භූගත ජල උල්පත් මධ්‍යස්ථාන සෙවූ පාරම්පරික විද්‍යාව

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    31,987
    24,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉරටු කැබැල්ලකින් භූගත ජලය වැනි කිසිඳු මිනිස් ඉන්ද්‍රියකට සංවේදී නොවන, පෘථිවි අභ්‍යන්තරයේ සෙවීම නම් ක්‍රියාවලියක් අතීත ලංකාවේ පිහිටා ඇත. ලංකාව පමණක් නොව ලොව පුරාම මෙය හා මෙයට සමගාමී තවත් ක්‍රමවේද ගණනාවක් පිහිටා ඇත. විශේශයන්හි මෙය Dowsing, Witching හෝ Divining යනුවෙන් හැඳින්වේ. ඒ පිළිබඳ පසුව සඳහන් වේ. නමුත් මේ සියල්ල වත්මන් උග්‍ර විද්‍යාත්මක අන්තයක් අනුව යමි මිත්‍යාවක් සේ දැකීමට හුරු වීමත් එහි විද්‍යාව අවබෝධ කර නොගැනීමත් මහත් ගැටළුවක් වී ඇත.

    භූගත ජලය යනු සාමාන්‍යයෙන් මතුපිටින් ලෙහෙසියෙන් තිබෙන්නේ කොතනදැයි අවබෝධ කර ගත නොහැකි දෙයකි. ඒ සඳහා දළ වශයෙන් ගැඹුරු මුදුන් මූල පද්ධතියක් තිබෙන ශාක පද්ධතියක් පැවතීම මඟින් යම් අදහසක් ගත හැකිය. එසේ නම් අතීතයේ භූගත ජල මූලාශ්‍ර හා මධ්‍යස්ථාන සොයා ගැනීමට ලොව වටා සිටි මිනිසුන්ට අවශ්‍යතාවයක් ඇති වුණිද? එසේ ඇති වූවා නම් ඔවුන් ඒ සඳහා භාවිතා කළ ක්‍රමවේද මොනවාද? ඉරට්ටක් භාවිතා කොට භූගත ජලය සෙවීම පිළිබඳ කතා කිරීමට ප්‍රථම ඊට පරිබාහිර තොරතුරු පිළිබඳ සෙවීමක් කළ යුතුය.



    භූගත ජල මූලාශ්‍ර සෙවීමේ ගෝලීය ඉතිහාසය

    1949 දී ප්‍රංශ ගවේෂකයන් පිරිසක් විසින් උතුරු අප්‍රිකාවේ ටසිල්ලි ගුහා පද්ධතිය තුළ පිහිටි අපූරූ ගුහා චිත්‍රයක් සොයා ගත්හ. එහි ඇඳ තිබුණේ මිනිසෙක් Y හැඩැති කරුවක් රැගෙන යන ආකාරයයි. ඒ අනුව මෙය dowsing එනම් භූගත ජලය සෙවීම පිළිබඳ පැරණි ගුහා චිත්‍රයක් හමුවූ අවස්ථාවක් ලෙස සටහන් වේ. එය කාබන් කාල නිර්ණය කිරීමේදී වසර 8,000 කට වඩා ඉපැරණි බවද සනාථ විය.

    ඉපැරණි ග්‍රීක වාර්තා අනුව ක්‍රීට් දිවයිනේ තිබී හමු වූ පෙන්ඩියුලම් මඟින් බොහෝ අවස්ථා වල භූගත ජලය සෙවීම මෙන්ම සමාජයේ ඉහළ ප්‍රභූ පැලැන්තිය අනාවැකි විමසීමටද යොදා ගත් බව සඳහන් කළ යුතුය.

