මංගලගේ හමුදා මෙහෙයුම
හමුදා නිලධාරීන් දෙදෙනෙකු යොදවා රජයට මඩ ගැසීම සඳහා මංගල සමරවීර විසින් දියත් කළ තවත් මෙහෙයුමක් ලත් තැනම ලොප් වී තබේ. ඊයේ (30* රාජගිරියේ පිහිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ (ම* පාර්ශ්වයේ කාර්යාලයට හමුදා නිලධාරින් ගෙන්වා එහි පුවත්පත් සාකච්ඡවක් සංවිධානය කොට තිබූ අතර එහි අරමුණ වූයේ ඔවුන් ලවා රජයටත් ආරක්ෂක ලේකම්වරයාටත් චෝදනා කිරීමය. මෙහිදී ඒ සෙබළුන් දෙදෙනා තැති ගැන්මෙන් යුතුව කරුණු දක්වන බව මාධ්‍ය හමුව ආරම්භයේ සිටම පෙනී ගිය අතර වැඩි වේලාවක් යන්නට පෙර ඔවුන් කරුණු පටලවා ව්‍යාකූල ලෙස කථා කරමින් සරත් ෆොන්සේකාව ද විවේචනය වන ආකාරයේ අදහස් පළ කරන්නට පටන් ගෙන තිබේ.


