භාවිතය-වරද-Mega Bite

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    භාවිතය-වරද-Mega Bite

    Zzei16F.jpg


    Code:
    https://www.facebook.com/HiruTVMegaBite

    ශ්‍රී ලාංකේය සමාජය තුල මේ දවස් වල වැඩියෙන්ම කතා බහ වූ මාතෘකාවක් බවට පත් වුනේ හිරු TV මාධ්‍ය තුලින් විකාශය වූ Mega Bite වැඩසටහනේ ක්‍රියාකලාපයයි. එයට හේතුව වුයේ එම මාධ්‍ය කණ්ඩායම විසින් මිහිර සිරිතිලක යන චරිතාංග නළුවාට කරන ලද හිංසනයකි.

    නමුත් අප ඒ නළුවාට සිදුවුයේ කුමක්ද යන්න සහ එය සිදුකලේ කුමණ අරමුණකින්ද යන්න සහ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද යන්න නොදනිමු.

    මේ සිදු වූ සිද්ධිය පිටුපස සිටි හිරු මාධ්‍ය කණ්ඩායම සිද්ධිය සිදුවුණාට පසුව පස්චාත් විමර්ශයනක් හෝ ඒ සම්බන්ධ නිසි හේතු දැක්වීමක් මා අද වනතුරු නොදැක්කෙමි. සාමාන්‍යයෙන් සිද්ධියක් සිදුවීමෙන් පසු අගතියට පත් පාර්ශවයන් මෙන්ම එම සිද්ධිය ක්‍රියාත්මක කල පර්ශවන්ද කරුණු දැක්වීම සිදුකරයි.

    එය කෙසේවෙතත් මා නම් දැක්කේ දුගතියට පත් වූ පාර්ශවය තමන්ගේ කරුණු දැක්වීම වෙනත් නාලිකාවලින් සිදු කල අතර අනිත් පාර්ශවය තමන් අතින් සිදුවූ වරද පිළිගැනීම වෙනුවට එයට නිදහසට කරුණු කියමින් තව තවත් බැන වැදීමයි.

    ඊට තිබෙන හොඳම නිදර්ශනය ඉහත දැක්වෙන හිරු TV Mega Bite වැඩසටහනේ official fan page එක යැයි කියාගන්න වෙබ් පිටුවේ දැක්වෙන තර්ජනයයි.

    පුදුමෙනුත් පුදුම දෙය නම් රටේ ප්‍රධාන නාලිකාවක් ලෙස ක්‍රියාකරන හිරු TV නාලිකාවේ වැඩසටහනක official යැයි කියාගන්නා වෙබ් පිටුවක මෙසේ සාමාන්‍ය ජනතාවට තර්ජනය කිරීම කොතරම් අශෝභන, කුජීත , පහත ක්‍රියාවක්ද යන්නයි.
    සමහර විට හෙට අනිද්දා වන විට හිරු TV ආයතනය කියාවි එම වෙබ් පිටුව අපගේ නොවෙයි කියා.නමුත් එක කොතරම් සාධාරණද යන්න තීරණය කිරීම ඔබ සතුයි.
    හේතුව සාමාන්‍යයෙන් තමන්ට වාසියක් වන විට එය සාධාරණද නැද්ද යන්න සලක බැලීම බොහෝ දෙනා මගහරින හෙයිනි.

    -----------------------------------------------------

    මේ නිවේදනයේ කියනවා
    "වෙච්ච දේට සුනොජ් වගකියන්න ඕනේ ඒක ඇත්ත.......හැබැයි මිහිර ඇවිත් කෑ ගැහුවා කියලා හැමෝම සුනොජ් ව වැරදිකාරයෙක් කරනවා නම් ඒක වැරදියි ....මොකද සුනොජ් කියන්නේ Rapperකෙනෙක් ......අනිත් ඒක සුනොජ් මේකේ Presenter විතරයි.මේ වැඩසටහන පිටිපස්සේ ගොඩාක් ලොකු Crew එකක් ඉන්නවා ........අනිත් එක හිරු TV කියන්නේ රේනෝ සිල්වා ගේ Channel එකක් .......ඒ කියන්නේ දුමින්ද සිල්වා ගේ අයියා ගේ Channel එක...................එතකොට ඒ සේරම හොද වෙලා සුනොජ් විතරක් බැනුම් අහනවා කියන්නේ ඒක හරි ලල් එක නේද ............????? - මිහිරට දැන් ප්‍රශ්නයක් උනාට මිහිර කියන්නෙත් හිරු එකේ dramas වල ගොඩාක් රඟපෑ නළුවෙක් .......එහෙම බැලුවොත් මිහිර හිරු ඒක ඉස්සරහා දණ ගහලා දැන් ගොඩාක් කල් .."

