භාෂා දෙකකින් ජාතික ගී ඇති රටවල්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    භාෂා දෙකකින් ජාතික ගී ඇති රටවල්

    ජාතික ගීය දෙමළ බසින් ගැයීමට භාධාවක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැවසීමත් සමග ඒ පිළිබඳ සංවාදයක් ඇතිව තිබේ. මෙම තීරණයට අකමැති මෙන්ම කැමති පිරිස්ද සිටී. සමහරුන්ගේ අදහස එකම රටකට භාෂා දෙකකින් ජාතික ගී තිබිය යුතු නැති බවය. තවත් පිරිසකගේ මතය එහි වරදක් නැති බවය.

    අන්තර්ජාලයේ තොරතුරු සොයා බැලීමේදී අපට දක්නට ලැබුණේ රටවල් කිහිපයක් භාෂා දෙකකින් හෝ කිහිපයකින් තම ජාතික ගී නිර්මාණය කර ඇති අයුරුය.

    කැමරූන් රාජ්‍යයේ ජාතික ගීය ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙන්ම ගායනා කරනු ලබන අතර කැනඩාවද තම ජාතික ගීය එම භාෂා දෙකෙන්ම නිර්මාණය කොට ඇත. අයර්ලන්තය තම ජාතික ගීය සඳහා ඉංග්‍රීසි සහ අයිරිෂ් භාෂා යොදාගෙන තිබේ. නවසීලන්තය ඉංග්‍රීසි සහ මාඕරි භාෂාවන්ගෙන්ද, ස්විට්සර්ලන්තය ජර්මන්, ප්‍රංශ, ඉතාලි සහ රොමෑන්ස්ච් යන භාෂා හතරෙන්මද තම ජාතික ගීය නිර්මාණය කර ඇත.

    දකුණු අප්‍රිකාවද භාෂා කිහිපයකින් තම ජාතික ගීය නිර්මාණය කර ඇති රටක් වන අතර එහි විශේෂත්වය නම් ජාතික ගීයේ කොටස් එකිනෙකට වෙනස් භාෂා වලින් නිර්මාණය කිරීමය. මේ සඳහා ඔවුන් ඉංග්‍රීසි, කෝසා, සූලූ, සෙසොතෝ සහ ඇෆ්රිකාන්ස් යන භාෂා පහම යොදා ගනී.



    016.jpg