    චීන අධිරජ යූ හූ යනු අදින් වසර 2500 කට පමණ ප්‍රථම ජීවත්වූ පුද්ගලයෙකි. ඔහු අත දරා සිටින්නේද භූගත ජලය සෙවීමට යොදා ගන්නා උපකරණයකට සමාන උපකරණයක් දරාගෙන සිටින බව පැවසේ. යූ හූ හඳුන්වන්නේ ජලය පාලනය කළ තැනැත්තා ලෙසය.

    ඊජිප්තු ශිෂ්ඨාචාරය තුළ පාරාවෝ වරුන් ද මේ හා සමාන උපකරණ අත දරා සිටින බවත් මතයක් වේ.එයට ආධ්‍යාත්මික ශක්ති පරිපාලකයක් ලෙසද ක්‍රියා කල හැකි අවස්ථා ගැන ඉතිහාසයේ කියවේ.

    බයිබලයේ සමහර කොටස් තුළද විවිධ අවස්ථා වන්හිදී ද මෙවන් යම් ශක්ති මධ්‍යස්ථාන සෙවිය හැකි "කූරක්" පිළිබඳ සටහන් කෙරේ. මෙහි සුවිශේෂීත්වය නම් අනාවැකි කිව හැකි කූරක් හෝ පෙන්ඩියුලම් වැනි උපකරණයකි. එහිදී එක් අවස්ථාවක පරණ තෙස්තමේන්තුවට අනුව බැබිලෝනියානු පාලකයෙකු වූ නුබුකඩ්නෙසාර් නම් රජුට කුමන නගරයට පහර දිය යුතු දැයි දැන ගැනීමට අවශ්‍ය වූ විට මෙවන් පෙන්ඩියුලම් ක්‍රමයක් පවා භාවිත කොට ගත් බව කියවේ.

    මෑත කාලීන ඉතිහාසය තුළ සිය ගණනක් වූ පිරිස් මෙසේ පාරම්පරික භූගත ජල මූලාශ්‍ර සෙවිය හැකි ක්‍රම පිළිබඳ උනන්දු වූ බව පැවසෙන වාර්තා ඇත.



    භූගත ජලය විසිරී ඇත්තේ කෙසේද?

    පොළවේ මතුපිට සිට විවිධ ස්ථර අතර ජලය පෘථිවි අභ්‍යන්තරය දක්වා විසිරී ඇත. එහිදී විවිධ පාංශු ස්ථර පවතී. වැලි, මැටි, අවසාදිත පාෂාණ හා බොරළු වැනි විවිධ වූ ස්ථර අතර ජලය පිහිටා ඇති බව පෙනේ. එසේම මතුපිටට ලැබෙන වර්ෂාපතනය හරහා මෙන්ම මතුපිට ඇති ජල මූලාශ්‍ර වන වැව් හා ජලාශ තුලින් පාෂාණ ඉරිතැලීම් හා පාෂාණ තට්ටු තුළින් පෙරීම මඟින් ජලය පොළව අභ්‍යන්තරයට ගලා යනු ඇත. ඒ අනුව භූගත ජල මට්ටම් හොඳ මට්ටමක පැවතීමට මෙය හේතු වේ.

    ශ්‍රී ලංකාවේ භූමිය සැලකූ විට උතුරු පළාතෙහි වැලි සහිත පස බහුල වන අතර උතුරු මැද හා නැගෙනහිර වැනි පළාත් වලට ආසන්න වත්ම හුණුගල් වැනි පාෂාණ වර්ගද වෙනත් අවසාදිත පාෂාණ සහිත භූමීන්ද පවතී. කෙසේ නමුත් දකුණ හා බස්නාහිර වැනි පළාත් වල බොහෝ අවස්ථා වල මැටි දක්නට ලැබේ. ඒ අනුව ලංකාව තුළද භූගත ජලය යන්න විවිධ ස්වරූපයෙන් විවිධ ගඹුරින් පිහිටා ඇත.



    භූගත ජල මට්ටම

    මීටර් 2 -5 අතර ගැඹුරක පවතින ජලය නොගැඹුරු වේ. බොහෝ විට කෘෂිකාර්මික කටයුතු වලට සුදුසු වන අතර වැසි ජලය හරහා පෝෂණය වේ.

