සිංහල භාෂාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    1. ලෝකයේ භාෂා 7000ක් පමණ ඇත. මව්භාෂා ලෙස ඒවා භාවිත කරන ජන සංඛ්‍යාව අනුව මේ භාෂා පෙළ ගැස්වූ විට (චීන, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි, බෙංගාලි ආදී ලෙස) සිංහල භාෂාවට හිමිවන්නේ එහි ඉහළම ස්ථානයක් වන 68 වන ස්ථානයයි.
    2. සිංහල භාෂාව මව්භාෂාව ලෙස කතා කරන මිලියන 17ක් පමණ ලෝකයේ ජීවත් වෙති. අනෙකුත් භාෂා කතා කරන ජනගහනය සමග සසඳන කල එය කුඩා අගයක් නොව අතිශයින් විශාල අගයකි.
    3. ගූගල් සමාගම පරිවර්තන සේවා සපයා ඇත්තේ ලෝකයේ භාෂා 7000ක් අතරින් ප්‍රමුඛ භාෂා 109කට පමණි. සිංහල භාෂාවද ඒ 109ට ඇතුළත් වේ.
    4. සිංහල යනු චීන, හීබෲ, දෙමළ, සංස්කෘත, ග්‍රීක, ලතින්, ඊජිප්තු ආදී වූ ලෝකයේ පැරණිම භාෂාවන් අතරට අයත් වන භාෂාවකි.
    5. පැරණි බව පමණක් නොවේ. එය අඛණ්ඩව පරිණාමය වන සජීවී භාෂාවකි. අද වන තුරුත් තමන්ගේ පැවැත්ම ජයග්‍රාහීව තහවුරු කරගෙන සිටින භාෂාවකි. ලෝකයේ ඇතැම් පැරණි භාෂා අද වන විට සපුරා අභාවයට ගොස් තිබුණද සිංහල භාෂාව ඒ ඉරණමට ගොදුරුව නැත.
    6. අවුරුදු 2300කට පෙර අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් ගද්‍ය රචනා ලිවීමට සමත් වූහ. මේ අගය මීට වඩා ඉහළ බවටද බොහෝ වාද විවාද තිබේ.
    7. අවුරුදු 1500කට පෙර සිට අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් කවි ලියූ බවට සාක්ෂි බොහෝය. භාෂාවේ සියුම්තම ස්ප්‍රීතුව ලෙස සැලකෙන කවි ලිවිය හැක්කේ ඉතාම දියුණු භාෂාවකින් පමණි.
    8. දැනට හමුවන පැරණිම සිංහල කවි වන සීගිරි කුරුටු ගීවල වයස සලකා බැලුවද ඒවා වසර 1300කට වඩා පැරණිය.

    9. අනුරාධපුර යුගයේ සිට ආරම්භ වූ දියුණු ගද්‍ය සාහිත්‍යයක් අපට ඇති අතර, ඒ හා සමකාලීනව එවැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘති බිහිකළ භාෂාවක් ලෙස දකුණු ආසියාවේම ඇත්තේ සංස්කෘත භාෂාව පමණි.*

