භුතාන රජ කුමරු උපතට පැළ ලක්ෂයක්

Wild Cat

Member
Mar 24, 2016
796
214
0
Sri Lanka
භුතාන රජ කුමරු උපතට පැළ ලක්ෂයක්

භුතාන රජතුමා වු 36 හැවිරිදි ජිග්මේ ශේසර් වන්ග්චුක් සහ ඔහුගේ අග මෙහෙසිය වූ 25 හැවිරිදි ජෙට්සුන් පෙමා රාජිණියගේ කුළුඳුල් දරුවා වෙනුවෙන් භූතානය පුරා රටවැසියන් දහස් ගණනක් ස්වේච්චාවෙන් එක්ව පැළ වගී 108,000 ක් රෝපණය කරන ලද බව ඒජන්සි වාර්තා කියයි.

බෞද්ධ භික්ෂුන් වහන්සේලා පෙරටු කරගෙන භූතාන අගමැති ටෙරින් ටෝබ්ගේ මුලිකත්වයෙන් කටයුතු සිදු කැරිණි. තේක්ක,සින්දූර, ඔක් වැනි පැළැටි රෝපණය කරන ලදි. රාජකීය කුමරුන් උපත ලැබුවේ පෙබරවාරි 5 වැනි දාය. භුතාන චාරිත්‍රානුකුලව බිලිඳා නම් කරනුයේ මාස දෙකක් ලැබුවාට පසුව අප්‍රේල් 5 වැනි දා වේ. වන්ග්චුක් රජතුමන් ගුවන් නියමුවකුගේ දියනණියක්වූ ජෙට්සුන් පෙමා සමඟ බෞද්ධ චාරිත්‍රාකුලව විවාහ වුයේ 2011 ඔක්තෝබර් 13 වැනි දාය.

භුතාන වැසියන් සැදැහැවත් බෞද්ධයෝ වෙති. ඔවුන්ගේ විශ්වාසය අනුව නිර්වාණය සාක්ෂාත් කරලීම උදෙසා කෙලෙසුන් 108ක් නිවාරණය කළ යුතුය. රාජකීය බිළිඳාගේ උපත සනිටුහන් කිරීමට පැළ 108,000ක් රෝපණ කිරීම සුදුසු බවට තීරණය කර ඇත්තේ ඒ නිසාය.

" රාජකීය කුමරුන් රැකබලා ගෙන පෝෂණය කරන අයුරින්ම මෙම පැළැටීන්ද භක්තියෙන් රැක බලාගෙන පෝෂණය කරන බව පැළ රෝපණය කළ ජනතාව පවසා ඇත. පරිසරය සමඟ භුතාන වැසියන් තුළ ඇත්තේ දැඩි සබඳතාවයකි. බුදු දහමට අනුව වෘක්ෂ ලතාවන් යනු දීර්ගායුෂ,සනීපාරක්ෂාව සහ කරුණාව සංකේතවත් කරනු ලබන වැදගත් වස්තුන් ලෙස භුතාන වැසියෝ විශ්වාස කරති.

පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව භුතාන රජය සහ මහජනතාව බලවත් උනන්දුවක් දක්වති. මුළු රටේම භුමි ප්‍රමාණයෙන් සියයට හැටක් වනාන්තර ලෙස පවත්වාගෙන යායුතු බව එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද ඇතුළත් කර ඇත.

භූතානය මෙවන් වෘක්ෂ රෝපණ වැඩසටහනක නිරත වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2015 වසරේ දී එක් පැයක් තුළ පැළෑටි 50,000ක් සිටුවමින් භූතානය ගිනස් වාර්තාවක් තැබීමට ද සමත් විය.


BHUTAN1.jpg


BHUTAN21.jpg


BHUTAN31.jpg


BHUTAN41.jpg


BHUTAN51.jpg


BHUTAN61.jpg


http://www.lankadeepa.lk/index.php/articles/397658
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
රෝපණය කරන්නෙ කැලෙන් ගලවං එන පැල රෝපණේ කල්ල හරියට වතුර ටිකක්වත් දාන්නෑ මාසයක් දෙකක් තියෙයි මැරිල යනව :rolleyes: :rolleyes:
ඒව තිබ්බ විදිහට තියෙන්න දුන්නනං ඔයිට වඩා හොඳට හැදෙනව අන්තිමට කැලේටත් නෑ හිටෝපු තැනටත් නෑ :sorry: :sorry:
 

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

අන්න බෞද්ධ රටවල්. ඒකට ලංකාව, මේක බෞද්ධ රටක් කියන්නත් ලැජ්ජයි මට නම්. ලංකාවේ තැන තියෙන්නේ මුස්ලිම් උන්ටයි, කතෝලික උන්ටයි විතරයි. මහ ආගමට කිසිම තැනක් නෑ.​