    මීටර් 5-40 වැනි පරාසයක ගැඹුරට පිහිටන භූගත ජලය පානය හා සාමාන්‍ය කටයුතු සඳහා සුදුසු වේ.

    මීටර් 100 - 1000 අතර පවතින්නේ ඛණිජ ද්‍රව්‍ය වලින් අතිශය පොහොසත් ජලය වේ.

    මීටර් 1000 ට එහා පවතින ජලය බොහෝ විට පීඩනයකින් යුක්ත වන අතර ඉතා තද අවසාදිත පාෂාණ ස්ථර අතර පිහිටා ඇත.

    අතීත ලෝකයේ භූගත ජලයේ අවශ්‍යතාව බොහෝ සෙයින් පැන නැගුන ප්‍රධාන කාරණාව වන්නේ ගංගා, ජලාශ, පොකුණු, විල්, ඇළ හා වැව් නොමැති කළාප වලට දිගු කාලීනව ජලය ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කර ගැනීම වේ. කෙසේ නමුත් වර්ෂා ජලය ගබඩා කොටගෙන දිගු කාලීනව ප්‍රයෝජනයට ගත නොහැකි වීම නිසා ඔවුන් බොහෝ විට ළිඳක් කපා ජලය ලබා ගැනීමට යොමු වූහ. නමුත් ගැටළුව වන්නේ ජලය පවතින භූමියක තැන් කිහිපයක ළිං කිහිපයක් කැපුවද එකම ආකාරයෙන් ජලය නොපැමිණීම වේ. එසේ නැත්නම් කෙටි නියං සමයන් වලදීද ළිං ජලය සිඳී යාමය.

    ඒ අනුව මේ සඳහා වඩාත් යෝග්‍ය හා දිගු කාලීනව ප්‍රයෝජනයට ගැනීමට නම් උල්පත් කිහිපයක් හමු වන මධ්‍යස්ථානයක් හඳුනා ගත යුතු වේ. එසේම එම මධ්‍යස්ථානය පොළොව මතු පිට සිට කොතරම් ගැඹුරකින් පිහිටන්නේදැයි අවබෝධ කරගත යුතුය.මේ සියල්ල සඳහා ගෝලීයව ඉරට්ට සේම පැරැන්නන් තවත් ක්‍රම කිහිපයක් යොදා ගෙන ඇත.ඒ අතර ශාක වල වර්ධනය, සතුන්ගේ හැසිරීම හා ක්‍රමවේද යොදා ගනී. ඒ පිලිබඳ ඔබේ දැනුම වෙනුවෙන් කිහිපයක් මෙසේ පෙල ගස්වමි.



    ක්‍රමවේද



    1. අමු ඉරට්ටක් යොදා ගැනීම.

    2. අමු සිහින් පේර කරුවක් යොදා ගැනීම.

    3. පොල් ගෙඩියක් යොදා ගැනීම.

    4. පෙන්ඩියුලම් භාවිතය.

    5. පසෙහි රස පරීක්ෂා කර බැලීම.

    6. වාෂ්පීකරණය මැනීමෙන්.

    7. තඹ හා ඇළුමිනියම් කූරු මඟින්.

    8. මීදුම මඟින්.



    ශාක වර්ධනය මඟින්

    1. ගොඩබිම වැටකෙයියා ශාකය පැලවී තිබීම.

    2. කෙසෙල් ගස් උස්ව ඉක්මනින් වර්ධනය වීම.

    3. අත්තික්කා, කටු රහිත උගුරැස්ස ගස් පැවතීම.

    4. ඊතණ, කුස තණ හා බැවිල පඳුරු පිටින් පැවතීම.

    5. කටු රහිත කටුවැල් බටු ගස් පැවතීම.

    6. හබරල, බෙලි, රුක් අත්තන, මූණමල් වැනි ශාක පැවතීම.

