භික්ෂූන්ට කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහ&#353

monson

Well-known member
  • May 7, 2007
    25,806
    29,002
    113
    භික්ෂූන්ට කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහš

    භික්ෂූන්ට කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක්

    ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

    දැනට සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන මෙන් ඉල්ලා මෙම පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය.

    මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අවට මාර්ගවල රථවාහන තදබදයක්ද පවතී.


    - https://sinhala.srilankamirror.com/news/16024-presidential-secretariat-protest

    - http://www.lankadeepa.lk/latest_news/විරෝධතා-පා-ගමනට-ජල-ප්‍රහාරයක්/1-540633

    මෛත්‍රි මහින්ද ආණ්ඩුවේ පළමු ජල ප්‍රහාරය

    සිර දඬුවම් නියම වී ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී භික්ෂූන් වහන්සේලා විසින් මෙම විරෝධතාව පැවැත්වූහ.



    - http://www.ada.lk/breaking_news/මෛත්‍රි-මහින්ද-ආණ්ඩුවේ-පළමු-ජල-ප්‍රහාරය/11-342571
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහා බෞද්ධ නායකයා ආවේ නැද්ද මේ අලුකුත්තේරු වැඩේ නවත්වන්න? උන් කියන විධියට ඌ නේද අගමැති
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මහා බෞද්ධ නායකයා ආවේ නැද්ද මේ අලුකුත්තේරු වැඩේ නවත්වන්න? උන් කියන විධියට ඌ නේද අගමැති



    mahinda newi ban



    maha bauddha nayakaya gotta kiyala thamai wahallu kiyanne. shinalese buddhist amerikan citizen :rofl:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,369
    9,175
    113
    Around the world
    "පිං අගමැති උපාසකගෙන් කදුළු ගැස් දානමය පුණ්‍ය කර්මයක්"
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,806
    29,002
    113
    "පත්තරෙන් දැක්ක කියලා දැන් කියන්න බෑ; මොකද දැන් ජනපතිතුමා යටතේයි පොලීසිය තිබෙන්නේ."

    මේ වන විට සියලුදේම සිදුවන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ හෙයින් ඔහුට වෙන කෙනෙකුට වගකීම් පැවැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කරයි.

    අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට ස්ථාන මාරුවීම් ලබාදීම පසුපස සිටින්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් ඇය පැවැසුවාය.

    “නිශාන්ත සිල්වා (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ) මහතා දක්ෂ නිලධාරියෙක්. ඔහු දේශපාලන හස්තයන්ට යටත් නොවූ නිලධාරියෙක්. දැන් නීතිය හා සාමය අමාත්‍යාංශය තිබෙන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේයි. මෙය පැහැදිලිවම ජනපතිතුමාගේ අනුදැනුම මත සිදුවූ දෙයක්.

    අග්‍රාමාත්‍යවරයා ඉන්න කාලයේදී කිව්වේ පත්තරෙන් දැක්ක කියලා දැන් කියන්න බෑ. දැන් ඔක්කොම අතට අරන් කරන්නේ ජනපතිතුමයි.

    බොදුබල සේනාවට පහරදුන් සිදුවීම දන්නේ නෑ කියලත් ජනපතිතුමා කියනවා. මෙතුමාගේ පුරුද්ද තමයි බෝලය අනෙක් අයට මාරු කිරීම. දැන් ඒකත් කරන්න බෑ. මොකද දැන් ජනපතිතුමා යටතේයි පොලීසිය තිබෙන්නේ.”


    - http://www.ada.lk/breaking_news/දැන්-ජනපතිතුමාට-බෝලේ-පාස්-කරන්න-බෑ/11-342567
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,806
    29,002
    113
    මෛත්‍රි මහින්ද ආණ්ඩුවේ පළමු ජල ප්‍රහාරය

    සිර දඬුවම් නියම වී ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී භික්ෂූන් වහන්සේලා විසින් මෙම විරෝධතාව පැවැත්වූහ.



    - http://www.ada.lk/breaking_news/මෛත්‍රි-මහින්ද-ආණ්ඩුවේ-පළමු-ජල-ප්‍රහාරය/11-342571
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    46446965_677575172643029_3252543553183678464_n.jpg
     

    NB2020

    Member
    Jul 24, 2018
    95
    12
    0
    බොදුබල සේනා හිමිවරුන්ට කඳුළු ගෑස් ගැසීම ගැන ජනපති නියමයෙන් පරීක්ෂණයක්
    - 19 11 2018 - 16:33 - 944 views - ..

    ජනපති ලේකම් කාර්යාලයට සංදේශයක් භාරදීමට පැමිණි බොදුබල සේනා හිමිවරුන්ට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට උපදෙස් දුන් අයට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

    අද පෙරවරුවේදී මෙම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළ අතර ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බවද ජනපතිවරයා එම හිමිවරුන්ට පවසා තිබේ.

    පසුව ජනපතිවරයා එම ස්වාමීන් වහන්සේලා සමග කතාබහක නිරත වූ බවත් උන්වහන්සේලා ලබාදුන් ලිපියක් භාර ගත් බවත් ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
     

    Similar threads