    10. මනා සංවිධානයක් සහිත තමන්ටම අනන්‍ය වූ දියුණු අක්ෂර මාලාවක් පැවතීමද සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයකි. නමුත් ඉංග්‍රීසි ඇතුළු ලෝකයේ බොහෝ ප්‍රමුඛ භාෂාවන් රාශියකට තමන්ගේම වූ අක්ෂර මාලාවන් නැත.
    11. ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, නෝර්වේ ඔස්ටි්‍රයා ආදී යුරෝපයේ ප්‍රබල භාෂා 150ක පමණ ප්‍රමාණයක් තම අක්ෂර මාලා ලෙස භාවිත කරනුයේ ලතින් අක්ෂරය. නමුත් ලතින් භාෂාව අද භාවිතයේ නැති තරම්ය.
    12. සංස්කෘත, හින්දි, ඇතුළු භාෂා 16ක් පමණ තම අක්ෂර මාලාව ලෙස දේවනාගරී අක්ෂර භාවිත කරයි. නමුත් දේවනාගරී යනු අක්ෂර මාලාවක් මිස යනු භාෂාවක් නොවේ.
    13. ඇ, සහ ඈ යන ශබ්ද සඳහා අක්ෂර රූප හෙවත් ඇ කාරය ලෝකයට හඳුන්වා දෙන ලද්දේද සිංහලයන් විසිනි. බොහෝ භාෂාවල ඇ, ඈ ශබ්ද නිරූපණය සඳහා විශේෂිත සංකේත නොමැති අතර, ඇතැම් භාෂාවල ඇ, ඈ යන ශබ්ද පවා ඇතුළත් නොවේ.
    14. සිංහල භාෂාවේ ප්‍රකාශන ශක්තිය අතිශයින්ම ඉහළය. සියවස් ගණනාවකට පෙර රචනා වූ සද්ධර්මරතනාවලිය, ජාතක පොත, ගුත්තිල කාව්‍යය වැනි කෘති දෙස බැලුවද ඒ බව පැහැදිලිව පෙනේ.
    15. අක්ෂර සංකේත හරහා විශාල පරාසයක ශබ්ද රාශියක් ඉතා නිවැරදිව නිරූපණය කිරීමේ හැකියාව සිංහල භාෂාව සතුය. නමුත් ඉංග්‍රීසි ඇතුළු බොහෝ භාෂාවල අක්ෂර හා ශබ්ද අතර පැහැදිලි තර්කානුකූල සම්බන්ධයක් දක්නට නැත. මේ අනුව සිංහල යනු ලෝකයේ ඇති භාෂා අතරින් අතිශයින්ම ශබ්දානුගත භාෂාවකි.
    16. නිරන්තර පරිණාමයට ලක්වීමද සිංහල භාෂාවේ තවත් සුවිශේෂී ලක්ෂණයකි. කුඩා දරුවන්ට තබන සිංහල නම් දෙස බැලීමෙන් වුවද මේ බව පැහැදිලිව හඳුනාගත හැකිය. ඉංග්‍රීසි බසින් දරුවන්ට තබන නම් වසර සියවස් ගණන් පැරණි ඒවා වුවද සිංහල පුද්ගල නාම දශකයෙන් දශකයට අලුත් වීම සිදුවේ.
    17. යටත්විජිතවාදයේ බලපෑම් සහ තර්ජන මැද ලෝකයේ ඇතැම් ස්වදේශික භාෂා මේ වන විට සපුරා අහෝසි වී තිබේ. තුර්කි බස, පිලිපීනයේ ටගලොග්, වියට්නාමයේ චූනෝම්, ඉන්දියාවේ මුන්දා ආදී භාෂා රාශියක් මේ වන විට තම අක්ෂර මාලා වෙනුවට ලතින් අක්ෂර භාවිත කරති. එහෙත් බොහෝ බලපෑම් තර්ජන මැද සිංහලය තවමත් සිය අඛණ්ඩ පැවැත්ම තහවුරු කරගැනීමට සමත් වී තිබේ.
    සිංහල යනු ලෝකයේ කුඩා දූපතක අසරණ අනාථ භාෂාවක් යැයි සිතා සිටින ළිංමැඬියන් තමන්ගේ භාෂා උරුමය ගැනත් ලෝකයේ වෙනත් භාෂා ගැනත් මේ කරුණු අවධානයට ගැනීම වැදගත්ය.
    උපුටාගැනීම අතීත මතක ❤️

    https://www.facebook.com/share/15x5GcJiEY/
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,504
    7,874
    113
    හෙළයෝ.. මට මේක පැහදිලි කරපන්.. දැන් සිංහල භාෂාව පුරාණ එකක් නම් කොහොමද අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ සෙල්ලෙපි අපිට කියව ගන්න බැරි ? එකළ රජ දවස බුදුන්ගේ අවධීයේ මිනිස්සු ඇත්තටම කථා කලේ මොන භාෂාවද ? අද අපි මේ කථා කරන සිංහල 1505 පරංගි ලංකාවට එද්දි පාවිච්චි කලාද ?
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    හෙළයෝ.. මට මේක පැහදිලි කරපන්.. දැන් සිංහල භාෂාව පුරාණ එකක් නම් කොහොමද අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ සෙල්ලෙපි අපිට කියව ගන්න බැරි ? එකළ රජ දවස බුදුන්ගේ අවධීයේ මිනිස්සු ඇත්තටම කථා කලේ මොන භාෂාවද ? අද අපි මේ කථා කරන සිංහල 1505 පරංගි ලංකාවට එද්දි පාවිච්චි කලාද ?
    5. පැරණි බව පමණක් නොවේ. එය අඛණ්ඩව පරිණාමය වන සජීවී භාෂාවකි. අද වන තුරුත් තමන්ගේ පැවැත්ම ජයග්‍රාහීව තහවුරු කරගෙන සිටින භාෂාවකි. ලෝකයේ ඇතැම් පැරණි භාෂා අද වන විට සපුරා අභාවයට ගොස් තිබුණද සිංහල භාෂාව ඒ ඉරණමට ගොදුරුව නැත.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    හෙළයෝ.. මට මේක පැහදිලි කරපන්.. දැන් සිංහල භාෂාව පුරාණ එකක් නම් කොහොමද අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ සෙල්ලෙපි අපිට කියව ගන්න බැරි ?
    http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php/අක්ෂරමාලාව_(සිංහල)

