කාම්බෝජය අගතියට පත් කළ නායකයා: පොල් පොට්

isuru5

Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    තමා පාලනය කරන දේශය සමෘද්ධිමත් කළ පාලකයන් මෙන් ම එම දේශය අගතියට පත් කළ පාලකයන් පිළිබඳ ව ද ලෝක ඉතිහාසය පිරික්සීමේ දී අපට තොරතුරු දැනගන්නට පිළිවන්. 1970 දශකය අග භාගයේ කාම්බෝජය පාලනය කළ පොල් පොට් එලෙස සිය දේශය අගතියට පත් කළ නායකයෙක් ලෙසට ලොව පුරා විචාරකයන් එකාවන්ව මත පළ කරනවා.
    වසර කිහිපයකට සීමා වූ සිය පාලන සමය තුළ සිදු කළ දේපළ සහ ජීවිත හානිය අති මහත්. ඔහුගේ පාලන සමය තුළ සිදු වූ මහා මිනිස් සංහාරය හා ආර්ථික පරිහානිය නිසා කාම්බෝජය වසර ගණනාවක් ආපස්සට ගිය බැව් බහුතර මතය යි.
    fSkWhlB475BfKQoo_2.-Skulls.jpg

    පොල් පොට් පාලන සමයේ මියගිය මිනිසුන් සමූහයකගේ හිස් කබල්- Omar Havana/Getty Images

    පොල් පොට් සහ ඔහුගේ කොමියුනිස්ට්වාදී 'කෙමර් රූජ්' ආණ්ඩුව 1975 -1979 කාලයේ දී කාම්බෝජය පාලනය කළ අතර, එම කාලය තුළ කුසගින්න නිසා, අසනීප වීම නිසා, දරාගත නොහැකි ලෙස වැඩ කිරීම නිසා සහ දේශපාලනික හේතුන් මත මරණයට පත් කිරීමෙන් මියගිය ගණන මිලියන 1.5 සිට 2 දක්වා වන බවට අනුමාන කෙරෙනවා. කෙමර් රූජ් භටයන් පවත්වාගෙන ගිය කුරිරුත ම වධ කඳවුරක් වන 'එස්-21' නම් ස්ථානයට රැගෙන ආ 20,000 ක් පමණ වූ පිරිසකගෙන් අවසානයේ දිවි ගලවා ගෙන පිටව ගොස් ඇත්තේ හත් දෙනෙක් පමණක් වීම් එකල පොල් පොට් පාලනයේ භයානක බව කියා පානවා.
    පොල්පොට් ප්‍රමුඛ කෙමර් රූජ් ආණ්ඩුවට අවශ්‍ය වූයේ කොමියුනිස්ට්වාදී, පන්ති භේදයෙන් තොර කාම්බෝජයක් බිහිකිරීමට බැව් පොල් පොට් ප්‍රකාශ කළ අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ කෙමර් රූජ් භටයන්ගේ දරුණු හිංසනවලට ලක්වන්නට එහි උසස් පාන්තික මිනිසුන්, විරුද්ධ මත දරන දේශපාලකයන් සහ ආගමික නායකයන්ට සිදුවුණා. දේශපාලනික විචාරකයන් පවසන්නේ පොල් පොට්ගේ පාලන සමය ලොව මෑත ඉතිහාසයේ ඔවුන් දුටු වඩාත් ම්ලේච්ඡ සහ භයංකාරත ම පාලන සමයක් බව යි.

    පොල් පොට්ගේ දිවියේ මුල් අවධිය

    පොල් පොට් උපත ලැබුවේ 1925 වසරේ දී කාම්බෝජයේ පිටිසරබද ගමක් වන 'ප්‍රෙක් ස්බවු' හී දී යි. මෙය කාම්බෝජයේ අගනුවර වන නොම්පෙන් සිට කිලෝමීටර 100ක් පමණ උතුරින් පිහිටි ගමක් වුණා. පොල් පොට්ට උපතින් ලැබුණු නාමය වූයේ 'ස්ලොත් සාර්' යන්න යි. කෙසේ නමුත් පසු කාලීන ව ඔහු ප්‍රසිද්ධ වූයේ 'පොල් පොට්' ලෙස යි.
    පොල් පොට් ගේ මාපියන්ට යහමින් මුදල් හදල් හා දේපොළ තිබූ අතර, අක්කර 50 ක පමණ වී වගා කළ කුඹුරු ඔවුන් සතු වුණා. කෙසේ නමුත් වැඩිදුර අධ්‍යාපනය සඳහා 9 හැවිරිදි ව සිටියදී ම පොල් පොට් ඔහුගේ මාපියන් නොම්පෙන් වෙත පිටත් කළ අතර, ඔහු එහිදී බෞද්ධ පිරිවෙනක කෙටි කලක් අධ්‍යාපනය ලබනවා.
    අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ප්‍රංශ කතෝලික පාසලකට අනුයුක්ත වන ඔහු 1949 වසර දක්වා ම ඉගෙනගැනීම සිදුකරනවා. අනතුරුව පැරීසිය වෙත යාමට ශිෂ්‍යත්වයක් ලබන ඔහු එහි ගොස් ගුවන්විදුලි තාක්ෂණය ඉගෙනගන්නා අතර, එහි වූ කොමියුනිස්ට් කවයන්වල වැඩසටහන්වලට ද යුහුසුළු ව දායක වුණා.
    E2fse0O7wlK5U7NU_3.-Young.jpg

    තරුණ පොල් පොට් -Twitter.com

    පොල්පොට් සිය අධ්‍යාපනය නිමවා කාම්බෝජයට නැවත පැමිණියේ 1953 වසරේදී යි. ඒ වන විට කාම්බෝජය තුළ නිදහස පිළිබඳව දැඩි ලෙස විමුක්තිකාමී අරගල සිදුවෙමින් තිබූ අතර එම වසරේ දී ම කාම්බෝජය ප්‍රංශයෙන් නිදහස ලබනවා.

