සිංහල භාෂාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,241
    99,980
    113
    ඔක රාජ්ය බාශාව කරගෙන ඇරගත්තා නෙද අමාරුවෙන් ගාටල ගාටලා ගොඩ එන්න වුන
    ඇයි බං උබල ඔච්චරම මෝඩ උනේ. මොන්ටිසෝරි එහෙම හරියට ගියානේ පොඩි කාලේ
     
    roblem

    Active member
  • Apr 27, 2022
    145
    195
    43
    1. ලෝකයේ භාෂා 7000ක් පමණ ඇත. මව්භාෂා ලෙස ඒවා භාවිත කරන ජන සංඛ්‍යාව අනුව මේ භාෂා පෙළ ගැස්වූ විට (චීන, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි, බෙංගාලි ආදී ලෙස) සිංහල භාෂාවට හිමිවන්නේ එහි ඉහළම ස්ථානයක් වන 68 වන ස්ථානයයි.
    2. සිංහල භාෂාව මව්භාෂාව ලෙස කතා කරන මිලියන 17ක් පමණ ලෝකයේ ජීවත් වෙති. අනෙකුත් භාෂා කතා කරන ජනගහනය සමග සසඳන කල එය කුඩා අගයක් නොව අතිශයින් විශාල අගයකි.
    3. ගූගල් සමාගම පරිවර්තන සේවා සපයා ඇත්තේ ලෝකයේ භාෂා 7000ක් අතරින් ප්‍රමුඛ භාෂා 109කට පමණි. සිංහල භාෂාවද ඒ 109ට ඇතුළත් වේ.
    4. සිංහල යනු චීන, හීබෲ, දෙමළ, සංස්කෘත, ග්‍රීක, ලතින්, ඊජිප්තු ආදී වූ ලෝකයේ පැරණිම භාෂාවන් අතරට අයත් වන භාෂාවකි.
    5. පැරණි බව පමණක් නොවේ. එය අඛණ්ඩව පරිණාමය වන සජීවී භාෂාවකි. අද වන තුරුත් තමන්ගේ පැවැත්ම ජයග්‍රාහීව තහවුරු කරගෙන සිටින භාෂාවකි. ලෝකයේ ඇතැම් පැරණි භාෂා අද වන විට සපුරා අභාවයට ගොස් තිබුණද සිංහල භාෂාව ඒ ඉරණමට ගොදුරුව නැත.
    6. අවුරුදු 2300කට පෙර අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් ගද්‍ය රචනා ලිවීමට සමත් වූහ. මේ අගය මීට වඩා ඉහළ බවටද බොහෝ වාද විවාද තිබේ.
    7. අවුරුදු 1500කට පෙර සිට අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් කවි ලියූ බවට සාක්ෂි බොහෝය. භාෂාවේ සියුම්තම ස්ප්‍රීතුව ලෙස සැලකෙන කවි ලිවිය හැක්කේ ඉතාම දියුණු භාෂාවකින් පමණි.
    8. දැනට හමුවන පැරණිම සිංහල කවි වන සීගිරි කුරුටු ගීවල වයස සලකා බැලුවද ඒවා වසර 1300කට වඩා පැරණිය.

    9. අනුරාධපුර යුගයේ සිට ආරම්භ වූ දියුණු ගද්‍ය සාහිත්‍යයක් අපට ඇති අතර, ඒ හා සමකාලීනව එවැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘති බිහිකළ භාෂාවක් ලෙස දකුණු ආසියාවේම ඇත්තේ සංස්කෘත භාෂාව පමණි.*