    "වෙච්ච දේට සුනොජ් වගකියන්න ඕනේ ඒක ඇත්ත"
    වරද කලබව දන්නවා හැබැයි එක පිළිගන්න සුදානමක් නැත.

    ".හැබැයි මිහිර ඇවිත් කෑ ගැහුවා කියලා හැමෝම සුනොජ් ව වැරදිකාරයෙක් කරනවා නම් ඒක වැරදියි"
    ඒ මනුස්සය තමන්ට වුනු හිංසනය ගැන හදවතින්ම කියන්නේ.කිසිම තැනක පරුෂ වචනයෙන් බැනල කෑ ගැහුවේ නැත.

    "මොකද සුනොජ් කියන්නේ Rapperකෙනෙක් ......අනිත් ඒක සුනොජ් මේකේ Presenter විතරයි"

    ඔන්න ඕකට තමයි කියන්න වෙන්නේ බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගිය වගේ කියල.ඇයි දැන් මෙතෙන්ට rapper කෙනෙක් කියන කතාව ගේන්නේ?

    "මේ වැඩසටහන පිටිපස්සේ ගොඩාක් ලොකු Crew එකක් ඉන්නවා "

    දැනුම් තේරුම් ඇති නිසි නායකත්වයක් නැති කිසිම දෙයක පැවැත්මක් නැහැ කියල කතාවක් තියනවනේ.ඉතින් පිටිපස්සේ කොච්චර විශාල කාර්යමණ්ඩලයක් හිටියත් වැඩක් නෑ නායකත්වය මන්දබුද්ධික තත්වයෙන් ක්‍රියාකරනවා නම්.

    දැන් තමයි කතාවේ හොඳම හරිය තියන්නේ........

    " අනිත් එක හිරු TV කියන්නේ රේනෝ සිල්වා ගේ Channel එකක් .......ඒ කියන්නේ දුමින්ද සිල්වා ගේ අයියා ගේ Channel එක "

    දේශපාලනය හෝ බලපුලුවන්කාරකම මෙතනට ගාවගන්නවා කියන්නේ තවත් පහත් ගතිය පෙන්වීමක් මිසක් එහි කිසිම ගතයුත්තක් නැත.
    හොදින් බලන්න මෙතන කරන්න හදන්නේ ඔවුන්ට වැරදුන කල තමන් විසින්ම ගොඩ නගාගත් රසිකයින්ට තමන්ගේ බලය පෙන්වීම නොවේද? තේරෙන වචනයෙන් කිව්වොත් තර්ජනය කිරීම නොවේද?

    " එතකොට ඒ සේරම හොද වෙලා සුනොජ් විතරක් බැනුම් අහනවා කියන්නේ ඒක හරි ලල් එක නේද"

    ඔව්... සුනොජ් කියන පුද්ගලයා සම්බන්ධයෙන් තමයි හැමෝම ප්‍රශ්න කරන්නේ.එයට හේතුව ඔහු තමයි සියලුම ඉදිරිපත්කිරීම කලේ.යම් දෙයක් සැලසුම් කරන පුද්ගලයා වරදකට හසුවන්නේ එම කටයුත්ත ඉතාමත අවුල් වියවුල් වූ පසුයි.එතෙක් ඒ දේවල් වලට මුහුණ දෙන්නේ එම සැලසුම් ක්‍රියාවට නංවන පුදගලයායි.
    හැබැයි ඉතින් මොනවා උනත් සැලසුම ක්‍රියාවට නංවන පුද්ගලයාට අදාල ක්‍රියාවේ අවදානම්කාරීභාවය මත හොඳ ගෙවීමක් කරන්න ඇති. නමුත් මෙහිදී අන්තිමේට සිදුවී ඇත්තේ කිසිම බලධාරියෙකුත් මේ සම්බන්ධව ඉදිරිපත් නොවීමයි.ඒ නිසා සම්පූර්ණ වරද පටවෙන්නෙත් සුනොජ් කියන පුද්ගලයාටමයි.
    ඉතින් මේ මාධ්‍ය කණ්ඩායමේ සමගිය පිළිබඳව හොදින් තේරුම්ගැනීමට හැකිවනවා මේ ක්‍රියාකලාපය තුලින්.

