අන්න ඒ කතාවට මාත් එකඟයි. මම මේ ත්‍රෙඩ් එක දානකොට ඔය official කියන page එක ගැන මොකුත් කියල තිබ්බෙත් නෑ.එනිසාම මම කතාව පටන් ගන්නකොටම කිව්වා.එතකොට වෙලාව දවල් 1 යි.මේ වෙනකොට මොන තරම් දේවල් වෙලාද?
මටත් දැන්නම් පෙන්නේ මේ ටිකට අර මනුස්සය අමුලික වරද කාරයෙක් කරලා අනිත් ඔක්කොලාම හොඳ වෙලා තියෙන තත්වයක්.ඒ කියන්නේ මේ Mega Bite කියන වැඩසටහන ප්‍රචාරය වුනේ Hiru TV ප්‍රධානියන්ගේ අනුදැනුමෙන් තොරවද?
අර ප්‍රවෘත්ති වලට සමාව ඉල්ලන කතාවේ උනත් කියන්නේ නිවේදක අතින් සිදු වූ වැරදි වලට සමාව ඉල්ලන බවයි.
ඇයි එහෙනම් මීට කලින් වෙනත් කලාකරුවන්ට අපහාස උපහාස කරනකොට ඔය දැන් සමාවෙන්න යැයි කියන අය හිටියේ නැද්ද?
පිට රටවල නම් වරදක් උනාම ප්‍රධානියෝ එක බාරගෙන සමාව ඉල්ලලා වරදට යම් පියවරක් ගන්නවා.සමහර විට ඔවුන් තනතුරු වලින් පවා ඉවත් වෙනවා. ඒ මහත්ම ගතිය.
නමුත් ලංකාවේ වරදක් උනාම එය කරපු තැනැත්තාට පවරලා අනිත් අය අත පිහදගන්නවා.හරියට දැන් Hiru TV වගේ.දැන් මෙතන වෙන්නේ ඔය සනෝජ් කියන මනුස්සය Hiru TV එකේ සේවය කල කෙනෙක් නෙවෙයි වගේ.
අනේ අපොයි.....!