    කෙමර් රූජ්

    කාම්බෝජයට පැමිණි පොල් පොට් ගේ සිත දේශපාලනය දෙසට ඉක්මනින් ම යොමු වෙනවා. ඔහු කෙමර් මිනිසුන්ගේ විප්ලවවාදී පක්ෂය (කේ.පී.ආර්.පී) සංවිධානය හා බැඳෙන්නේ ඒ අනුව යි. මෙය 1951 වසරේ තැණුනු සංවිධානයක් වන අතර, මෙයට බැඳුණු පොල් පොට්ට උතුරුදිග කාම්බෝජ වැසියන්ගේ සහාය ලැබෙනවා. 1956 - 1963 අතර කාලයේ දී පොල් පොට් මේ සමගාමී ව ඉතිහාසය, භූගෝල විද්‍යාව සහ ප්‍රංශ සාහිත්‍යය ඉගෙනීමට යොමු වුණා. ඒ අනෙක් පසින් විප්ලවයක් සංවිධානය කරමිනු යි.
    1960 වසරේදී පොල් පොට් කේ.පී.ආර්.පී සංවිධානය මාක්ස්වාදය හා ලෙනින් වාදයට වඩාත් නැඹුරු ආකාරයට ප්‍රතිව්‍යුහගත කරන්නට සමත් වෙනවා. මේ අනුව ඉන් වසර තුනකට පසු ඔහු හා ඔහුගේ සමකාලීනයන් උතුරු කාමබෝජයේ පිටිසරබද පෙදෙස් වලට ගොස් කඳවුරු ලාගත්තේ, වියට්කොං ගරිල්ලන්ගේ සහාය ද ඇතිව යි.

    hbt5wMWqTxvWDQID_4.-Khemer-rouge.jpg

    කෙමර් රූජ් ගරිල්ලෝ - Pinterest.com

    මේ කාලයේදී පොල් පොට් කෙමෙන් කෙමෙන් කේ.පී.ආර්.පී සංවිධානය තුළ සිය නායකත්වයේ ලක්ෂණ මොනවට පෙන්වන්නට පටන් ගත්තා. ඔහු කෙමෙන් කෙමෙන් එහි නායකත්වයට පත් වූ අතර, ගරිලලා සංවිධානයක් වූ 'කෙමර් රූජ්' බිහි කරන්නට පුරෝගාමී ව කටයුතු කළා. කෙමර් රූජ් ගරිල්ලන් 1968 වසරේ දී සිය විමුක්ති සටන ආරම්භ කළ අතර උතුරු කාම්බෝජයේ බලය, කෙමෙන් කෙමෙන් තහවුරු කරගන්නට ඔවුනට හැකි වෙනවා.

    කෙමර් රූජ් සංවිධානය බලය තහවුරු කර ගනී

    1970 වසරේදී ජෙනරල් ලොන් නොල් කාම්බෝජයේ බලය තහවුරු කර ගැනීම සඳහා හමුදා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළා. ඒ එවකට එහි නායක නොරොදොම් සිහානොක් කුමරු රටින් පිට ව සිටින වේලාවක යි. මේ අනුව රට තුළ සිවිල් යුද්ධයක් පැන නැඟි අතර ම නොරොදොම් කුමරු සිය බලය රැක ගැනීම සඳහා කෙමර් රූජ් සංවිධානය හා එක්වුණා. මේ අතර ලොන් නොල්ට අමෙරිකා එක්සත් ජනපදයෙහි සහාය ලැබුණා.
    කෙමර් රූජ් ගරිල්ලන් හා ලොන් නොල් ගේ හමුදා ඉක්මනින් ම එකිනෙක ගැටුණු අතර ඉතා දැඩි ලෙස කාම්බෝජය පුරා ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිළ ගියා. මෙම දෙපාර්ශවය ම හැසිරුණේ සාමාන්‍ය ජනතාවට ඉතා පීඩාකාරී වන ලෙස යි. මේ කාලයේදීම වියට්නාම හමුදා සහ අමෙරිකන් හමුදා වියට්නාම - කාම්බෝජ දේශසීමාව ආසන්නයේ ස්ථානගත වූයේ වියට්කොං ගරිල්ලන් සමග සටන් කිරීම සඳහා යි. විශේෂයෙන් මෙම ගරිල්ලන් එම දේශසීමාවෙන් කාම්බෝජය දෙසට වන්නට සැඟවී සිට ප්‍රහාර සිදු කිරීම ඔවුනට කරදරයක් වී තිබුණා. කෙමර් රූජ්වරුන්ගේ සහාය වියට්කොං ගරිල්ලන්ට ලැබෙන බැව් ඔවුන් දැන සිටියා.

    බෝම්බ ටොන් 500,000 ක්

    එවකට අමෙරිකානු ජනපති රිචඩ් නික්සන් කාම්බෝජයේ, වියට්කොං ගරිල්ලන්ට එරෙහි ව බෝම්බ හෙළන්නට තීරණය කළේ මේ අතර යි. මේ අනුව වසර හතරක කාලය තුළ කාම්බෝජයට, අමෙරිකානු හමුදා මඟින් බෝම්බ ටොන් 500,000 ක් පතිත කෙරුණා. මෙය දෙවන ලෝක යුද සමයේ ජපානයට අත්හැරි බෝම්බ ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ වෙනවා.
    අමෙරිකානු හමුදා කාම්බෝජයට 1973 වසරේ දී බෝම්බ හෙළීම නැවතූ අතර, ඒ වන විට කෙමර් රූජ්වරුන් ගණනින් ද ඉතා වැඩි වී, හොඳින් සංවිධානය වී සිටියා. මේ වන විට ඔවුන් කාම්බෝජ භූමියෙන් තුනෙන් දෙකක පමණ සිය බලය ද තහවුරු කරගන්නට සමත් ව සිටියා. ඉක්මනින් ම ඔවුන් නොම්පෙන් අල්ලා ගැනීමේ සටන ඇරඹූ අතර, එය වෙත බර අවි ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තා.