    7. අසාමාන්‍ය ලෙස ඉතා වේගයෙන් වර්ධනය වන ශාක පැවතීම.

    8. ශාකයක අතු හා කොළ සාපේක්ෂව වැඩියෙන් වර්ධනය වන දිශාව හඳුනා ගැනීම.



    සතුන්ගේ හැසිරීම මඟින්

    1. කොකුන් රැඳී සිටින භූමීන් පැවතීම.

    2. සුනඛයන් පොළව හාරන ස්ථාන.

    3. අශ්වයන් ගිමන් හරින ස්ථාන.

    4. පාත්තයන් බිත්තර දමන ස්ථාන.

    5. කුකුළන් රැඳී සිටීමට අකමැති ස්ථාන.

    6. රතු කුහුඹුවන් රැඳී නොසිටින ස්ථාන.

    එසේම තවත් ක්‍රමවේද ඕනෑ තරම් ලෝකය පුරාම පැවතිය හැක. මෙහිදී ඉරට්ට හා පොල් ගෙඩිය මඟින් භූගත ජල උල්පත් මධ්‍යස්ථාන සෙවීම ක්‍රමය ඉන්දියානු කලාපයේ හා ලංකාවේ ප්‍රචලිතව පවතී. පේර කරුව යොදා ගැනීම ඇමරිකාව වැනි කලාප වල ප්‍රසිද්ධව පවතී. එසේම උස්වූ ශාක මඟින් ජල මූලාශ්‍ර සෙවීම රුසියාව වැනි රටවලද පවතී. විශේෂයෙන් ලංකාව තුළ ඉහත සඳහන් කළාට වඩා විශාල හා විශේෂිත ශාක ප්‍රමාණයක් මේ සඳහා භාවිතයට ගනී. ඒ අනුව මෙවන් පාරම්පරික ක්‍රමවේද සියල්ල ලංකාව පමණක් මූලික කොට ගත්තා වූ දේවල් ලෙස පවසා බැහැර කරලීම ප්‍රඥාගෝචර නොවේ. මේ සියල්ල ගෝලීය විකාශනයක් සහිත පාරම්පරික දැනුම් පද්ධතීන් හි ප්‍රථිඵලයන්ය.

    ඒ අනුව ඉහත සඳහන් කළ ක්‍රමවේද මඟින් ඉරට්ටක් යොදා ගෙන ජල මූලාශ්‍ර සෙවීම යන ක්‍රමවේදය ගැන පමණක් කතා කරමි.මෙහි පවතින වැදගත්කම කුමක්දැයි අවබෝධ කර ගන්න.

    වර්තමානයේ විවිධ වූ තාක්ෂණික මෙවලම් බිහිවී ඇත. ඒ අතර ප්‍රභල ස්කෑන් උපකරණ පවා බිහි වී ඇත. එමඟින් පොලව අභ්‍යන්තරයේ ඇති ජල උල්පත්, සන්නිවේදන කේබල්, ජල අපවහන නළ, ඛණිජ ද්‍රව්‍ය වැනි දෑ පවා සොයා ගත හැකිය. බොහෝ විට මෙවැනි පාරම්පරික ක්‍රමවේද යොදා ගනිමින් ජල උල්පත් හඳුනාගෙන ලිං කැපීම අවඥාවට ලක් කරන්නන්ද සිටිති. දැන් තාක්ෂණික උපකරණ පවතින බැවින් ඉරට්ටෙන්, පොල් ගෙඩියෙන් උල්පත් සෙවීම වැනි මිත්‍යා ක්‍රමවේද වලට නොයා යුතු බවය. එසේ නම් ඔවුන්ගෙන් ඇසීමට එකම එක ප්‍රශ්නයක් ඇත.