    10. මනා සංවිධානයක් සහිත තමන්ටම අනන්‍ය වූ දියුණු අක්ෂර මාලාවක් පැවතීමද සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයකි. නමුත් ඉංග්‍රීසි ඇතුළු ලෝකයේ බොහෝ ප්‍රමුඛ භාෂාවන් රාශියකට තමන්ගේම වූ අක්ෂර මාලාවන් නැත.
    11. ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, නෝර්වේ ඔස්ටි්‍රයා ආදී යුරෝපයේ ප්‍රබල භාෂා 150ක පමණ ප්‍රමාණයක් තම අක්ෂර මාලා ලෙස භාවිත කරනුයේ ලතින් අක්ෂරය. නමුත් ලතින් භාෂාව අද භාවිතයේ නැති තරම්ය.
    12. සංස්කෘත, හින්දි, ඇතුළු භාෂා 16ක් පමණ තම අක්ෂර මාලාව ලෙස දේවනාගරී අක්ෂර භාවිත කරයි. නමුත් දේවනාගරී යනු අක්ෂර මාලාවක් මිස යනු භාෂාවක් නොවේ.
    13. ඇ, සහ ඈ යන ශබ්ද සඳහා අක්ෂර රූප හෙවත් ඇ කාරය ලෝකයට හඳුන්වා දෙන ලද්දේද සිංහලයන් විසිනි. බොහෝ භාෂාවල ඇ, ඈ ශබ්ද නිරූපණය සඳහා විශේෂිත සංකේත නොමැති අතර, ඇතැම් භාෂාවල ඇ, ඈ යන ශබ්ද පවා ඇතුළත් නොවේ.
    14. සිංහල භාෂාවේ ප්‍රකාශන ශක්තිය අතිශයින්ම ඉහළය. සියවස් ගණනාවකට පෙර රචනා වූ සද්ධර්මරතනාවලිය, ජාතක පොත, ගුත්තිල කාව්‍යය වැනි කෘති දෙස බැලුවද ඒ බව පැහැදිලිව පෙනේ.
    15. අක්ෂර සංකේත හරහා විශාල පරාසයක ශබ්ද රාශියක් ඉතා නිවැරදිව නිරූපණය කිරීමේ හැකියාව සිංහල භාෂාව සතුය. නමුත් ඉංග්‍රීසි ඇතුළු බොහෝ භාෂාවල අක්ෂර හා ශබ්ද අතර පැහැදිලි තර්කානුකූල සම්බන්ධයක් දක්නට නැත. මේ අනුව සිංහල යනු ලෝකයේ ඇති භාෂා අතරින් අතිශයින්ම ශබ්දානුගත භාෂාවකි.
    16. නිරන්තර පරිණාමයට ලක්වීමද සිංහල භාෂාවේ තවත් සුවිශේෂී ලක්ෂණයකි. කුඩා දරුවන්ට තබන සිංහල නම් දෙස බැලීමෙන් වුවද මේ බව පැහැදිලිව හඳුනාගත හැකිය. ඉංග්‍රීසි බසින් දරුවන්ට තබන නම් වසර සියවස් ගණන් පැරණි ඒවා වුවද සිංහල පුද්ගල නාම දශකයෙන් දශකයට අලුත් වීම සිදුවේ.
    17. යටත්විජිතවාදයේ බලපෑම් සහ තර්ජන මැද ලෝකයේ ඇතැම් ස්වදේශික භාෂා මේ වන විට සපුරා අහෝසි වී තිබේ. තුර්කි බස, පිලිපීනයේ ටගලොග්, වියට්නාමයේ චූනෝම්, ඉන්දියාවේ මුන්දා ආදී භාෂා රාශියක් මේ වන විට තම අක්ෂර මාලා වෙනුවට ලතින් අක්ෂර භාවිත කරති. එහෙත් බොහෝ බලපෑම් තර්ජන මැද සිංහලය තවමත් සිය අඛණ්ඩ පැවැත්ම තහවුරු කරගැනීමට සමත් වී තිබේ.
    සිංහල යනු ලෝකයේ කුඩා දූපතක අසරණ අනාථ භාෂාවක් යැයි සිතා සිටින ළිංමැඬියන් තමන්ගේ භාෂා උරුමය ගැනත් ලෝකයේ වෙනත් භාෂා ගැනත් මේ කරුණු අවධානයට ගැනීම වැදගත්ය.
    උපුටාගැනීම අතීත මතක ❤️

    https://www.facebook.com/share/15x5GcJiEY/
    Sinhala is a great language but it's sad that the author had to resort to some hyperbole to make his/her point. For example many of the other languages mentioned in the old category are way older than Sinhala based on evidence. There's some fluff and repetitive stuff but mostly a good post.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    හෙළයෝ.. මට මේක පැහදිලි කරපන්.. දැන් සිංහල භාෂාව පුරාණ එකක් නම් කොහොමද අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ සෙල්ලෙපි අපිට කියව ගන්න බැරි ? එකළ රජ දවස බුදුන්ගේ අවධීයේ මිනිස්සු ඇත්තටම කථා කලේ මොන භාෂාවද ? අද අපි මේ කථා කරන සිංහල 1505 පරංගි ලංකාවට එද්දි පාවිච්චි කලාද ?
    මම දැනුවත් විදිහට,
    1. සිංහල අක්ෂර සහ වචන භාවිතා කරන විදිහ අතීතෙ ඉදලා මේ වෙද්දි සෑහෙන පරිණාමය වෙලා තියෙනවා.. ඒනිසා වෙන්න ඕනේ අපිට ඒව කියවගන්න අමරු.
    2. බුදුහාමුදුරුවේ ධර්ම දේශනා කලා කියන්නේ මාගධී කියන භාශාවෙන්. (එතකොට බුදු දහමේ ගාථා පාලි භාෂාවෙන් ලියවුනේ කොහොමද කියන එකනම් මටත් ප්‍රශ්නයක්?)
    3. නොදනී
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,980
    113
    Sinhala is a great language but it's sad that the author had to resort to some hyperbole to make his/her point. For example many of the other languages mentioned in the old category are way older than Sinhala based on evidence. There's some fluff and repetitive stuff but mostly a good post.
    I didn't notice that I thought its because when comparing others it can be put there. I also noticed that in some points. have put a * mark for the point 9 it also needs evidence to prove that.
     