    Ri8L8Usd8n9ye2Wx_5%2C-Farming.png

    කෙමර් රූජ් සංවිධානය විසින් බලහත්කාරයෙන් වැඩට යෙදවූ ජනතාව- bophana.org

    1975 වසරේ ජනවාරි මස නොම්පෙන් අල්ලා ගැනීමේ අවසන් සටන ඇරඹුණා. එම මස නොම්පෙන් හි ගුවන්තොටුපොළට ප්‍රහාර එල්ල කළ ඔවුන්, එහි කටයුතු අඩපණ කළා. මේ අනුව කාම්බෝජයට අමෙරිකානු ආධාර පැමිණීම අවහිර වුණා. මේ නිසා රට පුරා මිනිසුන් සාගතයෙන් පෙළෙන්නට පටන් ගත්තා. ඒ යුදමය පසුබිමක කාම්බෝජ වැසියන් බොහෝ දෙනකු ගොවිකම අතැර තිබීම නිසා යි.
    අවසානයේ 1975 වසරේ අප්‍රේල් මස 17 වන දින කෙමර් රූජ් භටයන් නොම්පෙන් නගරයට ඇතුළු වුණා. ඒත් සමඟ ඔවුන් සිවිල් යුද්ධය ජය ගත් බවට ප්‍රකාශ කෙරුණු අතර, ඒ වන විට සටන්වලින් මිනිසුන් ලක්ෂ 5 ක් පමණ මිය ගොස් තිබුණා. කෙසේ නමුත් වඩාත් භායානක සමය ආරම්භ වූයේ ඉන් පසු ව යි.

    කාම්බෝජයේ සමූහ ඝාතන

    බලය ලබාගත්වන ම කෙමර් රූජ් සංවිධානය නොම්පෙන්හි විසූ මිලියන 2.5 ක් පමණ වන ජනතාවට ඉන් ඉවත් වන ලෙස අණ කළා. පැරණි සමාජ සේවකයන්, වෛද්‍යවරුන්, ගුරුවරුන් සහ අනෙකුත් වෘත්තිකයින් සිය වෘත්තියෙන් පහ කෙරුණු අතර ඔවුන් වගා බිම්වල සේවයට යැවුණා. මෙලෙස යැවුණු කිසිවෙක් හෝ තමන්ට ඇති වැඩ කොටස පිළිබඳව අසතුට පළ කළහොත් හෝ, පැවරූ වැඩ කොටස පැහැර හැරියොත් ඔවුනට ලැබෙන සලාක අවහිර කරන්නට කෙමර් රූජ්වරුන් තීරණය කළා.
    තත්ත්වය ඊටත් වඩා තදබල නම් කෙළින් ම ඔවුන් වධකාකාර වෙත යැවුණා. S-21 යනුවෙන් කුප්‍රකට වධකාගාරය ඉන් එකක්. මෙලෙස වධකාගාරවලට යැවුණු බොහෝ දෙනා ඉන් අනතුරු ව මරණයට පත් කෙරුණා. ඒ කුරිරු අන්දමින් වධ බන්ධනවලට ලක් කිරීමෙන් අනතුරු ව යි. මේ කාලයේදී මිලියන ගණනක් කාම්බෝජ වැසියන් මන්දපෝෂණය, පමණට වඩා වැඩ කිරීම සහ ප්‍රමාණවත් නොවූ සෞඛ්‍ය ආවතේව නොලැබීම යන කරුණු නිසා මියගිය අතර, සමූහ සුසානවල වැළලෙන්නට ඔවුනට සිදුවුණා.

    පොල් පොට් ගේ රෙජීමය

    පොල් පොට් ගේ රෙජීමය මිනිසුන්ගෙ සියලු මූලික හා ද්විතියික අවශ්‍යතා තමන්ගේ අභිමතය පරිදි හසුරුවන්නට වුණා. මුදල්, පෞද්ගලික දේපල, ආභරණ වැනි දේ පරිශීලනය කිරීම, සූදුව, බොහෝ පොත්පත් පරිශීලනය මෙන්ම ආගම් ඇදහීමත් නීති විරෝධී ලෙසට තීරණය කෙරුණා. සියලු දෙනා එකා වන්ව වගා කළ යුතු වුණා. නව යොවුන් තරුණ තරුණියන් සහ දරුවන් බලහත්කාරයෙන් ගෙන ගොස් හමුදාවට බඳවා ගැණුනා. ලිංගික ක්‍රියාවල නිරත වීම, අකුරු ඉගෙනීම සහ ඇඳුම් ඇඳීම වැනි දේත් ඉතා තදබල නීති ගෙනවුත් සීමා කළා.

