භාවනා කරමු සියළු දුකෙන් නිදහස් වෙමු

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    භාවනා කරමු සියළු දුකෙන් නිදහස් වෙමු🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐භාවනා ක්‍ර‍ම අතර ද ඉක්මනින් ඵල දැකිය හැකි ඒවා ද, ඵල ලැබීමට බොහෝ කල් ගත වන ඒවා ද, කොතෙක් මහන්සි වුව ද සෑහෙන ඵලයක් නො ලැබිය හැකි ඒවා ද ඇත්තේ ය. මේ සතිපට්ඨාන භාවනා ක්‍ර‍මය වනාහි මෙලොව මග - ඵල ලැබීමට සුදුසුකම් ඇතියන්ට ඉක්මනින් ඒවා ලැබිය හැකි භාවනා ක්‍ර‍මයකි. සතර මාර්ග සතර ඵල නිර්වාණය යන මේ ලෝකෝත්තර ධර්මයෝ ගිහි-පැවිදි, ගැහැණු-පිරිමි, බාල-මහලු සැම දෙනට ම සාධාරණයහ. අතීතයෙහි සත් හැවිරිදි ළදැරියන් පවා සෝවාන් ඵලයට පැමිණි බව අපේ පොත පතෙහි නොයෙක් තැන්වල සඳහන් වී ඇත්තේ ය. වර්තමාන ජාතියේ දී මග-ඵල ලැබීමට තරම් භාග්‍යයක් සෑම දෙනාට ම නැති බව නම් ඇත්තකි. එබන්දෝ බුද්ධකාලයෙහි ද බොහෝ වූහ. මෙකල වෙසෙන සෑම දෙනා ම වර්තමාන භවයේ මග-ඵල ලැබීමට භාග්‍ය නැත්තාහු නො වෙති. ඒවා ලැබීමට තරම් භාග්‍යය ඇතියවුන් දැනුදු බොහෝ ඇති බවට කිසිදු සැකයක් නැත.

    වී ඇටයෙහි පැළවීමේ ශක්තිය ඇත ද, අටුවේ ම තුබුණ හොත් කිසි කලෙක එය පැළ නො වන්නේ ය. එමෙන් මේ ජාතියේදී ම මග-ඵල ලැබීමට භාග්‍යය ඇති තැනැත්තාට ද ලැබීම සඳහා ක්‍රියා නො කළ හොත් ඒවා නො ලැබෙන්නේ ය. මේ ජාතියේදී ම මග-ඵල ලැබීමේ භාග්‍යය ඇද්ද, නැද්ද යන බව තේරුම් ගැනීමට කිසි ලකුණක් නැත්තේ ය. භාග්‍යය සැඟවී ඇති දෙයකි. ඒ නිසා මේ ජාතියේ දී ම මේ බුදු සස්නේදී ම මග-ඵල ලැබීමට, නිවන් දැකීමට තරම් භාග්‍යයක් අපට නැතය කියා කිසිවකු විසින් මන්දෝත්සාහී නොවිය යුතු ය.

    භාග්‍යය ඇති නැති බව දත හැකි වන්නේ ද උත්සාහ කර බැලීමෙනි. නො මඟ ගොස් ඒකාන්තයෙන් මෙලොව ම ඵල දැකිය හැකිවන යහපත් විදර්ශනා භාවනා ක්‍ර‍මයක් අනුව කලක් උත්සාහ කළ හොත් භාග්‍යය ඇති තැනැත්තා යටත් පිරිසෙයින් සෝවාන් ඵලයටවත් පැමිණෙන්නේ ය. මේ ජාතියේ දී ම එයට පැමිණීමට භාග්‍යය නැත්තා වූ පින්වතුන්ට කසුප් බුදුන් සමයෙහි කඳු නැඟ භාවනා කොට ද ඒ ජාතියේදී සෝවාන් ඵලයටත් පැමිණිය නුහුණු භික්ෂූන් වහන්සේලා පස් නමට ඒ කළ උත්සාහය අප බුදු සස්නෙහි ඉතා ඉක්මනින් රහත් විය හැකිවීමට පාරමිතාව වූවාක් මෙන් මතු බුදු සස්නකදී මග ඵල ලැබීමේ පාරමිතාව වන්නේ ය.

    ස්වසන්තානයෙහි කාමච්ඡන්දාදි නීවරණයන්ට ඇති වන්නට ඉඩ තබා සමහර දවසක පමණක් භාවනා කරන්නා වූ තැනැත්තන්ට හා දිනපතා ම වුව ද දවසෙන් සුළු කාලයක පමණක් භාවනාවෙහි යෙදෙන්නවුන්ට කෙටි කාලයකින් මග-ඵල නො ලැබිය හැකිය. එසේ කරන්නවුන්ට සිය වසකිනුදු මග-ඵල නොලැබිය හැකිය. ස්වසන්තානයෙහි නීවරණයන් ඇති වීමට අවකාශයක් නො තබා නීවරණයන්ට සම්පූර්ණයෙන් ම ඉඩක් නොදී, නිදන කාලය හැර දවස මුළුල්ලේ ම සතිපට්ඨාන භාවනාවෙහි යෙදෙන පින්වතාට මග-ඵල ලැබීමට වැඩි කලක් ගත නො වේ. එබැවින් සැරියුත් මහතෙරුන් වහන්සේ “මේ සස්නෙහි කොතෙක් කල් ධර්මයට අනුව පිළිපදින තැනැත්තේ රහත් වේ දැ” යි විචාළ ජම්බුඛාදක පරිබ්‍රාජකයා හට “න චීරං ආවුසො” ඇවැත්නි! වැඩි කලක් නොවේය” යි වදාළ සේක.

    සතිපට්ඨාන භාවනා ක්‍රමය නම් කෘතිය ඇසුරෙනි ,,,,,,,,,,

    #යට්ටපාත
     
    • Like
    Reactions: kinkon

    Similar threads