භීෂණයට_කැමති_කැමරා_ශිල්පියා.

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
භීෂණයට_කැමති_කැමරා_ශිල්පියා.

බිහිසුණු රාක්ෂයන්, මනඃකල්පිත රුදුරු සතුන් ආදිය කේන්ද්‍ර කරගනිමින් ගෙතුණු සම්ප්‍රදායික කථාන්දරයන්ට සවන් දෙන, කුතුහලයෙන් මඩිනු ලැබූ කුඩා දරුවන්ගේ මනසේ රාත්‍රී අඳුරත් සමග එවැනි මනඃකල්පිතයන් පණ ලබන්නේ ඔවුන් බියපත් කරවමිනි. එවැනි විටෙකදී සිය සයනය යට හෝ ඇතැම් විටෙක නිවසේ බිම් මහ‍ලේ හෝ මෙබඳු බියකරු ජීවීන් සිටින බව පවසමින් තමන්වද දැඩි අසීරුතාවට පත්කරන සිය දරුවන් සන්සුන් කොට නිදි ගැන්වීම සඳහා දෙමාපියන්ට දැරීමට සිදුවනුයේ සුළුපටු වෙහෙසක් නොවේ. මේ නිසාම ළාමක සිතැති සිය දරුවන් එබඳු බිය උපදවන මනඃකල්පිත කතාන්දර වෙතින් ඈත් කර තැබිමට දෙමාපියන් උත්සාහ ගැනීම පුදුමයට කරුණක් නොවේ.
HTD53Yj.jpg

එසේ වුවද හතළිස් හැවිරිදි ඇමෙරිකානු ජාතික ඡායාරූප ශිල්පියෙකු වන ‘ ජොෂුවා හොෆින්’ සිය නිර්මාණයන්ට පාදක කරනුයේ කුඩා ළමුන් බිය ගන්වන ආකාරයේ එබඳු මනඃකල්පිතයන්ය. කුඩා ළමුන් පමණක් නොව වැඩිහිටියන් පවා බියපත් කරන අන්දමේ බියකරු පසුතලයක් යොදා ගනිමින් ඔහු විසින් සිදුකරන ඡායාරූපගත කිරීම්වලදී එබඳු බියකරු අත්දැකීම්වලට ලක්වන්නවුන් ලෙස බොහෝවිට කැමරාවට මුහුණ දෙනුයේ හොෆීන්ගේම කුඩා දියණියක් වීම මෙම ඡායාරූපවල ඇති විශේෂත්වයයි.
දියණියන් සිව් දෙනෙකුගේ පියෙකු වන හොෆින් සිය නිර්මාණ කාර්යය සඳහා වස්තු බිජයන් සපයා ගනුයේ දියණියන් නින්දට යැවීම සඳහා කියවනු ලබන කතාන්දරයන්ගෙනි. බියකරු පසුතලයන් සඳහා පෙනී සිටීමට සිය කුඩා දියණියන් යොදා ගත්තද ඔවුන් ඒවාට මුහුණදීමට බිය නොවන බව තහවුරු කරගැනීමෙන් පසුව පමණක් ඔවුන්ගේ පූර්ණ අනුමැතිය සහිතව ඡායාරූප සඳහා යොදාගන්නා හොෆින්ගේ ඡායාරූප අතර වඩාත්ම ආන්දෝලනයට ලක් වූ ඡායාරූපයක් වන්නේ, විලිස්සා ගත් දතින් යුතු රුදුරු වෘකයකුට බියපත්ව හඬන දැරියක දැක්වෙන ඡායාරූපයයි.
වෘකයක් යනු ලිංගික විලෝපිකයන් බවට මුල් බැස ගත් විශ්වීය විශ්වාසය හේතුවෙන් මෙම ඡායාරූපයට දැඩි විරෝධය පළකරමින් හොෆින් වෙත එවනු ලැබූ ලිපිද, විද්‍යුත් තැපැල් පණිවුඩද බොහෝමයකි. කෙසේ වුවද හොෆින් යනු රුදුරු බිහිසුණුභාවයට දැඩිසේ ලොල් වූ රසිකයකු සේම, එය හුදෙක් විනෝදය ලබාදීම සඳහා යොදාගන්නා තවත් එක් මාධ්‍යයක් පමණක් නොවන බව තරයේ අදහන්නෙකි. බියජනක කතාවකින් උත්පාදනය කරන කාංසිය මුසු විනෝදය ඉක්මවා ගිය රුදුරු භාවයකින් හඟවනුයේ ජීවිතයේ ඇති අනියත බවත්, මරණයේ ඇති අනපේක්ෂිත එහෙත් ස්ථීර භාවයත් බව හොෆින්ගේ පිළිගැනීමයි. එය කෙතරම් සත්‍යදැයි සිතා බැලීමට ඔබට භාරය.


pk1BQNw.jpg


VWHbObS.jpg


qRwX8VN.jpg


b44wkaM.jpg


ERoVmSx.jpg


4t63Hdf.jpg


3vPiftZ.jpg


Uz40O5i.jpg


uCnFEeF.jpg


මෙන්න මෙහෙමයි වැඩේ කෙරෙනවාය කියන්නේ.


001.jpg


002.jpg


003.jpg


004.jpg


005.jpg


006.jpg


007.jpg


010.jpg


011.jpg


012.jpg


013.jpg


014.jpg


015.jpg


016.jpg


017.jpg


018.jpg


019.jpg


020.jpg


022.jpg


023.jpg


025.jpg


027.jpg


029.jpg


030.jpg


iEPyEWx.jpg




විස්තර ටික "ලක්බිම"පත්තරෙන්
 
  • Like
Reactions: Red Soda