    fWyDdIuRaiRTK6od_6.-Collective-tomb.jpg

    පසුව ගොඩ ගත් කාම්බෝජයේ සමූහ මිනීවලක්- write.as

    පොල් පොට් ප්‍රමුඛ කෙමර් රූජ්වරුන් කාම්බෝජය ' ප්‍රජාතන්ත්‍රවාදී කාම්බෝජය' යනුවෙන් නම් කළා. කෙසේ නමුත් එහි ප්‍රජාතන්ත්‍රවාදය සීමා වී තිබුණේ නාමයට පමණ යි. මෙම යුගයේ මුල් කාලයේ දී පොල් පොට් සියල්ල පාලනය කළේ එතරම් ඉදිරියට නොපැමිණ යි. කෙසේ නමුත් 1976 වසරේදී නොරොදොම් කුමරුට සිය ධූරයෙන් ඉවත් වන ලෙස බල කෙරුණු අතර, ඉන් අනතුරුව පොල් පොට් එහි නායකයා බවට පත් වුණා.
    මේ කාලයේදී වියට්නාමය හා කාම්බෝජය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පළුදු වෙමින් පැවතුණු අතර, ඇමෙරිකානුවන්ට එරෙහි යුද්ධය ජයගැනීමෙන් පසු ඉතා ප්‍රගතශීලී ගමණක් යමින් සිටි වියට්නාමයට කාම්බෝජයේ වැඩපිළිවෙළ පිළිබඳ ව එතරම් ප්‍රසාදයක් තිබුණේ නැහැ. ඔවුන් කාම්බෝජයේ ඇතිව තිබූ මෙම තත්ත්වය තමන්ට ද තර්ජනයක් විය හැකි බවට අනුමාන කළා. මේ අනුව වියට්නාම හමුදා 60,000 ක පමණ හමුදාවක් කාම්බෝජය වෙත යවා කෙමර් රූජ්වරුන්ට පහර දුන් අතර අවසානයේ ඔවුන් 1979 වසරේ ජනවාරි මස 7 වනදා නොම්පෙන් අල්ලා ගත් අතර, පොල්පොට් නැවතත් තමන් සටන් ආරම්භ කළ උතුරු වියට්නාමයේ වනගත පෙදෙස්වලට පලා ගියා. කෙසේ නමුත් ඔහු නැවතත් එහි සිට සංවිධානය වන්නට පටන් ගත්තා.

    පොල් පොට් ගේ අවසන් සමය

    1980 දශකය පුරාවට ම කෙමර් රූජ් ගරිල්ලන්ට චීනයේ ආධාර ලැබුණා. අමෙරිකා එක්සත් ජනපදයෙන් දේශපාලනික සහාය ද ලැබුණා. ඔවුන් කිහිප විටක් ම වියට්නාම හමුදා පරයා යන්නට උත්සාහ කළත් ඒවා සාර්ථක වූයේ නැහැ. කෙසේ නමුත් 1990 දශකයේ මුල් භාගය වන විට ඔවුන්ගේ බලය සෑහෙන පමණකින් බිඳී ගොස් තිබුණා.

    li6VpTnZ4PzzowNM_7.-Old.jpg

    පොල් පොට් මහලු වියේ දී- Quora

    1991 වසරේදී ඔවුන් වියට්නාම හමුදා සමඟ සටන් විරාම ගිවිසුමකට අත්සන් තැබුවා. මේ කාලයේදීම පොල් පොට් ගේ සෞඛ්‍යය ද පිරිහෙන්නට වූ අතර, සංවිධානය තුළ ද මත ගැටුම් ඇති වුණා. 1997 වසරේ දී මෙලෙස කෙමර් රූජ් සංවිධානයෙන්ම ගැලැවී ගිය, පොල් පොට්ට විරුද්ධ මත දරණ කණ්ඩායමක්, ඔහු අල්ලා නිවාස අඩස්සියේ තබන්නට තීරණය කළා. 1998 වසරේ අප්‍රේල් මස 15 වනදා ඔහු නින්දේ දී ම මිය ගොස් සිටියේ හෘද අකර්මණ්‍යතාවක් උත්සන්න වීම නිසා යි. ඒ වන විට ඔහු 72 වන වියේ පසු වුණා.

    Dinidu Ekanayake @ ROAR
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    කම්බොජයට විමුක්තිය උදා කරදුන් ඒ විප්ලවවාදියා. කොමරෙඩ් පොල්පොට් තුමා. ලංකාවෙත් අනුර කොමරෙඩ් ආපු ගමන් එතුමා වගේම සුපිරි සංවර්ධනයක් ඇති කරයි :yes: :yes:
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Summary :-

    පොල්පොට් ප්‍රමුඛ කෙමර්රූජ් ආණ්ඩුවට අවශ්‍ය වූයේ කොමියුනිස්ට්වාදී, පන්ති භේදයෙන් තොර කාම්බෝජයක් බිහිකිරීමට බැව් පොල්පොට් ප්‍රකාශ කළ අතර,

    පැරණි සමාජ සේවකයන්, වෛද්‍යවරුන්, ගුරුවරුන් සහ අනෙකුත් වෘත්තිකයින් සිය වෘත්තියෙන් පහ කෙරුණු අතර ඔවුන් වගා බිම්වල සේවයට යැවුණා. මෙලෙස යැවුණු කිසිවෙක් හෝ තමන්ට ඇති වැඩ කොටස පිළිබඳව අසතුට පළ කළහොත් හෝ, පැවරූ වැඩ කොටස පැහැර හැරියොත් ඔවුනට ලැබෙන සලාක අවහිර කරන්නට කෙමර්රූජ්වරුන් තීරණය කළා.

    තත්ත්වය ඊටත් වඩා තදබල නම් කෙළින් ම ඔවුන් වධකාකාර වෙත යැවුණා. S-21 යනුවෙන් කුප්‍රකට වධකාගාරය ඉන් එකක්. මෙලෙස වධකාගාරවලට යැවුණු බොහෝ දෙනා ඉන් අනතුරු ව මරණයට පත් කෙරුණා. ඒ කුරිරු අන්දමින් වධ බන්ධනවලට ලක් කිරීමෙන් අනතුරු ව යි.

    මේ කාලයේදී මිලියන ගණනක් කාම්බෝජ වැසියන් කුසගින්න නිසා, අසනීප වීම නිසා, දරාගත නොහැකි ලෙස වැඩ කිරීම,මන්දපෝෂණය, ප්‍රමාණවත් නොවූ සෞඛ්‍ය ආවතේව නොලැබීම යන කරුණු නිසා මියගිය අතර, සමූහ සුසානවල වැළලෙන්නට ඔවුනට සිදුවුණා.