    http://encyclopedia.gov.lk/si_encyclopedia/images/d/db/54.jpg

    අපිට ඒව කියවන්න බැරි අපි වචන වල තේරුම් ව්‍යාකරණ හරියට දන්නේ නැති නිසා. ඔය සංකේත එච්චර අමාරු නෑ. ඒ උනාට context එක ගැන දැනගන්න නන් ව්‍යාකරණ, සංස්කෘත වල වචන කැඩෙන හැටි වචන වල තේරුම් හැදෙන හැටි එහෙම දන්නේ නැති නිසා හිතා ගන්න බෑ අදහස. මාත් කියවන්න ඉගෙන ගෙන තියෙනවා සමහර පද එහෙම ආවම හිර වෙන්නව ඔය කේස් එක නිසා.
    එකළ රජ දවස බුදුන්ගේ අවධීයේ මිනිස්සු ඇත්තටම කථා කලේ මොන භාෂාවද ?
    මාගදි වලින් හැම කෙනාම කතා කරා වෙන්නත් පුළුවං. සෝපාක එහෙම පහළම කුල වල අයනේ.ඒ අයටත් තේරෙන්න ඇතිනේ ඒව.
    අද අපි මේ කථා කරන සිංහල 1505 පරංගි ලංකාවට එද්දි පාවිච්චි කලාද ?
    ඒ වෙනකොට ගොඩක් අපි දැන් ලියන භාෂාවට සමානයි. අකුරු එහෙමත් අපි ලියන හැඩ වලට සමානයි. ම්ම එක දිගට පිටපත් කරගෙන ආවා පුස්කොළ පොත් කීපයක් කියවල තියෙනව ගොඩක් දුරට අකුරු වචන තේරුම් එහෙම තේරුම් ගන්න පුළුවන්.

    කතා කරපු සිංහල නන් හිතා ගන්න බෑ සීගිරියේ කැටපත් පවුරේ ලියලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු නෙ එයාලා සමහර විට කතා කරපු භාෂාවට ළග එන්න ලියන්න ඇති. ආයේ තියෙනවා වහරල ලිපි කියල ආයේ ජාතියක් තියෙනවා ඒවත් ඔය සාමාන්‍ය මිනිස්සු තමා ලියලා තියෙන්නේ අනුරාධපුර යුගයේ.

    https://sinhala.archaeology.lk/වහරල-සෙල්ලිපි-පිළිබඳ-අභි/

    ඒවගෙත් සමහර විට කතා කරපු භාෂාවට සමානව තියෙන්න ඇති.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    එතකොට ඔය සෙල්ලිපි වල තියෙන සංස්කෘත භාෂාව කියන්නෙත් සිංහලමද? 🤔
    සෙල්ලිපි වල සංස්කෘත ඉල්ලේ. සිංහල තමා තියෙනවා.

    නානලා ටික මොකද බන් රිද්දගෙන..
    දෙමළෙන් කතා කරාට දෙමළත් නෙවෙයි. අරාබියෙන් ලිව්වට අරාබිත් නෙවෙයි.
    ------ Post added on Dec 25, 2024 at 6:35 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,673
    113
    Mother Earth
    සෙල්ලිපි වල සංස්කෘත ඉල්ලේ. සිංහල තමා තියෙනවා.
    නෑ බන් සිරාවට ඇහුවේ. සිංහල කියන්නේ සුපිරි භාෂාවක් කියලා පිලිගන්නවා. සුපිරියට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් භාෂාවක්. ඒක ඉතින් ලෝකෙම පිළි අරන් තියෙන්නෙ. ජපන්නු සිංහල සින්දු අහන්න ආසයිලු. ඔය අමරදේව මාස්ටර්ගේ සින්දු එහෙම. තව අපේ භාෂාව Voyager satellite එකෙත් යැව්වනේ. ඒකට යැව්වේ ලෝකයේ භාෂා 55ක්‌ විතරයි. අපේ භාෂාවත් ඒ භාෂා 55 ඇතුලේ තියෙනවා කියන්නේ ආයේ ඉතින් මොන කතාද. 🤷‍♂️
    https://en.m.wikipedia.org/wiki/Contents_of_the_Voyager_Golden_Record
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    නෑ බන් සිරාවට ඇහුවේ. සිංහල කියන්නේ සුපිරි භාෂාවක් කියලා පිලිගන්නවා. සුපිරියට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් භාෂාවක්. ඒක ඉතින් ලෝකෙම පිළි අරන් තියෙන්නෙ. ජපන්නු සිංහල සින්දු අහන්න ආසයිලු. ඔය අමරදේව මාස්ටර්ගේ සින්දු එහෙම. තව අපේ භාෂාව Voyager satellite එකෙත් යැව්වනේ. ඒකට යැව්වේ ලෝකයේ භාෂා 55ක්‌ විතරයි. අපේ භාෂාවත් ඒ භාෂා 55 ඇතුලේ තියෙනවා කියන්නේ ආයේ ඉතින් මොන කතාද. 🤷‍♂️
    https://en.m.wikipedia.org/wiki/Contents_of_the_Voyager_Golden_Record
    සංස්කෘත නෙවෙයි මචං ලියලා තියෙන්නේ සිංහලම තමා ඒවගේ තියෙන්නෙත්.