    මේ සියළුම තාක්ෂණික උපකරණ ඉතා හොඳින්ම සංවර්ධනය වූයේ උපරිම අවසන් වසර 100 තුළදීය. ඒ අනුව එයට වඩා වසර දහස් ගණනක ඉතිහාසයක් ගෝලීය වශයෙන් හිමි ළිඳ නිර්මාණය සඳහා නිවැරදිම ස්ථාන පැරැන්නන් සොයා ගත්තේ කුමන ක්‍රමයක් භාවිතා කරමින්ද?

    ලිඳක් කැපීමෙන් බලාපොරොත්තු වන එකම දෙය ජලය ලබා ගැනීම පමණක්ම නොවේ. ඒ සඳහා තවත් අවශ්‍යතා ගණනාවක් සළකා බලනු ලැබේ.

    ජල උල්පත් පවතින ගැඹුර

    පවතින ජල උල්පත් සංඛ්‍යාව

    ජලයේ ගුණාත්මක බව

    පවතින ජල පරිමාව

    මේ සියල්ලම සපුරා ලිඳක් කැපිය හැකි නම් නියං සමයක වුවද ජලය හිඟ නොවන බව මතයයි. ඔබට සිතේවි පොලවේ ඕනම තැනක ලිඳක් කැපූ විට ජලය පැමිණිය යුතුයි කියා.නමුත් එසේ වන්නේ නැත. එකම ඉඩමක ස්ථාන දෙකක කපන ලිං දෙකකින් එකක ජලය පැවතීමටත් අනිකට එතටම් ජලයක් පැවතීමත් නොවිය හැක. එසේ නැත්නම් ජලය නොමැති විය හැක. සමහර අවස්ථාවන්හි දී බොහෝ නිවෙස් වලට ලිං වල ජලය පැවතුනත් ඒ ආසන්නම සමහර නිවෙස් වල ලිං වල ජලය නොපවතින ස්ථාන ඔබ දැක ඇත. ජලයේ ගුණාත්මක බව සැලකීමේදී සමහර ඕවිටි ආශ්‍රිත භූමි වල ලිං ජලය බොර පැහැයෙන් යුක්ත වුවත් ඒ ආශ්‍රිතම තවත් ලිඳක එසේ නොවන අවස්ථාත් ඇත.

    ඒ අනුව ඉහත ආකාරයෙන් මිදී සාර්ථක ලෙස ලිඳක් කපා ජල සම්පත දිගු කාලීනව සපුරා ගැනීමට පැරැන්නන් යොදා ගත් ක්‍රම වේද බැහැර කරලිය නොහැක. ඒ අනුව වත්මන් තාක්ෂණික උපකරණ යොදාගෙන වුවද එසේ ලිං කැපීම තරමක් දුෂ්කරය.

    අමු ඉරට්ටක් ගෙන වෙන් නොවන සේ දෙකට නමනු ලැබේ. එක් ඉරටු කැබැල්ලක් අඩි 1 කට ආසන්න දිගකින් යුක්ත විය යුතුය. ඉරටු කැබලි දෙක අතර කෝණය අංශක 45 ආනතියට ආසන්න අගයක තබා ගනිමින් ඉරට්ටට ආයාසයක් නොදැනෙන අයුරින් නුහුරු අතට අල්ලා ගත යුතුය. එසේ සිදු කරන්නේ කුඩා බාහිර බලයක් ඔස්සේ වුවද යම් චලනයක් ඇති වීම සඳහාය. එය හරියට පිහි තලයක් උඩ ප්ලාස්ටික් බෝලයක් සමබරව තැබුවා හා සමානය. කුඩා බලයකින් එය පෙරලී යයි. එසේ අල්ලා ගනිමින් භූමිය මත පාවහන් යොදා නොගනිමින් ගමන් කිරීමෙන් ඉරට්ට ඉහළට නැමීම හෝ පහළට නැමීම සිද්ධ වේ නම් යම් ස්ථානයක එතනට භූගත ජලය පවතින බව නිගමනය කෙරේ. මෙවැනි අවස්ථා ඔබ ඕනෑ තරම් අසා දැක ඇත. ඒවා පසුව තාක්ෂණිකව පිරික්සා නළ ලිං ස්ථාපනය කළ අවස්ථාද ඇත. මෙම ක්‍රමවේදයම ඇමරිකාව වැනි රටවල අංශක 45 ට ආසන්න ආනතියක් ඇති පේර කරු භාවිතයෙන් සිදු කරනු ලැබේ. ඒ අනුව මේ සියල්ල මිත්‍යා යැයි ප්‍රතික්ෂේප කළ නොහැක්කේ ගෝලීය සම්භවයක් පවතින බැවිනි. එසේ නොමැතිව කිසිඳු අද්භූත බලවේගයක් මෙහි පවතින්නේ නැත. පේර කරුව යොදා ගැනීමද මීට සමගාමීය.