    පොල්පොට් ගේ රෙජීමය මිනිසුන්ගෙ සියලු මූලික හා ද්විතියික අවශ්‍යතා තමන්ගේ අභිමතය පරිදි හසුරුවන්නට වුණා. මුදල්, පෞද්ගලික දේපල, ආභරණ වැනි දේ පරිශීලනය කිරීම, සූදුව, බොහෝ පොත්පත් පරිශීලනය මෙන්ම ආගම් ඇදහීමත් නීති විරෝධී ලෙසට තීරණය කෙරුණා. සියලු දෙනා එකා වන්ව වගා කළ යුතු වුණා. නව යොවුන් තරුණ තරුණියන් සහ දරුවන් බලහත්කාරයෙන් ගෙන ගොස් හමුදාවට බඳවා ගැණුනා. ලිංගික ක්‍රියාවල නිරත වීම, අකුරු ඉගෙනීම සහ ඇඳුම් ඇඳීම වැනි දේත් ඉතා තදබල නීති ගෙනවුත් සීමා කළා.
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,674
    113
    තමා පාලනය කරන දේශය සමෘද්ධිමත් කළ පාලකයන් මෙන් ම එම දේශය අගතියට පත් කළ පාලකයන් පිළිබඳ ව ද ලෝක ඉතිහාසය පිරික්සීමේ දී අපට තොරතුරු දැනගන්නට පිළිවන්. 1970 දශකය අග භාගයේ කාම්බෝජය පාලනය කළ පොල් පොට් එලෙස සිය දේශය අගතියට පත් කළ නායකයෙක් ලෙසට ලොව පුරා විචාරකයන් එකාවන්ව මත පළ කරනවා.
    වසර කිහිපයකට සීමා වූ සිය පාලන සමය තුළ සිදු කළ දේපළ සහ ජීවිත හානිය අති මහත්. ඔහුගේ පාලන සමය තුළ සිදු වූ මහා මිනිස් සංහාරය හා ආර්ථික පරිහානිය නිසා කාම්බෝජය වසර ගණනාවක් ආපස්සට ගිය බැව් බහුතර මතය යි.
    fSkWhlB475BfKQoo_2.-Skulls.jpg

    පොල් පොට් පාලන සමයේ මියගිය මිනිසුන් සමූහයකගේ හිස් කබල්- Omar Havana/Getty Images

    පොල් පොට් සහ ඔහුගේ කොමියුනිස්ට්වාදී 'කෙමර් රූජ්' ආණ්ඩුව 1975 -1979 කාලයේ දී කාම්බෝජය පාලනය කළ අතර, එම කාලය තුළ කුසගින්න නිසා, අසනීප වීම නිසා, දරාගත නොහැකි ලෙස වැඩ කිරීම නිසා සහ දේශපාලනික හේතුන් මත මරණයට පත් කිරීමෙන් මියගිය ගණන මිලියන 1.5 සිට 2 දක්වා වන බවට අනුමාන කෙරෙනවා. කෙමර් රූජ් භටයන් පවත්වාගෙන ගිය කුරිරුත ම වධ කඳවුරක් වන 'එස්-21' නම් ස්ථානයට රැගෙන ආ 20,000 ක් පමණ වූ පිරිසකගෙන් අවසානයේ දිවි ගලවා ගෙන පිටව ගොස් ඇත්තේ හත් දෙනෙක් පමණක් වීම් එකල පොල් පොට් පාලනයේ භයානක බව කියා පානවා.
    පොල්පොට් ප්‍රමුඛ කෙමර් රූජ් ආණ්ඩුවට අවශ්‍ය වූයේ කොමියුනිස්ට්වාදී, පන්ති භේදයෙන් තොර කාම්බෝජයක් බිහිකිරීමට බැව් පොල් පොට් ප්‍රකාශ කළ අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ කෙමර් රූජ් භටයන්ගේ දරුණු හිංසනවලට ලක්වන්නට එහි උසස් පාන්තික මිනිසුන්, විරුද්ධ මත දරන දේශපාලකයන් සහ ආගමික නායකයන්ට සිදුවුණා. දේශපාලනික විචාරකයන් පවසන්නේ පොල් පොට්ගේ පාලන සමය ලොව මෑත ඉතිහාසයේ ඔවුන් දුටු වඩාත් ම්ලේච්ඡ සහ භයංකාරත ම පාලන සමයක් බව යි.

    පොල් පොට්ගේ දිවියේ මුල් අවධිය

    පොල් පොට් උපත ලැබුවේ 1925 වසරේ දී කාම්බෝජයේ පිටිසරබද ගමක් වන 'ප්‍රෙක් ස්බවු' හී දී යි. මෙය කාම්බෝජයේ අගනුවර වන නොම්පෙන් සිට කිලෝමීටර 100ක් පමණ උතුරින් පිහිටි ගමක් වුණා. පොල් පොට්ට උපතින් ලැබුණු නාමය වූයේ 'ස්ලොත් සාර්' යන්න යි. කෙසේ නමුත් පසු කාලීන ව ඔහු ප්‍රසිද්ධ වූයේ 'පොල් පොට්' ලෙස යි.
    පොල් පොට් ගේ මාපියන්ට යහමින් මුදල් හදල් හා දේපොළ තිබූ අතර, අක්කර 50 ක පමණ වී වගා කළ කුඹුරු ඔවුන් සතු වුණා. කෙසේ නමුත් වැඩිදුර අධ්‍යාපනය සඳහා 9 හැවිරිදි ව සිටියදී ම පොල් පොට් ඔහුගේ මාපියන් නොම්පෙන් වෙත පිටත් කළ අතර, ඔහු එහිදී බෞද්ධ පිරිවෙනක කෙටි කලක් අධ්‍යාපනය ලබනවා.
    අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ප්‍රංශ කතෝලික පාසලකට අනුයුක්ත වන ඔහු 1949 වසර දක්වා ම ඉගෙනගැනීම සිදුකරනවා. අනතුරුව පැරීසිය වෙත යාමට ශිෂ්‍යත්වයක් ලබන ඔහු එහි ගොස් ගුවන්විදුලි තාක්ෂණය ඉගෙනගන්නා අතර, එහි වූ කොමියුනිස්ට් කවයන්වල වැඩසටහන්වලට ද යුහුසුළු ව දායක වුණා.
    E2fse0O7wlK5U7NU_3.-Young.jpg