    • Like
    Reactions: roblem and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    දෙමලුයි, පෘතුගීසි කාරයොයි, ලන්දේසි කාරයොයි ආවට පස්සේ 100% පිරිසිඳු සිංහල භාෂාව නැති වුනානේ. දැන් බලපන් නත්තල් කියන්නෙත් පෘතුගීසි වචනයක්, ඉස්කෝලේ කියන්නේ පෘතුගීසි වචනයක්, සොල්දාදුවා කියන්නෙත් පෘතුගීසි වචනයක්, අල්මාරිය කියන්නෙත් පෘතුගීසි වචනයක්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    දෙමලුයි, පෘතුගීසි කාරයොයි, ලන්දේසි කාරයොයි ආවට පස්සේ 100% පිරිසිඳු සිංහල භාෂාව නැති වුනානේ. දැන් බලපන් නත්තල් කියන්නෙත් පෘතුගීසි වචනයක්, ඉස්කෝලේ කියන්නේ පෘතුගීසි වචනයක්, සොල්දාදුවා කියන්නෙත් පෘතුගීසි වචනයක්, අල්මාරිය කියන්නෙත් පෘතුගීසි වචනයක්.
    එතකොට මෙව්වුවා
    නගර සොභිනි
    දඩ මස්
    සුරාව
    සොර මුල
    අන්තන්පුරය

    කොහෙන්ද ආවෙ?

    පරිගණක අයිටම්ස් වල සින්හල වචන අහලා තියෙනවාද? හොල්මන් බය කරන්න හොන්දයි
    ------ Post added on Dec 25, 2024 at 8:38 PM

    Mey lokey issarahata yanne English, Spanish/Portuguese, French and Chinese walin witharai.
    ------ Post added on Dec 25, 2024 at 8:40 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,980
    113
    එතකොට මෙව්වුවා
    නගර සොභිනි
    දඩ මස්
    සුරාව
    සොර මුල
    අන්තන්පුරය

    කොහෙන්ද ආවෙ?

    පරිගණක අයිටම්ස් වල සින්හල වචන අහලා තියෙනවාද? හොල්මන් බය කරන්න හොන්දයි
    ------ Post added on Dec 25, 2024 at 8:38 PM

    Mey lokey issarahata yanne English, Spanish/Portuguese, French and Chinese walin witharai.
    ------ Post added on Dec 25, 2024 at 8:40 PM
    යකෝ උබ පුදුම වේදනාවකින් නේ ඉන්නේ බෙහෙතක් ගනිං දැම්ම දුක් විඳ විඳ ඉන්නේ නැතුව

    දෙමලුයි, පෘතුගීසි කාරයොයි, ලන්දේසි කාරයොයි ආවට පස්සේ 100% පිරිසිඳු සිංහල භාෂාව නැති වුනානේ. දැන් බලපන් නත්තල් කියන්නෙත් පෘතුගීසි වචනයක්, ඉස්කෝලේ කියන්නේ පෘතුගීසි වචනයක්, සොල්දාදුවා කියන්නෙත් පෘතුගීසි වචනයක්, අල්මාරිය කියන්නෙත් පෘතුගීසි වචනයක්.
    එක තමා මේ කියල තියෙන්නේ

    නිරන්තර පරිණාමයට ලක්වීමද සිංහල භාෂාවේ තවත් සුවිශේෂී ලක්ෂණයකි. කුඩා දරුවන්ට තබන සිංහල නම් දෙස බැලීමෙන් වුවද මේ බව පැහැදිලිව හඳුනාගත හැකිය. ඉංග්‍රීසි බසින් දරුවන්ට තබන නම් වසර සියවස් ගණන් පැරණි ඒවා වුවද සිංහල පුද්ගල නාම දශකයෙන් දශකයට අලුත් වීම සිදුවේ.
    ------ Post added on Dec 25, 2024 at 9:25 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යකෝ උබ පුදුම වේදනාවකින් නේ ඉන්නේ බෙහෙතක් ගනිං දැම්ම දුක් විඳ විඳ ඉන්නේ නැතුව
    ඌට නිවාඩු වැඩිවෙලා ස්ට්‍රෙස්ලු. කොරියාවට හරි ජපානෙට හරි ගිහින් දාපන්
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,887
    2,492
    113
    colombo
    2. බුදුහාමුදුරුවේ ධර්ම දේශනා කලා කියන්නේ මාගධී කියන භාශාවෙන්. (එතකොට බුදු දහමේ ගාථා පාලි භාෂාවෙන් ලියවුනේ කොහොමද කියන එකනම් මටත් ප්‍රශ්නයක්?)
    අහල තියෙන විදිහට පාලි කියන්නේ අක්ෂර නැති භාෂාවක් නිසා තමන් ලියල අකුරු වලින්ම පාලි ලියන්න පුළුවන්.
    අනිත් එක පාලි ඒ කාලෙත් මළ භාෂාවක්. කතා නොකරන පාවිච්චි නොවෙන භාෂාවක් මිශ්‍ර වෙලා විකෘති නොවෙන නිසා ධර්මය විකෘති නොවී තියාගන්න පාලි වලට හරවලා ලිව්වා කියල අහල තියෙනවා.