    නෑ බන් සිරාවට ඇහුවේ. සිංහල කියන්නේ සුපිරි භාෂාවක් කියලා පිලිගන්නවා. සුපිරියට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් භාෂාවක්. ඒක ඉතින් ලෝකෙම පිළි අරන් තියෙන්නෙ. ජපන්නු සිංහල සින්දු අහන්න ආසයිලු. ඔය අමරදේව මාස්ටර්ගේ සින්දු එහෙම. තව අපේ භාෂාව Voyager satellite එකෙත් යැව්වනේ. ඒකට යැව්වේ ලෝකයේ භාෂා 55ක්‌ විතරයි. අපේ භාෂාවත් ඒ භාෂා 55 ඇතුලේ තියෙනවා කියන්නේ ආයේ ඉතින් මොන කතාද. 🤷‍♂️
    https://en.m.wikipedia.org/wiki/Contents_of_the_Voyager_Golden_Record
    "උපරජ නග පුතෙ - රජ අබයෙ නම තශ පුතෙ
    ගමිණි තිශෙ නම ලෙණෙ - කරිතෙ ශදශන ශගශ"

    (නාග උපරාජගේ පුත්‍රයා අභය නම් රජුය. ඔහුගේ පුත්‍රයා ගාමින තිශ නමි. ඔහු විසින් සුදර්සන නම් ලෙන භික්‌ෂුන්ට පූජා කරන ලදී.) මෙම ලේඛනයෙහි සඳහන් උපරාජ නාග දෙවනපෑතිස්‌ රජුගේ සොයුරා බව ඉතිහාසඥයන්ගේ පිළිගැනීමකි. මෙහි ඓතිහාසික අගය එසේ වන අතර ම එළු සදැස්‌ ලකුණෙහි නොමැති විරිතකින් ලියවී ඇති මෙම ගීයේ පළමු පාදයේ මාත්‍රා 8-11 බැගින් ද දෙවැන්නේ 9-10 බැගින්ද පිහිටුවා තිබේ. මෙවැනි ගී සීගිරි ගී අතර ද දක්‌නට ලැබේ. තවද ක්‍රි.පූ. තුන්වන ශතවර්ෂයේ දී බුදු දහම ලංකාවට ලැබීමත් සමග ම පාලි ශබ්ද පද්‍ය කරණයට ලැබී ඇති බව මෙම පද්‍යය ද සාක්‌ෂි දරයි.

    https://helayugaya.blogspot.com/2011/07/blog-post_9379.html?m=1
    ------ Post added on Dec 25, 2024 at 6:47 PM

    Maru Rachanaawak
    සිංහලෙන් ලියපු 🤗
    ------ Post added on Dec 25, 2024 at 6:48 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    එතකොට ඔය සංස්කෘත භාෂාවද එක එක වෙනස්කම් වෙලා සිංහල භාෂාවේ අකුරු හැදිලා තියෙන්නෙ. හරියට system UI update වෙලා වගේ. 🤷‍♂️
    නෑ බ්‍රාහ්මීය අක්ෂර තමා අප්ඩේට් වෙලා තියෙන්නේ. ඒත් ඔය අක්ෂර එන කාලේ වෙනකොට අපේ අකුරු සිස්ටම් එකකුත් හැදෙමින් තිබිලා තියෙනවා. ඒ දෙකම එකට එකතු වෙලා තමා අද තියෙන විදියට ටික ටික හැදිලා තියෙන්නේ. එක මේ ලින්ක් එකෙන් ගිහින් බලාගන්න පුලුවන්.

    http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php/අක්ෂරමාලාව_(සිංහල)
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    ඔක රාජ්ය බාශාව කරගෙන ඇරගත්තා නෙද අමාරුවෙන් ගාටල ගාටලා ගොඩ එන්න වුන
     
    • Like
    Reactions: NRTG and nalin0001