    තරුණ පොල් පොට් -Twitter.com

    පොල්පොට් සිය අධ්‍යාපනය නිමවා කාම්බෝජයට නැවත පැමිණියේ 1953 වසරේදී යි. ඒ වන විට කාම්බෝජය තුළ නිදහස පිළිබඳව දැඩි ලෙස විමුක්තිකාමී අරගල සිදුවෙමින් තිබූ අතර එම වසරේ දී ම කාම්බෝජය ප්‍රංශයෙන් නිදහස ලබනවා.

    කෙමර් රූජ්

    කාම්බෝජයට පැමිණි පොල් පොට් ගේ සිත දේශපාලනය දෙසට ඉක්මනින් ම යොමු වෙනවා. ඔහු කෙමර් මිනිසුන්ගේ විප්ලවවාදී පක්ෂය (කේ.පී.ආර්.පී) සංවිධානය හා බැඳෙන්නේ ඒ අනුව යි. මෙය 1951 වසරේ තැණුනු සංවිධානයක් වන අතර, මෙයට බැඳුණු පොල් පොට්ට උතුරුදිග කාම්බෝජ වැසියන්ගේ සහාය ලැබෙනවා. 1956 - 1963 අතර කාලයේ දී පොල් පොට් මේ සමගාමී ව ඉතිහාසය, භූගෝල විද්‍යාව සහ ප්‍රංශ සාහිත්‍යය ඉගෙනීමට යොමු වුණා. ඒ අනෙක් පසින් විප්ලවයක් සංවිධානය කරමිනු යි.
    1960 වසරේදී පොල් පොට් කේ.පී.ආර්.පී සංවිධානය මාක්ස්වාදය හා ලෙනින් වාදයට වඩාත් නැඹුරු ආකාරයට ප්‍රතිව්‍යුහගත කරන්නට සමත් වෙනවා. මේ අනුව ඉන් වසර තුනකට පසු ඔහු හා ඔහුගේ සමකාලීනයන් උතුරු කාමබෝජයේ පිටිසරබද පෙදෙස් වලට ගොස් කඳවුරු ලාගත්තේ, වියට්කොං ගරිල්ලන්ගේ සහාය ද ඇතිව යි.

    hbt5wMWqTxvWDQID_4.-Khemer-rouge.jpg

    කෙමර් රූජ් ගරිල්ලෝ - Pinterest.com

    මේ කාලයේදී පොල් පොට් කෙමෙන් කෙමෙන් කේ.පී.ආර්.පී සංවිධානය තුළ සිය නායකත්වයේ ලක්ෂණ මොනවට පෙන්වන්නට පටන් ගත්තා. ඔහු කෙමෙන් කෙමෙන් එහි නායකත්වයට පත් වූ අතර, ගරිලලා සංවිධානයක් වූ 'කෙමර් රූජ්' බිහි කරන්නට පුරෝගාමී ව කටයුතු කළා. කෙමර් රූජ් ගරිල්ලන් 1968 වසරේ දී සිය විමුක්ති සටන ආරම්භ කළ අතර උතුරු කාම්බෝජයේ බලය, කෙමෙන් කෙමෙන් තහවුරු කරගන්නට ඔවුනට හැකි වෙනවා.

    කෙමර් රූජ් සංවිධානය බලය තහවුරු කර ගනී

    1970 වසරේදී ජෙනරල් ලොන් නොල් කාම්බෝජයේ බලය තහවුරු කර ගැනීම සඳහා හමුදා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළා. ඒ එවකට එහි නායක නොරොදොම් සිහානොක් කුමරු රටින් පිට ව සිටින වේලාවක යි. මේ අනුව රට තුළ සිවිල් යුද්ධයක් පැන නැඟි අතර ම නොරොදොම් කුමරු සිය බලය රැක ගැනීම සඳහා කෙමර් රූජ් සංවිධානය හා එක්වුණා. මේ අතර ලොන් නොල්ට අමෙරිකා එක්සත් ජනපදයෙහි සහාය ලැබුණා.
    කෙමර් රූජ් ගරිල්ලන් හා ලොන් නොල් ගේ හමුදා ඉක්මනින් ම එකිනෙක ගැටුණු අතර ඉතා දැඩි ලෙස කාම්බෝජය පුරා ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිළ ගියා. මෙම දෙපාර්ශවය ම හැසිරුණේ සාමාන්‍ය ජනතාවට ඉතා පීඩාකාරී වන ලෙස යි. මේ කාලයේදීම වියට්නාම හමුදා සහ අමෙරිකන් හමුදා වියට්නාම - කාම්බෝජ දේශසීමාව ආසන්නයේ ස්ථානගත වූයේ වියට්කොං ගරිල්ලන් සමග සටන් කිරීම සඳහා යි. විශේෂයෙන් මෙම ගරිල්ලන් එම දේශසීමාවෙන් කාම්බෝජය දෙසට වන්නට සැඟවී සිට ප්‍රහාර සිදු කිරීම ඔවුනට කරදරයක් වී තිබුණා. කෙමර් රූජ්වරුන්ගේ සහාය වියට්කොං ගරිල්ලන්ට ලැබෙන බැව් ඔවුන් දැන සිටියා.