    " මිහිරට දැන් ප්‍රශ්නයක් උනාට මිහිර කියන්නෙත් හිරු එකේ dramas වල ගොඩාක් රඟපෑ නළුවෙක් .......එහෙම බැලුවොත් මිහිර හිරු ඒක ඉස්සරහා දණ ගහලා දැන් ගොඩාක් කල් .."

    මිහිර යනු වෘත්තීය නළුවෙකි.මෙම වැඩසටහන ඉදිරිපත් කල පුදගලයාට වෘත්තියක් නැත. මන්ද ඔහු rapper කෙනෙක්ද නැත්නම් presenter කෙනෙක්ද යන්න හරිහැටි සඳහන් නොවීමයි. ඉතින් වෘත්තීය නළුවෙක් විදියට තමන්ට කැමති නාට්‍යක කැමති නාලිකාව රඟපෑම සිදුකල හැකිය.මන්ද නළුකම රඟපෑම ඔහුගේ වෘත්තීය නිසා.එයට කාගෙවත් බලපෑමක් අවසරයක් අවශ්‍ය නොවෙයි.එය කුසලතාවයකි.නමුත් අද තමන්ගේ කුසලතාවය පෙන්වීමටද අනුන් ඉදිරියේ දනගසීමට සිදුවන බව මෙන්ම දනගස්සවීමද සිදු කරනබව මෙම Mega bite කණ්ඩායම අපහට උගන්වයි.

    එම නිසා මෙම නිවේදනය ලියු පුද්ගලයාට හරි හැටි වෘත්තීය යන්න පිළිබඳව අවබෝධයක් නොමැති බව හොඳින් පසක් වෙයි.

    තව කරුණක් මෙතුලින් හොඳින් ගම්‍ය වෙනවා. මොහුගේ මෙම තර්ජනාත්මක ප්‍රකාශයෙන් කියවෙන්නේ Hiru TV එකේ නාට්‍ය වල රඟපාන සියලුම නළු නිලියන් මොවුන්ගේ පෞද්ගලික බුදලයක් බවයි.

    ------------------------------------------------------------------

    වෘත්තියේ වගකීම සහගත භාවය හෝ මාධ්‍ය සදාචාරය පිළිබඳව නිසි දැනුමක් නොමැති මෙවැනි පුද්ගලයන් නිකුත් කරන මෙවැනි නිවේදනයන් තුලින් අපිට දිස්වෙන කරුණක් වන්නේ අපි දවස පුරා නරඹන්නේ මෙවැනි පුද්ගලයින් විසින් සැලසුම් කරන වැඩසටහන්ද යන්නයි.

    හිරු TV පමණක් නොව වර්තමානයේ සියලුම නාලිකා සලකු විට මෙම සදචාරත්මභාවය සහ වගකීම්සහගතභාවය ගැන සැකයක් මතුවනවා.


    ඉතින් මිත්‍රයණි... මම මේ ලිපිය ලියුවේ කාටවත් මඩ ගැසීමට නොව සිහි බුද්ධියෙන් යුතුව සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස මා හට මෙම සිද්ධිය දෙස බැලුවිට දැනෙන දේ පැවසීමටයි.
    ඔබ සැමට සුභ දවසක්.....!


    ඉතින් මෙහි පසු විපරම ඔබ සතුයි.......!