    මේ ආකාරයෙන් ජල උල්පත් හමු වීමට පැරැන්නන් හේතු කිහිපයක් යෝජනා කොට ඇත.

    1. විශේෂිත රුධිර ඛාණ්ඩ වලට පමණක් මෙය සංවේදී වීම.( බොහෝ විට පාරම්පරික පිය, පුතු වැන්නවුන්ට දායාද වීම)

    2. පෘථිවියේ ඇති විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍ර සංවේදී වීම.

    3. භූගත ජලයේ ඇති ශක්තියට මිනිසා හා ඉරට්ට සංවේදී වීම.

    මේ පිළිබඳ පර්‍යේෂණ දියත් වීම අවම හෙයින් මෙයින් රුධිර ඛාණ්ඩ ගැලපුම පිළිබඳ අදහසක් ඉදිරිපත් කරලිය නොහැක. විදුත් හා චුම්භක ක්ෂේත්‍ර සංවේදී වීම හා ජලයේ ශක්තිය දැනීම නම් කරුණු ද්විත්වය විද්‍යාත්මකව යම් සත්‍යක් ඇති බව පෙනේ. එනම් පොල් වල සැලකිය යුතු ඉහළ pH අගයක් හා ඉහළ ඛණිජ ද්‍රව්‍ය ප්‍රමාණයක් තැන්පත්ව ඇති බවත් විද්‍යාත්මක දත්ත පෙන්වා දේ. ඒ අතර සෝඩියම්, ක්ලෝරීන් හා පොටෑසියම් ප්‍රමුඛ වේ. මේ හේතුවෙන් පොල් ශාකය සතුව සැලකිය යුතු විද්‍යුත් සන්නායකතාවක් පවතින බවත් පෙනේ. ඒ අනුව මෙසේ ඉරට්ටක් "අතින්" දරා සිටීමත් "පාවහන්" පැලඳ නොසිටීමත් අනුව පොළව සමඟ යම් විද්‍යුත් පරිපථයක් නිර්මාණය වේ. මේ හා සමගාමී ක්‍රමයක් නම් L හැඩැති තඹ හා ඇලුමිනියම් කූරු දෙකක් ආශ්‍රිතව ජල මූලාශ්‍ර සෙවීමය.



    මතු සම්බන්ධයි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    13,636
    12,098
    113
    හස්තිශෛලපුර
    විශේෂිත රුධිර ඛාණ්ඩ වලට පමණක් මෙය සංවේදී වීම.( බොහෝ විට පාරම්පරික පිය, පුතු වැන්නවුන්ට දායාද වීම) :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    maru business eka neh.. contact ekak dipan lidak haraganna..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    6,071
    10,070
    113
    ඉරට්ටෙන් නං වතුර දැනුත් හොයනවා. ලිං කපන්න ඒහෙම යද්දි. මාර සීන් ඒක කියන්නෙ ඒ්ක බලන්න ෆේමස් ඩයල් ඒකක් බලලා තැන කීවාම හරියටම හරි. පුද්ගලික අත්දැකීම් දෙක තුනක්ම තියනවා