    බෝම්බ ටොන් 500,000 ක්

    එවකට අමෙරිකානු ජනපති රිචඩ් නික්සන් කාම්බෝජයේ, වියට්කොං ගරිල්ලන්ට එරෙහි ව බෝම්බ හෙළන්නට තීරණය කළේ මේ අතර යි. මේ අනුව වසර හතරක කාලය තුළ කාම්බෝජයට, අමෙරිකානු හමුදා මඟින් බෝම්බ ටොන් 500,000 ක් පතිත කෙරුණා. මෙය දෙවන ලෝක යුද සමයේ ජපානයට අත්හැරි බෝම්බ ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ වෙනවා.
    අමෙරිකානු හමුදා කාම්බෝජයට 1973 වසරේ දී බෝම්බ හෙළීම නැවතූ අතර, ඒ වන විට කෙමර් රූජ්වරුන් ගණනින් ද ඉතා වැඩි වී, හොඳින් සංවිධානය වී සිටියා. මේ වන විට ඔවුන් කාම්බෝජ භූමියෙන් තුනෙන් දෙකක පමණ සිය බලය ද තහවුරු කරගන්නට සමත් ව සිටියා. ඉක්මනින් ම ඔවුන් නොම්පෙන් අල්ලා ගැනීමේ සටන ඇරඹූ අතර, එය වෙත බර අවි ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තා.

    Ri8L8Usd8n9ye2Wx_5%2C-Farming.png

    කෙමර් රූජ් සංවිධානය විසින් බලහත්කාරයෙන් වැඩට යෙදවූ ජනතාව- bophana.org

    1975 වසරේ ජනවාරි මස නොම්පෙන් අල්ලා ගැනීමේ අවසන් සටන ඇරඹුණා. එම මස නොම්පෙන් හි ගුවන්තොටුපොළට ප්‍රහාර එල්ල කළ ඔවුන්, එහි කටයුතු අඩපණ කළා. මේ අනුව කාම්බෝජයට අමෙරිකානු ආධාර පැමිණීම අවහිර වුණා. මේ නිසා රට පුරා මිනිසුන් සාගතයෙන් පෙළෙන්නට පටන් ගත්තා. ඒ යුදමය පසුබිමක කාම්බෝජ වැසියන් බොහෝ දෙනකු ගොවිකම අතැර තිබීම නිසා යි.
    අවසානයේ 1975 වසරේ අප්‍රේල් මස 17 වන දින කෙමර් රූජ් භටයන් නොම්පෙන් නගරයට ඇතුළු වුණා. ඒත් සමඟ ඔවුන් සිවිල් යුද්ධය ජය ගත් බවට ප්‍රකාශ කෙරුණු අතර, ඒ වන විට සටන්වලින් මිනිසුන් ලක්ෂ 5 ක් පමණ මිය ගොස් තිබුණා. කෙසේ නමුත් වඩාත් භායානක සමය ආරම්භ වූයේ ඉන් පසු ව යි.

    කාම්බෝජයේ සමූහ ඝාතන

    බලය ලබාගත්වන ම කෙමර් රූජ් සංවිධානය නොම්පෙන්හි විසූ මිලියන 2.5 ක් පමණ වන ජනතාවට ඉන් ඉවත් වන ලෙස අණ කළා. පැරණි සමාජ සේවකයන්, වෛද්‍යවරුන්, ගුරුවරුන් සහ අනෙකුත් වෘත්තිකයින් සිය වෘත්තියෙන් පහ කෙරුණු අතර ඔවුන් වගා බිම්වල සේවයට යැවුණා. මෙලෙස යැවුණු කිසිවෙක් හෝ තමන්ට ඇති වැඩ කොටස පිළිබඳව අසතුට පළ කළහොත් හෝ, පැවරූ වැඩ කොටස පැහැර හැරියොත් ඔවුනට ලැබෙන සලාක අවහිර කරන්නට කෙමර් රූජ්වරුන් තීරණය කළා.
    තත්ත්වය ඊටත් වඩා තදබල නම් කෙළින් ම ඔවුන් වධකාකාර වෙත යැවුණා. S-21 යනුවෙන් කුප්‍රකට වධකාගාරය ඉන් එකක්. මෙලෙස වධකාගාරවලට යැවුණු බොහෝ දෙනා ඉන් අනතුරු ව මරණයට පත් කෙරුණා. ඒ කුරිරු අන්දමින් වධ බන්ධනවලට ලක් කිරීමෙන් අනතුරු ව යි. මේ කාලයේදී මිලියන ගණනක් කාම්බෝජ වැසියන් මන්දපෝෂණය, පමණට වඩා වැඩ කිරීම සහ ප්‍රමාණවත් නොවූ සෞඛ්‍ය ආවතේව නොලැබීම යන කරුණු නිසා මියගිය අතර, සමූහ සුසානවල වැළලෙන්නට ඔවුනට සිදුවුණා.

    පොල් පොට් ගේ රෙජීමය

    පොල් පොට් ගේ රෙජීමය මිනිසුන්ගෙ සියලු මූලික හා ද්විතියික අවශ්‍යතා තමන්ගේ අභිමතය පරිදි හසුරුවන්නට වුණා. මුදල්, පෞද්ගලික දේපල, ආභරණ වැනි දේ පරිශීලනය කිරීම, සූදුව, බොහෝ පොත්පත් පරිශීලනය මෙන්ම ආගම් ඇදහීමත් නීති විරෝධී ලෙසට තීරණය කෙරුණා. සියලු දෙනා එකා වන්ව වගා කළ යුතු වුණා. නව යොවුන් තරුණ තරුණියන් සහ දරුවන් බලහත්කාරයෙන් ගෙන ගොස් හමුදාවට බඳවා ගැණුනා. ලිංගික ක්‍රියාවල නිරත වීම, අකුරු ඉගෙනීම සහ ඇඳුම් ඇඳීම වැනි දේත් ඉතා තදබල නීති ගෙනවුත් සීමා කළා.