    -Kandyan EK
     
    Last edited:
    • Like
    Reactions: BlueBat

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    චාටර් වැඩ කරල නාගත්තා මදිවට තව නැව් ටොක් දෙන්නත් එනවා. නොදකින්...:angry:
     
    • Like
    Reactions: kandyan

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,839
    113
    Dubai
    කව්ද බන් මේ සුනොජ්ද මොකාද කියන එකා? මම නම් ජීවිතේට මුගෙ රැප් දැකලත් නෑ අහලත් නෑ. මම මෙ ඇත්තමයි කියන්නෙ. මේ සීන් එක නිව්ස් නෙට් එකේ යනකොට කියවපුවාම තමයි දන්නෙ මෙහෙම රැපර් කෙනෙක් ලංකාවේ ඉන්නවා කියලා. :oo:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    ඕක Official Fan Page එක නෙමෙයි. ඕක ඉස්සර ඉන්දික මෙගා බයිට් කරන කාලේ හදපු පේජ් එකක්.
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    කතා කරල වැඩක් නෑ අයියා. ඔය දාපු ස්ටේටස් එක මාත් දැක්ක. එයාල කරපු වැරදි වැඩේ පිළිගන්න එයාල සූදානම් නෑ.. එයාලගේ අයාතනයේ මුදලට වැඩ කරන අය එයාල දාල තියෙන්නේ එයාලගේ සපත්තු ලේව කන අය ගානට...

    නලු කම කියන්නේ වෟර්තියක්. එයාලා එතන වැඩ කරන්නේ මුදලට. :oo: මේ අයගේ පහත් මානසිකත්වය ඔය දාපු එෆ් බී ස්ටේටස් එකෙනුත් හොඳට පේනවා. :angry:

    මට කොහොමත් ඔය වැඩසටහන කරන කුරුමිට්ටව පේන බෑ.. දැන් ඇති කූඩුවෙ කූරු ගනන් කර කර....:lol:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඕක Official Fan Page එක නෙමෙයි. ඕක ඉස්සර ඉන්දික මෙගා බයිට් කරන කාලේ හදපු පේජ් එකක්.

    උබ කුඩුවාහිණියෙ නේද ? :P
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මේකේ සිනහ යන කරනේ මුන් මේ කියන
    අනිත් එක හිරු TV කියන්නේ රේනෝ සිල්වා ගේ Channel එකක් .......ඒ කියන්නේ දුමින්ද සිල්වා ගේ අයියා ගේ Channel එක

    ඉතින් අපිට පාන්ද අපි දුමින්දගේ අයියගෙන්ද කාල ඇදල ඉන්නවද!!
    ලංකාවම දුමින්දට බනිද්දි මුන් හිතේ දන්නේ නෑ කියල....
    ඔච්චර ලොකු ටොක දානවනම් බයිට් කොරහන්කෝ දුමින්දයව :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    කුඩු ටීවී ගැන කතා කරලා වැඩක් නෑ..... මම නම් කොහොමත් මේ රටේ කිසිම TV වැඩසටහනක්, බලන්නේ නෑ..... මොකද මෙලෝ රහක් නැති නිසා....... :eek: :no:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    කව්ද බන් මේ සුනොජ්ද මොකාද කියන එකා? මම නම් ජීවිතේට මුගෙ රැප් දැකලත් නෑ අහලත් නෑ. මම මෙ ඇත්තමයි කියන්නෙ. මේ සීන් එක නිව්ස් නෙට් එකේ යනකොට කියවපුවාම තමයි දන්නෙ මෙහෙම රැපර් කෙනෙක් ලංකාවේ ඉන්නවා කියලා. :oo:

    උ අර හන්දියේ පොත් සාප්පුවේ තෑගි පාර්සල් රැප් කරලා එක ගැන ඔය කිවේ :lol:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඕක Official Fan Page එක නෙමෙයි. ඕක ඉස්සර ඉන්දික මෙගා බයිට් කරන කාලේ හදපු පේජ් එකක්.

    මචන් ඔය page එක අද වෙනකල් තියෙනවා Official Mega Bite fan page කියල. නමුත් අද වෙනකල් Hiru TV එකේ කවුරුත් ඕකට විරුද්ධව කටයුතු කලාද? ටව ටික දවසකින් කියාවි අපි දැක්කේ නැහැ කියල.මම ඒ නිසාම තමයි ලිපිය ලියන්නට පළමුවෙන්ම ඔය ගැන කිව්වේ.

    ඊට තිබෙන හොඳම නිදර්ශනය ඉහත දැක්වෙන හිරු TV Mega Bite වැඩසටහනේ official fan page එක යැයි කියාගන්න වෙබ් පිටුවේ දැක්වෙන තර්ජනයයි.

    පුදුමෙනුත් පුදුම දෙය නම් රටේ ප්‍රධාන නාලිකාවක් ලෙස ක්‍රියාකරන හිරු TV නාලිකාවේ වැඩසටහනක official යැයි කියාගන්නා වෙබ් පිටුවක මෙසේ සාමාන්‍ය ජනතාවට තර්ජනය කිරීම කොතරම් අශෝභන, කුජීත , පහත ක්‍රියාවක්ද යන්නයි.
    සමහර විට හෙට අනිද්දා වන විට හිරු TV ආයතනය කියාවි එම වෙබ් පිටුව අපගේ නොවෙයි කියා.නමුත් එක කොතරම් සාධාරණද යන්න තීරණය කිරීම ඔබ සතුයි.
    හේතුව සාමාන්‍යයෙන් තමන්ට වාසියක් වන විට එය සාධාරණද නැද්ද යන්න සලක බැලීම බොහෝ දෙනා මගහරින හෙයිනි.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මචන් ඔය page එක අද වෙනකල් තියෙනවා Official Mega Bite fan page කියල. නමුත් අද වෙනකල් Hiru TV එකේ කවුරුත් ඕකට විරුද්ධව කටයුතු කලාද? ටව ටික දවසකින් කියාවි අපි දැක්කේ නැහැ කියල.මම ඒ නිසාම තමයි ලිපිය ලියන්නට පළමුවෙන්ම ඔය ගැන කිව්වේ.

    මෙච්චර දවස්‌ ඔය පේජ් එක හිරු එකට කඩේ ගියානේ. එකයි මුකුත් කරන්නේ නැතුව තිබුණේ. ;)

    මීට පස්සේ කිසිම ෆේක් ෆෑන් පේජ් තියන්න දෙන්නේ නැහැ. ඔක්කොම ඒවා අයින් කරවනවා.
     
    Last edited:
    May 19, 2013
    1,864
    81
    0
    ඩ්‍රාමා වල රඟ පානවා කියන්නේ ඒක විකාශනය වන නාලිකාවට දන ගහනවා කියන එකද?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මෙච්චර දවස්‌ ඔය පේජ් එක හිරු එකට කඩේ ගියානේ. එකයි මුකුත් කරන්නේ නැතුව තිබුණේ. ;)

    මීට පස්සේ කිසිම ෆේක් ෆෑන් පේජ් තියන්න දෙන්නේ නැහැ. ඔක්කොම ඒවා අයින් කරවනවා.

    :lol::lol: වැඩේ උනාට පස්සෙද?
    කමක් නෑ එහෙම හරි ඇස් ඇරුණු එක හොඳයි.ඔය අනිත් official කියල කියන fan pages ගැනත් අනිත් අයත් ටිකක් හොයල බැලුවොත් හොඳයි වගේ...!
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    :lol::lol: වැඩේ උනාට පස්සෙද?
    කමක් නෑ එහෙම හරි ඇස් ඇරුණු එක හොඳයි.ඔය අනිත් official කියල කියන fan pages ගැනත් අනිත් අයත් ටිකක් හොයල බැලුවොත් හොඳයි වගේ...!
    :D

    මේ වැඩෙන් කල දුටු කල වල ඉහගන්න බලන් ඉන්න සෙට් එකක්ම අහු උනා.

    ඔව් ඔව් අනික් official කියල දාගෙන ඉන්න official නොවන පේජ් සේරම report කරලා අයින් කරනවා කිව්වා.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :D

    මේ වැඩෙන් කල දුටු කල වල ඉහගන්න බලන් ඉන්න සෙට් එකක්ම අහු උනා.

    ඔව් ඔව් අනික් official කියල දාගෙන ඉන්න official නොවන පේජ් සේරම report කරලා අයින් කරනවා කිව්වා.

    එක හොඳයි මචන්...! මොකද දැන් වෙන්නේ මොකෙක් හරි ගොන් කතාවක් කිව්වම එකට උත්තර බඳින්න කවුරුත් නෑ......
    ටික දවසක් යනකොට කරපු මනුස්සයකුත් නෑ වගකියන කෙනෙකුත් නෑ...
    ආයතනයක් වුනාම වගකීමක් තිය
    නවනේ. මිනිස්සු ජන මාධ්‍ය කියල කඩේ යවනවා නම් එකෙන් සිද්ධවෙන යහපතක් නැහැනේ...!
     
    Last edited: