල මේ ත්‍රෙඩ් එකේ දාපන්.​

    ආහ් මේක ඇදේ ඉදන් කරන්න එපා. පිටයි උකුලයි අංශක 90 තියාගනින්. ඒකයි කිව්වේ එරමිණිය හරි පුටුවක හරි ඉන්න කියලා. අවධානේ වැඩි වුණොත් උඹේ ඇග සැහැල්ලු වෙලා බෙල්ල ටිකෙන් ටික පහත්වෙයි. ඒ ගැන ගණන් ගන්න එපා.
     
    ela mchn. thanks. me wage ekak thamai mama patan ganna hewwe.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,571
    3,148
    113
    මචන්ලා මට භාවනා කරන්න පුරුදු වෙන්න ඕන. දැන් මට හිත concentrate කරගෙන වැඩක් කරන්න අමාරුයි. එකයි. programs වලට යන්න නම් වෙලාවක් නැහැ. ගෙදර ඉඳන් නිදාගන්න යන්න කලින් වගේ තමයි පුරුදු වෙන්න වෙන්නේ. මේකට උදව්වක් ගන්න පුළුවන් mobile App එකක් එහෙම තියෙනවද වැඩේ පුරුදු වෙනකල්වත්? භාවනා කරන අය පුලුවන්නම් පොඩි හෙල්ප් එකක් දෙන්න

    මටත් එහමයි බන්...