    fWyDdIuRaiRTK6od_6.-Collective-tomb.jpg

    පසුව ගොඩ ගත් කාම්බෝජයේ සමූහ මිනීවලක්- write.as

    පොල් පොට් ප්‍රමුඛ කෙමර් රූජ්වරුන් කාම්බෝජය ' ප්‍රජාතන්ත්‍රවාදී කාම්බෝජය' යනුවෙන් නම් කළා. කෙසේ නමුත් එහි ප්‍රජාතන්ත්‍රවාදය සීමා වී තිබුණේ නාමයට පමණ යි. මෙම යුගයේ මුල් කාලයේ දී පොල් පොට් සියල්ල පාලනය කළේ එතරම් ඉදිරියට නොපැමිණ යි. කෙසේ නමුත් 1976 වසරේදී නොරොදොම් කුමරුට සිය ධූරයෙන් ඉවත් වන ලෙස බල කෙරුණු අතර, ඉන් අනතුරුව පොල් පොට් එහි නායකයා බවට පත් වුණා.
    මේ කාලයේදී වියට්නාමය හා කාම්බෝජය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පළුදු වෙමින් පැවතුණු අතර, ඇමෙරිකානුවන්ට එරෙහි යුද්ධය ජයගැනීමෙන් පසු ඉතා ප්‍රගතශීලී ගමණක් යමින් සිටි වියට්නාමයට කාම්බෝජයේ වැඩපිළිවෙළ පිළිබඳ ව එතරම් ප්‍රසාදයක් තිබුණේ නැහැ. ඔවුන් කාම්බෝජයේ ඇතිව තිබූ මෙම තත්ත්වය තමන්ට ද තර්ජනයක් විය හැකි බවට අනුමාන කළා. මේ අනුව වියට්නාම හමුදා 60,000 ක පමණ හමුදාවක් කාම්බෝජය වෙත යවා කෙමර් රූජ්වරුන්ට පහර දුන් අතර අවසානයේ ඔවුන් 1979 වසරේ ජනවාරි මස 7 වනදා නොම්පෙන් අල්ලා ගත් අතර, පොල්පොට් නැවතත් තමන් සටන් ආරම්භ කළ උතුරු වියට්නාමයේ වනගත පෙදෙස්වලට පලා ගියා. කෙසේ නමුත් ඔහු නැවතත් එහි සිට සංවිධානය වන්නට පටන් ගත්තා.

    පොල් පොට් ගේ අවසන් සමය

    1980 දශකය පුරාවට ම කෙමර් රූජ් ගරිල්ලන්ට චීනයේ ආධාර ලැබුණා. අමෙරිකා එක්සත් ජනපදයෙන් දේශපාලනික සහාය ද ලැබුණා. ඔවුන් කිහිප විටක් ම වියට්නාම හමුදා පරයා යන්නට උත්සාහ කළත් ඒවා සාර්ථක වූයේ නැහැ. කෙසේ නමුත් 1990 දශකයේ මුල් භාගය වන විට ඔවුන්ගේ බලය සෑහෙන පමණකින් බිඳී ගොස් තිබුණා.

    li6VpTnZ4PzzowNM_7.-Old.jpg

    පොල් පොට් මහලු වියේ දී- Quora

    1991 වසරේදී ඔවුන් වියට්නාම හමුදා සමඟ සටන් විරාම ගිවිසුමකට අත්සන් තැබුවා. මේ කාලයේදීම පොල් පොට් ගේ සෞඛ්‍යය ද පිරිහෙන්නට වූ අතර, සංවිධානය තුළ ද මත ගැටුම් ඇති වුණා. 1997 වසරේ දී මෙලෙස කෙමර් රූජ් සංවිධානයෙන්ම ගැලැවී ගිය, පොල් පොට්ට විරුද්ධ මත දරණ කණ්ඩායමක්, ඔහු අල්ලා නිවාස අඩස්සියේ තබන්නට තීරණය කළා. 1998 වසරේ අප්‍රේල් මස 15 වනදා ඔහු නින්දේ දී ම මිය ගොස් සිටියේ හෘද අකර්මණ්‍යතාවක් උත්සන්න වීම නිසා යි. ඒ වන විට ඔහු 72 වන වියේ පසු වුණා.

    Dinidu Ekanayake @ ROAR
    මෙච්චර පව් කරපු එකා නින්දේ දී හෘද අකර්මණ්‍යතාවකින් නෙහ් මැරිලා තියෙන්නෙ. :confused:
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    හොඳ පෝස්ට් එකක්.
    මොහුගේ පාලන කාලය කොයි තරම් භයානකද කියනවා නම් මොහුගේ සහචරයෝ භික්ෂූන් පවා ඝාතනය කළා පමණක් නොවේ බුද්ධිමත් පෙනුමක් ඇති ඕනෑම කෙනෙකුට උදාහරණයක් විදියට ඇස් කනණාඩි පළඳින කෙනෙක් වුණත්, වෙනත් භාෂාවක් කතා කරන්න පුළුවන් හෝ මොන කුසලත්වයක් ඇති පුද්ගලයන් වැනි අයෙක් වුණත් ඒ පුද්ගලයන්ට අත්වූයේ අවාසනාවන්ත වේදනාකාරී මරණයක් පමණි.
    Killing Field 1984 චිත්‍ර පටිය මගින් මේ කෲර පාලනය ගැන පෙන්නුම් කරනවා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    kemer ? ඇයි මෙහෙම කියන්නෙ ඒ මිනිස්සුන්ට
    Khmer and also Kampuchea is the native name. The French called it Cambodge and the English Cambodia.
    It's a relatively cheap country to travel. The main attraction is the Angkor Wat. You could drive from Phnom Penh while visiting other parts of the country and make an exit from Siem Reap, avoiding the travel time back.
    When you visit these killing fields & museums enough to make you real sad.
     
    Last edited: